නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: දැක්ක පලියට කෑවොත් Binge Eating Disorder BED
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

දැක්ක පලියට කෑවොත් Binge Eating Disorder BED

Published August 28, 2023

ජීවත් වීම පිණිස අප ආහාර ගන්නවා මිස ආහාර සඳහා අප ජීවත් නොවේ. ප්‍රමාණය දැන ආහාර අනුභව කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක පදනම බැව් අපි දනිමු. නමුත් මානසික වශයෙන් පවතින යම් යම් දුර්වලතාවන් නිසා අක්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කිරීමට යොමු වෙන චරිත අප අතරත් ඇති.

තමන්ගේ අවශ්‍යතාවටත් වඩා ආහාර ගැනීමේ අක්‍රමිකතාව කී සැනින් ඔබේ සිහියට නැගෙන්නේ ආහාර වෙනුවෙන් දැඩි ගිජු බවක් දක්වන පුද්ගලයෙක් විය හැකියි. එසේත් නැත්නම් අධික ලෙස ආහාර අනුභව කරන පුද්ගලයෙකුගේ චරිතයක් විය හැකියි. නමුත් Binge Eating Disorder ( BED ) යනුවෙන් හැඳින්වෙන මානසික රෝග තත්ත්වය ඔබටත් තිබෙනවාද? එහෙමනම් අපි Binge Eating Disorder ( BED )  පුද්ගලයෙකුගේ ගති පැවැතුම් හඳුනා ගනිමු.

Binge Eating Disorder (BED) පුද්ගලයකුගේ රෝග ලක්ෂණ

අපි සාමාන්‍යයෙන් ආහාර ගැනීමට යොමු වෙන්නේ කුසගින්නක් දැනුණ විට එහෙම නැත්නම් අදාළ ආහාර වේල් තුළ තමන්ගේ  අවශ්‍යතාව සපුරා ගැනීමටයි. නමුත් අක්‍රමවත් ආහාර රටාවකට හුරු පුරුදු පුද්ගලයන් ආහාර ගැනීමට පෙරාතුව පවා ඒ ගැන සිතමින් කාලය ගතකරනවා.ඒ වගේම ඔවුන්ට ආහාර ගැනීමට කාලයක්, වේලාවක් නැහැ. ආහාර පාලනය කිරීමේදී වුණත් ස්වයං පාලනයක් පනවා ගැනීම අපහසුයි.

සාමාන්‍යයෙන් අපි ආහාර ගන්නා විට සංවරයක් තිබීම අවශ්‍යයි. සරලව කිවහොත් ආහාර අනුභව කිරීමේදී පවා විනයක් අවශ්‍යයි. සෙමෙන් ආහාර ගැනීම සහ හොඳින් ආහාර විකා අනුභව කිරීමේ වැදගත්කම පිළිබඳ මූලික සෞඛ්‍ය පිළිවෙත් පවා සමාජය දැනුවත්ව සිටින කරුණක්.

නමුත් මෙවැනි අසාමාන්‍යතාවන් ඇති BED චරිත ඉතා වේගයෙන් ආහාර අනුභව කරනවා. කොටින්ම කිව්වොත් වෙනත් කෙනෙකු තමන්ගේ ආහාර පංගුව උදුරා ගැනීමට පසුපස හඹා එන මානසික තත්ත්වයක් ඔවුන් ආහාර ගන්නා විට දකින්න ලැබෙනවා.

කුස පිරුණත් මේ අයගේ හිත පිරෙන්නේ නැහැ. කුසගින්න නැති වුණත් ආහාරයක් දුටු විට එය අපහසුවෙන් වුණත් අනුභව කිරීමට සූදානම්. කුස පිරී තිබුණත් එය ඔවුන්ට බාධාවක් නොවේ.

නමුත් අධික ලෙසින් ආහාර ගැනීමෙන් පසුව ඔවුන් පසුතැවෙනවා. තමන් අනුභව කළ ආහාර ප්‍රමාණය ගැන සිතමින් තමාගේ හැසිරීම ගැන වරදකාරී හැඟීමකින් සිත පීඩා විඳිනවා. ඒ වගේම තමන්ගේ ආහාර පංගුව ගැන ඔවුන්ම ලැජ්ජා වෙනවා.

