හර්ණියා යනු ශරීර කුටිරයක ඇති දේ එහි බිත්තියත් සමග සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට නෙරා ඒමයි. එවැනි නෙරා ඒම් ශරීර කුටීර බිත්තියේ ඇති දුර්වල තැන්වලින් ඇති වේ. උදර බිත්තියේ දුර්වල ස්ථාන කීපයක් අපට පිහිටා ඇත. උදාහරණ ලෙස ඉකිලි සහ පෙකණිය ප්‍රදේශ හැඳින්විය හැක. ඊට අමතරව අතීතයේදී ශල්‍යකර්ම සිදුකරන ලද තැන් ආශ්‍රිතවත් ඇතිවිය හැක. ඒ අනුව ගත්විට වැඩිහිටි පුද්ගලයින් අතර සුලබ හර්ණියා වර්ග කීපයක් ඇත…
■ Inguinal hernia
■ Femoral herni
■ Para-umbimlical
■ Incisional hernia
හර්ණියාවක සැකැස්ම ගැන දැනගැනීමට හැකියාවක් තිබෙනවාද?
හර්ණියාවක් මල්ලක් වැනිය. එයට කටක්, ගෙලක්, බඳක් සහිත බිත්තියක් සහ අන්තර්ගතයක් ඇත. මෙහි අන්තර්ගතය වශයෙන් බඩවැල්, අතුරුබහන් ආදිය ඇත
හර්ණියා රෝගයේ රෝග ලක්ෂණ සහ සංකුලතා මොනවාද?
■ හර්ණියාවක ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එහි අන්තර්ගතය සිරවීමයි. එවැනි සිරවීමක් අතිශය වේදනාකාරි වන අතර එසේ සිරවුණ කොටස් මියගොස් ජීවිත තර්ජනයක් ඇතිවිය හැක.
■ කහින, කිවිසුම් යන විට ඉදිරියට නෙරා එන ගෙඩියක් (Reducible hernia) මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වේ. ඊට අමතරව ගෙඩි ආශ්‍රිතව ඇතිවන වේදනාව සුලබ අපහසුතාවකි.
■ දෙවන අදියර ලෙස හර්ණියා අන්තර්ගතය නැවත ශරීර කුටිරයට නෙරීම ඇති වේ. එහි කොටස් හර්ණියා බිත්තියට ඇලී තිබේ.(Reducible /incarcerated)
■ තෙවන අදියර ලෙස බඩවැල් සිරවී (Obstructed hernia) අධික උදර වේදනාව, වමනය මලබද්ධය ඇතිවේ. හදිසි ශල්‍යකර්මයක් නොකළොත් පැය කීපයක් ඇතළත රෝගියා මරණයට ළගා කරවන රෝග තත්ත්වයකි.
රෝග තත්ත්වය හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?
හර්ණියා තත්ත්වය සරල සායනික පරීක්ෂාවකින් නිර්ණය කළ හැකි රෝග තත්ත්වයකි. සායනික පරීක්ෂණවලට අමතරව අතිධ්වනි ස්කෑන් පරීක්ෂාවක් සමහර අවස්ථාවකදී අවශ්‍ය විය හැක.සමහර විට පෙකණිය ප්‍රදේශයේ ඇතැම් හර්ණියා තයිරොයිඩ් ඌණතා තත්ත්වයන් ආශ්‍රිතව ඇති විය හැකි නිසා තයිරොයිඩ් රුධිර පරීක්ෂාවක් කරනු ලැබේ. පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමේ තත්ත්වය, මලබද්ධය, නිදන්ගත කැස්ස වැනි රෝග නිසා හර්ණියා රෝග තත්ත්වය ඇතිවිය හැක. එවැනි රෝගීන් හට ඒ වෙනුවෙන් අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබේ.ඊට අමතරව හර්ණියා ශල්‍යකර්ම සිදුකිරීමට අවශ්‍ය වන නිර්වින්දනය සඳහා පූර්ව අවශ්‍යතා පරීක්ෂණ සිදුකරනු ලැබේ. (නිර්වින්දනය සඳහා යෝග්‍යතාවය සලකා බැලීම)
හර්ණියා රෝගය සඳහා ප්‍රතිකාර විධි
හර්ණියා රෝග තත්ත්වය භෞතික කාරණාවක් බැවින් එහි විසඳුමද භෞතික වේ. ඒ හේතුව නිසා පවතින හර්ණියාවක් සඳහා ශල්‍ය ප්‍රතිකාර මිස ඖෂධීය ප්‍රතිකාර විධි සාර්ථක නොවේ.
