නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

Published May 12, 2025

ඔබ යම් රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබන විට වෛද්‍යවරයා විසින් ඔබට Full Blood Count ලබාගැනීමට උපදෙස් දෙනවා. මෙය මූලික වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලෙසින් ඉතාමත් වැදගත්.

Full blood count එහෙම නැත්නම් FBC කියන්නේ රුධිරයේ ඇති විවිධ සෛලවල ප්‍රමාණය සහ තත්ත්වය පරීක්ෂා කරන ඉතා වැදගත් රුධිර පරීක්ෂණයක්.

මෙම පරීක්ෂණයෙන් රුධිරයේ තිබෙන රතු රුධිර සෛල, සුදු රුධිර සෛල,හිමෝග්ලෝබින් (HB) සහ රුධිර පට්ටිකා (Platelets    ) පිළිබඳ තොරතුරු ලබාගන්න පුළුවන්.

Full blood count වෙනුවෙන් රුධිර සාම්පලයක් ලබාගන්නේ කොහොමද?

ඔබට මේ වෙනුවෙන් අවශ්‍ය රුධිර සාම්පලය රෝහලකදී හෝ රසායනාගාරයකදී ලබාදෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවශ්‍ය රුධිර සාම්පලය අතේ ශිරාවකින් ලබාගන්නවා.

පෙර සූදානමක් අවශ්‍ය වෙනවාද?

නැහැ. මේ වෙනුවෙන් විශේෂ සූදානමක් හෝ නිරාහාර පැය ගණනක් (Fasting) සිටීම අවශ්‍ය නැහැ. ඔබෙන් ලබාගත් රුධිර සාම්පලය විශේෂ යන්ත්‍රයකින් (Hematology analyzer) පරීක්ෂා කරනවා. මෙහිදී රුධිර සෛලවල ප්‍රමාණය, ගුණාත්මක බව සලකා බලනවා. අදාළ වාර්තාව පැය කීයකීපයකින් හෝ එදිනම ලැබෙනවා. රසායනාගාරයේ ගුණාත්මක බව අනුවද වාර්තාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්.

Full Blood Count වාර්තාවකින් හඳුනාගත හැකි රෝග තත්ත්වයන් මොනවාද?

  • රුධිරහීනතාවය ( Anemia)
  • ආසාදන (Infection)
  • ලියුකේමියා වැනි රෝග තත්ත්වයන්

යම් රෝගයකට ප්‍රතිකාර ලබන විට ඒ ප්‍රතිකාර ශරීරයට බලපාන ආකාරය ගැනත් පරීක්ෂා කරනවා.

WBC (White Blood Cells) සුදු රුධිර සෛල

සුදු රුධිර සෛල අපේ ශරීරයේ ආරක්ෂක පද්ධතියේ ප්‍රධාන කොටසක්. ඒවා ආසාදනවලට එරෙහිව සටන් කරනවා. බැක්ටීරියා, වෛරස් සහ වෙනත් හානිකර ආක්‍රමණිකයන්ගෙන් අපව ආරක්ෂා කරනවා.

WBC වර්ග කීපයක් තිබෙනවා.

  • Neutrophils
  • Lymphocytes
  • Monocytes
  • Esoinophils
  • Basophils

Full Blood Count වාර්තාවක WBC ගණන රුධිර මයික්‍රො ලීටරයකට 4000- 11,000 ක් අතර වෙනවා.

WBC වැඩි වුණොත්?

සුදු රුධිරාණු වැඩිවීම විවිධ හේතු නිසා සිදුවනවා. ආසාදන, ලියුකේමියා වැනි රෝග. එලෙසම සුදු රුධිරාණු අඩුවීම ද (Leukopenia) විවිධ රෝග සඳහා බලපාන හේතුවක්. විශේෂයෙන් ඇට මිදුළුවල ගැටලු, වෛරස ආසාදන, Chemotheraphy ප්‍රතිකාර ලබාගැනීම නිසා සුදු රුධිරාණු අගය අඩුවීමට හැකියාව තිබෙනවා.

