නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: අංශ පැපොල දෙවියන්ගේ ලෙඩක් නෙවෙයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

අංශ පැපොල දෙවියන්ගේ ලෙඩක් නෙවෙයි

Published August 14, 2023

පැපොල රෝගය අපි දෙවියන්ට භාර කළත් මේ රෝග තත්ත්වය (වැරිසෙලා සොස්ටර් Varicella -zoster) වෛරස තත්ත්වය නිසා ඇතවන ආසාදනයක්. පැපොල රෝගය ගැන අපේ සමාජයේ දැනුවත් බවක් තිබුණත් මේ රෝගයේම ද්විතියික අවධියක් සේ සලකන අංශ හර්පීස් සොස්ටර් (Herpes zoster) එහෙම නැත්නම් අංශ පැපොල ගැන වැඩි දෙනෙක් දැනුවත් බවක් නැහැ. හර්පීස් යනුවෙන් හඳුන්වන ලිංගාශ්‍රිත රෝග තත්ත්වයක් තිබෙනවා. නමුත් අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් යනුවෙන් හැඳින්වෙන අංශ රෝග තත්ත්වය හර්පීස් යන ලිංගික රෝග තත්ත්වය සමග කිසිම සම්බන්ධතාවක් නැහැ. ඒ නිසා ඒ ගැන සැකයක් ඇති කරගත යුතු වන්නේ නැහැ. පැපොල රෝගයේදී බිබිලි එක දෙක මතුවන විටම මේ රෝගය පැහැදිළිව හඳුනාගන්නා අපට හර්පීස් සොස්ටර් එහෙම නැත්නම් අංශ පැපොල රෝගය (Herpes zoster) ගැන ඒ තම් දැනුවත් වීමක් නැහැ.

ඒ ගැන පැහැදිලි කළොත්?

ඔව්. පැපොල රෝගය සුව වීමෙන් පසුව යම් වැරිසෙල්ලා වෛරස ප්‍රමාණයක් නිදන්ගතව ඒ ඒ පටක ආශ්‍රිතව පවතිනවා. පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් තාක් මේ සෛල අක්‍රිය තත්ත්වයේ පවතවාගෙන යනු ලබනවා. යම් අයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවක් ඇති වූ විට වැරිසෙල්ලා වෛරසය ක්‍රියාත්මක වී අංශ පැපොල ඇති වෙනවා. අංශ පැපොල රෝගය බොහෝ විට ඇතිවන්නේ වැඩිහිටි අවධියේදී මේ කාලය වෙන විට සමහර අයට පැපොල රෝගය හැදුන බව මතකවත් නැති තරම්.

පැපොල වෛරසයේම ද්විතියික අවස්ථාවක් ලෙස සැලකෙන හර්පීස් තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මම මුලින් සඳහන් කළ අන්දමට මේ වෛරස ස්නායු සෛල තුළ වර්ධනය වී අදාළ ස්නායු දිගේ ගමන්කොට සම මතුපිටට පැමිණ ආසාදන බිබිලි ඇති කරනවා. ස්නායුවක් සමේ නිශ්චිත කොටසකට ස්නායු සපයන බැවින් බිබිලි දක්නට ලැබෙන්නේ ඒ ස්නායුවට සම්බන්ධ කොටසේ පමණයි. ඒ අනුව බැලුවොත් මේ රෝගය අංශ පැපොල නමින් හැඳින්වීමත් බෙහෙවින්ම සාධාරණයි. ඒ වගේම මේ බිබිළි මතුවීමට දින දෙක තුනකට පෙරාතුව පටන් රෝගියාට ඒ ස්ථානයේ දැඩි වේදනාවක් දැනෙනවා. දින කීපයක් මේ විදිහට වේදනාව තිබීමෙන් පසුව ස්නායුවට සම්බන්ධ අංශ තුළ බිබිලි මතු වෙන්න පුළුවන්. මේ සමග මස්පිඩු වේදනාව සහ උණ ඇතිවනවා.

මේ විදිහට මතුවන බිබිලි වතුර පිරුණ ස්වභාවයකින් යුක්ත වෙනවා. සමහර විට මේ බිබිලි කුෂ්ටයක් එහෙම නැත්නම් සතෙකු ගෑවිලා වෙන්නත් ඇති යන උපකල්පයනයන් තමන් විසින්ම ගොඩ නගාගන්නවා. මේ බිබිළිවල රස්නය ගතියක් හෝ කැසීමක් නැහැ. සමහර විට සතියක් දෙකක් තිබිලා ඉබේම වියළී යනවා. නමුත් බිබිලි මතවන ස්ථානය අනුව අපහසුතාවන් වෙනස් වෙන්න පුළුවන්.

