නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

Cool  එකේ ඉන්නනම් මේ දේවල් Cool  කරලා පාවිච්චි කරන්න.

Published May 19, 2025

අපි ඕනම දෙයක් ශීතකරණයක ගබඩා කළොත් එහි ආයු කාලය වැඩි වෙනව වගේම නිෂ්පාදනය නැවුම්ව පවතිනවා ඒත් මේ විදිහට නැවුම්ව තියාගන්න ශීතකරණයේ තැන්පත් කරන්න ඕන. කන බොන දේවල්ම විතරක් නෙවේ. ඔබ භාවිතයට ගන්නා බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන ශීතකරණයේ ගබඩා කිරීම ඇතැම්විට ඔබව පුදුම කරන්නක් වේවි. කල්පැවැත්ම වැඩි කරගැනීම සඳහා බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කිරීම සුදුසුයි. එවැනි අවස්ථාවක ඒ දේවල් ගබඩා කූරන්න හොඳම තැන තමයි ශීතකරණය. අපි දිනපතා භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන කිහිපයක් මෙලෙස ශීතකරණයේ තබා ගත යුතු වෙනවා.

මේ දේවල් තැන්පත් කරන්න වෙනම Cosmetic Fridges තිබුණත් ගෙදර ශීතකරණයක් තියෙද්දි මේකටම විතරක් තවත් අමතර ශීතකරණයක් මොකටද? එහෙනම් අද බියුටි පිටුවෙන් බලමු මොනවද මේ ශීතකරණයේ තැන්පත් කිරීමට සුදුසු රූපලාවන්‍ය ද්‍රව්‍ය කියල.

නිය ආලේපන ඝනවීම වළක්වා ගැනීමට

අපි ඕනෑම නිෂ්පාදනයක් විවෘත කළට පස්සෙ එය අනවශ්‍ය ලෙස බාහිර පරිසරයේ තාපයට නිරාවරණය වෙනවා. ඒ නිසා නිය ආලේපනවල ඇති ද්‍රාවක සහ රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වන අතර එය ක්‍රමයෙන් වයනය ඝන බවට පත් වෙනවා. මේ නිසා තමයි අපි නිය ආලේපන ශීතකරණයක ගබඩා කළ යුතු වෙන්නෙ. මෙයින් නිය ආලේපන නැවුම්ව පවතින අතර කල් තබා ගත හැකි කාලයත් වැඩි වෙනවා.

ඉදිමුණු ඇස්වලට ශීත කළ Eye Cream

උදෑසන අවදි වනවිට ඇතැම් අයගේ දෑස් ඉදිමුණු ස්වභාවයක් ගන්නවා. මේකට එක් හේතුවක් තමයි රාත්‍රී ආහරය ලෙස ලුණු අධික ආහාරයක් ගැනීම. මෙවැනි ඇස්වල ඉදිමුණු ගතිය ඉක්මණින් ඉවත් කරගන්න ශීතකරණයක තැන්පත් කළ අයි ක්‍රීම් එකකට හෝ අයි ජෙල් එකකට පුළුවන්. සීතල නිසා රුධිර වාහිනී අවහිර වෙනව වගේම එමගින් ඉදිමීම අඩු කරනවා.

ඉක්මණින් කල් ඉකුත් වෙන Eye liner, Mascara වැඩි කාලයක් තියාගන්න…

ඔබ දන්නවද දියර අයිලයිනර් විවෘත කිරීමෙන් පසු උපරිම ආයු කාලය මාස 6 ක් සහ මස්කාරා විවෘත කිරීමෙන් මාස 3 ක් පවතින බව? අයි ලයිනර් සහ මස්කාරාවල කල්පැවැත්ම වැඩි කර ගැනීමට දියර අයි ලයිනර් සහ මස්කාරා ගබඩා කිරීම ඉතාම අවශ්‍යයි. එමගින් ඒවා නැවුම්ව පවතිනවා. භාවිතයට පෙර අයි ලයිනර් සහ මස්කාරා සොලවා භාවිත කිරීමටත් අමතක කරන්න එපා.

