නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හැමදාමත් අවදියෙන් සිටින්න – ඇහේ සුදට වයසක් නෑ
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

හැමදාමත් අවදියෙන් සිටින්න – ඇහේ සුදට වයසක් නෑ

Published August 14, 2023

අක්ෂි කාචය හරහා අපේ ඇසට ආලෝකය ගමන් කරනවා. අක්ෂි කාචය මගින් ලබන ආලෝකය නියමිත පරිදි දෘෂ්ටි විතානය නාභිගත වන නිසා අපට කිසිම අපහසුවක් නොමැතිව අවට දේවල් පැහැදිළිව දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. නිරෝගි ඇසක කාචය පාරදෘශ්‍ය ද්‍රව්‍යවලින් සැදී තිබෙන අතර එහි වැඩි ප්‍රමාණයක් ජලය හා ප්‍රෝටීනවලින් සමන්විතයි. විවිධ හේතූන් නිසා මෙම පාරදෘශ්‍ය බව වෙනස් වුණොත් ඇසට ඇතුළුවන ආලෝක කිරණ අඩුවීම නිසා ඇසේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මත නිර්මාණය වෙන්නේ නැහැ.

සුද ඇතිවීමට වයසක් නැහැ

බොහෝ විට අපි ඇහේ සුද මතුවීම වයස සමග බැඳුණ සංකුලතාවක් ලෙස සැලකුවත් ම්නෑම වයසකදී ඇසේ සුද මතුවන්න පුළුවන්. සුද ඇතිවීමට ගැහැනු ද පිරිමි ද භේදයක් නැහැ. වයස්ගත පුද්ගලයන් අතර සුද ඇතිවීමේ තත්ත්වය බහුලව දක්නට ලැබෙනවා. සමහර විට මෙය ඇස් දෙකේම සමානව ඇතිවන්න පුළුවන්. විටෙක එක ඇසක සුද ඇතිවන්නත් පුළුවන්. කොහොම වුණත් ඇසේ සුද ඇතිවීම කාලයක් තිස්සේ ඉතා සෙමින් සිදුවන්නක් නිසා බොහෝ දෙනෙකුට තමාගේ පෙනීමේ වෙනසක් ඇති බව පැහැදිලිව තේරුම් යන්නේ නැහැ. ඒ නිසා ඇසේ සුද ඇතිවීමේ රෝග තත්ත්වය හඳුනාගැනීම ප්‍රමාද වනවා.

සුද ඇතිවීමේ හේතු

මුලදී සඳහන් කළ අන්දමට වයසත් සමග සුද ඇතිවීම බහුලව දක්නට ලැබුණත් දියවැඩියා රෝගීන්ට අඩු වයසකදී ඇසේ සුද ඇතිවන්න පුළුවන්. හතිය, සන්ධි ආශ්‍රිත රෝග, මානසික රෝග වෙනුවෙන් භාවිත කරන ඖෂධ, ඇසට සිදුවන අනතුරු සුද ඇතිවීමට සුලබ හේතු වනවා. කුඩා දරුවන්ගේ සංජානනීය රෝග තත්ත්වයන්,ගර්භණී සමයේ ඇතිවන ආසාදන හා ඇස ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතාවන් නිසාත් සුද ඇතිවන්න පුළුවන්.

සුද ඇතිවීමේ රෝග ලක්ෂණ මොනවාද?

ඇසක සුද ඇතිවුණොත් ඒ ගැන ඔබ දැනගන්නේ කොහොමද යන සැකය දැන් ඔබේ සිත් ඇතිවන්න පුළුවන්. මෙය ඉතා සෙමින් වර්ධනය වන රෝග තත්ත්වයක්. ඒ නිසාම වෛද්‍යවරයකු වෙත යොමු වීමත් ප්‍රමාද වෙනවා.

පෙනීම බොඳවීම හෝ අපැදිලි බව (වලාකුළක් වැනි අඳුරු පටලයක් සේ)

නිතර නිතර කණ්ණාඩි වෙනස් කිරීමට සිදුවීම.

විශේෂයෙන් රාත්‍රි කාලයේදී රිය පැදවීමේදී මේ අපහසුතාව වැඩියෙන් දැනෙන්න පුළුවන් නිසා රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ඇසේ සුද පිළිබඳ පරීක්ෂණය සඳහාත් වැඩි අවධානයක් ලබාදී තිබෙනවා.

කුඩා දරුවකුගේ නම් මව සමග ඇසට ඇස ( Eye contact ) දක්වන සම්බන්ධතාව සහ දරුවා දක්වන ප්‍රතිචාර නොමැති වීම.

ඇසේ සුදු පාටින් පෙනීම.

කුඩා දරුවන්ගේ නම් වපරයක් ලෙසින් ඇතිවීම.

ඇසක සුද හඳුනාගන්නේ කෙසේද?

