නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පෙනහලු,ශ්වසන මාර්ගවල සෙම ඉවත් කරන්න භෞතචිකිත්සක ප්‍රතිකාර දැන් තියෙනවා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

පෙනහලු,ශ්වසන මාර්ගවල සෙම ඉවත් කරන්න භෞතචිකිත්සක ප්‍රතිකාර දැන් තියෙනවා

Published September 11, 2023

ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය සැප්තැම්බර් 8 වැනිදාට යෙදී ඇත. එය සැමරීමට දිවයින පුරා අප භෞතචිකිත්සකයන් විවිධ වැඩසටහන් වැඩමුළු දේශනා සහ සායන සංවිධානය කර ඇත. භෞතචිකිත්සාව යනු ආලෝකය තාපය චුම්භක ශක්තිය විද්‍යුත් ගුරුත්වාකර්ෂණය චාලක ශක්තිය වැනි ශක්ති ප්‍රභේදයක් භෞතික ව්‍යායාමයක් යොදාගෙන රෝගියෙකුට කරන ප්‍රතිකාර ක්‍රමයකි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් මේ දීර්ඝ ඉතිහාසයක් ඇත. භෞතචිකිත්සාවට රෝගියකු යොමු වූ පසු භෞතචිකිත්සකවරයා හෝ වරිය රෝගියා ඇගයීමට ලක් කළ යුතු භෞතචිකිත්සක ප්‍රතිකාර තීරණය කරයි. එම කළයුතු ප්‍රතිකාර අතර විවිධ ප්‍රතිකාර ප්‍රභේද තිබේ. එනම්

සම්බාහන ව්‍යායාම ( Therapeutic exercise ),

විද්‍යුත් චිකිත්සාව ( Electrotherapy )

ජල චිකිත්සාව ( Hydrotherapy )

ඉරියව් ගත කිරීම ( Positioning )

ආධාරක ආශ්‍රයෙන් ප්‍රතිකාර ( Appliances)

භෞතචිකිත්සක ප්‍රතිකාර සියලුම රෝග තත්ත්ව සඳහා භාවිත වන අතර එනම් ළමා, වැඩිහිටි, මහලු සියලු දෙනා සඳහා යොදාගනී. ඒවා ක්‍රීඩා අනතුරු, ස්නායු රෝග, ශ්වසන රෝග, කැඩුම් බිඳුම්, විකලාංග රෝග, රක්ත වාත රෝග, ජාන රෝග සුව කිරීම සඳහා භාවිත වෙයි.

ඔබට තවත් ඒ ගැන පැහැදිලි කළොත් භෞතචිකිත්සාව යොදන ප්‍රධාන රෝග කිහිපයකට උදාහරණ ලෙස මස්තිෂ්ක ආඝාතය ( Cerebral Palsy ), ගිලන්බාරි සින්ඩ්‍රෝමය (Guilen Baree Syndrome), මයෝපති ( Myopathy),ටෝටිකොලිස් (Torticollis),අංශභාගය ( Hemiplegia ),පාකින්සාන් ( Pakinson ),පැරප්ලීජියා ( Paralegia),විලුඹේ වේදනාව ( Planter Fasciatis), උරහිස් ඝනවීම (Frozen Shoulder), සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් ( Cervical Spondylsis ), ටෙනිස් එල්බෙන් ( Tennis elbow ),ගොල්ෆ් එල්බෝ ( Golfas Elbow),ට්‍රිගර් ෆින්ගර්ස් ( Trigger Fingers),අස්ථි භග්න ( Fractures) ,සන්ධි විසන්ධි ( Dislocations ),නියුමෝනියා ( Pnenmonia),ටැලිපීස් ( Talepees) පෙන්වා දිය හැකිය.

කිසිම සංකූලතාවයකින් තොරව රෝග සුවකරන භෞතචිකිත්සාව මේ රටට වඩා පිටරටවල ඉමහත් ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයකි.

