Stresptococcus බැක්ටීරියාව ආසාදනයවීම නිසා ඇතිවන රූමැටික උණ වයස අවුරුදු 5 -15 අතර දරුවන් තුළ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ. රූමැටික් උණ නිසා දිගුකාලීනව හදවතට හානි විය හැකියි. මෙම රෝගයේදී සන්ධිවල ප්‍රදාහයක් ඇති වුණත් රූමටොයිඩ් ආතරයිටිස් රෝගය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැත.
Stresptococcus බැක්ටීරියාව නිසා හදවත විනාශවීමක් සිදුවනවාද?
නැහැ. මෙම රෝගයේදී සිරුරට හානිකර අන්දමින් සිරුර විසින්ම ප්‍රතිදේහ ( Autoimmunity ) නිපදවන molecular mimicry තත්ත්වයක් ඇතිවනවා. මේ තත්ත්වයේදී Stresptococcus බැක්ටීරියාව සිරුරෙන් ඉවත් කරගැනීම සඳහා සිරුරෙන් සාදාගන්නා ප්‍රතිදේහ මෙම බැක්ටීරියාව විනාශ කිරීමට අමතරව හදවතේ මස්පිඬුවල ප්රෝටීන්වලටත් හානි සිදුකරනවා. ඊට හේතුව නම් ප්‍රතිදේහ විසින් හදවතේ මස්පිඬුවල ඇති ප්‍රෝටීන්ද Stresptococcus බැක්ටීරියාව ලෙසින් වරදවා තේරුම් ගැනීමයි. නමුත් රූමැටික උණ වැළඳෙන සෑම රෝගියකුටම එසේ වෙන්නේ නැහැ.
රූමටොයිඩ් උණ රෝග ලක්ෂණ මොනවාද?
බැක්ටීරියාව ආසාදනය වීමෙන් සති 2 – 4කට පමණ පසුව රෝග ලක්ෂණ ඇතිවනවා.
- උණ
- උගුරේ වේදනාව
සමහර රෝගීන්ට මෙම Stresptococcus බැක්ටීරියාව සිරුරට ඇතුළු වුණත් රෝගයක් ඇති බවට යම් අපහසුවක් හෝ නොදැනීමට පුළුවන්.
- කැස්ස
- ඇඟපත රිදීම
- දණහිස, වැලමිට, වළලුකර, මැණික්කටුව වැනි සන්ධිවල වේදනාව සහ ඉදිමුම. සමහරවිට මෙම රෝග ලක්ෂණ සන්ධියෙන් සන්ධියට මාරුවීමට පුළුවන්.
- අසාමාන්‍ය මහන්සිය
- සමේ ඇතිවන ගැටිති, දද
- අතපය, මුහුණ සහ දිවේ අසාමාන්‍ය චලනයන් (Chorea) ඒ වගේම එක සන්ධියක වේදනාව සහ ඉදිමුම සම්පූර්ණයෙන්ම සුව වී නැවත වෙනත් සන්ධියක වේදනාව සහ ඉදිමුම දකින්න ලැබෙනවා.
රෝගය ඇතිවීමේ අවදානම් සාධක තිබෙනවාද?
උපතින්ම පිහිටන ජාන
Stresptococcus බැක්ටීරියාව පැතිරීමට හේතුවන අපිරිසිදු ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත්වීම
Stresptococcus බැක්ටීරියාවේ group A යන Stresptococcus අනු කාණ්ඩයේ බැක්ටීරියාව මගින් ආසාදනය වීම. ඒ වගේම බැක්ටීරියාව ආසාදනය වුණ ගමන් ප්‍රතිකාර වෙත යොමුවුණොත් රෝගය වැළඳීමට තිබෙන අවදානම අඩුවිය හැකියි.
රූමැටික උණ රෝගයේ සංකුලතාවන් මොනවාද?
හදවතේ කපාටවලට (Valve) සිදුවන හානිය නිසා කපාට සිහින්වීම මහ කාන්දු ( Leak) මෙම රෝගයේ ප්‍රධානතම සංකුලතාව ලෙසින් හඳුන්වන්න පුළුවන්. ( විශේෂයෙන් Mitral සහ Aortic යන හදවතේ වම්පස පිහිටි මුළු ශරීරයටම රුධිරය සපයන කපාට දෙක )
හෘද ස්පන්දනයේ ඇතිවන වෙනස්කම් එනම් Heart falier ලෙසින් හැඳින්වෙන ශරීරරයට අවශ්‍ය ලෙසින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව හදවතට නොමැති වීම මෙම සංකුලතාවන් කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවත් දකින්න ලැබෙනවා.
