නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඇදුම රෝගයටත් ජානමය බලපෑම්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

ඇදුම රෝගයටත් ජානමය බලපෑම්

Published July 31, 2023

ඇදුම මුලික වශයෙන් අසාත්මිකතාවයේ කොටසක්. එය නාසයට බලපාන විට පීනස කියනවා. පෙනහල්ලට බලපාන විට ඇදුම එහෙම නැත්නම් ළය පීනස කියනවා. පපුවේ මහන්සිය එහෙමත් නැත්නම් ඇදුම ඇති වෙන්නේ ශ්වසන මාර්ගයේ අවහිරතාව නිසයි. ශ්වසන මාර්ගය ඇති හුස්ම ගෙනයන නාල ඉදිමීම නිසා ඇතිවෙන අපහසුතාව රෝගියාට විවිධ ආකාරයෙන් දැනෙන්න පුළුවන්.එම නාල ඇතුළත ශ්ලේශ්මල ශ්‍රාවයක් තිබෙනව. එය තෙත ගතියෙන් යුක්තයි.

ආශ්වාස කරන වාතය පෙනහලුවලට යෑමට පෙර පිරිසිදු කරනවා. සෙම් රෝගවලදී ශ්ලේශ්මල වැඩිවීම වගේම ආස්තරයේ ඉදිමුම් ඇතිවෙනවා. ආසාත්මිකතාවන් නිසාත් ශ්වාසනාල හැකිලීමට පත්වෙනවා. එවිට පෙනහලුවලට වාතය ගෙනයන නාල අවහිර වෙනවා.මේ ලක්ෂණ අපට විවිධ අන්දමේ අපහසුතාවන් විදිහට දැනෙනවා. පරම්පරාවෙන් ඇති සම්භාවිතාව හෙවත් ජානගත බලපෑම නිසා සිරුරේ ඇදුම ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. සමහරවිට ළමා කාලයේදී එය මතුවෙන්න පුළුවන්. සමහර විට වැඩිහිටි කාලයේදී ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ළමා කාලයේදී ඇතිවී වැඩිහිටි අවධිය වන විට නැතිවෙන්නත් පුළුවන්. දූෂණය වූ වාතයට නිරාවරණය වීම නිසා රෝග තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා

ජීවිතයේ ගුණාත්මක බව නැති වෙනවා

ඇදුම තිබෙනවා නම් එහි පාලනයක් කරන්න පුළුවන්. නිවැරදි විදිහට වෛද්‍ය උපදෙස් අනුගමනය කරනවා නම් නිට්ටාවටම කෙසේ වෙතත් පාලනයක් ඇතුව ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට පුළුවන් වනවා.

රෝගය නොසලකා සිටින්නේ ඇයි?

සමහර රෝගීන් ඇදුම ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. රෝගය විටින් විට උත්සන්න වුණත් සාමාන්‍ය තත්ත්වයේදී අපහසුවක් නැහැ. නමුත් ඇදුම ගැන නොසලකා සිටියොත් මරණය පවා සිදුවන්න පුළුවන්. ඇදුම තියෙන පුද්ගලයා තමන්ගේ රෝග තත්ත්වය උත්සන්න වන හේතු දැනගෙන සිටීම වැදගත් වන්නේ ඒ නිසයි.

ඇදුම ඇතිවීමට බලපාන හේතු

වායුගෝලයේ ආර්ද්‍රතාව හෝ පරිසරයේ උෂ්ණත්වය වෙනස්වීම

දූවිලි

සිගරට් දුම

කර්මාන්ත ශාලාවලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් ඇතුළු විෂ වායු

ශ්වසන මාර්ගයට ඇතුළු වන විෂබීජ

සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරන වෛරස

සතුන්ගේ ලොම්, සුවඳ විලවුන්, මල් පරාග

නමුත් මේ සාධක එක් එක් පුද්ගලයාට වෙනස් අන්දමින් බලපාන අතර සියලු සාධක සියලු පුද්ගලයන්ට එක සේ බලපෑමක් නැහැ.

රෝග ලක්ෂණ

වියළි කැස්ස, විශේෂයෙන් රාත්‍රි කාලයේ,පාන්දර හෝ කය වෙහෙසවීමකදී ( උත්සන්න වන )

පපුවේ මහන්සි ගතිය

හුස්ම ගැනීමේ අපහසුතාව

හුස්ම නැගීමේදී අපහසුතාව සමග රාං රූං වශයෙන් ශබ්දයක් ඇතිවීම.

පූර්ව දැනුම් දිමක් ගැන කිව්වොත්

මුල් අවස්ථාවේදී කැස්සක් පමණක් ඇතිවන්න පුළුවන්. පාන්දරට එන කැස්ස ඇදුම තත්ත්වයේ මූලික අවස්ථාව විය හැකියි. මේ තත්ත්වය දිගින් දිගට තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඇදුම කියන තත්ත්වය ගැන තමන් විසින් තීරණය කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ.

හදවත් රෝග ඇති වුණාම ලේවල ඇති වතුර යම් ප්‍රමාණයක් පෙනහැල්ලේ ඉතිරි වෙනවා. එවිට ඇදුම හා සමාන හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවනවා. මෙහිදී ඇතැමුන් ඇදුම රෝගයට තමන්ගේ හිතුමතයට ඖෂධ පාවිච්චි කළත් සැබැවින්ම තිබෙන්නේ හෘද රෝග තත්ත්වයක්. කැස්ස ඇතිවීමටත් විවිධ හේතු තිබෙනවා. උදාහරණක් ලෙස ක්ෂය රෝගය හේතුවෙන් පෙනහැල්ලේ නාල හැකිලී තිබෙන්න පුළුවන්. විවිධ හේතුන් නිසා නාල උද්දීපනය වෙලා කැස්ස විදියට පිටවුණත් හුස්ම ගැනීමේ නාල හැකිළී තිබෙන නිසා හුස්ම පිටකිරීමේ අපහසුවක් තියෙන්න පුළුවන්. එයත් ඇදුම රෝගයේම කොටසක්.

