නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩි දෙනෙකුට වාත වෙන ඥාන දත
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
සුව පියස

වැඩි දෙනෙකුට වාත වෙන ඥාන දත

Published February 12, 2024

අපේ මුඛයේ තිබෙන චාර්වක දත් අතරින් තුන්වන චාර්වක දත විදිහට හක්කේ ඇති ඥාන දත සැලකෙනවා. මේ ඥාන දත නිසාම අප බොහෝ සේ අපහසුවට පත් වෙන අවස්ථා තිබෙනවා.බොහෝ දෙනෙකුගේ ඥාන දත මතු වෙන්නේ වයස අවුරුදු 17-25 අතර කාලයේදී.

ඥාන දත නිසා ඇති වෙන අපහසුතාවයන් මොනවාද..?

බොහෝ දෙනෙකුගේ ඥාන දත ඇතුලේ හිර වීම
ඥාන දත ඇදට මතු වීම
හණුවේ වෙනත් පැත්තකින් මතු වීම

අපට ඥාන දත අවශ්‍යද…?

අපට දත් අවශ්‍ය හේතු ගැන ඔබ දන්නවා. ආහාර අඹරා ගැනීමට ඥාන දත අවශ්‍යයි. නමුත් අද වෙන විට විවිධ මෙවලම් තිබෙන නිසා අතීතයේදී වගේ රළු සහ තද ආහාර පරිභෝජනය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඥාන දත වගේ ඇඹරුම් දත් අත්‍යවශ්‍ය නැති තැනට පරිණාමයෙන්ම අපි ඇවිත් සිටිනවා කිව්වොත් නිවරැදියි.

ඥාන දත නැති වුනත් අපේ මුහුණට එයින් වෙනසක් ඇති වෙන්නේ නැති තරමටම දැන් මානව පරිණාමය සිදු වී තිබෙනවා. අපි දත් ගැන කථා කරන විට සංඛ්‍යාවෙන් 32 ක් කිව්වත් දැන් බොහෝ දෙනෙකුගේ දත් 32 ම සම්පූර්ණ වෙන්නේ නැහැ. එක්ස්රේ ඡායාරූපයක් මගින් අපි බැලුවොත් බොහෝ දෙනෙකුගේ දත් තිබෙන්නේ 28 ක් වගේ සංඛ්‍යාවක්. ඒ වගේම හැම දෙනාටම ඥාන දත මතු වෙන්නෙත් නැහැ.

ඥාන දත නිසා ඇති වෙන ගැටලු…

සමහර පුද්ගලයන්ට ඥාන දත මතු වෙන විට අධික ලෙස වේදනාවක් ඇති වෙනවා.

පැසවා සැරව ගලන තත්වයට පත් වීම නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇති වීම.
හණුව ඉදිමීම
.

මේ වගේ තත්වයන් ඇති වුනාම බොහෝ විට ඥාන දත මතු වෙන නිසා මේ වගේ අපහසුතාවයන් ඇති වෙන බව ඔවුන් දන්නේ නැහැ. උගුර, කණ , එහෙම නැත්නම් හිස වේදනාව නිසා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනත් ඔවුන්ට මේ අපහසුකම් ඇති වුනේ ඥාන දත මතු වීමේ අතුරු අපහසුතාවයන් නිසා බැව් දන්නේ නැහැ.ඒ නිසා මේ වගේ අපහසුකම් ඇති වෙන විට , ඔබගේ ඥාන දත මතු වීමේ ලක්ෂණයක් ලෙසින් සැලකීම වැදගත්.

ඥාන දත නිසා ඇති වෙන අතුරු සංකුලතාවයන් ගැන නොසලකා සිටියොත්..

ඥාන දත මතු වීම නිසා ඇති වෙන අතුරු සංකුලතාවයන් ගැන ඔබ නොසලකා සිටියොත් විවිධ අපහසුතාවයන් ඇති වීමට පුළුවන්.

හණුව ඇතුලත ආසාදනය වීම
වේදනාව
ඉදිමුම
ඥාන දත නිසා හණුවේ ඉඩ නැති වීම සමග යාබද දත් දිරාපත් වීම
දත් ඇද වීම නිසා අනාගතයේදී විකලාංග ප්‍රතිකාර වෙත යොමු වීමට සිදු වීම

ඥාන දත වෙනුවෙන් ප්‍රතිකාර….

