නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: දත් ටික අප්සට්ද – විකලාංග සැත්කමකට යොමුවන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
සුව පියස

දත් ටික අප්සට්ද – විකලාංග සැත්කමකට යොමුවන්න

Published July 3, 2023

දරුවන්ට වගේම ඔවුන්ගේ සුන්දර සිනාවටත් අපි ආදරය කරනවා. ඒ වගේම දරුවෙකුගේ දත් සම්බන්ධයෙන් ඇතිවන විකෘතිවීම් නිසා දරුවාගේ අව්‍යාජ සුන්දර සිනාව ඔවුන්ට අහිමි වීමට පුළුවන්. දරුවන්ගේ දත් සම්බන්ධයෙන් ඇතිවන විකෘතිතාවන් කීපයක් තිබෙනවා. ඒ ගැන දැනුවත් කිරීමකි මේ.

■ දත් ඇද ( crooked ) වීම
■ දත් පොකුරු වශයෙන් ( crowded ) පිහිටීම
■ දත් ඉදිරියට නෙරා ඒම

ඉහත දක්වන කුමන හෝ හේතුවක් නිසා හෝ දරුවාගේ දත් සම්බන්ධයෙන් ඇතවන විකෘතිතාවන් හරහා ඔහුගේ ලස්සන ඔහුට අහිමි වීමට පුළුවන්. ඒ නිසා දරුවන්ගේ විකලාංග දත් සකස් කර ගැනීම ඉතාම වැදගත්.

විකෘති දත් නිසා දරුවාට ඇතිවන බලපෑම් මොනවාද?

■ දරුවාගේ දත් විකෘති වීම නිසා ඔහු සම වයස් කණ්ඩායමේ දරුවන් අතරදී මානසිකව පසුගාමී චරිතයක් වීමට පුළුවන්. තමාගේ දත් සම්බන්ධයෙන් ඇතිවන අඩු පාඩු නිසා සෑම විටම පසුගාමී වීමට දරුවා එහිදී උත්සාහ කරනවා. මේ දත් නිසා දරුවන් මුහුණ දෙන මානසික පැත්ත පමණයි.

■ විකෘති දත් නිසා දරුවාගේ මුහුණට අවලස්සන පෙනුමක් ලැබෙනවා.
■ ආහාර විකීමේදී ඇති වෙන ගැටලු.
■ විදුරුමස් ආශ්‍රිතව ඇති වෙන ගැටලු.
■ විකෘති දත් සහිත දරුවන් වැඩිහිටියන් වන විටත් පරිදන්ත රෝගවලට මුහුණ දෙන අවස්ථාවන් වැඩියි.

දරුවන්ගේ දත් සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු වීමට වයසක් තිබෙනවාද?

බොහෝ මව්පියන් දරුවන්ගේ කිරි දත් සම්බන්ධයෙන් එතරම් උන්දුවක් දක්වන්නේ නැහැ. කිරි දත් වැටීමෙන් පසුව ලැබෙන ස්ථිර දත් ආරක්ෂා කර ගැනීම වැදගත් බැව් ඔවුන් සිතනවා. මේ අදහස වැරදියි. දරුවන්ගේ දත්වල විකාතිතාවන් ඇත්නම් ස්ථිර දත් එන තුරු සිටීම සුදුසු නැහැ.

සුදුසුකම් ලත් විකලාංග දන්ත ශල්‍ය වෛද්‍යවරයකුට දරුවා පෙන්වා උපදෙස් ලබාගැනීම වැදගත්. එවිට දරුවාගේ විකලාංග දත් සකස් කිරීමේ වයස, සකස් කරන ක්‍රමය පිළිබඳව උපදෙස් ලබා ගැනීමට පුළුවන්. දරුවකුගේ මුහුණේ පිහිටීම ගැටලු (Class 3 malocclusion) ඇතිවිට සුදුසුකම් ලත් දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.

