නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

Published September 25, 2023

නව ජන්ම දරුවෙකුගේ සම ආශ්‍රිතව සමේ විවිධ වෙනස්කම් දකින්න ලැබෙනවා. නමුත් වාසනාවකට වාගේ මෙම සමේ ලප, දද, කුෂ්ට අතරින් බොහොමයක් ඉබේම සුවවන තත්ත්වයක් යැයි කිව්වොත් නිවැරදිය.

ළමා කුරුලෑ ( Baby acne)

අලුත උපන් බිළිඳුන්ගේ නිකට, නාසය, නළල ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම කුරුලෑ දරුවා උපත ලබා මාසයකින් පමණ පසුව ඇතිවනවා. නමුත් මෙම ළමා කුරුලෑ සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් තිබෙනවා නම් ඒ ගැනත් නොසලකා සිටින්න එපා.

නිතරම දරුවාගේ සම උණු වතුරෙන් හෝ මෘදු මොයිස්රයිචර් දියරයකින් සෝදා පිරිසදුව තබාගන්න. කුරුලෑ ඉවත් කිරීමට යැයි සිතා කිසිම විටක වැඩිහිටියන් කුරුලෑ වෙනුවෙන් භාවිත කරන විවිධ ආලේපන දරුවන් සඳහා භාවිත කරන්න එපා. දරුවාගේ වයස මාස තුනක් පමණ වූ පසුව කුරුලෑ හෝ කළු ඉන්නන් දක්නට ලැබෙනවා නම් ඒ වෙනුවෙනුත් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

Cradle cap

දරුවාගේ හිස් කබලේ ඇතිවන කොරපොතු ස්වභාවයකි. මේවා කහ පැහැතිය. කැසීමක් නැත. මුහුණ, කන සහ බෙල්ල ප්‍රදේශයේත් මෙම තත්ත්වය ඇතිවීමට පුළුවන්. මේ ගැනත් එතරම් කලබල විය යුතු නැහැ. දරුවෙකු උපත ලබා මාස දෙක තුනකින් පසුව ඇතිවන මෙම තත්ත්වය සති කීපයක් ගතවන විට ඉබේම සුවය ලබනවා.

milia

නව ජන්ම දරුවන්ගෙන් 50% ක් පමණ දෙනා අතර දක්නට ලැබෙන තත්ත්වයකි. බිළිඳු මුහුණේ විශේෂයෙන් නාසය මත ඇතිවන මිලි මීටර් 1 – 2 ප්‍රමාණයකින් යුක්ත මෙවැනි සුදු ලප milia යන නමින් හඳුන්වනවා. දරුවාගේ
රෝම කූප අවහිර වීම නිසා මෙම milia ඇතිවනවා. උපතින් සති සතරක් පමණ ගෙවෙත්ම මෙම අවහිර වුණ සිදුරු නැතිව යනවා.

Nappy Rash

මෙය ඉතාම සුලබ තත්ත්වයක්. දීර්ඝ කාලයක් පුරා දරුවාට නැපි අන්දවන ප්‍රදේශයේ සම මත මළමුත්‍රා තැවරීම නිසා මේ තත්ත්වය ඇතිවනවා. සමහර විට දිලීර ආසාදනයක් හෝ දුර්ලභ වර්ගයේ චර්ම රෝග තත්ත්වයක් නිසාත් Nappy Rash ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවා පිරිසිදුවට තබා ගැනීම වගේම සුව නොවන අන්දමින් මේ තත්ත්වය පවතිනවා නම් ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත්. ඒ වගේම කුෂ්ට තත්ත්වයන් ඇතිවනවා නම් සුදුසු ක්‍රිම්  වර්ගයක් ආලේප කරන්න පුළුවන්. ඊට අමතරව මේ තත්ත්වය දිලීර ආසාදනයක් නිසා ඇතිවනවා නම් Antifungal ක්‍රිම් වර්ගයක් භාවිත කරන්න.

