අතීතයේදී උනසන්නිපාතය ලංකාවේ සුලබ රෝග තත්ත්වයක් ලෙසින් පැවැතුණත් මිනිසාගේ දැණුවත් වීම, නිසි ප්‍රතිශක්තිකරණය ලබාගැනීම නිසා රෝගීන්ගේ වාර්තාවීම් අවම මටට්මක තිබුණා.
උණ සන්නිපාතය ඇතිවන්නේ කොහොමද?
මෙම රෝගය බඩවැල් ආශ්‍රිතව ඇතිවනවා. මෙම රෝගයට හේතු කාරක බැක්ටීරියාවන් Salmonella typhi සහ Salmonella paratyphe අයත් යන නම්වලින් හැඳින්වේ.
උණ සන්නිපාතය වැළඳුණ රෝගියකුගේ මලපහ මගින් රෝගය බෝ වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම නීරෝගී පුද්ගලයකුට වුණත් ජලය හෝ ආහාර මගින් මෙම බැක්ටීරියාව ශරීරගත වීමට පුළුවන්. දින 3-21 අතර පවතින බීජෞෂණ කාලයේදී බැක්ටීරියාව නීරෝගි පුද්ගලයකුගේ ශරීරයට ඇතුළු වීමට පුළුවන්.
මේ අන්දමට ඇතුළුවන බැක්ටීරියාව කුඩා බඩවැලේදී ගුණනය වී රුධිරය ඔස්සේ සිරුර පුරා පැතිරී ගොස් අවසානයේදී පිත සමග බඩවැලට පැමිණේ. බැක්ටීරියාව වර්ධනය වී ශ්ලේෂ්මල පටලය තුවාල වීම සිදු වේ. උණසන්නිපාත රෝග තත්ත්වය ප්‍රධාන අවධි හතරක් ලෙසින් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
පළමු සතිය
- රෝගය ආරම්භයේදී ඇතිවන උණ හා හිසරදය දින දෙකක් පමණ ගතවන විට ක්‍රමයෙන් වැඩි වේ. මෙම උණ නොබැසම පවතී.
- හෘදයේ ගැස්ම අඩුවීම
- වෙහෙසකර බව සහ කැස්ස
- හිසරදය
- මලබද්ධය
දෙවන අවධිය
- අධික උණ
- උදරයේ වේදනාව
- උදරය ඉදිමීම
- පපුවේ සහ උදරයේ රතු ලප ඇතිවීම
- දියරමය ලෙසින් මලපහ පිටවීම
- අක්මාව, ප්ලීහාව ඉදිමීම සහ වේදනාව
තුන්වන අවධිය
මේ උණ තත්ත්වය ප්‍රතිජීවකවලින් මර්ධනය කළ හැකි වුණත් කලට වේලාවට ප්‍රතිකාර නොකළොත් තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරෙන්නට පුළුවන්.
- උදරයේ ඇති වන සංකුලතාවයන් නිසා කුඩා බඩවැල තැනින් තැන සිදුරු වී Septicemia සහ Peritonitis තත්ත්වය ඇතිවීම, රුධිරය සහ ශ්ලේෂ්මල සමග මලපහ පිටවීම.
- අධික උණ
- මස්තිෂ්ක ප්‍රදාහය
- ස්නායු පද්ධතිය ආසාදනය වීම
- පිත්තාශය, වෘෂණ කෝෂ, හෘදය වස්තුව ආසාදනය වීම
- මරණය
හතරවන අවධිය
■ අධික විජලනය
■ මරණය
■ ඒ වගේම රෝගියා යම් ආාකරයකින් සුවය ලැබුවත් සෑහෙන කාලයක් යනතුරු ගිලන් තත්ත්වයේ පසුවනු ඇත.
උණ සන්නිපාත රෝග තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?
■ Blood culture
■ WBC/ DC – සුදු රුධිරාණු සෛල අඩු වී වසා සෛල ප්‍රතිශතය වැඩිවීම බොහෝ විට දැකිය හැක.