භෞතචිකිත්සාවේ යෙදෙන ප්‍රතිකාර ක්‍රමය ව්‍යායාම් ලෙස සංචාරණය කරන ව්‍යායාම ( Mobising exercise ), මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම ( strengthing exercise), ස්නායු උත්තේජන ව්‍යායාම, සමායෝජන ව්‍යායාම( Coordination exercise ) සමබරතා ව්‍යායාම ( Balance exercise) ඉතා වැදගත් තැනක් ගනියි.

විද්‍යුත් චිකිත්සාව සඳහා අධෝරක්ත කිරණ ( Infrared), කෙටි තරංග ( Short wave diathermy ), අල්ට්‍රා සවුන්ඩ් ( Ultra sound ), විද්‍යුත් උත්තේජක( Nerve stimulater ), ඉටි චිකිත්සාව ( Wax therophy ) වැනි උපකරණ භාවිත වේ. මේවා මගින් රෝගියාගේ වේදනාව, ඉදිමුම, පේශිවල දැඩි බව, සන්ධිවල තද ගතිය අඩු කරගත හැකි අතර ස්නායු සංවේදනය සහ රුධිර පරිවෘත්තීය පහසු කරයි.

ජලය තිබෙන ඉපිලෙන ගුණ යොදාගෙන ජල චිකිත්සාව රෝගීන්ට කරනු ලබයි. නිවැරදි ඉරියව් පුහුණු කිරීමෙන් රෝගියා සුව කළ හැකි අතර අනාබාධිතව ක්‍රියාකාරකම්වල යෙදීමට භෞතචිකිත්සාව පුරවැසියන්ට ඉතා වැදගත් වේ.

නොයෙකුත් බෙල්ට් වර්ග, කොලර් වර්ග, සපත්තු වර්ග, වෝකර්, විශේෂිත පුටු සිටගැනීමේ උපකරණ ආදී ආධාරක ඇසුරෙන්ද භෞතචිකිත්සාව රෝගී සේවාවට ඉමහත් දායකත්වයක් දක්වයි.

තවද ශ්වසනාබාධවලදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන භෞතචිකිත්සකවරයා රෝගියාගේ දිවි ගලවා දීමට නැතුවම බැරි කෙනෙකි. පෙනහලු සහ ශ්වසන මාර්ගවල සෙම ශ්‍රාවයන් ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන ඉවත්කර හුස්ම ගැනීමේ පහසුව ඇති කරවයි.

භෞතචිකිත්සකයන් කොරෝනා ආසාදිතයින්ට පසුගිය කාලයේ ජීවිත පරදුවට තබා රෝගීන්ට ප්‍රතිකාර කරමින් දැඩි දැඩිසත්කාරවල නිරන්තරයෙන් දිවා රාත්‍රී වෙහෙස වී ක්‍රියා කළ පිරිසකි. රෝගී වූ දින සිට සුව වී ප්‍රජාවට යන තුරු සියලු ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන භෞතචිකිත්කවරුන් ක්‍රීඩා අනතුරුවලදී පිටියට පිවිස එම ක්‍රීඩකයන්ට වහා සුවය සලසා නැවත ක්‍රීඩාවන්ට එක් කරන විස්මිත ක්‍රියාවලද නිරත වේ.

උසස් පෙළ හැදෑරූ ඉහළ අගයක් ලබාගෙන සිටි අවුරුද්දක උපාධියක් සහ සීමාවාසික පුහුණුවකින් පසු රෝහල්වලට අනුයුක්ත කරන භෞතචිකිත්සවරු සියලුම දෙනා පාහේ රෝහල්වල, මූලික රෝහල්වල සේවය කරයි.

කොළඹ, පේරාදෙණිය, KDU විශ්වවිද්‍යාල රෝහලේ පමණක් දැනට මෙම උපාධි පාඨමාලා ඇත.දිවයිනේ ව්‍යාජ භෞතචිකිත්සකවරුන් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඔබ නිරතුරු භෞතචිකිත්සකයින්ගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය විමසීමට බුද්ධිමත් වන්න.





 

TAGGED: medical health, භෞතචිකිත්සක ප්‍රතිකාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?