නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: බව්වන්ගේ ලෝම පවා අසාත්මික වෙන්න පුළුවන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

බව්වන්ගේ ලෝම පවා අසාත්මික වෙන්න පුළුවන්

Published July 3, 2023

දෙබරුන්, බඹරුන්, එහෙමත් නැත්නම් විෂ සහිත කූඹින් වැනි කෘමීන් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවට පත්වන දරුවන් ගැන පුවත් නිතරම අසන්නට ලැබෙනවා. සමහර දරුවන් රෝහල්ගත කිරීමෙන් සුවය ලබන අතර සමහර අවස්ථාවලදී වැඩිහිටියන් පවා බරපතළ අන්දමින් ආසාත්මිකතාවන්ට පත්වන අවස්ථාවන් ගැනත් කනගාටුදායක පුවත් වාර්තා වනවා. මේ අන්දමින් පුද්ගලයන් අතර ආසාත්මිකතාවන් ඇති වෙන්නේ ඇයි? අපි විවිධ හේතුන්ට නිරාවරණය වීම සමග ප්‍රතිශක්ති පද්ධතිය දක්වන එක්තරා ප්‍රතිචාර නිසා Allergy එහෙම නැත්නම් ඇති ආසාත්මිකතාව වනවා. ආසාත්මිකතාවන් හැම පුද්ගලයකුටම එක හා සමාන නැහැ. විවිධ පුද්ගලයන් විවිධ හේතුන්ට ආසාත්මිකතාවයන් දක්වනවා. ඒ අතර

● ආහාර
● ඖෂධ
● කෘමින්
● පරිසරය

ආසාත්මිකතාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ වගේම එක් එක් අයට විවිධ හේතූන් නිසා ආසාත්මිකතාවන් ඇතිවනවා. උදාහරණයක් විදිහට කෘමියෙක් දෂ්ට කළොත් එක් අයකුට එයින් අපහසුතාවන් ඇතිවන්න පුළුවන්. නමුත් හැම කෙනකුටම කෘමි දෂ්ටනයෙන් අපහසුතාවන් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කෘමියෙක් දෂ්ට කළ හැම අවස්ථාවකදීම කුමන හෝ රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ තත්ත්වය පහසුවෙන්ම ආසාත්මිකතාවක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. ආසාත්මිකතාව ඇතවන්නේ අපේ සිරුර බාහිර ආසාත්මික හේතු කාරකවලට ප්‍රතිශක්ති පද්ධතිය නිරාවරණය වුණාම ඊට විරුද්ධව ප්‍රතිශක්ති පද්ධතිය මගින් ඉමියුග්ලෝබින් ( IGE ) ප්‍රතිදේහ සිරුරේ නිපදවනවා.

මෙම ප්‍රතිදේහ රෝග ලක්ෂණ පහළ කරන්නේ නැතුව Basophil සෛල සමග සම්බන්ධ වී තිබෙන්න පුළුවන්. මේ සෛල ඇතුළත ගබඩා වී හිස්ටමින් Preformed Mediator මුදාහරින විට ආසාත්මික රෝග ලක්ෂණ පහළ වෙනවා. මීට අමතරව Masophil හා Mast සෛලවලට අලුතින් ක්‍රියාකාරී වුණ Mediators රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කර රෝග තත්ත්වය උත්සන්න කරන්නත් පුළුවන්.ආසාත්මිකතාව කාලය සමග සම්බන්ධයි.

මී මැස්සන්, දෙබරුන්, බඹරුන්, කූඹි වර්ග විසින් දෂ්ට කිරීමෙන් ආසාත්මිකතාවන් ඇතිවනව. මෙය අපේ රටේ තරමක් සුලබ තත්ත්වයක්. මෙහිදී එක බඹරෙකුගේ දෂ්ටනයෙන් වුණත් දරුණු ආසාත්මිකතාවන් ඇතිවීමට පුළුවන්. මෙය බඹරුන් රැසක් දෂ්ට කළ විට ඇතවන විෂ ශරීරගත වීමට වඩා වෙනස්. කෘමි සතුන්ගේ දෂ්ටනයට සංවේදී පුද්ගලයන් ඉතාම ඉක්මනින් ආසාදනයට පත්වනවා.

ආසාත්මිකතාවය බොහෝ සෙයින් කාලය සමග සම්බන්ධයි. උදාහරණයක් විදිහට දෙබරෙක්, බඹරෙක් වැනි කෘමියෙකුගේ දෂ්ටනයෙන් පසුව තත්පර ගණනක සිට පැය දෙකක් වැනි කාල පරාසයකදී රෝග ලක්ෂණ ඇතිවනවා. මේ නිසා ආසාත්මිකතාවක් ගැන පැමිණිලි කරන රෝගියෙකුගේ රෝග තත්ත්වය නිශ්චය කිරීමට දෂ්ටනයට ලක්වුණ වේලාව කාලය ගැන සලකා බැලීම සිදුවනවා.

