නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිංදුව ප්‍රසිද්ධ කරගන්න කකුල පෙන්නන්න ඕන නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
තරු විසිතුරු

සිංදුව ප්‍රසිද්ධ කරගන්න කකුල පෙන්නන්න ඕන නෑ

Published May 26, 2025
උරේෂා රවිහාරි

උන්නා එක ගංගාවක
රන්වන් පුංචි මාළුවෝ…
උන් කී ඒ කතන්දරේ
අක්කේ දැන් අහන්නකෝ…


නෙළුම් මල් පිරුණ වැවක බෝට්ටුවක් පදින ගමන් මේ ගීතය ගයනා කරන රෝස පාට ළමා සාරියක් ඇඳගත්ත පුංචි ගැහැනු ළමයා ඔබට මතක ඇති. ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ළඟා වූ ඒ ගීය ගැයූ මල්සර දෝණිය අද ලංකාවේ කවුරුත් දන්න අතිශය ජනප්‍රිය ගායිකාවක්. මීට අවුරුදු 33කට කලින් ගැයුණු ‘උන්නා එක ගංගාවක’ ගීය තවමත් පුංචි පරම්පරාවල ඈයන්ගේ මුවින් පවා ගැයෙන්නේ ඒ ලබපු අතිශය ජනප්‍රියත්වය නිසාමයි. ඒ දෙසවනට සනීප හඬේ හිමිකාරිය උරේෂා රවිහාරි සමඟයි අද අපේ සොඳුරු කතාබහ. කාලෙන් කාලෙට අලුත් අලුත් ගීත එක්ක පැමිණෙන ඇය සති කීපයකට උඩදි ඇගේ අලුත්ම ‘ගීතය ‘මටද ආලෙ’ එළිදැක්වුවා. අපි මේ කතාබහ ඒ ගීතයෙන්ම ආරම්භ කළා…

උරේෂා අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒක මගේ ප්‍රඩක්ෂන් එකක් නෙවෙයි ඇත්තටම. මේ දවස්වල මම මගේම ගීතයක වැඩකටයුතු පටන් අරන් තියෙනවා. ඒක වෙනස් විදිහේ වැඩක්. මටද ආලේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකෙ රූප රචනයට පෙනී හිටියෙත් මමමයි. ඒකෙ මෙලඩි එකට මම ගොඩක් ආසවුණා. වීඩියෝ එක කළේ සන්දේශ් බණ්ඩාර.

උරේෂාගේම ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

කොන්සර්ට් එකක් කරන්න අවුරුදු ගාණක ඉඳන් බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දෙත් මම ඒක කරන්න හිතන් හිටියේ. නමුත් ටුවර්ස් කීපයක් යෙදිලා තියෙනවා අවුරුද්ද පුරාම. ඒ වැඩත් එක්ක මේ අවුරුද්දෙත් කොන්සර්ට් එකක් කරන්න චුට්ටක් අමාරුයි. නමුත් ලබන අවුරුද්දේ නම් අනිවාර්යයෙන්ම මගේ කොන්සර්ට් එකක් කරනවා.

උරේෂා රවිහාරි ගායිකාවක් විදිහට ජනගත වුණේ උන්නා එක ගංගාවක ගීතයෙන්. ඒ අතීතය සිහිපත් කරමු. ගීය ගයද්දි වයස කීයද?

ඒ ගීතය ගයද්දි මගේ වයස අවුරුදු 10යි. උන්නා එක ගංගාවක ගීතයට කලින් මම චිත්‍රපට ගීත ගායනා කරලා තිබුණත් මාව ගායිකාවක් විදිහට හැමෝම අඳුනගත්තෙ මේ ගීතයෙන්. එදා සිට අද දක්වාම මම චිත්‍රපටවලට, ටෙලිනාට්‍යවලට ප්‍රසංග වේදිකාවට මගේ දායකත්වය ලබාදෙනවා.

අද වගේම එදත් මගේ ඒ මතක හරිම සුන්දරයි. තාත්තගෙ පවුල් පසුබිමත් එක්ක මට කලාව නුහුරු තැනක් වුණේ නෑ. අපේ ගෙදර නිතරම කලාකරුවන් ගැවසුණ තැනක්. මම ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ දුව වුණා කියලා මට කවදාවත් විශේෂ වරප්‍රසාද ලැබුණේ නෑ. මගේ දෙමාපියෝ මට දීපු තල්ලුව තමයි මට තිබුණ ලොකුම පහසුව.

ඔබේ පියා දක්ෂ නිවේදකයෙක්. ඔබටත් නිවේදනයට යොමු කරවන්න තාත්තා උනන්දු වුණේ නැද්ද?

මාව නිවේදන ක්ෂේත්‍රයට යොමු කරවන්න තාත්තට පොඩි කැමැත්තක් තිබුණා. නමුත් එයාලා වැඩිපුරම දැක්කේ මගේ ගායන හැකියාව. ඒ නිසා ගායනය පැත්තට මාව යොමු කරවන්න තමයි වැඩියෙන්ම මගේ දෙමාපියන්ට ඕන වුණේ. අම්මයි තාත්තයි දෙන්නම ආස වුණේ මම චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙනවා දකින්න.

මේ වෙනකල් ඔබ ගැයූ ගීත අතරින් පෞද්ගලිකව ප්‍රිය කරන ගීතයක් තියෙනවද?

මම කියපු හැම ගීතයකටම මම හරිම ආසයි. නමුත් ජීවිතේ ටර්නින් පොයින්ට් කියලා දෙයක් තියෙනවනේ. ඒ වගේ ගීත දෙකක් මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. එකක් ‘උන්නා එක ගංගාවක’ ගීතය. අනිත් එක තමයි මම චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට සම්මානිත වූ පළමු ගීතය ‘පායන ඉර’ ගීතය.