පාලනය කරගන්නේ කොහොමද?

ඇදුම උත්සන්න වූ විට සහනයක් ලබා ගැනීමට සැල්බියුටමෝල් ඖෂධ සහිත ඉන්හේලරයක් පාවිච්චි කිරීමට උපදසේ දී තිබෙනවා. ඉන්හේලර් ඖෂධ මගින් ඉක්මනින්ම ඖෂධවලට ප්‍රතිචාර දක්වනවා. ආහාර මාර්ගය ඔස්සේ අවශෝෂණය වන ඹෟෂධ හෙවත් මුඛයෙන් ලබා ගන්නා (Oral) පෙති, කරල් හෝ සිරප් වැනි ඖෂධ රුධිරය සමග එක් වී පෙනහලු කරා ගමන් කරන තෙක් ගතවන කාලය වැඩියි. ඒ නිසා රෝගයට සහනය ලැබීමට ටිකක් වේලා ගතවෙනවා. නමුත් ඉන්හේලර් ඖෂධ අඩු මාත්‍රාවකින් එකවර පෙනහලු කරා ගමන් කරන නිසා ඉන් ඉක්මන් සහනයක් ලැබෙනවා. ඇදුම රෝග තත්ත්වය උත්සන්න වූ විට නෙබියුලයිසර් උපකරණයකින් ඖෂධ වැඩි මාත්‍රාවක් ලබා දෙනවා.

ඉන්හේලර් ඖෂධ අඩු මාත්‍රාවකින් ඇති නිසා දිගුකාලයක් ලබා ගත්තත් ඒ සඳහා බියවීමට හේතුවක් නැහැ. සමහර ඖෂධ මගින් සහනයක් ලැබුණත් එයින් රෝග තත්ත්වය සුවවීමක් නැහැ. මෙහිදී ඉදිමීම, හැකිලීම සහ සෙම එකතු වීම වැනි සංසිද්ධීන් තිබෙනවා.අන්වික්ෂයකින් පරීක්ෂා කරන විට පෙනහලු ආස්තරණය ඉදිමී තිබෙනවා දකින්න පුළුවන්. ඒ නිසා ඇදුම ඇතිවීම වළක්වන ඉන්හේලරය පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා සති මාස ගණනාවක් මේ ඉන්හේලරය පාවිච්චි කරන්න ඕන. මෙය අකමැත්තෙන් තොරව දිගු කාලයක් භාවිත කිරීම නිසා සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට පුළුවන්.

හදිසියේ උත්සන්න වීමට පුළුවන්

ඉන්හේලර් පාවිච්චි කරන අතරවාරයේදීම ඇදුම රෝගී තත්ත්වය උත්සන්න වීමට පුළුවන්. එවැනි අවස්ථාවකදී රෝගියාට පහත දැක්වෙන අන්දමේ රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි.

විඩාබර ගතිය

එක දිගටම ඇතිවෙන හතිය

ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ අපහසුතාව

ඉන්හේලර් පාවිච්චි කළත් අඩු නොවීම

මෙවැනි අවස්ථාවකදී රෝගියා වහාම රෝහල්ගත කිරීම අවශ්‍යයි. එවැනි අවස්ථාවක රෝගියා පාවිච්චි කරන ඉන්හේලරයත් රැගෙන යෑම වැදගත්.

ගර්භණී මවකට ඇති වුණොත්?

ඇදුම රෝගී කාන්තාවක් ගර්භණීත්වයට පත් වූ විට ඒ බව වෛද්‍යවරයාට දැනුම් දීම ඉතාම වැදගත්. මන්ද මෙහිදී කුස සිටින දරුවාට බලපෑමක් නොවන ලෙසින් ප්‍රතිකාර කිරීම සිදුකළ යුතුවනවා. මව ඇදුම රෝගය පාලනය නොකළහොත් කුස තුළ වැඩෙන දරුවාට වැදෑමහ ඔස්සේ ලැබෙන ඔක්සිජන් සහ පෝෂණය අඩුවීම නිසා දරුවා දුර්වල වීම, නොමේරූ දරු උපත් සිදුවීම වැනි සංකුලතාවන් ඇතිවිය හැකියි

රෝග තත්ත්වය පුද්ගල බද්ධයි

එක් එක් රෝගියාට රෝග තත්ත්වය උත්සන්න වීමට තිබෙන හේතු වෙනස් වෙනවා. එක් රෝගියෙකුට අයිස්ක්‍රීම් අගුණ වෙන්න පුළුවන් වන නමුත් සෑම ඇදුම රෝගියෙකුටම අයිස්ක්‍රීම් අගුණයි කියන්න බැහැ. ඒ නිසා ඇදුම රෝගියෙක් සතු රෝග තත්ත්වය උත්සන්න වීමට බලපාන හේතු විවිධයි. ඒ නිසා තමන්ට අගුණ තත්ත්වයන් ගැන තමන් දැනගෙන එවැනි අවස්ථාවන්ගෙන් වැළකීම වැදගත්. මෙම රෝගය නිදන්ගත රෝග තත්ත්වයක් වුණත් කෙනෙකුට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝග තත්ත්වය ඉතා හොඳින් පාලනය කරගෙන පෙනහලුවල තත්ත්වය නිරෝගීව පවත්වා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කිසිම බාධාවක් නැහැ.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Asthma, Wheeze, ඇදුම රෝගය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

September 25, 2023

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

September 25, 2023

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

September 25, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?