ආසාත්මිකතා රෝග ලක්ෂණ

● සම, මුඛය, කණ වැනි විවිධ ස්ථානයන්හි ඇතිවන කැසීම.

● සමේ පලු මතුවීම (කරප්පං වැනි)- නමුත් සමේ වෙනස්වීම වෙනත් රෝග ලක්ෂණ වෙනුවෙනුත් ඇතිවන්න පුළුවන්. ඒ නිසා හමේ ඇතිවන වෙනස්වීම් ආසාත්මිකතාවම බව කියන්න බැරි වුණත් ආසාත්මිකතාව ඇති අයගෙන් 90% ක් පමණ දෙනාගේ පලු මතුවීම සිදුවනවා.

● සම රතුවීම – ඇස් වටා, කන් ආදී ස්ථානයන්හි රතු පැහැයක් ගැනීම.

● ශ්වසන අපහසුතාවන්, හුස්ම ගැනීමේ අපහසුතාව.

● ඇස් රතුවීම සහ කැසීම.

ආසාත්මික වුණොත් ප්‍රතිකාර

● ආසාත්මිකතා රෝග තත්ත්වයන් ඇති වුණොත් වහාම ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ඕනෑම රෝහලක මේ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ළඟම තිබෙන රෝහලට යෑම වැදගත්. ප්‍රතිකාර දීමේදී රෝගියාගේ රෝග ලක්ෂණ සහ ප්‍රතිචාර ගැන සොයා බලනවා.

● රෝගියා කලබල කිරීම වගේම වෙහෙස නොකර තබා ගැනීමත් ඉතාම වැදගත්. වෙහෙසීම නිසා ආසාත්මිකතාව තවත් නරක අතට හැරෙනවා පමණක් නොවෙයි ජීවිත හානියට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා රෝගියා හැකිතාක් විවේකීව වගේම සන්සුන්ව තබාගැනීම ඉතාම වැදගත්. එහෙම නොවුණොත් හෘදයාබාධ තත්ත්වය වැනි අතුරු අවදානම් තත්ත්වයකටත් ඉඩ තිබෙනවා.

දරුණු තත්ත්වය – Anaphylaxis

දරුණු මාරාන්තික ආසාත්මිකතාව Anaphylaxis යනුවෙන් හැඳින්වෙනවා. මේ උග්‍ර තත්ත්වය මාරාන්තිකයි. සමේ ඇතිවන රෝග ලක්ෂණයන්ට අමතරව

● හුස්ම ගැනීමේ අපහසුතාව, හතිය, ශබ්ද නගමින් හුස්ම ගැනීම.

● දිව, තොල්, උගුර ඉදිමීම නිසා ඇතිවන ගිලීමේ සහ කතා කිරීමේ අපහසුතාව.

● රුධිර පීඩනය අඩුවීම.

● මොළයට ඔක්සිජන් පරිවහනය නොමැති වීම නිසා ක්ලාන්තය, කල්පනාව අඩුවීම.

● තද උදර වේදනාව ( Colics )

● නොනවත්තාම ඇති වෙන වමනය.

● මළපහ පිටවීම. මෙලෙස ශරීරයේ ඉන්ද්‍රියයන් දෙකක රෝග ලක්ෂණ එකවර ඇති වුණොත් එය මාරාන්තික ආසාත්මිකතාව යනුවෙන් හැඳින්වෙනවා. මේ වෙනුවෙන් දැන් හඳුන්වා දී තිබෙන ඇඩ්රලින් ස්වයං නික්ෂේපණය මගින් මාරාන්තික තත්ත්වයේ ආසාත්මිකතාවකදී ජීවිත ආරක්ෂාව ලබා ගැනීමට තරම් වාසනාවක් ලැබෙනවා.

ඇඩ්රලින් පෙන් Adreline pen

මෙය සාමාන්‍යයෙන් රෝගියා ළඟ තබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම එය නික්ෂේපණය කළ යුතු අවස්ථාව සහ එය නික්ෂේපණය කරන ආකාරය ගැනත් දැනුවත්ව සිටීම අවශ්‍යයි. එවිට මාරාන්තික තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. නමුත් එය එන්නත් කළත් සෑහීමට පත්වන්න එපා. මාරාන්තික රෝග තත්ත්වයෙන් නිදහස් වුණත් තව දුරටත් මේ ගැන අවධානය යොමු කිරීමෙන් අතුරු රෝග තත්ත්වයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. එම නිසා මෙය භාවිත කර රෝගියා සුව අතට හැරුණත් රෝහලට ගෙන ඒම ඉතා වැදගත්.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Allergies, Allergy caused by pets, අසාත්මිකතා ඇතිවීම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023

හිසට අනතුරක් වුණොත් මොළයට ලේ ගැලීමක්

September 18, 2023

පැලෝපීය නාලයේ කලලය පිළිසිදගැනීමේ අවදානම

September 18, 2023

“අම්මේ මගෙ ඔලුව රිදෙනවා” – අම්මෙ ඔයා බලාගෙන ඉන්න එපා

September 11, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?