Sweat Rash

අලුත උපන් බිලිඳු දරුවන්ට මව්පියන්ගේ තියෙන ආදරය සහ ආරක්ෂාව නිසාම දරුවාට හිස සිට දෙපතුළ දක්වාම වැසෙන සේ ඇඳුම් අන්දවනවා. වාතයේ පවතින උණුසුම සහ ආර්ද්‍රතාව ඇඳුම්වලින් ආවරණය වීම නිසා දහඩිය ග්‍රන්ථි අවහිර වෙනවා. සමේ ඇතිවන කුඩා රතු පැහැති ගැටිති හෝ බිබිලි ලෙස මේවා දකින්න පුළුවන්. දහඩිය බිබිලි ප්‍රතිකාර නොලබාම සුව වනවා. මේ වෙනුවෙන් දරුවාගේ සමට calamine lotion ආලේප කිරීමට පුළුවන්.

Transient neonatal pustules

නව ජන්ම දරුවන්ගේ සම මත ඇතිවන කුඩා වතුර බිබිලි ස්වරූපයක් ගන්නා මෙම බිබිලි Transient neonatal pustules යන නමින් හැඳින්වෙනවා. බිබිලි පුපුරා ගිය විට සමේ ඒ ස්ථානය අවපැහැ ලකුණු දක්නට ලැබුණත් ප්‍රතිකාර නොලබාම සුවවනවා.

Mongolian Spots

මොන්ගෝලියානු ලපයක් යනුවෙන් හඳුන්වන්නේ නිල්, කොළ හෝ නිල් අළු පැහැති උපන් ලපයකි. මේවා දරුවා උපන් වෙලෙහි දැක ගතහැකිය. පිට සහ තට්ටම් ප්‍රදේශයේ මෙන්ම සිරුරේ වෙනත් ස්ථානයකදී මේ ලප දැකගැනීමට පුළුවන්. විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුක්තවන මෙම උපන් ලප ළදරුවාට කිසිඳු හානියක් නැහැ. සමහර විට දරුවාට වයස අවුරුදු දෙක තුනක් යන විට ඉබේම නැති වී යා හැකි අතර සමහර දරුවන්ගේ මොන්ගෝලියානු ලප වැඩිහිටි වයසේදීත් මැකී නොයන්න පුළුවන්.

Stork Bites ( Pink Birthmarks )

නාසය වගේම ඇහිබැම මත පිහිටන මෙම උපන් ලප රෝස පැහැතියි. පැතලි ස්වරූපයකින් යුක්ත වෙනවා. බෙල්ල ප්‍රදේශයේ පිහිටන මෙම ලප උපන් අවස්ථාවේදී පටන් දකින්න ලැබෙනවා. ඇහිබැම මත පිහිටි ලප දරුවාට වයස අවුරුද්දක් පමණ වනවිට නැති වී ගියත් නාසය මත පිහිටි උපන් ලප වසර කීපයක් පවතිනවා. නාසයේ සිට නළල දක්වා ඇති ලප වැඩිහිටි වයස දක්වාම පවතිනවා.

දෙමව්පියන්ට පණිවිඩයක්

ඔබේ නව ජන්ම බිළිඳු දරුවාගේ සමේ දකින්නට ලැබෙන ලප, දද ගැන හිත කලබල කරගැනීම අවශ්‍ය නැහැ. මේවා ප්‍රතිකාරයක් නොකළත් ඉබේම නැති වී යනවා. නමුත් බැක්ටීරියා ආසාදනයක් නිසා දරුවාගේ සෙම් කුෂ්ට තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. උණ, ආහාර අරුචිය සහ දරුවා මළානික නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Baby acne, milia, Nappy Rash, Sweat Rash
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

දැක්ක ගමන් Room යන්න එපා

December 4, 2023

ඔබටත් නොදැනුවත්වම නින්දෙන් මුත්‍රා පිටවෙනවාද

December 4, 2023

Breech ආකාරයට පිහිටන කළලයක් දරු ප්‍රසූතියට සූදානම් කිරීම

December 4, 2023

පිළිකා රෝගීන්ගේ වේදනාව නැති කරන්න දැන් පුළුවන්

November 27, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?