නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ලංකාව හොල්ලමින් ලාදුරු යළි පැමිණීම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

ලංකාව හොල්ලමින් ලාදුරු යළි පැමිණීම

Published September 4, 2023

ලාදුරු රෝගය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් තියන රෝග තත්ත්වයක්. ලෝක ඉතිහාසයේදී මුලින්ම ලාදුරු රෝගීන් ගැන ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ක්‍රි:පූ 4 වන සියවසේදී චීනයෙන් ලාදුරු රෝගයට සමාන රෝගයක් ගැන වාර්තා වෙනවා. 1701 වසරේදී ලන්දේසි යුගයේදී ලාදුරු රෝගීන් ගැන වාර්තා වී තිබෙනවා.

මේ රෝගය බෝවන රෝගයක් නිසා රෝගීන් වෙනම තබාගැනීම සිදුවුණා. ඒ කාලයේ ලන්දේසීන් විසින් ජනශුන්‍ය ප්‍රදේශයක් වී තිබුණ හැඳල ප්‍රදේශයේ ලාදුරු රෝගීන් වෙනුවෙන් රෝහලක් ස්ථාපිත කළා. ඊට අමතරව 1930 වසරේදී 1920 වසරේ ආරම්භ කරන ලද මඩකලපුවේ මාන්තිවු රෝහලත් ලාදුරු රෝගීන් රඳවා ගැනීම වෙනුවෙන් වෙන් වී තිබුණා.

ලාදුරු මෙරටින් තුරන් වීම…

ලංකාවේ ලාදුරු රෝගය මුලිනුපුටා දැමීමක් සිදු වුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1995 වසරේ ශ්‍රී ලංකාව ලාදුරු තුරන් වුණ රටක් බවට සහතිකය ලබා දෙන විටත් අපේ රටේ රෝගීන් 1000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා.

ලෝකයේම ලාදුරු රෝගීන් ලක්ෂ දෙකක් පමණ වසරකට හඳුනාගන්නවා. ලෝකයේම වැඩිම ලාදුරු රෝගීන් වාර්තාවන රටවල් විදිහට ඉන්දියාව, බ්‍රසීලය සහ ඉන්දුනීසියාව නම් කරන්න පුළුවන්. ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්තා වනවා.

මේ දිනවල ලාදුරු රෝගය ගැන වැඩියෙන් කතා කරනවා…

ඔව්. මෙම වසරේ අපේ රටේ මේ දක්වා ලාදුරු රෝගීන් 864 ක් වාර්තා වී තිබෙනවා. කොළඹ ප්‍රදේශයෙන් අපි ලාදුරු රෝගීන් සොය යන ගමන හරිම වේගවත්. කොළඹ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 161 ක් අතරින් 51 ක්ම මොරටුව ප්‍රදේශයෙන් හඳුනගත්තා.

ගම්පහ ප්‍රදේශයෙන් 91 ක්, මඩකලපුවෙන් 71 ක්, කළුතරින් 69 ක් සහ මාතරින් 49 ක් වාර්තා වුණා. එයිනුත් 10% ක්ම වයස අවුරුදු 14 ට අඩු දරුවන්. වයස අවුරුදු 19 ට අඩු දරුවන් 13 ක් සිටිනවා. නොහොම වුණත් සමස්ත ලාදුරු රෝගීන් අතර වයස අවුරුදු 20 සිට 30 අතර වයසේ රෝගීන්ගේ වාර්තා වීම් වැඩියි.

රෝගය බෝ වෙන්නේ කොහොමද?

ලාදුරු රෝගය Mycobacterium leprae බැක්ටීරියාව මගින් ඉතා සෙමින් බෝ වෙනවා. මේ රෝගයට පරම්පරාව හෝ ජාන සම්බන්ධතාවයක් බලපාන්නේ නැහැ. නමුත් සමූහ වශයෙන් ජීවත් වීම, අඩු සෞඛ්‍ය පහසුකම් නිවාස සහ අපිරිසිදු බව වැනි පාරිසරික සාධක බලපානවා. ඔබට කොවිඩ් කාලය මතක ඇති. මේ රෝගයත් ශ්වසනය ආශ්‍රිතව බෝ වෙන රෝග තත්ත්වයක්. විශේෂයෙන් කෙළ, සෙම වැනි බිඳිති නිසා බෝ වීම සිදුවනවා.

