නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි

Published June 9, 2025

2025 වසරේ මැයි මාසයේදී තවත් කොවිඩ් නව ප්‍රභේදයක් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනා ගෙන තිබෙනවා. NB.1.8.1 යනුවෙන් නම් කරන ලද මෙම ප්‍රභේදය 2025 වසරේ ජනවාරි මාසයේදී මුලින්ම හඳුනා ගත් අතර එය ඔමික්‍රොන් කුලයේ තවත් එක් උප ප්‍රභේදයක් බැව් සඳහන් වෙනවා.මෙම නව ප්‍රභේදයේ ඇති “ස්පයික් ප්‍රෝටීන” විකෘතියකින් හුවමාරු කෙරෙන නිසා එම ක්‍රියාවලිය මගින් වෛරසය මිනිස් සෛලවලට ප්‍රවේශවීමට මග පාදා ගන්නවා. වෛරසයේ එම හැසිරීම නිසා මිනිස් සෛල තුළට ඇතුළු වී බොහෝ දෙනෙක් ආසාදනය කිරීමට හැකියාවක් ගොඩ නැගෙනවා.

නව ප්‍රභේදයේ ( NB.1.8.1 ) ව්‍යාප්තිය…

2023 වසරේ මැයි මාසයේ සිට කොවිඩ් 19 ගෝලීය වසංගත රෝග තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එතැන් පටන් මෙම රෝගය සාමාන්‍යයෙන් පැතිරී යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙසින් සලකනු ලැබුවා.
SARS-Cov- 2 වෛරසය පැතිරී යන විට යම් යම් ජාන විපර්යාසයන්ට භාජනය වීම සාමාන්‍ය තත්ත්වයක්. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදීද වාර්තා වුණ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. ශ්‍රි ලංකාවේද මෙම ප්‍රභේදය නිරීක්ෂණය වී තිබෙනවා.

මේ වනවිට මෙම නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය රටවල් 22 ක පැතිරී ඇති බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. බටහිර පැසිෆික් කලාපයේ වෛරසයේ පැතිරීම 8.9% සිට 11.9 % දක්වාද වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 1.6% සිට 4. 9% අතර ප්‍රතිශතයක පවතිනවා. යුරෝපයේ මෙම පැතිරීමේ ප්‍රතිශතය 1.0% සිට 6.0 % ක් දක්වා බැව් වාර්තා වෙනවා.

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කිවහොත්…

2025 වසරේ මැයි මාසයේදී වෛද්‍ය පරීක්ෂණ ( MRI) ආයතනය මඟින් සිදු කරන ලද නියැඳියද මෙම අනු ප්‍රභේදවලට අයත් බව හඳුනා ගෙන ඇත. එමනිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමගින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකුලතාවයන් ඇති වීමක් වාර්තා වී නැහැ.

ශ්‍රි ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රි ලංකාවේ SARS-Cov- 2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය ශ්වසන රෝග සහිත දැනටමත් ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැඳිවලින් 3% ක්. 2024 වසරේදී මැයි මාසය වන විට එය 9.6% ක් දක්වා ඉහළ ගියා’ 2025 වසරේ මේ වෙන විට වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය 2% ක් වන අතර සුළු වැඩිවීමක් මේ වෙන විට පෙන්නුම් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කොවිඩ් මර්ධන කණ්ඩායම් කැඳවා මේ අවස්ථාවේදී සෞඛ්‍ය පද්ධතිය තුළ කළ යුතු දේ මොනවාදැයි පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ අවස්ථාවේදී ජනතාවට බිය විය යුතු තරම් කාරණාවක් නැහැ. නමුත් මේ වෛරසය අපේ රටට ඇතුළු නොවන බවට ඒ නිසාම සහතික වෙන්නත් බැහැ.

මේ අවස්ථාව වනවිට කොවිඩ් රෝග තත්ත්වයේ වැඩි ව්‍යාප්තියක් ආසියානු කලාපයෙන් වාර්තා වෙනවා. එයිනුත් සිංගප්පුරුවේ වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ අවස්ථාව වනවිට අපේ රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ආරක්ෂාව ලබා ගැනීම පිණිස අභ්‍යන්තර වැඩ පිළිවෙලක් සැලසුම් කිරීම අවශ්‍යවී තිබෙනවා. ඒ අනුව කොවිඩ් හඳුනා ගැනීම වෙනුවෙන් වූ PCR පරීක්ෂණ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීම අවශ්‍ය කරනවා.

