නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ක්ලාන්තය වළක්වන ප්‍රේමදාස තියරිය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

ක්ලාන්තය වළක්වන ප්‍රේමදාස තියරිය

Published July 3, 2023

උදෑසන රැස්වීම් වේලාවේදී පාසල් දරුවන් ක්ලාන්ත වීම ඉතාම සුලබ සිදුවිමක්. සමහර දරුවන් වනාඩි 10 ක් 15 ක් ඇතුළත යථා තත්ත්වයට පත්වුණත් සතියකට අවම වශයෙන් දරුවන් දෙතුන් දෙනෙක්වත් පාසල් නිල ඇඳුමෙන්ම රෝහල්ගත කරනවා. ඉතින් මේ විදිහට දරුවන් ක්ලාන්ත වෙන්නේ ඇයි?

උදේ ආහාරය…

උදෑසන ආහාරය ඉතාම වැදගත් යැයි අපි කොතෙක් කිව්වත් සමහර දරුවන් උදෑසන ආහාරය ගැන සැලකිලිමත් නැහැ. එහෙම නැත්නම් උදෑසන ආහාරය ලබා ගත්තත් එය ප්‍රමාණවත් පරිදි ලබා ගන්නේ නැහැ. මේ නිසා ටික වේලාවක් රැස්වීමේ සිටගෙන සිටිනවිට රුධිරයේ සීනි මටට්ම අඩුවීම ( Hypocalcemia ) නිසා ක්ලාන්ත තත්ත්වයට පත්වෙනවා.

වැඩි වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම

සමහර අවස්ථාවල උදෑසන රැස්වීමේදී දරුවන් එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටගෙන සිටිනවා. සරලව කිව්වොත් පාසල් රැස්වීමේදී පාද නොසොල්වා සීරුවෙන් සිටගෙන සිටින්න වෙනවා. මේ නිසා මොළයට රුධිර ගමනාගමය අඩුවීම නිසා ක්ලාන්ත තත්ත්වය ඇති වෙනවා.

විජලනය…

අපේ සිරුර තුළ ආහාරවලට වගේම ජලයටත් වැඩි තැනක් ලැබෙනවා. විජලන තත්ත්වය නිසා බොහෝ අපහසුකම් ඇතිවනවා. උදෑසන රැස්වීමේදී දරුවන් හිරු එළියට නිරාවරණය වන වේලාවත් වැඩියි. අධික ලෙස දහඩිය දැමීම නිසා විජලන තත්ත්වය වගේම රුධිර පීඩනය අඩුවීම නිසා ක්ලාන්ත තත්ත්වය ඇතිවෙනවා. උදෑසන රැස්වීමේදී ක්ලාන්ත තත්ත්වය ඇතිවීමට ඉහත හේතු බලපානවා. ඊට අමතරව ක්ලාන්තය ඇතිවීමට බලපාන තවත් හේතු තිබෙනවා.

අධික ලෙස වෙහෙසට පත්වීම

විශේෂයෙන් හිරු එළියේ අධික ලෙසින් ක්‍රීඩා කරන විටත් ක්ලාන්තය ඇතිවන්න පුළුවන්.

තදබල වේදනාවක්…

තුවාලයකින්, පහරකින් ඇතිවන ස්නායු උත්තේජනය ( Vaagal stimulation ) නිසාත් ක්ලාන්තය ඇතිවනවා.

දැඩි මානසික ආවේග…

හදිසියේ ඇතිවන අධික බිය, කම්පනය, ආවේගය, ආතතිය නිසාත් අපේ ස්නායු උත්තේජනය වී ක්ලාන්තය ඇතිවන්න පුළුවන්.

● වැඩිපුර කෙටි හුස්ම ගැනීම පෙනහලු පිරෙන්න හුස්ම හෙවත් දිගු හුස්ම ගැනීම ඉතා හොඳ ව්‍යායාමයක්. ඒ වගේම නිතරම කෙටි හුස්ම ගැනීම ( Hyperventilating ) නිසාත් ක්ලාන්ත තත්ත්වය ඇතිවනවා.

එක්වරම සිටගැනීම…

අපි වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් පසුව එක් වරම නැගී සිටියොත් මොළයට රුධිර ගමනාගමනය අඩුවීම නිසා ක්ලාන්තය ඇතිවනවා. ක්ලාන්තය ඇතිවීමට තවත් හේතු තිබෙනවා. ඒ නිසාම අපි ක්ලාන්තය වළක්වා ගන්නේ කොහොමද කියා සාකච්ඡා කරමු.