හර්ණියා සඳහා සිදුකරන ශල්‍යකර්ම
- විවෘත (Open surgery)
- ලැපරොස්කොපි (laparoscopic) /යතුරු සිදුරු (Key hole)
විවෘත ශල්‍යකර්මය
විවෘත ශල්‍යකර්මය දිගු කාලයක් සිට පැවැතෙන ශල්‍යකර්ම ප්‍රතිකාර විධියකි. මෙහිදී හර්ණියාව විච්ඡේද කර පිළිසකර කරනු ලැබේ. හර්ණියාවේ ගෙල සෙන්ටි මීටරයකට වඩා වැඩි නම් එවන් පිළිසකර කිරීමක් සඳහා නොදිරන ද්‍රව්‍යකින් සාදන ලද දැලක් භාවිත කරනු ලැබේ.දැලක් දමා සිදුකරන පිළිසකර කිරීම මගින් හර්ණියාව නැවත පැමිණීමේ අවධානම අවම කරගත හැක.
ලැපරොස්කොපි (laparoscopic) /යතුරු සිදුරු
තාක්ෂණික දියුණුවත් සමග ලැපරොස්කොපි/යතුරු සිදුරු ශල්‍යකර්ම හර්ණියා ප්‍රතිකාර ලෙස භාවිත කෙරේ. මෙහිදී කුඩා සිදුරු තුළින් උදරයට ඇතුළු කරන කැමරාවක් සහ උපකරණ මගින් ශල්‍යකර්මය සිදුකරනවා. කැපුම් කුඩා නිසා කැළලි (Scar) අවමයි. ඒ නිසා රෝගියාට නැවත සාමාන්‍ය ජීවිතයට (රැකියාව, වාහන පැදවීම නැවත පටන්ගැනීම ) යොමුවීමේ හැකියාව, විවෘත ශල්‍යකර්මයක් කළ රෝගියකුට වඩා ඉක්මණින් කළ හැක.තවද ශරීරය දෙපසම ඇති හර්ණියා තත්ත්ව සඳහා Bilateral hernia සහ නැවත ඇතිවන Recurrent hernia තත්ත්ව සඳහා ලැපරොස්කොපි සහ යතුරු සිදුරු ශල්‍යකර්ම වඩා වාසිදායක වේ.
විවෘත ශල්‍යකර්ම
ස්ථානී (Local anaesthesia ) සහ ප්‍රාදේශික (Regional anaesthesia) හෝ සම්පූර්ණ නිර්වින්දනය (General) යන තුන් ආකාරයටම සිදුකළ හැකි අතර ලැපරොස්කෝපි සඳහා සම්පූර්ණ නිර්වින්දය අවශ්‍යයි. මෙහිදී අවශ්‍ය වෙන නිර්වින්දය ශල්‍ය වෛද්‍යවරයාත්, නිර්වින්දන වෛද්‍යවරයාත් රෝගියාත් අතර සිදුවන සාකච්ඡාවකින් සිදුවේ.
ශල්‍යකර්මයෙන් පසුව…
ශල්‍යකර්මය සිදුකර නොබෝ වේලාවකින් ඇවිදීම සහ ආහාර ලබාදීම සිදුවේ. වර්තමානයේ බොහෝ විට හර්ණියා ශල්‍යකර්මය එක් දින ශල්‍යකර්මයක් ලෙසින් සිදුකරනු ලැබේ.හර්ණියා රෝගීන් වෙත ලබාදෙන වැදගත් පණිවිඩය නම් හර්ණියා රෝගය ඖෂධ මගින් සුවකළ නොහැකි නමුත් ශල්‍යකර්මයකින් සාර්ථක ලෙස සුවපත් කළහැකි රෝගයකි. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග අද මෙම ශල්‍යකර්මය පිළිබඳව බිය, සැක උපදවා ගතයුතු නැහැ. නමුත් හර්ණියා සමග ජීවත්වීම ඔබේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගෙන යෑමට බාධාවක් විය හැකියි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️