දරුවා බාල කාලයේදී වුණත් විකලාංග දත් සකස් කිරීමට පුළුවන්. දරුවගේ වයස අවුරුදු 8 ක් 9 ක් වැනි කාලයේදී වුණත් විකලාංග දත් සකස් කරන්න හැකියාව දැන් තිබෙනවා. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පවතින තාක්ෂණය ඒ තරමටම අද සංවර්ධනය වෙලා. මේ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රමවේද වසර ගණනාවක් පුරා පියවරෙන් පියවර සිදුවනවා.

විකලාංග දත් සකස් කරන ක්‍රමවේද මොනවාද?

විකලාංග දත් සකස් කරන විවිධ ක්‍රමවේද තිබෙනවා. ඒ අතරින් Braces දැමීම එක් ක්‍රමයක්. අද වනවිට මෙය සුලබ දන්ත ප්‍රතිකාර ක්‍රමයක් ලෙසින් සාර්ථක ක්‍රමවේදයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

Braces දැමීමට වයස් සීමාවක් තිබෙනවාද?

නැහැ. සාමන්‍යයයෙන් දරුවකුගේ ස්ථිර දත් සම්පූර්ණ වූ විට මෙම ප්‍රතිකාර ආරම්භ කරනවා. වයස අවුරුදු 30 ක් 40 ක් වුණත් Braces යොදා ගෙන විකෘති වුණ දත් නැවත සකස් කර ගැනීමට පුළුවන්. මෙම දන්ත තාක්ෂණය ගැන නොදත් සහ ඒ කාලයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත නොහැකිව තමන්ගේ දත් පෙළ ලස්සනට තබා ගැනීමට නොහැකි පුද්ගලයන්ට තමන්ගේ දත් Braces යොදා ගෙන සකස් කරගැනීමට තවමත් ප්‍රමාද නැහැ.

Braces මගින් විකලාංග දත් සකස් කර ගැනීමට තිබෙන අවස්ථා මොනවාද?

■ නෙරා ඇති දත් පිටුපසට ගැනීමට
■ දත් අතර හිඩැස් ඇතිවිට

ඉහත දක්වන ලද අඩුපාඩු ඇති විට Braces යොදා ගෙන ඒවා සකස් කරගන්න පුළුවන්. Braces යොදාගෙන දත් සකස් කරන විට සාමාන්‍යයෙන් දත් හතරක් ගැලවීමට අවශ්‍ය වුණත් සෑම දරුවකු සම්බන්ධයෙන්ම එසේ දත් ගැලවීමක් අවශ්‍ය නැහැ. දත් අතර හිඩැස් ඇති දරුවන් සම්බන්ධයෙන් දත් ගැලවීම අවශ්‍ය නැහැ. Braces දැමීමට පෙරාතුව මුළු හනුවම නිරීක්ෂණය වන OPG (Orthopantomagram) එක්ස් රේ ඡායාරූපයක් ගැනීම සිදු කරනවා. දත් හණුවල ලබාගන්නා මෙම ස්කෑන් ඡායාරූපය අනුව හනුවේ ප්‍රමාණය දැන ගන්න පුළුවන්. එයින් පසුව මුඛයේ ආකෘතියක් සකස් කරගන්නවා.

මේ ආකෘතියට අනුව දරුවාගේ මුඛයෙන් ඉවත් කළ යුතු දත් සහ ගැලවීමට අවශ්‍ය නැති දත් ගැන අදහසක් වෛද්‍යවරයාට ලබා ගැනීමට පුළුවන්. මේ අනුව දරුවාගේ දත් සඳහා Braces යෙදීමෙන් පසුව දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමුවිය යුතු කාල පරාසය ගැනත් දැනුවත් කරනවා. මුල් කාලයේදී මාසයකට වරක් දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමුවීම අවශ්‍යයි. මේ පැමිණීම අනුව දරුවාගේ Braces වල තත්ත්වය ගැන පරීක්ෂා කරනවා.