ඔබ මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අසන්නට පුළුවන්. කොවිඩ් වගේ බෝ වෙනවා නම් සමාජ දුරස්ථ බවක් තබාගැනීම අත්‍යවශ්‍ය නැතිද?

ලාදුරු රෝගය ශ්වසනය ආශ්‍රයෙන් බෝ වීම සිදුවුණත් කොවිඩ් මෙන් වේගවත් නැහැ. බැක්ටීරියාව ශරීරගත වී රෝග ලක්ෂණ පෙන්වීමට වසර කීපයක් ගත වෙනවා.

සාමාන්‍යයෙන් රෝගියෙක් සමග සතියකට පැය 20 ක් සමීප සම්බන්ධතාවයක් තිබුණොත් රෝගය බෝවීමට වැඩි ඉඩක් තිබෙනවා. නමුත් සමහර විට පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිය අනුව ලාදුරු රෝග තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව වෙනස් වෙනවා. ලාදුරු රෝගියෙකුට නිරාවරණය වුණත් 90% ක් පමණ පිරිසකට රෝගය බෝ වීමක් නැහැ.

ඒ වගේම බැක්ටීරියාව ශරීරගත වුණත් ප්‍රතිශක්තිය නිසා රෝග ලක්ෂණ පෙන්වීම ඉතා අඩු මටට්මක තිබෙන්න පුළුවන්. අපට ලාදුරු රෝගීන් කණ්ඩායම් දෙකකට බෙදන්න පුළුවන්.

බෝවන කාණ්ඩයේ ලාදුරු රෝගීන්
බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගීන්

බෝවන කාණ්ඩයේ ලාදුරු රෝගීන්ගේ ලප හයක් හෝ ඊට වැඩියෙන් තියෙනවා. බෝ නොවන රෝගීන්ගේ ලප පහකට වඩා අඩුයි.

රෝග ලක්ෂණ

ලාදුරු සමට සහ මොළය, සුසුම්නාව හැර පර්යන්ත ස්නායු පද්ධතියට බලපාන රෝග තත්ත්වයක්. ඒ නිසා රෝග ලක්ෂණ සම ආශ්‍රිතව දක්නට ලැබෙනවා.

සමේ පැහැයට වඩා ලා පැහැති ලප දක්නට ලැබීම, සමහර විට මේ ලප කහ හෝ තඹ පැහැයෙන් මතුවන්න පුළුවන්. මෙම ලප වැඩි වශයෙන් බඩ, පපුව, මුහුණ සහ වැලමිට ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මෙම ලපවල සංවේදනය එහෙමත් නැත්නම් දැනීම අඩු හෝ ඇත්තේම නැහැ. ලප මත රෝම කූප හැලී යන්නත් පුළුවන්.

අත පය හිරි වැටීම

ස්නායු ගණ වීම

මුහුණ විරූප වීම සරලව කිව්වොත් සිංහයකුගේ මුහුණට සමාන වීම

ඇහිබැමි හැලී යෑම

මුහුණේ, කන, නාසය වැනි ස්ථානවල ගැටිති ඇති වීම

අත් කකුල්වල ඇති නොවන සුව නොවන

තුවාල ඇතැම් විට ලාදුරු රෝග ලක්ෂණ වීමට පුළුවන්.

අදවන විට ලාදුරු සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. එසේ නම් ඔබ විසින් රෝගීන්ට ලබාදෙන පණිවිඩය කුමක්ද?

අතීතයේදී ලාදුරු රෝගීන් සම්බන්ධයෙන් සමාජයේ පැවැතුණ අදහස් දැන් වෙනස් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්. 1982 ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශිත කෙටි කාලීන බහු ඖෂධ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළා. අපි ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී රෝගියාගේ තත්ත්වය අනුව බහු ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා.

බහු ඖෂධ ප්‍රතිකාර…

බෝ නොවන මට්ටමේ ඉන්න රෝගියකු වෙනුවෙන් මාස හයක් සහ බෝවන ලාදුරු රෝගියෙකු වෙනුවෙන් වසරක් ප්‍රතිකාර ලබා ගැනීමට නියම කරනවා. සතියක් පමණ ඖෂධීය ප්‍රතිකාර ලබන විට රෝගියාගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය බෝ වීමක් සිදුවන්නේ නැහැ. මෙම ඖෂධ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙනවා.

