නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩියෙන් ටයිප් කරන අයට, සරුංගල් යවන අයට හැදෙන ට්‍රිගර් ෆින්ගර් ( දකුණු අතේ දබරැඟිල්ලෙ වේදනාව )
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැඩියෙන් ටයිප් කරන අයට, සරුංගල් යවන අයට හැදෙන ට්‍රිගර් ෆින්ගර් ( දකුණු අතේ දබරැඟිල්ලෙ වේදනාව )

Published November 13, 2023

ධාරානිපාත වැහි මැද්දෙම ආයෙමත් හොරිවිල ගියා. වෙද ගෙදර බන්දුගෙ ත්‍රීවිලරේට පිං සිද්ධ වෙන්න වැස්සට නොතෙමී ගෙට ගොඩවෙන්න ලැබුණා. වැසි මධ්‍යයේම සැලකිය යුතු රෝගීන් පිරිසක් ප්‍රතිකාර ගන්න ඇවිත් හිටියා. සන්ධි සහ ස්නායු රෝග සඳහා තමයි වැඩිම දෙනා. ඔය අතරේ හිටියා වෙනස් ලෙඩෙක්. එයාගේ ආබාධය තියෙන්නේ දකුණු අතේ දබර ඇඟිල්ලේ.

මොකද ඇඟිල්ලට වුණේ? උළුක් වෙලා ගණන් ගන්නෙ නැතුව හිටියද ගොඩ වෙදකම් කර කර වෙද මහත්තයා ප්‍රශ්න කළා.

නැහැ වෙද මහත්තයා, මොකක් වෙලාද කියලා හිතා ගන්න බැහැ. අවුරුදු තුන හතරක ඉදලා තිබුණා. මේ වතාවෙ තමයි වැඩිවුණේ හොදටම.ඒ කියන්නෙ අවුරුද්දක් ගානෙ ඇති වෙන ආබාධයක්.

මොන මාසවලද එන්නෙ ලෙඩේ.

ගිය මාසෙ තමයි වුණේ. අගෝස්තුවෙ මැද ඉදලම ටික ටික තිබුණා.

මොකක්ද මේ අවුරුද්දකට සැරයක් එන අමුතු ලෙඩේ? මොකක්ද කරන රස්සාව?

මූදු යන එක තමයි…. අගෝස්තුවෙ කරන්නෙ වැල්ලෙ සරුංගල් විකුණන එක. ලොකුම සරුංගලේට තෑග්ග හම්බ වෙන්නෙත් ලෙඩා කිව්වේ බොහොම ආඩම්බරෙන්. ඔහෝ…. බර සරුංගල්… ඔය තියෙන්නේ ලෙඩේට හේතුව. කිලෝ එකක් විතර බර ඇති සරුංගලේ

ඊට වැඩියි

හරිනෙ ඉතින්…. දබරැඟිල්ලෙන් නේද නූල මාහන්නේ? සරුංගලේ බර දෙගුණ තෙගුණ වෙනවා උඩදි හුළං බදන කොට. අගෝස්තුව ඉතින් සරුංගල් මාසෙනෙ.

රෝගය පිළිබද නිගමනයකට ආවා.

අපේ පත්තර මහත්තයත් ආපු එක හොඳයි. මේ සතියේ මේ ලෙඩේ ගැන ලියමු.

මොකක්ද ලෙඩේ?

මේකට ඇලපති වෛද්‍ය කර්මයේ කියන්නෙ ‘ට්‍රිගර්’ කියලා. ට්‍රිගර් කියන්නේ තුවක්කුවේ කොකා ගස්සන කොටසට. කොකා ගස්සන්නේ දබර ඇඟිල්ලෙන්. ඒ නිසා මේ ආබාදෙට ට්‍රිගර් කියලා නම දාන්න ඇති.

මොකක්ද මේ ආබාධයේ ස්වභාවය?

මේ ලෙඩාගෙ ඇඟිල්ලට ලොකු තෙරපුමක් එනවනෙ කරන රස්සාව නිසා. ට්‍රිගර් කියල නම දාලා තිබුණට කොකා ගස්සන වෙඩික්කාරයන්ට විතරක් නෙමෙයි මේ ආබාධය එන්නෙ. දීර්ඝ කාලීනව ටයිප් කරන අයටත් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා. දබර ඇඟිල්ලටම නෙමෙයි, නිරන්තර තෙරපුමක් පීඩාවක් එන ඕනෑම ඇඟිල්ලකට එන්න පුළුවන්.

ඇඟිල්ලේ කොතනටද වේදනාව එන්නෙ?

ආබාධය ඇතිවෙන්නේ ඇඟිල්ල සහ අල්ල අතර තියෙන සන්ධියට. නමුත් වේදනාව ඇඟිල්ල දිගට පැතිරෙනවා. සන්ධියේ පුරුක් ඇදීම, ඛණ්ඩරා සහ පේශීවලට හානිවීම හේතුවෙන් තමයි මෙය ඇති වෙන්නේ. ස්නායුව ඉදිමීමක් සිද්ධ වෙනවා.ඇඟිල්ලක් වගේ පොඩි තැනක ආබාධයක් නිසා කවුරුවත් මේක ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඔහේ මොනවා හරි තෙල් ටිකක් උලනවා විතරයි. ඒකෙන් වෙන්නේ බන්ධතීවලට තව තවත් හානි වෙන එක විතරයි.සමහරු කරන දෙයක් තමයි, තෙල් හොඳට ඇඟට උරාගන්න කියලා රත්වෙනකම් තදින් අතුල්ලන එක. ඔබතුමා කියන විදිහට ඒක නරකයි.

ආයෙ නැතුව…. එහෙම කළාම පීඩාව දෙගුණ තෙගුණ වෙනවා. එහෙම රත් වෙනකම් ඇතිල්ලුවාම තෙල් උරා ගන්නෙ නැහැ. අතුල්ලන කෙනාගෙ අතට වේළිලා යනවා මිසක්. තෙල් ගාන්න කලින් හොදට තවන්න ඕනෙ. ඉන් පස්සේ රෝම කූප හොදින් විවර වෙනවා. ඊළඟට හෙමිහිටි තෙල් ගාලා තමයි මැල්ලුමක් හරි පත්තුවක් බඳින්නෙ. ඒ දෙක නැතත් තෙල් ගාන්න ඕනෙ අර විදිහට තමයි.

අලුත් නමක් වුණත් ට්‍රිගර්වලට හෙළ වෙදකමේ ස්ථිර ප්‍රතිකාර තියෙනවාද?

අනිවාර්යයෙන්ම!

වෛද්‍යාචාර්ය
සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර



 

TAGGED: health, horiwila weda gedara, nerve, Trigger finger
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?