නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පිළිස්සුමක් වුණොත් විනාඩි 15ක් හෝ 20ක් ගලා යන සීතල ජලයට අල්ලන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

පිළිස්සුමක් වුණොත් විනාඩි 15ක් හෝ 20ක් ගලා යන සීතල ජලයට අල්ලන්න

Published September 4, 2023

නිවසේදී වගේම බාහිර ස්ථානයකදී වයස් භේදයක් නොමැතිව අප කාටත් පිළිස්සීමකින් තුවාල ඇති වෙන්න පුළුවන්. මේ අන්දමින් පිළිස්සීම් තුවාලයක් ඇති වූ පසු රෝගියෙකු විසින් ඒ ගැන අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් මොනවාද?මේ විදිහට පිළිස්සීමකින් තුවාලයක් සිදු වූ විට එය වර්ග තුනකට බෙදා දක්වන්න පුළුවන්.

First Degree Burn
Second Degree Burn
Third Degree Burn

First Degree Burn පිළිස්සුම් තුවාලයක ලක්ෂණ

මේ අවස්ථාවේදී සමේ බාහිරව ඇති Epidomis කොටසට හානි සිදුවනවා. එවැනි අවස්ථාවක දක්නට ලැබෙන ලක්ෂණ

පිළිස්සුම් ස්ථානයේ වේදනාව

තුවාලය රතු පැහැවීම

එම ස්ථානය අල්ලන විට ඇතිවන වේදනාව

පිළිස්සුම් ප්‍රදේශය අවට සුළු වශයෙන් ඉදිමුම

අපි බලාපොරොත්තු වුණත් First degree Burn පිළිස්සුම් අවස්ථාවකදී දිය පට්ටා මතු වෙන්නේ නැහැ. ඒ වගේම තුවාලය වියළී යෑමත් සමග කැලැලක් නොමැතිව සුවවීමත් විශේෂයක්. ඒ නිසා තද රස්නයක් නැති යමක් සමග ස්පර්ශ වීම නිසා ඇතිවන තුවාලවලට නිවසේදී යම් ප්‍රතිකාරයක් කිරීමෙන් පසුව සුවය ලබාගැනීමටත් පුළුවන්.

Second Degree Burn පිළිස්සුම් තුවාලයක් හඳුනාගැනීම

මේ අදියරේදී පිළිස්සුම් තුවාලයකින් සමේ Epidomis කොටසට වගේම Dermia කොටසත් ඇතුළුව වූ කොටස් දෙකටම හානි සිදුවනවා.

Second Degree Burn තුවාලයක ලක්ෂණ

පිළිස්සුම් තුවාලය රතු,රෝස පැහැයෙන් තිබීම

තද වේදනාවක් දැනීම

තුවාලය ස්පර්ශ කරන විට අධික වේදනාවක් දැනීම

තුවාලය අවට ප්‍රදේශය ඉදිමීම හා රතුවීම

තුනී බිත්තියකින් වට වූ වතුර පිරුණ බුබුළු හෙවත් දියපට්ටා මතුවීම

මෙම අදියරේ පිළිස්සුම් තුවාල දින දෙක තුනකින් සුවය ලබනවා. ඒ අතරම තුවාලය සුව ස්ථානයේ කැළැල් ඇතිවීම එහි ගැඹුර මත රඳාා පවතිනවා. පිළිස්සුම් තුවාලයක් සිදුවුණොත් අවදානම් සහගත තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. එවැනි අවදානම් තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු…

වයස අවුරුද්දකට වඩා අඩු දරුවකු වීම

රසායනික ද්‍රව්‍ය හෝ විදුලිය නිසා සිදු වු පිළිස්සුම් තුවාලයක් වීම

මුහුණ, අත්, කකුල්, ඉකිළි හා මුත්‍රා ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන තුවාලයක් වීම

දරුවාට දුම ආඝ්‍රාණය වී තිබීම

ශරීර ප්‍රමාණයෙන් 5% කට වඩා බලපාන ලෙස සිදුවන තුවාල ( තුවාලය ඔබේ අත්ලට වඩා ප්‍රමාණයෙන් විශාල නම් )

වෙනත් රෝගාබාධ තිබීම

ශරීරය වටා පිළිස්සුම් තුවාල තිබීම ( Circular Burn ) තිබීම

මෙවැනි අවස්ථාවක නිවසේදි ප්‍රතිකාර ලබා දීමට වඩා රෝහල වෙත දරුවා රැගෙන යෑම වඩාත් සුදුසුයි.