ඥාන දතක ඇති අපහසුතාවය නිසා ප්‍රතිකාර ගැනීමට ඔබ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු වුන විට මුලින්ම මුඛයේ O.P.G (Orthopantomagrm) එක්ස්රේ ඡායාරූපයක් ගැනීමට උපදෙස් ලබා දෙනවා. එක්ස්රේ ඡායාරූපය මගින් දතේ පිහිටීම අනුව එය මතු වීමේදී අපහසුතාවයක් ඇති වීමට තිබෙන ඉඩ කඩ ගැන සලකා බලනවා.දත පිටට එන්නට ගැටළුවක් නැත්නම් ඥාන දතට මතු වීමට ඉඩ දෙනවා.යම් කිසි අවස්ථාවක ඥාන දත පිටතට පැමිණීමට ඉඩක් නැත්නම් ශල්‍ය කර්මයක් මගින් දතට අවශ්‍ය ඉඩ ලබා ගන්නවා.

ඥාන දත ගලවා ඉවත් කිරීමට සිදු වුනොත් එය සාමාන්‍ය දතක් ගලවා ඉවත් කරන ක්‍රමවේදයට ඉවත් නොකරයි. ඥාන දතක මුල් ගැඹුරට පිහිටා තිබෙන්න පුළුවන්.ඒ වගේම හණුවේ ස්නායුවට උඩින් පිහිටා තිබෙන්නත් පුළුවන්. ඒ නිසා ඥාන දතක් ගලවා ඉවත් කරනවා නම් සුදුසුකම් ලත් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍යයි.

ඥාන දත ගලවන විට ඇති වන අපහසුතා..

ඥාන දත ගැලවීම එහි පිහිටීම අනුව අපහසු විය හැකියි.
විශේෂ උපකරණ අවශ්‍ය වීම
දතට යටින් යන ස්නායුවලට හානි වීම
යම් ලෙසකින් ස්නායුවට හානි වුනොත් සංවේදී බව නැති වීමට ඉඩ තිබෙනවා.
ඥාන දතක් ගලවන විට ලබා ගත යුතු විශේෂ එක්ස්රේ ඡායාරූප ලබා ගැනීමේ පහසුකම් නැති වීම

ඥාන දත ගලවන ක්‍රමවේදය..

රෝගියා විසින් ලබා ගත් එක්ස්රේ ඡායාරූපය පරීක්ෂා කිරීමෙන් පසු ඥාන දත ගලවා ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇතොත් ඒ ගැන රෝගියාට පැහැදිළි කර දීම සහ ඔහුගේ කැමැත්ත ලබා ගැනීම ඒ වෙනුවෙන් දිනයක් ලබා දීම සිදුවෙයි.

රෝගියාගේ වෙනත් රෝග සංකුලතාවයන් ගැන විමසා සිටීම
ඥාන දත ගැලවීමට පෙරාතුව ඖෂධ ලබා දීම
ඥාන දත ගැලවීමේදී සම්පූර්ණ නිර්වින්දන තත්වයක්ද? එසේත් නැත්නම් හිරි වැට්ටීමක්ද යන්න නිර්දේශ කිරීම.
දත ගැලවීමෙන් පසුව විදුරුමසට මැහුම් දැමීම සිදු වීම.

ඥාන දත ගැලවීමෙන් පසුව..

ඥාන දත ගැලවීමෙන් පසුව වේදනාවට, ඉදිමුමට ඖෂධ ලබා දීම
ආහාර පිළිබඳව පාලනය කිරීමට උපදෙස් ලබා දීම
මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම.

ඥාන දත ගැලවීම ගැන බොහෝ දෙනා අනවශ්‍ය බියක් දක්වනවා. දත ගැලවීම නිසා මුඛයේ සෙසු දත් අතර හිදැස් ඇති වෙතැයි වූ බියක් තිබුනත් එය මිථ්‍යාවක්. දත ගැලවූ නිසා එවැනි හිදැස් ඇති වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඥාන දත ඔබට හිරිහැරයක් නම් එය ගලවා ඉවත් කර ගැනීමට කිසිම බාධාවක් නැහැ. ඒ වෙනුවෙන් සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: wisdom tooth, ඥාන දත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love4
Sad1
Happy2
Sleepy0
Angry2
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බඩවැලෙත් ලෙඩ ඇතිවෙන්න පුළුවන්

May 19, 2025

ජානමය හේතු නිසා ඇතිවන තයිරොයිඩ් රෝග

May 19, 2025

ටෙස්ටොස්ටොරන් මට්ටම හොඳින් තියාගන්න.

May 19, 2025

බබාලගේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්ද?

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?