ඇසට ඉහළින් හර්පීස් තත්ත්වය ඇතිවීම නිසා පසුකාලීනව අක්ෂි ආශ්‍රිත ආබාධ ඇතිවීමට පුළුවන්. සමහර විට අන්ධභාවය පවා ඇතිවන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලිනව රෝග ඇතිවීමට ඉඩ නොතබා රෝග ලක්ෂණ මතු වූ විට ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් වැදගත්. ඒ වගේම මේ වතුර බිබිලි කැඩීම සුදුසු නැහැ. ඒවා කැඩීම නිසා බැක්ටීරියා ආසාදන ඇතිවන්න පුළුවන්. ඒ නිසා වතුර බිබිලි ඉබේම වියළී යෑමට ඉඩ දෙන්න.

හර්පීස් බෝ වීමක් සිදු වෙනවාද?

ඔව්. මේ රෝගය ශ්වසනයේදී පිටවන බිඳිති මගින් බෝ වෙන්න පුළුවන්. ඒ වගේම බිබිලිවල ශ්‍රාවයන් තවත් අයට ස්පර්ශ වීමෙනුත් බෝවීම සිදුවනවා. ඒ නිසා අංශ පැපොල රෝගියෙක් සමාජයේ ගැවසීමෙන් වගේම තවත් අයට ස්පර්ශ වීමෙන් වැළකී සිටීම වැදගත්. තමන්ගේ පිඟන් කෝප්ප වගේම පාවිච්චි කරන ඇඳුම්, තුවා, ඇතිරිලි ආදිය වෙන්කර තබාගැනීමත් වැදගත්. පැපොල රෝගයේදී දෙවියන්ට බාර දී ඖෂධ ලබා ගන්නේ නැහැ.

ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැතිද?

මා මුලින් සඳහන් කළ අන්දමට පැපොල රෝගයේදී වගේම හර්පීස් සොස්ටර් හෙවත් අංශ පැපොල තත්ත්වයේදී බිබිළි එක දෙක මතුවන විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. මේ අවස්ථාවේදී ලබාදෙන ප්‍රතිවෛරස සහ වේදනා නාශක ඖෂධ නිසා උණ සහ වේදනාව කළමනාකරණය කර ගැනීමේ පහසුවක් රෝගියාට ලැබෙනවා.

හර්පීස් රෝග තත්ත්වයේදී අවදානම් කණ්ඩායම් ගැන සඳහන් කළොත්?

විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට අංශ පැපොල තත්ත්වය යම් අවදානමක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිශක්තිය දුර්වලතාව ඊට හේතුවක්.

දියවැඩියාව, වකුගඩු සහ පිළිකා රෝගීන්

පිළිකා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන්

ප්‍රතිශක්ති දුර්වලතාවන් ඇති රෝගීන්

HIV ආසාදිතයන්

අවයව බද්ධ කිරීමෙන් පසුව ප්‍රතිශක්තිය දුර්වල කිරීමට ඖෂධ ලබාගන්නා රෝගීන්

අංශ පැපොල එහෙම නැත්නම් හර්පීස් සොස්ටර් රෝග තත්ත්වයේ සාකුලතාවන් ?

හර්පීස් සොස්ටර් රෝග තත්ත්වයේදී ඇතිවන වතුර බිබිලි මත විවිධ දේ ආලේප කිරීම නිසා ආසාදන ඇති වීම

හර්පීස් සොස්ටර් රෝග තත්ත්වය සුවවුණාට පසුවත් ඒ තුවාල කැළල ආශ්‍රිතව අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. (post herpitic neuralgia)

සම මතුපිට ඇති කැලැල් නිසා ඇතිවන මානසික පීඩනය. මේ කැලැල් වෙනුවෙන් පසුකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම හැර විවිධ දේ ආලේප කිරීම අවශ්‍ය නැහැ.

මුහුණ, කන සහ කට ඇතුළේ බිබිලි ඇතිවීම

මුහුණට සම්බන්ධ ස්නායුව අඩපණ වීම නිසා තාවකාලිකව මාංශ පේශි දුර්වල වීමෙන් Facial nerve palsy රෝග තත්ත්වය ඇති වීම. මේ රෝග තත්ත්වයේදී මුහුණේ ස්වරූපය වෙනස් වෙනවා. නමුත් මෙය තාවකාලික තත්ත්වයක් පමණයි.

ආහාරපාන සහ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන

හර්පීස් තත්ත්වයේදී විතරක් නොවෙයි පැපොල රෝග තත්ත්වය ඇතිවුණාමත් සමබල ආහාර වේලක් ලබාගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම මුලින් සඳහන් කළ අංශ පැපොල රෝගයේ වැඩි අවදානම් කණ්ඩායම් වෙනුවෙන් පැපොල රෝග තත්ත්වයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: Herpes zoster, Varicella zoster, අංශ පැපොල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love5
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?