Braces යෙදීමෙන් පසුව ඒවා කැඩෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තද ආහාර ගැනීම මේ කාලයේදී සුදුසු නැහැ. ඒවා ආහාරයට ගන්නවා නම් අඹරාගෙන හෝ කුඩාවට කපාගෙන ආහාරයට ගත හැකියි. තද ආහාර ගැනීම නිසා මේ කම්බි කැඩෙන්න පුළුවන්. එවිට නැවත ඒවා යොදා ගැනීමට සිදු වෙනවා. නිරන්තරව බිඳෙන කම්බි සකස් කිරීමට වුණොත් Braces යෙදාගෙන දත් සකස් වීමට ගතවන කාලය වැඩි වෙනවා.

Braces යෙදීමෙන් පසුව මුඛ සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේද?

■ හොඳින් දත් මැදීම අවශ්‍යයි. මේ වෙනුවෙන් මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් හෝ ළමා දත් බුරුසුවක් හෝ Inter dentel brush භාවිත කිරීමට උපදෙස් ලබාදෙනවා.

■ සෑම ආහාර වේලකින් පසු දත් මැදීම.

■ මුඛ සෝදන දියරයක් හෝ ලුණු දියරයෙන් මුඛය සේදීම.

ඉවත් කළ පසු නැවතත් දත් වෙනස් වීමට පුළුවන්ද?

දත්වල පැවති විකෘතිතාවන් සකස් වුණ පසුව Braces ඉවත් කරනවා. මෙම Braces ඉවත් කිරීමෙන් පසුව දත් නැවතත් පෙර පැවති ලෙසින් විකෘති වීමට ඉඩ නොතබන ලෙසින් Retain plate එකක් දානවා. මෙය හනුවට සම්බන්ධව යොදාගන්නා අතර වසර දෙකක් හෝ තුනක් පමණ කාලයක් Retain plate එක භාවිත කිරීමට සිදුවනවා. මෙය විනිවිද පෙනෙන අන්දමින් ගලවා ඉවත් කළ හැකි ලෙසින්ද සකස් කරනවා.

ඒ වගේම දන්ත අස්ථිය යටින් ස්ථිර කම්බියක් යොදා ගැනීම මගින්ද සකස් වුණ දත් නැවත විකෘති වීම වළක්වා ගන්නවා. ඒ නිසා දරුවන්ගේ දත් පිළිබඳ විකෘතිතාවන් ඇත්නම් ඒවා සකස් කිරීම අනාගතයට කල් තබනන් එපා. අද පවතින දියුණු දන්ත වෛද්‍ය තාක්ෂණය මගින් දරුවන්ගේ විකෘති දත් නිවරදි ලෙසින් සකස් කරගෙන සුන්දර සිනාවක උරුමය ඔවුන්ට ලබාදීමට කිසිම ගැටලුවක් නැහැ. මව්පියන්ගේ ප්‍රමාදය දරුවාගේ අනාගතයට දැඩි ලෙසින් බලපැම් එල්ල වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබේ ප්‍රමාදය මතු දිනක පසුතැවිලල්ට හේතුවක් පමණක් නොව දරුවාගේ පෞරුෂයටත් බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙනවා.

● පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Braces, Distortion of teeth, Orthopedic surgery, දත් විකෘති වීම, විකලාංග සැත්කම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කම්මුල්ගාය හැදෙන හැම කෙනෙක්ම වදවෙන්නෙ නැ

September 25, 2023

බේබි ඇක්නි නැපි රෑෂ් සතියකට වඩා තියෙනවානම් බලාගෙන ඉන්න එපා

September 25, 2023

පාඩම් වැඩවලදී ඇක්ටිව් දරුවෙක් නොවන්නේ ඇයි

September 25, 2023

ගාල්ලේ රැදවියන් අතරේ තිබූ Meningococcal

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?