නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිසි ප්‍රතිකාර නොකළොත් වකුගඩු පවා ලෙඩවෙන අධිරුධිර පීඩනය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

නිසි ප්‍රතිකාර නොකළොත් වකුගඩු පවා ලෙඩවෙන අධිරුධිර පීඩනය

Published May 26, 2025

අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් ලෙස සැලකෙන අතර අපේ රටේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයකු අධි රුධිර පීඩන තත්ත්වයෙන් පසුවනවා. ලෝක ජනගහනයේ වැඩිහිටි ජනතාවගෙන් තුනෙන් එකක් අධි රුධිර පීඩන තත්ත්වයෙන් පසුවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2023 වසරේ දත්ත අනුව මුළු ලෝකයේම 20% ක් පමණ රුධිර පීඩනය පාලනය කරගෙන ජීවත් වන අතර 42% ක් තමන්ට අධි රුධිර පීඩන තත්ත්වයක් පවතින බැව් දැනගෙන ඒ තත්ත්වය පාලනය කරගනිමින් ජීවත් වෙනවා. ඒ නිසාම මේ වසරේ අධි රුධිර පීඩන දිනයේ තේමාව ලෙස ‘රුධිර පීඩනය මැන දැනගෙන එය පාලනය කර දිගු කාලයක් ජීවත් වෙමු, යනුවෙන් නම්කර තිබෙනවා…

අපේ රුධිර සංසරණය සිදුවන්නේ හෘදය වස්තුවෙන්. හෘදය වස්තුවේ මහා ධමණිය කියන තනි නාලිකාවකින් ආරම්භ වන රුධිර වාහිනී පද්ධතිය කුඩා ධමණීන් බවට බෙදෙමින් මුළු සිරුරම ආවරණය වන විදිහට බෙදී යනවා. ඒ විදිහට බෙදෙමින් හැම අවයවයකටම රුධිරය සපයනවා. ඊට පසුව මේ කේශනාලිකා කුඩා ශිරා බවටත් කුඩා ශිරා සහ විශාල ශිරා එකතු වෙමින් නැවත හෘදය වස්තුවට රුධිරය ගෙන යනවා.

රුධිරය දියරයක ස්වභාවයෙන් පහළට ගලා එනවා. ඒ නිසා මොළය වැනි ශරීරයේ උස් ස්ථානවලටත් පාද වැනි පහළ ස්ථානවලටත් රුධිරය ලබාදීමට, පාද වැනි පහළ ස්ථානවලට ලැබී ඇති රුධිරය නැවත ශිරා මගින් හෘදය වස්තුව කරා රැගෙන ඒමට යම් පීඩනයක් අවශ්‍යයි. හෘදයවස්තුවේ සංකෝචනය වීමෙන් මෙම පීඩනය ධමණීන් කරා යොමු කරවනවා. නැවත හෘදය වස්තුව ලිහිල් වනවිට මේ පීඩනය අඩුවනවා. හෘදය වස්තුව සම්පූර්ණයෙන්ම සංකෝචනය වුණ විට ධමනීවල ඇතිවන උපරිම පීඩනයේ අගයත් ධමනී ලිහිල් වුණ වේලාවේ ඇතිවන අවම පීඩනයේ අගයත් ‘රුධිර පීඩනය’ (BLOOD PRESSURE) යනුවෙන් හැඳින්වෙනවා.

නිරෝගි වැඩිහිටි පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ආසන්න වශයෙන් 120/80 mmHg ක් ලෙස සැලකෙනවා. වයසත් සමග පුද්ගලයන්ගේ ධමණීන් ඝන වීම නිසා රුධිර නාළයන්හි ඇති වෙන වෙනස්කම් නිසා අධික රුධිර පීඩන තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. මෙම රුධිර පීඩනය 140/90 mmHg ට වැඩි අගයක තිබෙනවා නම් ඒ තත්ත්වය අධි රුධිර (HIGH BLOOD PRESSURE) පීඩනය යනුවෙන් හැඳින්වෙනවා.

නමුත් මේ අගයේදී ඖෂධීය ප්‍රතිකාර වෙත යොමු වීම අවශ්‍ය නැහැ. තමන්ගේ ජීවන රටාව වෙනස් කරගැනීමෙන් රුධිර පීඩන අගය පාලනය කරගැනීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම, සතිපතා විනාඩි 150 ක් පමණ වේලාවක් මධ්‍යස්ථ මට්ටමේ ව්‍යායාමයන්හි යෙදීම, බර පාලනය BMI අගය 20-23 ඉන ප්‍රමාණයෙන් පවත්වා ගැනීම (කාන්තාවකගේ නම් සෙ.මී. 80 ට අඩුවෙන් සහ පිරිමියෙකුගේ නම් සෙ.මී 94 ට අඩුවෙන්) මත්පැන් සහ දුම්පානයෙන් වැළකීම වැදගත්. ඒ අනුව කටයුතු කිරීමෙන් පසුවත් රුධිර පීඩන අගය යහපත් නොවන්නේ නම් ඖෂධීය ප්‍රතිකාර වෙත යොමුවීමට සිදුවනවා.

අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු මොනවාද?

■ ජානගත සම්බන්ධතාව

■ තරබාරුව

■ ක්‍රියාශීලි නැති ජීවන රටාව

■ ව්‍යායාම නැතිවීම

■ ලුණු අධික ආහාර

අධික රුධිර පීඩනය දැනගන්නේ කොහොමද?

අධික රුධිර පීඩනය ඇති හැම දෙනාටම එය සිරුරට දැනෙන්නේ නැහැ. මේ නිසා ‘රුධිර පීඩන මානයකින් ” මැන බැලීම වැදගත්. ශරීරයේ රුධිර පීඩනය ඔබේ කායික මානසික ක්‍රියාකාකරම් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක් වරක් පමණක් රුධිර පීඩනය මැනීමෙන් පමණක් අධි රුධිර පීඩනය තිබෙන බවට නිගමනවලට එළැඹෙන්න බැහැ.

ඔබ වෛද්‍යවරයා වෙත ගිය සැනින්ම රුධිර පීඩනය මැන බැලුවොත් එහි යම් දෝෂ තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒ නිසා විනාඩි පහක් පමණ ගෙවුණ පසුව මැන බැලීම වැදගත්. මේ කාලය තුළ දුම්පානය සහ මත්පැන් භාවිතයෙන් වැළකී සිටින්න. අගය ගණනය කිරීමේදී තුන් වතාවක් මැන බලා අවසාන අගයන් දෙකෙහි සාමාන්‍ය අගය ලබාගැනීම සුදුසුයි.

අධි රුධිර පීඩනය නිසා ඇතිවන සංකුලතාවන් මොනවාද?

■ අංශභාගය

■ ඇස් ආශ්‍රිත සංකුලතා

■ හෘද අකර්මන්‍ය වීම

■ වකුගඩු අකර්මන්‍ය වීම

අධි රුධිර පීඩනය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර

අධික රුධිර පීඩනයෙන් පසුවන රෝගියකුට මුල් අවස්ථාවේදී සායන ප්‍රතිකාර සඳහා දින නියම කරනවා. අදාළ වෛද්‍ය උපදෙස් අනුව රෝගියා ඖෂධීය ප්‍රතිකාර ලබාගෙන රුධිර පීඩන මට්ටම යහපත් අගයක පැවැතුණත් ඖෂධ ලබාගැනීම නවත්වන්න බැහැ.නමුත් රෝගියා සායනයට සහභාගී නොවී පෞද්ගලික වෛද්‍යවරයාගෙන් රුධිර පීඩනය මැන ගැනීමට පුළුවන්. එහි වෙනසක් ඇත්නම් ඖෂධ මාත්‍රාව වෙනස් කරන්න පුළුවන්.

බෙහෙත්වලින් වකුගඩු නරක් වෙනවා යැයි සිතීම වරදක්. රුධිර පීඩනය වෙනුවෙන් ලබාදෙන ඖෂධ නිසා වකුගඩු නරක් වීමක් සිදුවන්නේ නැහැ. නමුත් අධි රුධිර පීඩනය නිසා වකුගඩු නරක් වෙන්න පුළුවන්.වකුගඩු සංකුලතාවක් ඇත්නම් අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ඊට ගැළපෙන පරිදි ලබා දෙනවා.

2024 වසරේ NCD ආයතනය විසින් Protocol Base Management ඇප් එකක් ආධාරයෙන් අධි රුධිර පීඩන සායනයන්හි ප්‍රතිකාර ලබාගත් රෝගීන් ලියාපදිංචි කර ගෙන ඩිජිටල් අන්දමින් ලබාගත් දත්ත විශ්ලේෂණය කළා. ඒ අනුව අධි රුධිර පීඩන සායනයන්හි ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගෙන් 60% ක් පමණ තමන්ගේ රෝග තත්ත්වය යහපත් පරිදි පාලනය කරගෙන තිබුණ බව සතුටින් සඳහන් කරන්න පුළුවන්.

රටක සිදුවෙන මරණවලින් බොහොමයක් ආඝාත, හෘදයාබාධවලින් සිදුවනවා. මෙවැනි මාරාන්තික රෝගාබාධයන්ට හේතුකාරක වන්නේ අධි රුධිර පීඩනයයි. එසේ නම් තමන්ගේ රුධිර පීඩනය යහපත් අගයකින් පවත්වා ගැනීමේ පණිවිඩය සමාජගත කිරීම ජාතික මෙහෙවරක් බව අවසාන වශයෙන් සඳහන් කළ හැකියි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

කොරෝනා අලුත් මුහුණුවරකින් යළි නැඟිටියි

June 9, 2025

ඔයාගේ බබාටත් මේ දවස්වල උණද

June 9, 2025

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගුවන් ගමන් තහනම්ද?

June 2, 2025

මොකක්ද මේ Diabetic Neuropathy

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?