කොන්ඩම් දාන එකත් කලාවක්
ස්ත්‍රි පුරුෂ ලිංගික සම්බන්ධතාවන්හි දී ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වීම සඳහාත් තමන්ට අවශ්‍ය නැති අවස්ථාවකදී සිදුවන දරු පිළිසිඳ ගැනීමක් වළක්වා ගැනීම සඳහාත් විවිධ උපත් පාලන ක්‍රම භාවිත කරනවා. ඒ අතරින් බොහෝ දෙනා දැනුවත්ව සිටින කොන්ඩමයක් භාවිත කරන්නේ කෙසේද යන්න ගැන අද අපි කතා කරමු.
කොන්ඩමයක් කියන්නේ?
කොන්ඩමයක් යනුවෙන් අපි හඳුන්වන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවකදී පුරුෂ ශුක්‍රාණු යෝනි මාර්ගයට නිදහස් වීමට නොදී රඳවා ගැනීමට හැකි කොපුවක් යැයි සරලව සඳහන් කරන්න පුළුවන්. මෙය ශිෂ්ණයේ දවටා ගත හැකි ලේටෙක්ස් (Latex) වර්ගයේ රබර්වලින් නිර්මාණය කරන ලද බැලුනයකට සමානයි. කොන්ඩම් ඉතා පහසුවෙන් ලබාගත හැකි නිසා බොහෝ දෙනෙකු අතර මෙය ජනප්‍රියයි. රජයේ ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් කොටින්ම කිව්වොත් කුඩා වෙළෙඳසලක පටන් ඔසුසලක් දක්වා වූ දිවයිනේ ඕනෑම තැනකින් කොන්ඩමයක් මිලට ගත හැකි අතර ඒවායේ මිල දැරීමට පහසු අගයක පවතිනවා.
පාවිච්චි කිරීමේ වාසි
අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවන් නිසා ඒඩ්ස් වැනි ප්‍රතිශක්ති ඌනතා රෝග තත්ත්වයන් විතරක් නොවෙයි වෙනත් ලිංගාශ්‍රිත රෝග බොහොමයක් ඇතිවනවා. නමුත් ලිංගික සම්බන්ධතාවකදී කොන්ඩම් කොපුවක් පාවිච්චි කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට පුළුවන්.
ඒ වගේම අපේ රටේ සංස්කෘතිය අනුව විවාහයකට පෙරාතුව ලිංගිකව (pre marital sex) එක්වීම අනුමත කරන්නේ නැහැ. මෙහි ඊටත් වඩා බරපතළ තත්ත්වයක් තිබෙනවා. හදිසියේ හෝ එවැනි එක්වීමකින් හදිසියේ හෝ දරු පිළිසිඳ ගැනීමක් (sudden unplanned pregnancies) සිදු වුණොත් එය සදාචාර විරෝධී ලෙසින් සැලකෙනවා.
ලිංගික ශ්‍රමිකයන්ට වගේම ලිංගිකව තවත් සහකරුවන් සමග එක්වීම නිසා සිදුවන ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය කොන්ඩම් භාවිතාව නිසා වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම කොන්ඩම් ඕනෑම ශිෂ්ණයකට ගැළපෙන free size වලින් යුක්තයි.
වාසි අවාසි
සමහර පිරිමින්ට මෙහි ඇති ලේටෙක්ස් රබර් නිසා ආසාත්මිකතාවන් ඇතිවීමට පුළුවන්. සමහර විට කාන්තාවන්ටත් මෙම රබර් වර්ගය හරහා ආසාත්මිකතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවල මිල වැඩි වුණත් ලේටෙක්ස් නොවන (Non latex condoms )අමුද්‍රව්‍ය භාවිත කරමින් සකස් කරන ලද කොන්ඩම් ලබාගැනීමේ පහසුකම් තිබෙනවා.
නැවත නැවත පාවිච්චිය අපහසුයි
මේවා නැවත පාවිච්චියත් සුදුසු නැහැ.
දරුවන් ලැබීම දිගු කාලයක් ප්‍රමාද කිරීම අඹු සැමියන්ටත් කොන්ඩම් පාවිච්චිය එතරම් සාර්ථක නැහැ.
ලිංගේන්ද්‍රිය අප්‍රාණික නම් කොන්ඩම් පැළඳීම අපහසුයි.
භාවිත කරන්නේ කොහොමද?
කොන්ඩමයක් භාවිත කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන වාසි ගැන මුලින් සඳහන් කළා. නමුත් මේ වාසි ලබාගැනීමට නම් ඔබ කොන්ඩමය පාවිච්චි කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
කොන්ඩමයක් මිලදී ගැනීමට පෙරාතුව එහි කල් ඉකුත් වීමේ දිනය ගැන බලන්න.