රුධිර පට්ටිකා (Platelets)

රුධිර කැටි ගැසීමට උපකාර වෙන කුඩා සෛල කොටස් රුධිර පට්ටිකා යනුවෙන් හඳුන්වනවා. රුධිර නාළවලට හානිවීම නිසා රුධිර වහනයක් සිදුවන විට රුධිර පට්ටිකා එම ස්ථානයට එකතු වී රුධිර වහනය නතර කිරීමට ලේ කැටියක් හදනවා.සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක මෙම රුධිර පට්ටිකා අගය මයික්‍රොලීටරයකට 1,50,000- 4,50,000 ක් අතර වෙනවා.

■ රුධිර පට්ටිකා අගය වැඩිවීම (Thrombocytosis) ඇට මිදුළු ගැටලු නිසා වෙන්න පුළුවන්.

■ ඒ වගේම රුධිර පට්ටිකා අගය අඩුවීම (Thombocytopenia) ඩෙංගු, මී උණ, Chemotheraphy ප්‍රතිකාර නිසා, ඇට මිදුළු ගැටලු සහ විටමින් ඌනතාවන් නිසා වෙන්නත් පුළුවන්.

රුධිර පට්ටිකා අගය අඩුවුණොත් මොකද වෙන්නේ?

රුධිර පට්ටිකා අගය අඩුවීම නිසා ලේ ගැලීමේ අවදානම වැඩිවනවා.

රුධිර පට්ටිකා අගය වැඩි වුණොත්?

රුධිර පට්ටිකා අගය වැඩි වුණොත් රුධිරය කැටි ගැසීමේ අවදානම වැඩියි.

හිමොග්ලොබින් (HB)

රුධිරයේ තිබෙන රතු රුධිර, සෛලවල ඇති ප්‍රෝටීනයක් හිමොග්ලොබින් යනුවෙන් හඳුන්වනවා. මෙම ප්‍රෝටීනය මගින් අපේ සිරුර පුරා ඔක්සිජන් රැගෙන යාමට සහ කාබන්ඩයොක්සයිඩ් ඉවත්කිරීම සිදුවනවා. රුධිරයේ හිමොග්ලොබින් මට්ටම මගින් රුධිරයේ ඔක්සිජන් රැගෙන යෑමේ හැකියාව නිරූපනය කරනවා.රුධිර පරීක්ෂණ වාර්තාවක හිමොග්ලෝබින් අගය ස්ත්‍රි, පුරුෂ බව අනුව වෙනස් වෙනවා. පිරිමි පුද්ගලයෙකුගේ මෙම අගය 13.5 -17. 5 g/dl ලෙසත් ගැහැනු නම් 12.0 -15.5 g/dl ලෙසත් දක්වන්න පුළුවන්.

හිමොග්ලෝබින් මටට්ම ඉහළ යෑම

දුම්පානය හෝ ඇටමිදුළු රෝග නිසා මෙම අගය ඉහළ යෑමට පුළුවන්.

හිමොග්ලොබින් මටට්ම අඩුවීම

රක්තහීනතාවය (Anemia) යකඩ ඌනතාව, විටමින් ඌනතාව හෝ අධික ලෙස සිදුවන රුධිර වහනය නිසා හිමොග්ලොබින් මට්ටම අඩුවන්න පුළුවන්.

හිමොග්ලෝබින් මටට්ම අඩුවුණාම ඇතිවන රෝග ලක්ෂණ

හිමොග්ලොබින් මට්ටම අඩු වූ විට ඔක්සිජන් සැපයුම අඩුවීම නිසා තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතාව හෝ දුර්වලතාව වැනි අපහසුතාවන් ඇතිවනවා.

Full Blood Count වාර්තාවක් තේරුම් ගන්නේ කොහොමද?

ඔබ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගත් විට මෙම පරාසයන් අතර ඔබේ රුධිර වාර්තාවේ අගයේ වෙනස් වීම් පැවැතුණත් එයින් ඔබේ රෝග තත්ත්වයන් හඳුනාගැනීමට බැහැ. ඒ වෙනුවෙන් රෝගියාගේ රෝග ලක්ෂණ, සායනික ඉතිහාසය සහ වෙනත් පරීක්ෂණ අනුව තීරණය කිරීමට සිදුවනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?