මේ අන්දමින් ආහාර අනුභව කිරීමේ අක්‍රමිතකාවන් නිසා ඔවුන් සමූහයක් සමග ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නිතරම හුදෙකලා වීමේ මානසිකත්වයකින් පසු වීම මේ අයගේ ස්වභාවයක්.සමාජයෙන් දුරස්ව ජීවත්වන මානසිකත්වය වගේම අන්තර් සමාජ සම්බන්ධතාවන් රුස්සන්නෙත් නැහැ.

සාමාන්‍ය පුද්ගලයකුගේ මනෝ භාවයන්ට වඩා වෙනස් ගති පැවැතුම් ඇති චරිත ස්වභාවයකින් යුක්තයි. මොවුන් තුළ ආත්ම විශ්වාසයක් නැති අතරම තමන් ගැන අභිමානයක් නැති දුර්වල පෞරුෂ ගති පැවැතුම් ඇති චරිත වීම සහ

තෙහෛට්ටුව, නිදාගැනීමේදී පවා ඇති අපහසුතාවන්

ශරීර බර වැඩි වීම

පාසල් දරුවකු නම් අධ්‍යාපනයට බාධා ඇතිවීම

රැකියාවක නිරත නම් අදාළ කටයුතුවලදී  පවා ගැටුම් සහ ගැටලු ඇතිවීම යන කරුණු කැපී පෙනෙනවා.


මෙම පුද්ගලයන් කෙටි කාලයකදී විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන අතර ඔවුන්ට එය නවතා ගැනීමේ හැකියාවක් නැහැ. යම් ලෙසකින් නතර කිරීමට අවශ්‍ය වුණත් එසේ කිරීමට නොහැකි වීම ගැන සිතමින් පසුතැවිලි වීම ඔවුන්ගේ ලක්ෂණයක්.

BED එහෙම නැත්නම් අක්‍රමවත් ආහාර පුරුදු උත්තේජනයට බලපාන හේතු

හුදෙකලාව සිටීම

මෙවැනි ජීවන රටාවකදී ඔවුන්ගේ හුදෙකලා මානසිකත්වය ආහාර අනුභවය මගින් සපුරා ගැනීම සිදු වෙනවා.

‘BED’ රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර

මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් මානසික ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ඒ නිසා මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වී ලබා ගන්නා ප්‍රතිකාර මගින් ඒ පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් සඳහා යොමු වීමට පුළුවන්. මනෝ වෛද්‍යවරුන් විසින් මේ සඳහා ලබාදෙන චර්යාත්මක ප්‍රතිකාර මගින් ආහාර පිළිබඳව පවතින අක්‍රමිකතාවන්ගෙන් වෙනස් වීමට හැකියාව තිබෙනවා.

BED රෝගයක් යැයි නොසලකා සිටියොත්?

සමහර විට මේ තත්ත්වය ඔබට රෝගයක් යැයි නොසිතෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඔබ ප්‍රමාණයට වඩා ආහාර අනුභව කිරීම නිසා බෝ නොවන රෝගයන්හි ගොදුරක් බවට පත්වීමට ඉඩ තිබෙනවා.

විශේෂයෙන් තරබාරුව ඇතිවීමත් සමග දියවැඩියාව, කොලස්ටරෝල්, අක්මාවේ මේද තැන්පත් වීම වැනි සංකූලතාවන් නිසා ඔබ ඉතා ඉක්මනින්ම රෝගියකු බවට පත්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ආහාර ගැනීමේදී ඔබ තුළ අක්‍රමවත් ලෙසින් වූ පුරුදු පවතිනවා නම් ඒ ගැන නොසලකා සිටින්නට එපා. එය ඔබේ නීරෝගි ජීවිතයේ පැවැත්මට බාධාවක් බැව් අමතක නොකරන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: Binge Eating Disorder, Disorder, mental illness
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?