මේ වෙන විටත් කොළඹ, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන රෝහල් තුළ කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු පුළුල් කර තිබෙනවා. ඒ හැරුන විට පහසුකම් සහිත වෙනත් රෝහල් තුළත් PCR පරීක්ෂණ වෙනුවෙන් වූ පහසුකම් ලබා දීමටත් කටයුතු සූදානම්.මේ දිනවල උණ රෝගයේ වැඩි ව්‍යාප්තියක් දකින්න ලැබෙනවා. ඒ නිසා උණ රෝග තත්ත්වය ගැනත් ආවේක්ෂණ පද්ධතියක් පවත්වා ගෙන යනවා. රෝහල්වලට පැමිණෙන බාහිර සහ අභ්‍යන්තර රෝගීන්ගේ උණ තත්වයන් ගැනත් ආවේක්ෂණ සිදු කරනවා.

නව ප්‍රභේදයේ ( NB.1.8.1 ) රෝග ලක්ෂණ…

  • උගුරේ වේදනාව
  • තෙහෙට්ටුව
  • උණ
  • මද කැස්ස
  • මාංශ පේශි වේදනාව
  • නාසය අවහිර වීම
  • උගුරේ බැරැණ්ඩිගතිය

සමහර විටෙක රෝග ආසාදනයේ ලක්ෂණයක් විය හැකි අතර ජීරණ මාර්ගය ආශ්‍රිත (gastrointestinal) රෝග ලක්ෂණ ඇති වීමටත් ඉඩ තිබෙනවා.

රෝග තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා සිදු කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාද…?

රෝගය නිශ්චිතව වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කරන ප්‍රධානතම පරීක්ෂාව පී.සී.ආර් :ReverseTranscription polymerase chain reaction) පරීක්ෂාවයි.Rapid antigen test – මෙහි ප්‍රතිඵල විනාඩි ගණනකින් ලැබෙන නිසා සහ බිම් මට්ටමේදී මෙය සිදු කිරීමට පුළුවන් වසංගත තත්ත්වය පාලනයේදී වැදගත්.

නව ප්‍රභේදයෙන් ( NB.1.8.1) ආරක්ෂා වීමට නම් අප අනුගමනය කළ යුතු පිලිවෙත් මොනවාද…?

2020 වසරේ කොවිඩ් 19 සමයේදී අප විසින් අනුගමනය කරන ලද මූලික සෞඛ්‍ය පිළිවෙත් මෙම නව ප්‍රභේදය ඉදිරියේදීත් එක සේ අදාල වෙනවා.

  • තත්පර 20 ක කාලයක් විෂබීජ නාශක දියර යොදා අත් සේදීම.
  • සමාජ දුරස්ථ බව අවම වහයෙන් මීටරයකින්වත් පවත්වා ගැනීම.
  • සමාජයෙන් දුරස්ව සෙනග ගැවසෙන ස්ථානයන්ගෙන් දුරස්ව සිටීම.
  • මුඛ ආවරණ පැළඳීම.

වෛරසය ආසාදනය විය හැකි අවදානම් කණ්ඩායම් කවුද?

  • වියපත් පුද්ගලයන්
  • ප්‍රතිශක්තිය දුර්වල අය
  • දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති රෝගීන්

නව ප්‍රභේදයෙන් ආරක්ෂාව ඇත්තේ කාටද…?

මීට පෙරාතුව කොවිඩ් වැළඳුන පුද්ගලයන්ට මෙන්ම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් අයට නව වෛරසයෙන් ආරක්ෂාවක් ලැබී තිබෙනවා. ඒ වගේම මාරාන්තික තත්ත්වයක් පිළිබඳවත් හඳුනා ගෙන නැහැ. ඒ නිසා සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් රෝග තත්ත්වයෙන් ආරක්ෂාව සලසා ගෙැනීමට හැකියාව තිබෙනවා.

විශේෂ ස්තූතිය – Covid 19 යේ වර්තමාන තත්ත්වය පැහැදිලි කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදී සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දරට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංහයේ ලේකම් වෛද්‍යi අනිල් ජාසිංහට විසින් නිකුත් කරන ලද

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔයාගේ බබාටත් මේ දවස්වල උණද

June 9, 2025

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

June 2, 2025

මොකක්ද මේ Diabetic Neuropathy

June 2, 2025

උදරයේ බිත්ති දුර්වලතාවෙන් ඇතිවන හර්ණියා

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?