නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හිරු ,සදු බලපෑමට ඇතිවිය හැකි පීනස
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

හිරු ,සදු බලපෑමට ඇතිවිය හැකි පීනස

Published September 4, 2023

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග තත්ත්වයන් අද අප අතර ඉතාම සුලබයි. ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවය පීනස විදිහටත්, ශ්වසන මාර්ගයේ පහළ කොටසේ ඇතිවන ආසාත්මිකතාවය ඇඳුම විදිහටත් වර්ග කරන්න පුළුවන්.

පීනස තත්ත්වය ඇති වෙන්නේ ඇයි?

අපි නිරන්තරවම පරිසරයට නිරාවරණය වෙනවා. නමුත් සමහර පුද්ගලයන් වාතයේ තිබෙන ආසාත්මික කාරක අංශුවලට සංවේදී වෙනවා. මේ සංවේදීතාවය නිසා නාසය, උගුර, වාත කෝටර සහ ඇස්වල ඇති ශ්ලේෂ්මල පටල සංවේදී වෙනවා.

පීනසට හේතු කාරක සංවේදී අංශු මොනවාද?

බොහොමයක් තිබෙනවා. නමුත් සෑම පීනස් රෝගියෙක්ම එකම හේතුවකට සංවේදී නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කොහොම වුණත් පීනස ඇති කරන සංවේදී අංශු වායු ආසාත්මිකකාරක (Aero – Allegen) විදිහට අපට මේවා හඳුන්වන්න පුළුවන්.

මෙට්ටයක හෝ කොට්ටයක සිටින මයිටා මොවුන්ගේ අපද්‍රව්‍ය අසූචි කුඩු වශයෙන් වායු ගෝලයට මුදා හරිනවා. මෙම අංශූ ආඝ්‍රාහනය කිරීමෙන් ඒ සඳහා ආසාත්මිකතාවයක් ඇති පුද්ගලයන්ට ඇඳුම, පීනස, රක්තවාත ඇති වෙනවා.

මල් සහ ශාක පරාග

සතුන්ගේ රෝම, කොරපොතුවලින් මුදා හැරෙන විවිධ අංශු

බල්ලන්ගේ සහ බළලුන්ගේ කෙළ

දිලීර කොටස්

පරිසරයේ දූවිලි

දූෂිත පරිසර තත්ත්වයන් (දුම, හඳුන්කුරු වැනි)

රෝග ලක්ෂණ පාලනය කර ගැනීම – සංවේදීතාවයක් නිසා ඇති වෙනවා නම් රෝගයට හේතුකාරක අංශු පාලනය කර ගැනීමට පුළුවන්.

පීනස් රෝග ලක්ෂණ මොනවාද?

පීනස් රෝග ලක්ෂණ ගැන සඳහන් කරනවා නම් ඒවා පීනස් රෝග ලක්ෂණ සහ පීනසට සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

කිවිසුම් යෑම සහ නාසයෙන් සොටු දියර ගැලීම – මෙය උදය සහ සවස් කාලයේදී වැඩියෙන් දක්නට ලැබෙනවා. දවල් වනවිට අඩු වෙනවා. සමහර විට රාත්‍රී කාලයේදීත් ඇති වෙනවා. ඒ වගේම දින කීපයක් මේ තත්ත්වය පවතින්න පුළුවන්.

නාසය, කන අවහිර (Block) වීම.

ඇස්, උගුර සහ තල්ල කැසීම

පීනස ආශ්‍රිත රෝග තත්ත්වයන් ගැන සඳහන් කළොත්

මේ රෝග තත්ත්වයන් පීනසට සම්බන්ධ වගේම පවුල් ඉතිහාසය අනුවත් පවතින්න පුළුවන්.

ඇඳුම

රක්තය

පීනස රෝග තත්ත්වය නිසා ඇතිවන සංකුලතාවයන්

නාසය අවහිර වීම නිසා නින්දේදී සිදුවන ගෙරවීම මෙය Obstructive Sleep Apnea (OSA) යනුවෙන් හැඳින්වෙනවා. ඒ නිසා නින්දට බාධාවක් වීම.