රෝගියෙකු හඳුනාගන්නේ කොහොමද?

ශ්වසනය ආශ්‍රයෙන් බෝවන රෝග හඳුනාගැනීමට අපි විවිධ පරීක්ෂණ සිදු කරනවා. ඔබ හොඳින්ම දන්නවා කොවිඩ් තත්ත්වය තහවුරු කර ගැනීමට PCR පරීක්ෂණය, ඒ වගේම ක්ෂය රෝග තත්ත්වය තහවුරු කර ගැනීමට සෙම පටල පරීක්ෂණ සිදුකරනවා.

නමුත් ලාදුරු රෝගය බැලු බැල්මෙන්ම හඳුනාගන්න පුළුවන්. වෙනත් පරීක්ෂණ අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යම වුණොත් පමණක් පටක පරීක්ෂාවක් සිදුකරනවා. ඖෂධීය ප්‍රතිකාර ලබා දීමේදී රෝගියාගේ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නවා.

ඒ නිසා ලාදුරු ගැන යම් සැකයක් ඇති වුණොත් ඕනෑම රජයේ රෝහලක චර්ම රෝග සායනයට හෝ බාහිර රෝග සායනයකට හෝ කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයට පැමිණීම ඉතාම වැදගත්.

දරුවෙක් නම් රිජ්වේ ළමා රෝහලේ චර්ම රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගන්න. කල් ගැනීම සුදුසු නැහැ. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් සම්පූර්ණ සුවය ලැබීමට පුළුවන්. රෝගය ගැන ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් වේගවත්ව සිදුවනවා

පවුලක පුද්ගලයෙක් ලාදුරු ආසාදිතයෙක් වුණොත් ඒ පවුලේ අය ආසාදිතයන් වීමට අවදානම වැඩියි. මුලින් සඳහන් කළා වගේ ලාදුරු රෝගය ඉතා සෙමින් මතුවන රෝගයක්. මේ නිසා සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කළා.

2023 අගෝස්තු 19 වැනි දින මොරටුව එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ ලංකාවේ මුල්ම වතාවට ලාදුරු රෝගීන්ගේ කමිටුවක් පිහිටුවා ගත්තා. මේ කමිටුවට ලාදුරු රෝගීන් 20 ක් ඇතුළත්.

ලාදුරු කියන්නේ සැඟවී සිටීමට අවශ්‍ය නැති රෝගයක් බව මේ රෝගීන් අපට හඬ නගා කියා සිටියා. මේ පුද්ගලයන්ගේ හැඟීම් තුළ තමා සමාජයෙක් ප්‍රතික්ෂේපිත නැහැ යන ආත්ම විශ්වාසය ගොඩනැගී නැති බව අපට හොඳින්ම පෙනුණා.

ඒ වගේම පාසල් ප්‍රජාව, ග්‍රාම නිළධාරී, ආගමික නායකයින් දැනුවත් කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කළා. මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් ලාදුරු ගැන සමාජයට පණිවිඩයක් ලබාදෙන්න පුළුවන්.

සම්ප්‍රේෂණය වැළැක්වූ දිස්ත්‍රික්ක සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය…

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලාදුරු රෝගය පැතිරීම පිළිබඳ වාර්තා සටහන් කරනවා. දැනටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක් ලාදුරු ළමා රෝගීන් වාර්තා නොවන කලාපයට ඇතුළත් වෙනවා.

මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුරය, මුලතිව් සහ කිලිනොච්චිය ඊට ඇතුළත්. විශේෂයෙන් දරුවන්ට රෝගය බෝ වෙන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසාම රෝගය මුල් කාලයේදීම හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත්.

රෝගීන්ගේ රෝග තත්ත්වය සුව වුණත් පසු විපරම් කරනවා. විශේෂයෙන් දරුවන්ට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසා ඔවුන්ට ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැන පිළිබඳව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ලාදුරු දෙවියන්ගේ දඬුවමක් හෝ තමන්ගේ පෙර කර්මයක් විදිහට සලකමින් මිථ්‍යාවන් මත යැපෙන්න එපා.

පුන්‍යා චාන්දනී ද සිල්වා









 

TAGGED: leprosy, Mycobacterium leprae, ලාදුරු
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?