පුතා සහ සැමියා ගැන විස්තර ටිකක් කියමු…

මගේ සැමියා වෛද්‍යවරයෙක්. පුතා සසේන් ප්‍රවිවේක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ හත ශේණියේ ඉගෙනුම ලබනවා.

ගායිකාවකට සංවරය කියන දේ කොයිතරම් දුරකට බලපානවද?

ගායකයෙක්ට හෝ ගායිකාවකට අනන්‍ය දේ තමයි තමන්ගේ හඬ. රූපය නොදැක්කත් ගීතයක් ඇහෙද්දි මේ අහවලාගේ ගීතයක් කියලා කියන්න රසිකයන්ට පුළුවන් වෙන්නෙ ඒ නිසා. දැන් ගොඩක් ගීත ජනගත වෙන්නේ යූටියුබ් එකෙන් නිසා කලාකරුවෙක්ට තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ හඬ ජනගත කරන්න කකුල් එළියෙ දාන් ඉන්න අවශ්‍ය නෑ.

මම මේ කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙවේ. අනිත් කෙනා අඳින විදිහ මට අදාළම නෑ. ඕනම ක්ෂේත්‍රයක කාන්තාව කියන චරිතය සංවර වුණොත් එයාට ආදරය වගේම ගරුත්වයත් ලැබෙනවා. ඇඳුමෙන් විතරක් නෙවේ තමන්ගේ අභ්‍යන්තරයෙත් ඒ සංවරකම තියෙන්න ඕන. හැම කෙනෙක්ගෙම ගෞරවය ලබන එක පහසු නෑ. කාන්තාවක් තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන ක්ෂේත්‍රයේ ගමනක් යන්න ඕන.

උරේෂා ගායිකාවක් නොවුණා නම් කවුරු වෙන්න ඉඩ තිබුණද?

සමහරවිට මම ගුරුවරියක් වෙයි. එහෙමත් නැත්නම් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරයි.

ගායිකාවකගේ භූමිකාවෙන් බැහැර වුණාම ගෘහණියක් විදිහට ඔබේ වැඩකටයුතු කොහොමද කෙරෙන්නෙ?

කාන්තාව කියන චරිතයට වගකීම් රැසක් තියෙනවා. ගෘහ මූලිකයා පිරිමියෙක් වුණාට හැමදේම පාලනය වෙන්නෙ, කළමනාකරණය වෙන්නෙ කාන්තාවකගේ අතින්. ගෙදරක සේවිකාවක් හිටියත් අපි උයන්න දන්නැත්නම් අපි කොහොමද ඒ සේවිකාවට කියන්නෙ මේ දේ මේ විදිහට උයන්න කියලා? මට අම්මා පොඩි කාලෙ ඉඳන්ම කියපු දෙයක් තමයි ඔයා කවදහරි රස්සාවක් කරනවා වගේම උයන්නත් ඉගෙනගන්න කියලා.

මට අවුරුදු 12දි වගේ අම්මා මට උයන්න ඉගැන්නුවා. මමත් ආසාවන් උයන්න පුරුදු වුණා. මුලින්ම අම්මගෙන්, පසුකාලීනව අන්තර්ජාලයෙන්. උයන්න ඉගෙනගත්ත නිසා මට මගේ මහත්තයට, දරුවට උයලා දෙන එක පහසුයි.

ගෙදර හැම වැඩක්ම මම හරිම පහසුවෙන් කරනවා. ඒ මං පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් පුරුදු වුණ විදිහ නිසා. ගායිකාවක් විදිහට මොනතරම් කාර්යබහුල වුණත් පෞද්ගලික ජීවිතේ හැමදේම මම සමතුලිතව කරගෙන යනවා.

අම්මා එක්ක කතාබහ ඉවර වෙලා අපි ඊළඟට කතා කළේ මේ සුන්දර කලාකාරිණියගේ ආදරණීය පුතා එක්ක…

සසේන් කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා.

අම්මට වගේම සසේන්ටත් සින්දු කියන්න පුළුවන් කියලා ආරංචියි

ඔව්. අම්මට වගේම මටත් ගායන හැකියාවක් තියෙනවා.

මොකද්ද සසේන්ගෙ කැමතිම විෂය?

ICT

අම්මා ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්නේ, ඒ වගේ කෙනෙක්ගෙ පුතෙක් වෙන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නෙ?

අම්මා ගැන මට ගොඩක් සතුටුයි. එයා මගේ අම්මා වුණ එක ගැනත් මට තියෙන්නෙ ලොකු සතුටක්. සමහර තැන්වලදි මේ උරේෂා රවිහාරිගෙ පුතා කියලා කට්ටිය මාව අඳුරගන්න වෙලාවල් තියෙනවා. අම්මගෙ හඬ ඕනම තැනක හඬවල් සීයක් එක්ක වුණත් මට අඳුන ගන්න පුළුවන්.

මොකද්ද සසේන්ගේ අනාගත බලාපොරොත්තුව?

තවම එහෙම බලාපොරොත්තුවක් නෑ. ඒත් තාත්තා වගේ ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් කැමතියි.

එරංදි කෞෂල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සීත අරණේ සුපුල් නාමල ඔබට සුබ ගමන්…..

June 2, 2025

ටොක්සික් රිලේෂන්ෂිප් වෙනුවට මම මගේ දරුවව තෝරගත්තා

May 19, 2025

ජීවිතේ ප්‍රශ්න ආවත් ඒ ගැන හිත හිතා දුක්වෙන කෙනෙක් නෙවෙයි මම

May 12, 2025

Miss world කිරුළ මට ලැබුණොත් රටට කීර්තියක් වගේම ඩොලර් ගෙන්නත් පුළුවන්

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?