නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කළුපුස් හූරලා කෑම කෑවොත් පිළිකා අවදානමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

කළුපුස් හූරලා කෑම කෑවොත් පිළිකා අවදානමක්

Published February 19, 2024

සෛල න්‍යෂ්ටියේ ඇති වර්ණදේහවල වෙනස්වීම නිසා ඇතිවන අසාමාන්‍ය සෛල වර්ධනය නිසා පිළිකාවක් ඇතිවන්න පුළුවන්. පිළිකාවක් කියන්නේ අප අසන්නටවත් අකමැති වචනයක්. පිළිකාව වුණත් කල්තබා දැන ගත්තොත් සුව කිරීම පහසුයි. ඊටත් වඩා පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු හඳුනාගෙන එම සාධකයන්ට නිරාවරණය නොවී සිටින්නට හැකියාවක් ඔබට ඇත්නම් එය වඩාත්ම ආරක්ෂිත බැව් කියන්න ඕන. පිළිකාවක් ඇතිවීමට හේතු කීපයක් බලපානවා.

වයස, ස්ත්‍රි පුරුෂ බව, ජානමය හේතු

සෛලවල න්‍යෂ්ටියේ ඇති වර්ණදේහවල වෙනස් වීම නිසා ඇතිවන අසාමාන්‍ය සෛල වර්ධනය නිසා පිළිකාවක් ඇතිවන්න පුළුවන්.

දුම්පානය සහ මත්වතුර භාවිතය

චර්යා රටාවේ සහ පාරිසරික බලපෑම

විවිධ රසායනික සංයෝගයන්ට නිරාවරණය වීම

විවිධ වෛරස තත්ත්වයන්

මේ හේතු අතරින් චර්යා රටාවේ සහ පාරිසරික බලපෑම නිසා පිළිකා ඇතිවීමට තිබෙන අවදානම අපටම පාලනය කරගැනීමට හැකියාවක් තිබෙනවා.

ආහාර

නොදැනුවත්කමටත් වඩා අවධානයක් නොදක්වා ආහාරයට ලබාගන්නා බොහෝ දේ නිසා පිළිකා කාරකයන් අපේ සිරුරට ශරීරගත වීම සිදුවනවා. ආහාරයක සෞඛ්‍යාරක්ෂිත බව විවිධ අන්දමින් අහිමි වෙන අවස්ථාවන් තිබෙනවා. සමහර විට ඒ ගැන අපි නොදන්නවා විය හැකියි.

ඇතැම් ආහාර වර්ගවල වර්ණය, ගන්ධය වෙනස් වීම නිසා ඒවා ආහාරයට නුදුසුදු බව අපි දන්නවා. බත්, පාන් වැනි දේ පිළුණු යැයි අපි කියනවා. කිරිවල කැටි ගැසීමක් දක්නට ලැබෙනවා. පලතුරක නම් වර්ණය වෙනස් වීමට පුළුවන්. එවැනි අවස්ථාවල අපි දෙවතාවක් නොසිතා ඒවා ඉවත දමනවා.

නමුත් ඇතැම් විෂ ධූලක ගැන අපි ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කළු පැහැති පුස් බැඳුන ආහාරවලින් පිළිකා කාරක විෂ ධූලක ශරීරගත වෙනවා. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් නිසි විදිහට වියළා නොගත් විට ඇතිවෙන පුස් සහ දිලීර නිසා ඇති වෙන විෂ ධුලක (Aflatoxin) අවදානම ගැන විශේෂයෙන් සිතන්න වෙනවා. මිරිස්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, රටකජු, හාල්, බඩඉරිඟුවල ඇතිවන පුස් නිසා මෙම විෂ ධුලක ගොඩ නැගෙනවා.

මේ පිළිකා කාරකය අක්මාවට සහ වකුගඩු පිළිකා ඇතිවීමට සෘජු ලෙසින්ම බලපානවා. නමුත් පොල් බෑයක මේ වගේ කළුපුස් තිබුණොත් අපි ඒවා සූරාහැර ආහාරයට ගනන්වා. උම්බලකඩ කැබැල්ලක පුස් තිබුණොත් එතැන සූරා හරිනවා. නමුත් ඔබ නොදැනම මෙම ආහාරවල අන්තර්ගත Aflatoxin විෂ ධූලක ශරීරගත වීමක් සිදුවනවා.

ආහාරයක සුරක්ෂිත බව ඉතාම වැදගත්

ආහාර මගින් පිළිකා කාරක ශරීරගත වෙනවා නම් ආහාරයක සුරක්ෂිතබව ගැනත් අවධානයක් දැක්වීම වැදගත්. නිතරම ආහාර ගබඩා කිරීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. ආහාර ගබඩා කිරීමේදී ඇතැම් ආහාර වියළි පරිසරයකත් තවත් ආහාර වර්ග ශීත පරිසරයකත් ගබඩා කිරීම අවශ්‍යයි. නමුත් මේ නිසි පරිසරයක ගබඩා නොකිරීම නිසා ආහාරයක සුරක්ෂිත බව නැති වෙනවා.

