නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාගේ බබාටත් මේ දවස්වල උණද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

ඔයාගේ බබාටත් මේ දවස්වල උණද

Published June 9, 2025

උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. ළදරු වයසේ පසුවෙන දරුවෙකුට ඕනෑම අවස්ථාවක උණ ඇති වීමට පුළුවන්. නව ජන්ම ළදරුවෙකුට වුවත් උණ ඇති වීමට ඉඩ තිබෙන අතර ඒ වෙනුවෙන් බලපාන හේතු කිහිපයක් තිබෙනවා.

  • කිරි අඩු වීම
  • කිරි උරා බීමේ අඩුවක් තිබීම
  • මවගේ කිරි අඩුවීම
  • විෂබීජ ආසාදනය
  • උගුර, කණ නාසය ආසාදනයවීම

දරුවාට උණ ඇති වූ සැනින් මව්පියන් කලබල වී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙනවා. නමුත් ඔබ ඒ අන්දමින් එක්වරම කලබල විය යුතු නැහැ. ඒ වෙනුවට මුලින්ම දරුවාගේ ආාහාර ගැනීමේ යම් වෙනසක් තිබෙනවාදැයි නිරීක්ෂණය කරන්න. උණ සමග කැස්ස, වමනය ආදී රෝග ලක්ෂණ තිබෙනවා නම් වඩාත් සැලකිළිමත් විය යුතු වෙනවා.

උණ ඇති වීමට හේතු…

  • ශ්වසන මාර්ගය, ආහාර ජීරණ පද්ධතිය හෝ වෙනත් ඉන්ද්‍රියක ආසාදනයක් ඇතිවීම
  • විෂබීජ නිසා ආහාර මාර්ගයේ ආසාදනයක් ඇතිවීම
  • මොළයට විෂබීජයක් යෑම
  • මුත්‍රා මාර්ගයේ ආසාදන
  • සමේ ආසාදන
  • දහඩිය නොදැමීම
  • පිළිකා, ලියුකීමියා වැනි රෝග තත්ත්වයන්හිදීත් උණ ඇති වෙනවා

දරුවන්ට නිතර නිතර බෙහෙත් දීම නිසාත් උණ ඇති වෙනවා. මෙය “ බෙහෙත් උණ ” යනුවෙන් හඳුන්වනවා. මාස 06 සිට අවුරුදු 6 දක්වා වන දරුවන්ට උණ වලිප්පු තත්ත්වය ඇති වීමේ අවදානමක් තිබෙනවා. මේ ගැන මව්පියන් බිය විය යුතු නැහැ. උණ ඇති වීමට හේතුව පිළිබඳ දැන ගැනීමට නම් උණ සමග ඇති අනෙකුත් රෝග ලක්ෂණ පිළිබඳවත් අවධානය යොමු කිරීමට සිදු වෙනවා.

ආහාර මාර්ගයේ ආසාදනයක් නිසා උණ ඇති වෙන විට…

  • උණ
  • වමනය
  • බඩඑළිය යෑම
  • පාචනය
  • බඩේ කැක්කුම

මොළයට විෂබීජයක් යෑම නිසා උණ ඇති වෙන විට…

උණ සමග හිසේ කැක්කුම

මුත්‍රා මාර්ගයේ ආසාදනයක් නිසා උණ ඇති වෙන විට…

  • උණ
  • මුත්‍රා දැවිල්ල
  • නිතර මුත්‍රා යෑම
  • බර වැඩි නොවීම

මෙවැනි රෝග ලක්ෂණ ඇති විට දරුවාගේ වයසට අදාල පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දීම සුදුසුයි. නමුත් දින තුනකට වඩා උණ පවතිනවා නම් ප්‍රතිකාර ලබා ගත යුතයි.

උණ බලා ගන්නේ කොහොමද…?

මව්පියන් දරුවාට උණ බව තහවුරු කර ගැනීමට නම් උණ කටුවක් භාවිත කිරීම වැදගත්. නළලට අත තබා රස්නය නිසා උණ බව තීරණය කිරීම සුදුසු නැහැ. දිව යට උණ කටුව තබා උණ බල නිසා ඊට පෙරාතුව උණුසුම් හෝ සිසිල් දෙයක් ලබා නොදෙන්න. ඒ වගේම දරුවා විවේකීව තබා ගන්න.

ක්‍රියාකාරී වීම නිසාත් ශරීර උෂ්ණත්වය ඉහළ යෑමට ඉඩ තිබෙනවා. කිහිල්ල හෝ ගුද මාර්ගයේ තබා ගැනීමේදී දරුවා සන්සුන්ව තබන්න. විනාඩි දෙකක් පමණ වේලා උණ කටුව තබන්න. උණ කටුවේ අගය සෙල්සියස් අංශක 36.9 -37 ට වැඩි නම් උණ බව හඳුනා ගන්නවා. එහෙත් සමහර විට දරුවාගේ ක්‍රියාකාරකම් නිසා සහ උපතින්ම ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වෙනස් වීමටත් ඉඩ තිබෙනවා.

දරුවාට උණ තිබෙනවා නම්…

● දරුවාට උණ තිබුණත් හොඳින් ආහාර පාන ලබා දෙන්න. මේ අවස්ථාවේදී දරුවාගේ ප්‍රතිශක්තිය පවත්වා ගෙන යෑම ඉතාමත් වැදගත්. යම් හෙයකින් දරුවා ආහාර වෙනුවෙන් රුචිකත්වයක් නොදක්වන්නේ නම් ටික ටික ආහාර පංගු කීපයක් ලබා දෙන්න.

● විජලන තත්වය වලක්වා ගැනීම සඳහා දියර වර්ග වැඩියෙන් දෙන්න.

● දරුවා සැහැල්ලුවෙන තබන්න. අනවශ්‍ය පරිදි ඇඳුම් අන්දවන්න එපා. සැහැල්ලු ඇඳුමක් ලබා දෙන්න.

● හොඳින් දොර ජනේල විවෘතව තබා වාතාශ්‍රය ලබා දෙන්න. එවිට ශරීරයේ උණුසුම පිටවී දරුවාට පහසුවක් සැලසෙනු ඇත.

● අයිස් තැබීම කිසිසේත්ම නොකළ යුතුයි.

● සෙම තත්ත්වයක් නොමැති නම් කාමර උෂ්ණත්වයේ පවතින සාමාන්‍ය ජලයෙන් තෙත මාත්තු කරන්න. එවිට දරුවාගේ ශරීර උෂ්ණත්වය අඩු වී සහනයක් ලැබෙනු ඇත.

දින තුනකට වඩා උණ පවතිනවා නම් රුධිර පරීක්ෂාවක් කර ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම ඖෂධ ලබා ගෙන උන බැස ගියත් වෛද්‍යවරයා විසින් ලබා දුන් ඖෂධ නිසි මාත්‍රාවෙන්, නිසි වේලාවට, නිසි දින ගණනට ලබා දීම අනිවාර්යෙන්ම කළ යුත්තක් බැව් අමතක නොකරන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️











 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි

June 9, 2025

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

June 2, 2025

මොකක්ද මේ Diabetic Neuropathy

June 2, 2025

උදරයේ බිත්ති දුර්වලතාවෙන් ඇතිවන හර්ණියා

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?