ඇස් කැසීම නිසා ඇස්වල සියුම් පටලවලට සිදුවන හානිය.

නාසය අවහිර වීම නිසා කනට සම්බන්ධ ප්‍රණාල අවහිර වී කන පැසවීම.

පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක තත්ත්වයට බාධාවක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් දරුවෙක් නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට, සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම්වල බාධාවක්. රැකියාවක නිරත වෙන පුද්ගලයෙකුට නම් උදය කාලයේදී ඇතිවන අපහසුතාවය නිසා එදිනෙදා කටයුතුවලදී අපහසුතාවයක් ඇති වෙනවා

පීනස් රෝග තත්ත්වයට ප්‍රතිකාර මොනවාද?

පීනස රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීමේ පියවර කීපයක් තිබෙනවා.

ඖෂධ මගින් පාලනය කිරීම.

දියර බින්දු

පීනස රෝග ලක්ෂණ පාලනය කර ගැනීමෙන් රෝගියාට ඇති අපහසුතාවයන් පාලනය කිරීම.

පීනස තත්ත්වය ඇති කරන තමන් හඳුනා ගත් සංවේදී අංශුවලට නිරාවරනය නොවී සිටීම.

රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු නම් ඒ වෙනුවෙන් නවීන ප්‍රතිකාර තිබෙනවා.

පීනස ආහාර සහ වතුරත් සමග සම්බන්ධයිද?

වාතයේ තිබෙන අංශුවල සම්බන්ධතාවයක් මිස ජලයත් සමග සෘජු සම්බන්ධතාවයක් නැහැ. ස්නානය නොකර සිටීම අපේ පෞද්ගලික සනීපාරක්ෂාවට සම්බන්ධ ගැටලුවක් වෙන්න ඉඩ තිබෙනවා.

පීනස රෝග තත්ත්වයන්හිදී අහිතකර යැයි ආහාර කාණ්ඩ ලැයිස්තුවක් නම් කරන්න බැහැ. නමුත් තමන් යම් ආාහරයකට ආසාත්මිකතාවයක් දක්වනවා නම් ඒ ආහාරයෙන් දුරස් වීමට පුළුවන්. ආහාර ගැන කතා කරන විට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

වැසි දවසට සහ පොහොය දවසට ශ්වසන රෝග වැඩි වෙන්නේ ඇයි?

වැසි සහිත කාලගුණයේදී වාතයේ ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. ඒ නිසා වායුගෝලයේ ඝනත්වය (Density) වෙනස් වීම සමග අංශු ඝනත්වයත් ඉහළ යනවා. හුස්ම ගැනීමට අපි භාවිතා කරන අවකාශය තුළ මේ ආසාත්මික අංශු ( Aero – Allegen ) ඉහළින් තිබීම නිසා සංවේදීතාවය වැඩි වීමට පුළුවන්.

ඒ වගේම වැසි සහිත කාලගුණ තත්ත්වයකදී අපි නිවෙස්වලත් දොර ජනේල වසාගෙන සිටින විට ආසාත්මිකතා වායු අංශු පිටතට යෑමට අවස්ථාවක් නැහැ. ඒ තත්ත්වයත් පීනස වැඩි වීමට බලපාන්න පුළුවන්.

පොහොය සමග ඇති සම්බන්ධතාවය ගැන කිව්වොත්

චන්ද්‍රයාගේ බලපෑමෙන් විවිධ පාරිසරික වෙනස්කම් ඇති වෙනවා. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන් කිරීම නිසා වායුගෝලයේ ඝනත්වය වෙනස් වී එහි ප්‍රතිඵලයක් විදිහට අංශු ඝනත්වයත් ඉහළ යනවා.

හුස්ම ගැනීමට අපි භාවිත කරන අවකාශය තුළ මේ ආසාත්මික අංශු ( Aero – Allegen ) ඉහළින් තිබීම නිසා සංවේදීතාවය වැඩි වීමට පුළුවන්. සඳ එළිය නිසා සත්ත්ව සහ ශාක වලත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: Aero - Allegen, Pinasa, පීනස
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

September 25, 2023

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

September 25, 2023

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

September 25, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?