ඒ වගේම ඔබ කොන්ඩමයක් සාක්කුවේ හෝ පර්ස් එකක වැඩි කාලයක් තබාගන්න එපා. එසේ තබාගැනීමේදී උෂ්ණත්වය වැඩි වී කොන්ඩමයට හානි සිදුවන්න පුළුවන්.
මේවා ගබඩා කිරීමේදී උෂ්ණත්වය වැඩි තැනක වගේම හිරු එළිය වැටෙන තැනක තැබීමත් සුදුසු නැහැ.
කොන්ඩමයේ ඇසුරුම පළුදු වී තිබුණොත් එම කොන්ඩමය පැළඳීමෙන් අදාළ කාර්යය ඉටු වන්නේ නැහැ. ඇස් දෙකෙන් අපට නොපෙනෙන සිදුරු තිබෙන්න පුළුවන්. ඒ නිසා පාවිච්චියට පෙරාතුව මෙම ඇසුරුමේ සුළං පිටවන සිදුරු තිබෙනවාදැයි ඇසුරුම තද කර බලන්න. එවිට සිදුරු තිබෙනවා නම් වාතය පිටවෙන බැව් ඔබට දැනේවි.
කොන්ඩම් පාවිච්චි කිරීමේදී එක මත දෙකක් පැළඳීම අවශ්‍ය නැහැ. එක් කොන්ඩමයක් හොඳින්ම ප්‍රමාණවත්.
කොන්ඩමයක් පළඳින අවස්ථාව
කොන්ඩමයක් පළඳින විට පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තිබීම අවශ්‍යයි.
ලිංගිකව සම්බන්ධ වී පුරුෂ ලිංගය යෝනියට ඇතුළත් කිරීමට පෙරාතුව කොන්ඩමය පළඳින්න.
කොන්ඩමය පළඳින ආකාරය
කොන්ඩමය අසුරා ඇති ඇසුරුමක දාර දෙකක් තිබෙනවා. එක් යුගලක් සුමට දාරයක් වන අතර අනෙක දැති සහිත දාර කොටසක්. මෙහිදී දැති සහිත දාර කොටසෙන් ඉරා කොන්ඩමය පිටතට ගන්න. පැකට්ටුව විවෘත කිරීමේදී කතුරු හෝ එය විවෘත කිරීමට භාවිත කරන දේවලින් කොන්ඩමයට හානි වීමට පුළුවන් හානිවුණ කොන්ඩමයකින් අපේක්ෂිත අරමුණ ඉටු වෙන්නේ නැහැ.
මෙසේ පිටතට ගත් කොන්ඩමයේ දිග ඇරෙන පැත්තක් තිබෙනවා. පහසුවෙන් දිග ඇරෙන නිසා එය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කොන්ඩමයේ ඉහළ කෙලවර බල්බයක හැඩය ඇති කොටසක් තිබෙනවා. එය පිරිමියාගේ පිටවන ශුක්‍රාණු එකතු වන කොටසයි. මෙහි ලිහිසි කාරක අඩංගුව තිබෙනවා. ලිහිසි කාරක නැත්නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
දැන් බල්බය සහිත කොටසේ වාතය එලියට යන සේ ඇඟිලි දෙකෙන් අල්ලා ගන්න. මේ කොටසේ පිරී තිබෙන වාතය ඉවතට නොගියොත් සංසර්ගයේදී කොන්ඩමය පිපිරී යන්න පුළුවන්. ඒ නිසා ඇඟිලි දෙකන් තදකර වාතය පිටතට හරින්න.
දැන් ප්‍රාණවත්ව ඇති පුරුෂ ලිංගයට කොන්ඩමය පළඳන්න. ඔබ යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ මාර්ගයෙන් සංසර්ග කටයුතු කළත් කොන්ඩමය පැළඳ සිටීම අත්‍යවශ්‍යයි. මෙහිදී ගැළපෙන ලිහිසි ද්‍රව්‍යක් පාවිච්චි කරන්න.
කොන්ඩමය ඉවත් කිරීම
සංසර්ගයේදී සහකාරියගේ ශ්‍රාවයන් කොන්ඩමය පිටත තැන්පත්ව තිබීමට පුළුවන්. මේ ඔස්සේ විෂබීජ සම්ප්‍රේෂණයට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා ටිෂූ කොලයකින් කොන්ඩමය ඉවත් කරන්න. එය පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තිබියදීම සිදු කළ යුතුයි. ඉවත් කරන ලද කොන්ඩමය කසළ භාජනයකට දමන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/01/prageeth-premadasa.png)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️