උදේ ආහාරය හොඳින් ලබාදෙන්න…

බොහෝ මව්පියන් දරුවා කඩිමුඩියේ පාසල් එවනවා. උඩින් පල්ලෙන් කවා එව්වත් එයින් දරුවාගේ කුස පිරෙන්නේ නැහැ. මෙය ඉතා නරක පුරුද්දක්. ඒ නිසා ක්ලාන්තය පමණක් නොව තවත් අතුරු රෝග තත්ත්වයන් ඇතිවනවා. ඉගෙනුම් දුබලතා, මතක ශක්තිය අඩුවීම, අවධානය පිළිබඳ ගැටලු පමණක් නොව සමහර විට වලිප්පු තත්ත්වයට වුවද උදේ ආහාරය නොගෙන පැමිණීමේ අතුරු සංකුලතාවන් බලපානන් පුළුවන්.

ප්‍රේමදාස තියරිය උගන්වන්න…

අද කාලයේ ජීවත්වන වැඩිහිටියන්ට ප්‍රේමදාස මහතාගේ කථන ඉරියව්ව ගැන දැක පුරුද්ද තිබුණත් දරුවන්ට ඒ ගැන කිසිම අදහසක් නැහැ. දිවංගත ප්‍රේමදාස මහතා දක්ෂ කථිකයෙක්. පැය ගණනාවක් වුණත් එක දිගට සිය දේශනය පවත්වනවා.

මේ අවස්ථාවලදී එතුමාගේ ඉරියව්වක් තිබුණා පාදවල ඇඟිළි පොළොව මත තබා තිබියදී විළුඹෙන් ඉහළට මදක් වරින් වර එසවෙන. ඒ වගේම වරින් වර දණහිස් මදක් ඉදිරියට නවා නැවත දිග හරින්නත්. මෙය වරින් වර කරන්න. මේ උපක්‍රමය මගින් පාදවල එකතු වන රුධිරය ඉහළට තල්ලු කිරීම සිදුවනවා. ඒ ක්‍රම මගින් ක්ලාන්තය වළක්වා ගැනීමට පුළුවන්.

නිතරම ජලය පානය කරන්න

බොහෝ ගුරුභවතුන් පාඩමට අවධානය යොමු නොවන නිසා දරුවාට වතුර පානය කිරීමට අවශ්‍යතාව ඇති වුණත් ඊට ඉඩක් නොදෙන අවස්තාවන් ද තිබෙනවා. ඒ වගේම ගැහැනු දරුවන් වැසිකිළි යැමේ ගැටලු නිසා ජලය පානය කිරීමට කැමැත්තක් දක්වන්නේම නැහැ. විශේෂයෙන් අධික උණුසුම් කාලවලදී දරුවන්ට ජලය පානය කිරීමට අවස්ථාවක් ලබාදීම අවශ්‍යයි. ඒ නිසා මව්පියන් විසින් දරුවාට පාසලට ගෙන යෑමට ප්‍රමාණවත් ධාරිතාවක් ඇති බෝතලයක් ලබාදීම වගේම රැගෙන යන වතුර ප්‍රමාණයවත් පානය කරනවා දැයි බලන්න.

මව්පියන් දරුවාගේ කෑම පෙටිටිය ගැන සැලකිලිමත් වුණත් වතුර බෝතලය ගැන එතරම් සැලකිල්ලක් නැහැ. බොහෝ විට දරුවා වතුර බෝතලය ගෙන යෑමට පවා මැලි වෙනවා. එවිට යාළුවෙක්ගෙන් වතුර ටිකක් ඉල්ලා ගන්න කිව්වත් මව්පියන් වශයෙන් ඔබ දරුවාගේ කෑම පෙට්ටිය ගැන වගේම වතුර බෝතලය ගැනත් වැඩි උනන්දුවක් ලබාදීම වැදගත්. එවිට ඔබේ දරුවා උදෑසන රැස්වීමට ක්ලාන්ත ගතියකින් තොරව අවධානය දක්වනු ඇත.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: faint, Premadasa theory, ක්ලාන්තය, ප්‍රේමදාස තියරිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

September 25, 2023

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

September 25, 2023

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

September 25, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?