නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

Published May 12, 2025

චිකුන්ගුන්යා යනු “ ඊඩිස් ” ගණයට අයත් මදුරුවන් මගින් පැතිරෙන වෛරස් රෝගයකි. මෙම රෝගය ශ්‍රීි ලංකාව ඇතුළු ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල මේ දවස්වල වැඩිපුර දක්නට ලැබෙනවා. ශ්‍රීි ලංකාවේ, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගය වසංගත තත්ත්වයට පත්ව ඇති අවස්ථා ඉතිහාසයේ වාර්තා වී තිබෙනවා. 1960 දශකයේ මුල් කාලයේදී සිදුවුණ රෝග ව්‍යාප්තියෙන් පසු වසර 40 ක් පමණ නිහඬව පැවැතුණත් 2006 නොවැම්බර් මාසයේදී නැවතත් රෝගය පැතිරී ගියා. 2025 වසරේ මේ වනවිටත් විටින් විට රෝගීන් වාර්තා වෙනවා.

චිකුන්ගුන්යා යැයි හඳුන්වන්නේ ඇයි?

මෙම රෝගය වැළඳුණ විට ඇතිවන අධික හන්දි වේදනාව අවම කරගැනීම සඳහා රෝගියා වකුටු ඉරියව්වක් පවත්වා ගන්නවා. ටැන්සානියාවේදී මකොන්ඩේ භාෂාවෙන් මේ ඉරියව්ව චිකුන්ගුන්යා යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා වර්තමානය වනවිට ලොව පුරාම මෙම රෝගය චිකුන්ගුන්යා යනුවෙන් හඳුන්වනවා.

රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද?

රෝග කාරක චිකුන්ගුන්යා වෛරසය (CHIKV) ඇල්ෆා වෛරස් කාණ්ඩයට අයත් අතර වෛරසය ‘ඊඩිස් ඊජිප්ටයි’ සහ ‘ඊඩිස් ඇල්බොපික්ටස’ ගැහැනු මදුරුවන්ගේ දෂ්ට කිරීම හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වෙනවා. ඊඩිස් ඊජිප්ටයි මදුරුවන් නිවෙස් තුළ ඇති මල් බඳුන්, ජල ටැංකි සහ කොන්ක්‍රීිට් භාජන වැනි ස්ථානවල බෝවන අතර ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවා එළිමහනේ ඇති ගස් කුහර, ටයර්, පොල් කටු සහ බම්බු වැනි ස්ථානවල බෝ වෙනවා.

මෙම මදුරුවන් ඩෙංගු රෝගයටත් වාහකයන් වෙනවා. මදුරුවන්ගේ දෂ්ටනය දවස පුරා සිදුවන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වැඩි ක්‍රියාකාරීත්වය උදෑසන සහ හවස් කාලය විදිහට සැලකෙනවා. වෛරසය ආසාදනය වී දින 4-8 ක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවනවා.

රෝග ලක්ෂණ මොනවාද?

■ බොහෝ විට සීතල හෝ වෙව්ලීම සමග හදිසියේ ඇතිවන උණ (සෙන්ටිග්‍රෙට් අංශක 39 දක්වා ඉහළ යා හැක)

■ හන්දි වේදනාව හා ඉදිමුම, විශේෂයෙන් මැණික් කටුව, අත් වළලුකර සහ පාදවල ඇති කුඩා හන්දි

■ ශරීරයේ අත් පා වල ඇතිවන රතු පැල්ලම්

■ මස්පිඬු වේදනාව, හිසරදය, තෙහෛට්ටුව, ඔක්කාරය

■ කලාතුරකින් ඇස්, ස්නායු ආහාර ජීරණ පද්ධතිය හෝ හෘදය ආශ්‍රිත සංකුලතා ඇතිවීමට පුළුවන්.

බොහෝ රෝගීන් සාමාන්‍යයෙන් සති 1-2 දක්වා කාලයේදී සම්පූර්ණයෙන්ම සුවය ලබනවා. නමුත් සමහර රෝගීන්ට හන්දි වේදනාව සති, මාස හෝ අවුරුදු ගනණාවක් පවතින්න පුළුවන්.

රෝග විනිශ්චය සඳහා සිදුකරන රසායනාගාර පරීක්ෂණ

චිකුන්ගුන්යා රෝගය හඳුනාගැනීමට රුධිර පරීක්ෂණ භාවිත කරනවා. රෝග ලක්ෂණ මතු වීම ආරම්භ වූ දිනයේ සිට දින හතක් යන තුරු PCR වැනි පරීක්ෂණ මගින් රෝගියාගේ රුධිරයෙහි ඇති වෛරස හඳුනාගන්න පුළුවන්.

රෝග ලක්ෂණ ආරම්භ වීමෙන් දින 7 කට පසු වෛරසයට විරුද්ධව රුධිරයේ ඇති චිකුන්ගුන්යා විශේෂිත IgM ප්‍රතිදේහ පවතී නම් එමගින් රෝගියාට කලින් වෛරස ආසාදනය වී ඇති බව හඳුනාගන්න පුළුවන්. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) හි චිකුන්ගුන්යා විශේෂිත ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා පහසුකම් සපයනවා.

චිකුන්ගුන්යා රෝගය සඳහා ප්‍රතිකාර

චිකුන්ගුන්යා රෝගය සඳහා විශේෂිත ප්‍රතිවෛරස් ප්‍රතිකාර නැහැ. ඒ නිසා චිකුන්ගුන්යා රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝග ලක්ෂණ සමනය කිරීමට අවධානය යොමුකිරීම සිදුවනවා.

■ උණ සහ වේදනාව සමනයට පැරසිටමෝල් වැනි ඖෂධ භාවිත කරන්න පුළුවන්.

■ ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම

■ විවේකීව ගතකිරීම

■ හන්දි සඳහා මෘදු ව්‍යායාම

■ හන්දි වේදනාව දිගු කාලයක් පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

රෝගය වළක්වා ගැනීම

චිකුන්ගුන්යා රෝගයට එන්නතක් හෝ විශේෂිත ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා රෝගය වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම අප කාගේත් යුතුකමක්. ඒ වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පහත දැක්වෙනවා.

■ මදුරුවන් බෝ වීම වැළැක්වීම – ජලය එකතු වන ස්ථාන, භාජන, ටයර්, ප්ලාස්ටික් බෝතල් වැනි දෑ ක්‍රමවත්ව බැහැර කිරීම. ජල ටැංකි ආවරණය කර තැබීම.

■ මදුරුවන්ගේ දෂ්ටනය වළක්වා ගැනීමට අත් දිග ඇඳුම්, මදුරු විකර්ශන ආලේපන භාවිත කිරීම.

■ ප්‍රජා වැඩ සටහන් – ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමග එක් වී මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම.

රෝගය වළක්වා ගැනීමේදී සමාජ වගකීම

චිකුන්ගුන්යා රෝගය ශ්‍රීි ලංකාවේ ජනතාවට තවමත් අභියෝගයක්. රෝගය පාලනය කිරීමට රජය, සෞඛ්‍ය බලධාරීන් සහ ප්‍රජාව එකට එක්ව කටයුතු කිරීම අවශ්‍යයි. ඔබේ ගෙවත්ත, ගෙබිම, අවට පරිසරය පිරිසිදුව තබාගැනීමෙන් මදුරුවන් බෝ වීම අවම කරන්න පුළුවන්. එසේම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගෙන රෝගයේ බරපතළ බව අවම කරගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025

කකුල් ඉදිමෙනවා කියන්නේ රෝගලක්ෂණයක් විිය හැකියි

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?