විශේෂයෙන් ශීතකරණයක ගබඩා කළ යුතු ආහාර නිසි උෂ්ණත්වයක ගබඩා නොකරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් විදුලි බිල ගැන සිතන නිසා ඇතැම් ව්‍යාපාරිකයන් රාත්‍රි කාලයේදී ශීතකරණය ක්‍රියා විරහිතව තබනවා. මේ නිසා ආහාරයේ සුරක්ෂිත බව නැති වීමට පුළුවන්. ඒ වගේම වෙළෙඳපොළ ආශ්‍රිතව ආහාර මිලට ගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය ගැන සැලකිළිමත් වෙන්න වෙනවා.

පරිසර දූෂණය

ඇස්බැස්ටෝස්

ඇස්බැස්ටෝස් පිළිකාකරක බැව් අපි දන්නවා. නමුත් වහලක සෙවිලි කළ පළුදු නොවූ ඇස්බැස්ටෝස් තහඩුවක අවදානම නැති වුණත් කපන ලද ඇස්බැස්ටෝස්වලින් නිකුත් වෙන සියුම් අංශු පිළිකාකාරකයි. ඒවා කපන විට, කපන ලද තහඩු ගබඩා කරන විට වගේම ප්‍රවාහනය කරන විට සහ අපද්‍රව්‍ය බැහැර කරන විට මේ සියුම් අංශු පරිසරයට මුදා හැරීමක් සිදුවනවා. ඒ නිසා ඇස්බැස්ටෝස් තහඩුවක් කපන විට මුව ආවරණයක් පැළඳ ගැනීම වැදගත්. ගබඩා කරන විට සහ ප්‍රවාහනය කරන විටත් ඒවා ආවරණය කිරීමෙන් දූවිලි අංශු පරිසරයට මුදාහැරීම වළක්වා ගැනීමට පුළුවන්.

භුගත කැනීම් සිදු කරන විට

Radon  නැමැති විකිරණශීලී මුලද්‍රව්‍ය පිළිකාකාරකයි. මෙය පාෂාණවල, ජලය, වාතාශ්‍රය දුර්වල ස්ථානයන්හි,සීතල දේශගුණික තත්ත්වයක ස්ථානයන්හි Radon අන්තර්ගතයි. භුගත කැණීම්වල, පොළොවේ දුර්වල ස්ථානවලින් වාතාශ්‍රය අඩු ස්ථානවලින් Radon වාතයට එකතු වීමට පුළුවන්. ඒ නිසා කැණීම් කටයුතු කිරීමේදී මුව ආවරණ හෝ මෙම විකිරණශීලී තත්ත්වයෙන් ආවරණය වන පරිදි නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම වැදගත්. ඒ වගේම කැණීම් නිවැරදි ලෙස වාතාශ්‍රය පවත්වා ගැනීම එකම පුද්ගලයෙක් දිගු කාලයක් මෙවැනි පරිසරයකට නිරාවරණය වීම වෙනුවට කඩින් කඩ හෙවත් සේවා මුර ක්‍රමයකට අවශ්‍ය කටයුතුවල සේවයේ යොදවා ගැනීමත් සුදුසුයි.

වාතය දූෂණය වීම

වාතය දූෂණය වීම අපට කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.

ගෘහස්ථව සිදු වෙන වායු දූෂණය

බාහිර පරිසරයේ සිදුවන වායු දූෂණය

විශේෂයෙන් දර දුම්, සිගරට් දුම් නිසා පිළිකා කාරකයන් පරිසරයට මුදා හැරීමක් සිදුවනවා.

වාහනවලින් නිකුත් වන ඩීසල් දුමත් ඉතාම අහිතකරයි. ඒ වගේම අනවශ්‍ය සියළු අවස්ථාවන්හිදී එන්ජිම නවතා තැබීම, ස්ථාවර වේගයක් පවත්වා ගැනීම වගේම නිසි නඩත්තුවක් නොමැති එන්ජිම්වලින් මුදා හරින දුම් නිසාත් පිළිකාකරකයන් පරිසරයට එක් වනවා.මේ අන්දමින් ඔබට පාලනය කරගත හැකි පාරිසරික සාධකයන් ගැන අවධානය යොමු කිරීම මගින් පිළිකා රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව ලැබීමේ හැකියාවක් ලැබෙන බැව් අවසාන වශයෙන් සඳහන් කරන්න පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Aflatoxin, canser, Radon, පිළිකා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025

හන්දි වේදනාව, ඉදිමුම, උණ සමග රතු ලප තිබෙනවා නම් චිකුන්ගුන්යා විය හැකියි වහාම ප්‍රතිකාර ගන්න

May 12, 2025

Full Blood Count එකකින් කියවෙන්නේ මොනවද

May 12, 2025

මුත්‍රා ආසාදන ඇතිකරන E-coli  ගැන දැනගන්න.

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?