නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පුංචි පුතාගේ වෘෂණ කෝෂ පරීක්ෂා කරන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

පුංචි පුතාගේ වෘෂණ කෝෂ පරීක්ෂා කරන්න

Published October 16, 2023

වෘෂණ කෝෂ ඇඹරීම රෝගයක්

පිරිමි දරුවෙකුගේ අනන්‍යතාවයේ ජීව විද්‍යාත්මක ලක්ෂණයක් ලෙස වෘෂණ කෝෂ හැඳින්වීමට පුළුවන්. එම වෘෂණ කෝෂ සම්බන්ධව විවිධ රෝගාබාධ දක්නට ලැබෙනවා. ඒ අතරින් වෘෂණ කෝෂ ඇඹරීම සම්බන්ධයෙන් මේ ලිපියෙන් කතා කිරීමට අදහස් කරනවා.වෘෂණ කෝෂ ඇඹරී යෑමේ තත්ත්වයක් ඇති වුණොත් ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු වෙනවා. හදිසි ප්‍රතිකාර ලබා නුදුනහොත් දරුවාට වෘෂණ කෝෂ අහිමි වීමේ තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්.

වෘෂණ කෝෂයක් ඇඹරෙනවා යනුවෙන් හඳුන්වන රෝග තත්ත්වය කුමක්ද?

අපි මෙහිදී මුලින්ම වෘෂණයක් ඇතිවන අන්දම ගැන කතාකරමු. දරුවාගේ කලල අවධියේදි වෘෂණය මුලින්ම කොන්ද ආශ්‍රිතව ඇතිවනවා. එතැනින් පසුව මෙම වෘෂණ ක්‍රමයෙන් වෘෂණ කෝෂ දක්වා රුධිරනාල සමග පහළට පැමිණෙනවා. සමහර අවස්ථාවලදී එලෙස පැමිණෙන වෘෂණ කෝෂ තම අක්ෂය වටා කැරකීම නිසා වෘෂණ කෝෂ සමග පැමිණි රුධිර නාල ඇඹරීමට ලක්වී වෘෂණ කෝෂයට ඇති රුධිර සැපයුම අඩාල වෙනවා.

මම මේ තත්ත්වය සරල උදාහරණයකින් පැහැදිලි කළොත් හරියට එල්ලෙන තැඹිලි ගෙඩියක් අපි නැට්ටෙන් කරකවා කඩාගන්න අවස්ථාවන් සිහිපත් කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක වෘෂණයට රුධිරය රැගෙන යන රුධිරවාහිනීවල ලේ ගමනාගමනය අවහිරවීම නිසා වෘෂණයට රුධිරය සැපයුම මදි වෙනවා. ඕනෑම අවයවයකට රුධිර සැපයුම නැති වුණාම ඒ අවයවයේ ක්‍රියාකාරීත්වය නැතිවනවා. වෘෂණ කෝෂ සම්බන්ධයෙනුත් ඒ තත්ත්වය ඒ විදිහටම ඇතිවනවා. රුධිර සැපයුම නැති නිසා වෘෂණ කෝෂ මියයන තත්ත්වයක් ඇතිවනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඉක්මන් ප්‍රතිකාර ලබාදීම වැදගත්.

වෘෂණ කෝෂයක් ඇඹරී යන තත්ත්වයක් ඇතිවුණොත් එය බේරාගැනීමට අපට හැකියාවක් තිබේද?

වෘෂණ කෝෂය ඇඹරීම ආරම්භ වී පැය හතරක් පහක් ඇතුළත ප්‍රතිකාර කිරීම සිදුවුණොත් වෘෂණ කෝෂය බේරා ගැනීමට 90% ක අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම පැය 12 ක් ප්‍රමාද වුණොත් මේ අවස්ථාව 50% ක් දක්වා අඩු වෙනවා. ඒ නිසා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම වැදගත්.

වෘෂණයක් ඇඹරෙන බව දැනගැනීමට හැකියාවක් තිබෙනවාද?

කෙටි වේලාවකින් ආරම්භ වන වෘෂණයේ වේදනාව විනාඩි පහකට වඩා වැඩි කාලයක් පැවතීම
වෘෂණය රතු වීම
ඉදිමීම
වෘෂණය අල්ලන විට වේදනාව දැනීම

මේ රෝග ලක්ෂණ වෘෂණය ඇඹරීම නිසා ඇතිවීමට පුළුවන්.

දරුවෙකුට මේ වගේ තත්ත්වයක් ඇතිවුණොත් මව්පියන් විසින් ගතයුතු හොඳම පියවර කුමක්ද?

දෙවතාවක් නොසිතා දරුවා ආසන්නම රෝහල වෙත රැගෙන යෑම වැදගත්. මෙහිදී දරුවාට ආහාරපාන ලබා දීම සුදුසු නැහැ. ඊට හේතුව හදිසියේ දරුවාට ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් දරුවාට ආහාරපාන ලබා දී තිබීම නිර්වින්දනයේදී අවදානම් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නිසා.

දරුවාගේ වෘෂණයේ වේදනාවක් ඇතිවිය හැක්කේ වෘෂණය ඇඹරීම නිසා විතරක්ද?