ඉහත රෝග ලක්ෂණ තිබෙනවා නම් ඇස් පරීක්ෂා කරගැනීම ඉතාම වැදගත්. මෙය අක්ෂි පරීක්ෂාවකින් හඳුනාගැනීමට පුළුවන්.

සාමාන්‍යයෙන් අක්ෂි වෛද්‍යවරයකු වෙත ගිය විට සිදුකරන මූලික පරීක්ෂාවකින් වුණත් සුද ඇති බව හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.

ඇසට දියර බින්දු යොදා කළු ඉංගිරියාව විශාල කොට සිදු කරන පරීක්ෂාව.

නව ජන්ම දරුවෙකුගේ නම් රෝහලෙන් පිටත් වීමට පෙරාතුව එනම් මුල් පැය 72 ඇතුළත සිදුකරන අක්ෂි පරීක්ෂාවකින් දරුවාගේ ඇසේ සුද තත්ත්වය තිබුණොත් හඳුනාගැනීමට පුළුවන්. අද වනවිට ශ්‍රී ලංකාවේ උපත ලබන සෑම දරුවකුගේම මෙම අක්ෂි පරීක්ෂාව සිදුවනවා.

වයස අවුරුදු දෙකක් හෝ තුනක් වැනි වයසකදී පවා දරුවන්ගේ ඇස් ආශ්‍රිතව ඇතිවන සංජානනීය රෝග තත්ත්වයන් හඳුනාගැනීමට පුළුවන්. සුද පිළිබඳ රෝග තත්ත්වයන් පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබෙන නිසා ඒ වෙනුවෙන් ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය නැහැ.

සිදුකරන ප්‍රතිකාර…

මෙහිදී ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම දෙකක් තිබෙනවා

මුල් අවස්ථාවේදී සුද ඇතිවීමේ රෝග තත්ත්වයක් නම් කණ්ණාඩි භාවිත කිරීම මගින් පෙනීමේ අපහසුතාවන්ට තාවකාලික ලෙසින් විසඳුම් ලබාදීම.

ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කිරීම, කණ්ණාඩි මගින් සුද ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතා සෙමින් කාලයත් සමග සුද වර්ධනය වන නිසා යම් විටක ශල්‍යකර්මයක් මගින් සුද ඉවත් කිරීමට සිදුවනවා. වයසත් සමග සුද මෝරන විට කණ්ණාඩි මගින් පාලනය කිරීම අපහසුයි. එවිට ශල්‍යකර්මයක් මගින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇතුළු කරනවා.

මෙය රජයේ රෝහල්වලින් සිදු කරගැනීමේ පහසුකම් තිබෙනවා. මෙහිදී රෝගියා සිහි නැති කිරීමක් සිදුවන්නේ නැහැ. අදාළ ප්‍රදේශය හිරි වැට්ටීමකින් සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකරනවා. මේ අතර තවත් වැදගත් දෙයක් සඳහන් කළ යුතුයි. සුද දිය කිරමට බෙහෙත් නැහැ. ඒ නිසා අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා.

සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මයක වාසි

ශල්‍යකර්මයකින් සුද ඉවත් කිරීම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී කැපුම් තුවාල නොමැති නිසා රෝගියාට එදිනම රෝහලෙන් පිටව යෑමට පුළුවන්. ශල්‍යකර්මයකට පෙරාතුව රෝගියා විසින් තමාගේ රෝග ඉතිහාසය සහ දැනට භාවිත කරන ඖෂධ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වැදගත්. සමහර රෝගීන් රුධිරය කැටි ගැසීම වළක්වන ඖෂධ, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග සඳහා ගන්නා ඖෂධ භාවිතය නතර කරනවා. එවැනි ඖෂධ ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වැදගත්.

එවිට වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මයට පෙරාතුව එම ඖෂධ තාවකාලිකව නැවැත්වීමට උපදෙස් ලබා දෙනවා. නවීන තාක්ෂණය නිසා සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය ඉතා ආරක්ෂිත සහ ප්‍රතිඵලදායී ප්‍රතිකාරයක් නමුත් ඕනෑම සැත්කමක සංකූලතාවන් තිබෙනවා. ඒ නිසා පසු සැත්කම් ආසාදන, කෙටි කාලීනව ඇසේ පීඩනය වැඩිවීම වැනි සංකුලතාවන් ඇති වුණත් අද පවතින තාක්ෂණය හා සැත්කම්වල ගුණාත්මක බව නිසා එවැනි සංකූලතාවන් ඉතාම විරලයි. රෝගියාගෙ සීනි තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීම සහ සුද මුල් අවස්ථාවේදී හඳුනාගතහොත් එය ඉවත් කිරීම පහසුයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා





 

TAGGED: Eye contact, ඇහේ සුද
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?