ගිම්හානයේ දිය වෙන තොල් ආලේපන

ලිප්ස්ටික් ශීතකරණයක් තුළ තබා ගැනීම අත්‍යවශ්‍යම නොවුණත් ගිම්හාන කාලයේදිනම් අනිවාර්යයෙන්ම ලිප්ස්ටික් ශීතකරණයක තැන්පත් කළ යුතුයි. පිටත පවතින අධික තාපය නිසා ලිප්ස්ටික් දියවී හානි විය හැකියි. ඒ වගේම තොල් ආලේපනයේ වයනය වෙනස් වී තොල් මත නිසි ලෙස ලිස්සා යාමේ ගතිය අඩුවෙනවා. මේවායේ කල්පැවැත්ම වැඩි කරගන්න ඕනෙනම් ඔබේ ප්‍රියතම ලිප්ස්ටික් ශීතකරණයේ තබා ගැනීම සුදුසුයි.

Long lasting සුවඳකට ශීත කළ සුවඳ විලවුන්

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් සුවඳ විලවුන් තබන්නෙ කණ්නාඩි මේසය මත හෝ නානකාමර රාක්ක මත. නමුත් මෙය සුවඳ විලවුන් ගබඩා කිරීමේ වැරදි ක්‍රමයක්. ඉන් පිටත උෂ්ණත්වය, ආලෝකය සහ වාතය නිසා සුවf​ඳහි කාර්යක්ෂමතාව ඉවත් වනවා වගේම නිෂ්පාදනයේ ඇති රසායනික ද්‍රව්‍යවලටත් බලපානවා. සුවඳ විලවුන් මිලෙන් අධික නිසා ඒවා නැවුම්ව තබා ගැනීමට හොඳම ක්‍රමය තමයි ශීතකරණයක ගබඩා කිරීම. මේ ක්‍රමයෙන් විලවුන්වල සුවඳ ආරක්ෂා වෙනවා වගේම සුවඳ දිගු වේලාවක් පවත්වාගන්නත් ප්‍රයෝජනවත්.

Toner, අයි ක්‍රීම්, මොයිස්චරයිසර් සහ Face Mask

අනෙකුත් නිෂ්පාදන වගේම මේ දේවල්වල කල්ඉකුත් වීමටත් පිටත උෂ්ණත්වය බලපානවා. ශීතකරණයක තැන්පත් කළ ටෝනර් එකක් භාවිත කිරීමෙන් ඔවට නැවුම් බවක් ලබාගත හැකියි. ඒ වගේම කූල් අයි ක්‍රීම් එකකට, මොයිස්චරයිසර් එකකට පුළුවන් ඔබේ ස්නායු සන්සුන් කරන්න වගේම සමට සැහැල්ලුවක් ලබාදෙන්න. මුහුණු ආවරණ හෝ ෂීට් මාස්ක් විනාඩි 20 ක් ශීතකරණයේ තබා භාවිත කරන්න පුළුවන්.

ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදනත් කල් ඉකුත් නොවී තියාගන්න

ස්වාභාවික නිෂ්පාදනවල කල් තබා ගන්නා ද්‍රව්‍ය, පැරබීන්, සල්ෆෙට් ආදිය අඩංගු නොවන නිසා ඒවා දිගු කාලයක් තබාගන්න ශීතකරණයේ තැන්පත් කළ යුතුයි. ඉන් ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදනයක වුණත් ආයු කාලය දිගු කරනවා වගේම බැක්ටීරියා සෑදීම වළක්වනවා.

(Beauttyobsessions.com) ඇසුරින්

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ටෝනර් එකක් ගෙදර හදමු.

May 26, 2025

දිදුළන කොන්ඩෙකට Silicone Oil

May 12, 2025

ඔයත් දහඩිය දුගද නිසා අපහසුවෙන්ද

May 5, 2025

Plus Size කෙල්ලන්ටත් Match වෙන ෆැෂන් ට්ප්ස්

April 28, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?