■ Stool culture
දෙවන අවධිය
■ SAT / Widal test
■ Stool culture
උණ සන්නිපාත රෝග සංකුලතාවන් මොනවාද?
උණ සන්නිපාත රෝග තත්ත්වය සමග තවත් අතුරු සංකුලතාවන් කීපයක් ඇතිවනවා.
■ මෙනිනජි ප්‍රදාහය
■ නිව්මෝනියාව
■ අස්ථි ආසාදන
■ බඩවැල් සිදුරු වී රුධිර වහනය
■ කලාතුරකින් සිහිමුර්ඡාව වැනි තත්ත්වයන්
ඇතැම් විට බැක්ටීරියාව පිත්තාශයේ තැන්පත් වී රෝගියා දිගුකාලීන රෝග වාහකයකු බවට පත්වීමටත් පුළුවන්. මේ තත්ත්වය ඇතිවීමට ඇත්තේ 5% ක් වැනි අඩු සම්භාවිතාවක්.
උණ සන්නිපාත රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම්…
■ උණ සන්නිපාතයට හේතුකාරක බැක්ටීරියාව ජලය මගින් ශරීරගත වන බැව් දැන් අපි දන්නවා. ඒ නිසා ආහාර වගේම ජලය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. උණුකර නිවාගත් ජලය පානය වැදගත්.
■ අමු එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමේදී ආරක්ෂා සහිත ක්‍රම අනුගමනය කිරීම.
■ ආහාර මැස්සන්ගෙන් ආරක්ෂා කරගැනීම.
■ සනීපාරක්ෂක ලෙස මල, මුත්‍ර බැහැර කිරීම.
■ රෝගය පැතිරෙන ප්‍රදේශවල ඇල, දොළ, වැව් පොකුණු හා ගංගා ආදියෙන් ස්නානය නොකිරීම හා එවැනි ස්ථානවලින් ජලය මුවට නොගැනීම. අපවිත්‍ර ජලය මුවට ගැනීම නිසා රෝග කාරක බැක්ටරියාව ශරීරගත වීමට ඉඩ තිබෙනවා.
■ උතුරා පිටාර ගලන ජලය සහිත ප්‍රදේශවල පලා වර්ග ආහාරයට ගැනීම සුදුසු නැහැ.
■ ප්‍රතිශක්තිකරණය ලබාගැනීම.
උණසන්නිපාත රෝග තත්ත්වය වෙනුවෙන් ප්‍රතිශක්තිකරණය
උණසන්නිපාත රෝග තත්ත්වය වෙනුවෙන් ප්‍රතිශක්තිකරණය ලබාදෙන විට අධික අවදානම් කණ්ඩායම් තෝරාගෙන ඔවුන්ට ප්‍රතිශක්තිකරණය ලබාදීම සිදුකරනවා.
අධික අවදානම් කණ්ඩායම් තෝරාගැනීම
- ආහාර සකස් කරන සහ බෙදාහැරීමේ කටයුතුවල නිරත පුද්ගලයන්.
- උණසන්නිපාත රෝගය වැළඳුණ රෝගියා සමග සමීප ඇසුරක් පවත්වන ලද අය.
- නිසි සනීපාරක්ෂක තත්ත්වයන් නැති ජන කොටස්.
- නිතර නිතර උදරාබාධ (පාචනය) වැළඳෙන දරුවන්.
- ආරක්ෂිත ජල සැපයුමක් නොමැති ජන කොටස්.
- රෝගීන් හා ගැටෙන සෞඛ්‍ය සේවකයන්.
- රෝගය පැතිරෙන ප්‍රදේශවල සංචාරය කරන්නට සිදුවුණොත් එම ප්‍රදේශවල සංචාරය කරන්නන් එන්නත ලබාගත යුතුයි.
උණසන්නිපාතය බෝවන රෝගයක් වුණත් මූලික සනීපාරක්ෂක පුරුදු හොඳින් පවත්වා ගැනීමෙන් මෙම රෝග තත්ත්වයෙන් ආරක්ෂාව ලබා ගැනීමට ඕනෑම අයකුට හැකියාව තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️