සිලිකන් ඔයිල් එකෙන් ලැබෙන දේ ආගන් ඔයිල්වලින් ගන්න බෑ
නිතරම අවුල් වෙන අකීකරු කොණ්ඩෙ කීකරු කරගන්න එදිනෙදා භාවිත කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි සිලිකන් ඔයිල් කියන්නෙ. විටමින් A, E, B, කැල්සියම් සහ කෙරටින් අඩංගු වෙලා තියෙන සිලිකන් ඔයිල්වලින් දිදුදලන කෙස්කළඹක් ඔබට ලබාගන්න පුළුවන්. බාහිර පෙනුමේ අලංකාරය නිරතුරුවම පවත්වාගෙන යාමට සිලිකන් ඔයිල් ප්‍රයෝජනවත් වෙනවා.
බ්‍රෑන්ඩ්ස් අනවශ්‍යයි…
සිලිකන් ඔයිල් භාවිතයේදි බ්‍රෑන්ඩ්ස් ගැන විශේෂ අවදානයක් යොමු කරන්න අවශ්‍ය නෑ. නමුත් හොඳ බ්‍රෑන්ඩ්ස් ලංකාවේ වෙළෙඳපොළේ තියෙනවා. සාමාන්‍යයෙන් සෑම සිලිකන් ඔයිල් එකක්ම තියෙන්නෙ එකම ද්‍රව්‍යග
සිලිකන් ඔයිල්වල විශේෂත්වය…
බොහෝදෙනෙක් ලේසියට පහසුවට පුරුදු වෙලා ඉන්නෙ එළියට බහිද්දි පොල් තෙල් ටිකක් ගාගෙන යන්න. නමුත් පොල් තෙල් ගාලා ඉද්දි හොඳින්ම තේරෙනවා කොණ්ඩෙ තියෙන්නෙ පොල් තෙල් කියල. නමුත් සිලිකන් ඔයිල් ගෑවම එහෙම තෙල් ගාපු බවක් පේන්නෙ නෑ. ඒ වගේම සිලිකන් ඔයිල් ගෑවම කොණ්ඩෙ freezy වෙන්නෙත් නෑ. අපට ඕන විදිහට කොණ්ඩෙ හදාගන්න පුළුවන්.
සිලිකන් ඔයිල්වල අඩංගු විශේෂ UV කිරණ වළකාලන සංයෝග ත්‍රිත්ව ආරක්ෂණ පටලයක් ලෙස ක්‍රියාකරමින් හිසකෙස්වලට UV කිරණෙන් ආරක්ෂා කරනවා. මෙහි අඩංගු විටමින් E පෝෂණය නිසා අහිතකර පරිසර තත්ත්වයන්ගෙන් කෙස් කළඹට වන හානිය වළක්වනවා. කොණ්ඩෙට අවශ්‍ය තෙතමනය රඳවාගන්න උපකාරි වෙනවා.
සිලිකන් ඔයිල් වෙනුවට ආගන් ඔයිල් එපා…
ආගන් ඔයිල් එකෙන් ලැබෙන්නෙ තාවකාලික විසඳුමක්. සිලිකන් ඔයිල් එකට අමතරව ආගන් ඔයිල් එකත් කොණ්ඩෙට දාන්න පුළුවන්. නමුත් ආගන් ඔයිල් එකෙන් කොණ්ඩෙට ස්මූත් සහ දිලිසෙන ස්වභාවයක් ලැබුණත් එය තාවකාලිකයි. සිලිකන් ඔයිල් එකෙන් ලබාගන්න දේ එයින් ලබාගත නොහැකියි.
කොණ්ඩයේ වර්ණය රැකගන්න සිලිකන්…
වර්ණ ගැන්වූ හිස කෙස්වල සිලිකන් ඔයිල් ගෑවම වර්ණය හොඳින් කැපී පේනවා. ඒ වගේම කෙස් ගසේ මතුපිට කඩතොළු වසාදාන්නත් සිලිකන් ඔයිල්වලට පුළුවන්. හිසකෙස් වර්ණ ගැන්වූවිට හිරු එළියට නිරාවරණය වීමේදී එම පැහැය වියැකෙන බව කවුරුත් දන්නා කරුණක්. නමුත් සිලිකන් ඔයිල් ගැල්වීමෙන් එම ගැටලුවෙන් මිදෙන්නත් පුළුවන්. වර්ණ ගැන්වු හිස්කෙස් පැහැය විතරක් නෙවේ ස්වභාවික හිසකෙස් පැහැයත් රැකගන්න මෙම නිෂ්පාදනයක් උදව්වක්.
Straight, Curl, Rebond ඕනම කොණ්ඩෙකට…
හිසකෙස්වල සිදුකරන රසායනික ප්‍රතිකර්මවලින් කෙස් කළඹට වන හානිය අවම කරන්න සිලිකන් ඔයිල්වලට පුළුවන්.
Iron, Blow dry කරන්න කලින් සිලිකන් ඔයිල් ගාන්න…
හිසකෙස් Iron හෝ Blow dry කරන්න කලින් සිලිකන් ඔයිල් ආලේප කිරීමෙන් උෂ්ණත්වය මගින් හිසකෙස්වලට සිදුවන හානිය අවම කරගත හැකියි. අවුල් සහිත හිසකෙස්වලට පනාවේ දැතිවලට සිලිකන් ඔයිල් ටිකක් ස්ප්‍රේ කර පීරීමෙන් අවුල් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.
භාවිත කරන ආකාරය…
මේක ස්ප්‍රේ, ක්‍රීම් සහ ප්‍රෙස් කරල ගන්න පුළුවන් ආකාරයට වර්ග කිහිපයක් තියෙනවා. ඝණකමින් වැඩි ද්‍රවයක් නිසා ඉතා පොඩි ප්‍රමාණයක් පමණක් ගැල්විය යුත්තේ. බෙල්ල ගාවට කොට කොණ්ඩයකට බින්දු 2 -3 ප්‍රමාණයක් සහ දිගු කෙස් කළඹකට බින්දු 5 ක් ප්‍රමාණවත්. සිලිකන් ඔයිල් බින්දු අත්ලට දමා හොඳින් අතුල්ලා කෙස්වල ආලේප කර පිරිමැදිය යුතුයි.
Shinesheets ඇසුරෙන්
එරංදි කෞශල්‍යා ✍️