Third Degree Burn තුවාලයක් හඳුනගන්නේ කොහොමද?

සමේ ස්ථර තුනටම බරපතළ හානි සිදු වී ඇත්නම් අපි එය Third Degree Burn  වශයෙන් හඳුන්වනවා. මෙම අවස්ථාවක සමේ ගැඹුරටම තුවාලය විහිදෙන අතර එම ස්ථානයේ ස්නායු පටක විනාශ වී ඇති නිසා වේදනාව දැනෙන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී වහාම රෝගියා රෝහල්ගත කිරීම වැදගත්.

අවදානමක් නැති පිළිස්සුම් තුවාලයකදී කළ හැකි ප්‍රතිකාර

පිළිස්සුම සිදු වූ ස්ථානයේ අවට ඇති ඇඳුම් ඉවත් කරන්න. විශේෂයෙන් උණුවතුර හැලී ඇති අවස්ථාවක ඇඳුම් නිසා තව දුරටත් පිළිස්සීම පැතිරීම වළක්වා ගැනීමට පුළුවන්.

කමිස අත්, හා කලිසම් උඩට රෝල් කිරීම සුදුසු නැහැ. එවිට පිළිස්සුම් ස්ථානය ඉදිමී, ඇඳුම්වලට තදවී රුධිර ගමනාගමනයට බාධා වීමට පුළුවන්.

වළලු, නූල්, වැනි අතේ බැඳ ඇති දේවල් ඉවත් කරන්න.

පිළිස්සුණ ස්ථානය අතගෑම වගේම දැවිල්ල නිසා පිඹීමත් සුදුසු නැහැ.

හැකි ඉක්මණින් එම ස්ථානය විනාඩි 15 ක් 20 ක් පමණ ගලා යන සීතල ජලයට අල්ලා ගෙන සිටින්න. එවිට තුවාලය නිසා ඇතිවන දැවිල්ල නැතිවනවා වගේම තුවාලය සුව වීමටත් හේතු වෙනවා.

තුවාලය මත අයිස් කැට තබන්න එපා.

දත් බේත්, එඬරු තෙල්, තලතෙල් වැනි දේවල් තුවාලය මත තබන්න එපා.

දියපට්ටා මතු වී ඇත්නම් ඒවා හිතාමතා පුපුරා යවන්න එපා.

තුවාලය ස්පර්ශ කරන විට අත්වැසුම් භාවිත කරන්න

නොඇලෙන සුළු බැන්ඩේජ් එකකින් තුවාල කොටස පමණක් ආවරණය කරන්න. වටේටම ඔතන්න එපා

කපු පුළුන් තුවාලය මත තබන්න එපා.

මෙවැනි අවස්ථාවක භාවිත කරන නොඇලෙන සුළු විශේෂිත ආවරණ වෙළුම් පටි ඔසුසල්වලින් මිලට ගත හැකියි. විශේෂයෙන් ඔබේ නිවසේ කුඩා දරුවන් සිටිනවා නම් මෙවැනි බැන්ඩේජ් එකක් නිවසේ ප්‍රථමාධාර පෙට්ටියේ තබාගැනීම වැදගත්. සුළු පිළිස්සුම් තුවාල හැර දියපටට්ටා මතුවුණ තුවාල සඳහාත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බව මගේ අදහසයි.

පිළිස්සුම් තුවාල වළක්වා ගන්නේ කෙසේද?

අනතුරු අවදානම් ඇති දේවල් ගැන අවධානය දක්වන්න. විශේෂයෙන් අබලන් වුණ විදුලි ස්විච් වැනි දේවල් වගේම උණු වතුර බෝතල්, දැල්වෙන ඉටිපන්දම්, පහන් ආදිය ගැන සැලකිලිමත් වෙන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා


 

TAGGED: Degree Burn, Epidomis, පිළිස්සුම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
1 Comment
  • Nirodha says:
    September 16, 2023 at 5:39 pm

    Great article

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

September 25, 2023

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

September 25, 2023

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

September 25, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?