එය හොඳ ප්‍රශ්නයක්. වෙනත් රෝග නිසාත් වෘෂණයේ වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. වෘෂණයේ ආසාදන තත්ත්වයක් ඇති වුණොත් වෘෂණය වේදනා දෙනවා. එවැනි අවස්ථාවකදී වෘෂණයේ වේදනාව, රතුවීම සහ ඉදිමීම ඇතිවනවා.

නමුත් මෙලෙස වෘෂණය ආසාදනය වීම මම මුලින් සඳහන් කළ වෘෂණයේ ඇඹරීම තරම් භයානක නැහැ. වෘෂණයේ ආසාදන තත්ත්වයක් ඇතිවිට ප්‍රතිජීවක ලබාදෙන්න පුළුවන්.

වෘෂණයේ ඇඹරීමක්ද එසේ නැත්නම් ආසාදනයක්ද කියලා නිශ්චය ලෙසින්ම දැනගන්නේ කොහොමද?

වේදනාව සමග ඉදිමුම් තත්ත්වයක් තිබෙනවා නම් එය වෘෂණයේ ඇඹරීම නිසාද එහෙම නැත්නම් ආසාත්මිකතාවක් නිසාදැයි තහවුරු කර ගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදුකරනවා. එහිදී වෘෂණයට රුධිරය සැපයෙන රුධිර නාලවල රුධිර සැපයුම අල්ට්‍රා සවුන්ඩ් මගින් නිරීක්ෂණය කොට මේ තත්ත්වය වෘෂණ ඇඹරීමක්ද වෘෂණයේ ආසාදන තත්ත්වයක් ද යන්න හඳුනාගන්න පුළුවන්.

දරුවාට වෘෂණයේ ඇඹරීමක් ඇත්නම් ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකළ යුතුය. ප්‍රමාද වී රෝහලට පැමිණි අවස්ථාවලදී වෘෂණයේ ඇඹරීමක් යැයි සැක කරන්නේ නම් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සඳහා කාලය මිඩංගු නොකොට දරුවා ශල්‍යකර්මය සඳහා යොමුකිරීමට සිදුවන අවස්ථා පවතී.

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක ප්‍රමාදය පවා නොතකා ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීම සිදුවන්නේ ඇයි?

වෘෂණ ඇඹරී තියෙන විට රුධිර නොලැබී මිය යෑමට තිබෙන අවස්ථාව වැඩියි. ඒ නිසා දරුවාගෙවෘෂණ බේරාගැනීමට නම් කාලය කියන කාරණය ඉතාම වැදගත්. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණ සඳහා ප්‍රමාද වීමත් සිදු වේ නම් එම කාලය ශල්‍යකර්මය වෙනුවෙන් යොමු කිරීම තුළින් වෘෂණය බේරා ගැනීමට අවස්ථාවක් සලසාගන්න පුළුවන්.

වෘෂණ ඇඹරීම වෙනුවෙන් සිදුකරන ශල්‍යකර්මය ගැනත් දැනුවත් කළොත්

මේ ශල්‍යකර්මය සම්පූර්ණ නිර්වින්දන තත්ත්වය යටතේ සිදු කරනවා. දරුවාට ආහාරපාන නොදී රැගෙන ඒමට උපදෙස් දෙන්නේ ඒ නිසයි. ශල්‍යකර්මයේදී කැපුමක් දමා වෘෂණ කෝෂ එළියට අරගෙන ඇඹරීම නිවරැදි කරනවා. ඒ වගේම අනාගතයේදී එම වෘෂණයේ නැවත ඇඹරීමක් සිදුවීම වැළැක්වීම සඳහා කුඩා සැත්කමක් සිදුකරනවා.

ඒ වගේම මෙවැනි රෝගීන්ගේ අනෙත් පැත්තේ වෘෂණයත් අනාගතයේදී ඇඹරීමට අවදානමක් ඇති නිසා එම වෘෂණයත් අනාගතයේදී ඇඹරීම සිදු නොවන්න පුංචි ශල්‍යකර්මයක් සිදු කරනවා.

රෝහල්ගත කිරීම ප්‍රමාද වුණොත්, වෘෂණයේ ඇඹරීම නිවරැදි කළත් වෘෂණ කෝෂය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි නම් එවැනි අවස්ථාවකදී සිදු කරන්නේ කුමක්ද?

එවැනි තත්ත්වයක් ඇති වුණොත් මියගිය වෘෂණ කෝෂය ඉවත් කරන්න වෙනවා.

වෘෂණයක් ඉවත් කිරීම සමග අපට අනාගතයේදී පිරිමි දරුවාගේ සරුබව ගැන යම් බියක් ඇතිවනවා. එහිදී එක් වෘෂණයක් තිබීම ප්‍රමාණවත්ද?

කිසිම ගැටලුවක් නැහැ. එක වෘෂණයක් ඉවත් කළත් අනෙක් වෘෂණය වැඩ කරනවා. ඒ නිසා පුරුෂ ශුක්‍රාණු නිෂ්පාදනයට වගේම සිරුරට අවශ්‍ය ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය නිෂ්පාදනයේ කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: child, testicle twitches
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දැක්ක ගමන් Room යන්න එපා

December 4, 2023

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

December 4, 2023

Breech ආකාරයට පිහිටන කළලයක් දරු ප්‍රසූතියට සූදානම් කිරීම

December 4, 2023

පිළිකා රෝගීන්ගේ වේදනාව නැති කරන්න දැන් පුළුවන්

November 27, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?