ඉහතින් සඳහන් කරන ලද සන්ධි ඉදිමුම සහ වේදනාව සන්ධියෙන් සන්ධියට වෙනස් වෙමින් එය මුළු සිරුරේම වේදනාවක් ලෙසින් දකින්න පුළුවන්. ඒ වගේම මේ සන්ධිවල ඇතිවන ගැටලු නිට්ටාවටම සුව වනවා.
රෝගය හඳුනාගැනීම වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ
රෝගය හඳුනාගැනීමට නිශ්චිත පරීක්ෂණයක් නැහැ. රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂාවෙන් සහ වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධ කරගෙන රෝග නිර්ණය කරනවා. මෙහිදී ASOT පරීක්ෂණය මගින් බැක්ටීරියාව සිරුරට ඇතුළු වී තිබෙනවා දැයි හඳුනාගත හැකියි. ඊට අමතරව ECG සහ ECHO මගින් හෘදයවස්තු ආශ්රිත සංකුලතාවන් සොයා බලනවා. FBC – ESR සහ CRP වැනි රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමේදී උදව් වනවා.
රූමටොයිඩ් උණ රෝගයට ප්‍රතිකාර
බැක්ටීරියා ආසාදන තත්ත්වය සඳහා පෙනිසිලින් ඖෂධය ලබාදෙනවා. හෘදයවස්තුවට හානිවුණ රෝගීන්ට දිගුකාලීනව පෙනිසිලින් ඖෂධය ලබාගැනීමට සිදුවනවා. ඊටත් හේතුවක් තිබෙනවා. යම් ලෙසකින් Stresptococcus බැක්ටීරියාව නැවත ආසාදනය වුණොත් හෘදයවස්තුවට සිදුවන හානිය තවත් වැඩිවීමට පුළුවන්.
හෘදයවස්තුවට සහ සන්ධිවලට ඇතිවන සංකුලතාවන් අවම කරගැනීමට Aspirin ඖෂධය භාවිත කරනවා. සන්ධි අමාරුව සඳහා Prednisolone කුලයේ ඖෂධ සහ වේදනානාශක භාවිත කිරීමට සිදුවනවා.
Chorea රෝග තත්ත්වයේදී වලිප්පු තත්ත්වයට ලබාදෙන ඖෂධ භාවිත කිරීම සිදුවනවා. රෝගය උත්සන්න අවස්ථාවකදී මෙහි සංකුලතාවන් අවම කරගැනීම සඳහා විවේකය ඉතාම වැදගත්.
ඒ වගේම හෘදයවස්තුවේ කපාට ආශ්රිත සංකුලතාවන් අවම කරගැනීම සඳහා වෛද්‍යවරයා විසින් විටින් විට ECHO පරීක්ෂණ ගැනීමට රෝගියා යොමු කරනවා. මෙහිදී මීට ප්‍රථමයෙන් ඔබ ECHO පරීක්ෂණයකට පෙනී සිටියත් නැවත ECHO පරීක්ෂණ නොගෙන සිටීම සුදුසු නැහැ.
ඒ ඔබේ හෘදයවස්තුවේ මුලින් නොතිබුණ සංකුලතාවන් ඊට පසු අවස්ථාවක ඇති විය හැකි නිසයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව ECHO පරීක්ෂණ ලබාගැනීම වැදගත්.රෝගීන් අතරින් ඉතා සුළු පිරිසකට පසුකාලීනව හෘදයවස්තුවේ කපාට ආශ්රිත ශල්‍යකර්මයන් සිදුකිරීමට වනවා.
මව්පියන් දැනුවත් විය යුත්තේ කෙසේද?
ඔබේ දරුවාට සති කීපයකට පෙරාතුව උගුරේ අමාරුවක් ඇතිවීමෙන් පසුව දණහිස, වැලමිට, වළලුකර සහ මැණික්කටුව වැනි ලොකු සන්ධිවල අපහසුවක් පෙන්වනවා නම්, දරුවා අසාමාන්‍ය මහන්සි ගතියකින් පසුවනවා නම් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකිරීම ඉතාම වැදගත්. මෙවැනි අවස්ථාවකදී දරුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යයි.
