නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ආර්ථිකව අස්ථාවර නොවී ජීවත්වෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ආර්ථිකව අස්ථාවර නොවී ජීවත්වෙන්න

Published October 30, 2023

අද ආගමන විගමන කාර්යාලයක් අසල නිතරම දිගු පොලිම්. ඒ අතර වැඩිපුරම සිටින්නේ අපේ රටේ ජව සම්පන්න තරුණ තරුණියන්. විදේශගත වෙන්න තීරණය කළේ ඇයි ඇහුවොත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර “අපේ රටේ පවතින දේශපාලන තත්ත්වය, ආර්ථිකය අස්ථාවර නිසා ඔවුන්ට අනාගතයක් නැති නිසා අකමැත්තෙන් වුනත් මේ තීරණය ගත්තා “ඒ අතරම අද වනවිට දේශපාලනය යන වචනයත් බොහෝ දෙනාට අප්‍රියයි. මේ සියල්ල සමග කෙසේ හෝ අපිට හෙට දවසට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදුවනවා.

මහජනතාවගේ සුබ සිද්ධියට රාජ්‍ය පාලනය බලපානවා. ධාර්මික සහ සෞභාග්‍යමත් සමාජයක් වෙනුවෙන් පාලනයේදී අනුගමනය කළ යුතු යම් යම් උපදෙස් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සේක.ඒ වගේම ගිහියෙක් ලෙසින් අපි රජය වෙනුවෙන් ගෙවිය යුතු බදු පැහැර හැරීම සුදුසු නැති බවත් රජතුමා විසින් යටත් වැසියන්ගෙන් මල නොතලා රොන් ගන්නා බඹරුන් ලෙසින් බදු අය කළ යුතු බවත් උන්වහන්සේ දේශනා කළ සේක. රාජ්‍යත්වය වෙනුවෙන් අනුමත දශ රාජ ධර්මය, ලිච්ඡවීන්ට ලබාදුන් උපදෙස් මේ සියල්ල තුළ පාලනය සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.

අධම්මික රාජ සුත්‍රයේදී දේශනා කළ අන්දමට රටක් සෞභාග්‍යමත් වීමට නම් රජතුමා දැහැමි විය යුතුය. එතැනින් පසු අමාත්‍ය මණ්ඩලය, පුරෝහිතයන් ආදී ලෙසින් සමස්ත ධුරාවලියේම ගොඩනැගෙන සම්බන්ධතාවන් යටත් වැසියන් දක්වාම බලපානවා. ඒ නිසා රටක පැවැත්මට නම් රාජ්‍ය පාලනයේ පැවතෙන ධාර්මික බව සහ කළමනාකාරීත්වය අනිවාර්යයෙන්ම බලපානවා.

රාජ්‍යත්වය අධාර්මික වූ විට හිරුසඳු පවා විෂම වෙන බැවි ඉහත සුත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම ගව රැලක පවා ඉදිරියෙන් ගමන් කරන ගවයා ඇදයට ගමන් ගන්නේ නම් පසුපසින් යන ගවයන්ද ඇදයට ගමන් කිරීම සිදුවනවා. ඒ නිසා රාජ්‍ය පාලනයේ පවතින කාර්යක්ෂම බව රටක පැවැත්මට එකහෙලාම බලපාන සාධකයක්.

අපි තවමත් යැපෙන්න බලා සිටින පිරිසක්. නමුත් බෞද්ධයන් විදිහට අපි නිතරම අපේ රටේම ජීවත් වෙන ජන වර්ගයන්ට අපහාස උපහාස කරනවා. ඔවුන් ආර්ථිකය අල්ලා ගන්නවා, කපටිකමින් පාරිභෝගිකයන් ඩැහැ ගන්නවා මේ වගේ විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් අපට වැරදුණේ කොතැනද සොයන්නේ නැහැ.

ඈත අතීතයේ පටන් අපේ රටේ සහනාධාර ලබා දුන්නා. ජනසවිය, ආහාර මුද්දර, සමෘද්ධි, අස්වැසුම මේ විදිහට විවිධ නම්වලින් ලබා දුන්නත් තවමත් අපි එක තැන.සමාජයක් සහනාධාර මත යැපෙන්න අවශ්‍ය නැහැ. සම්පත් සීමිත වුණොත් අගයක් ලැබෙනවා. අතීතයේ අපේ අත්තම්මලා කිව්වා වගේ අත සෙලෙව්වොත් තමා කට සොලවන්න ලැබෙන්නේ. ඒ වුණත් අද අපේ අය සොයන්නේ අත නොසොල්වා කට සොලවන්න.

පන්සලෙන් උදව් නැහැ…

මේ අපේ බෞද්ධයන් නිතර නගන චෝදනාවක්. පල්ලියෙන්, කෝවිලෙන් ඔවුන්ගේ ආගමිකයන්ට උදව් කරනවා. පන්සලෙන් අපට කිසිම උදව්වක් නැහැ. බුදුදහම නිවන් මගට යොමු කරන ධර්ම මාර්ගය පෙන්වා දෙන දර්ශනයක්. එපමණක් නොවෙයි ගිහියෙක් විදිහට ජීවිතය ගොඩ නගාගැනීමට අවශ්‍ය ඉගැන්වීම් සියල්ල අපට බුදුදහමෙන් කියා දෙනවා. ව්‍යග්ගපජ්ප සුත්‍රයට අනුව ලෞකික ජීවිතය හැඩගසා ගැනීමට බොහෝ කරුණු පෙන්වා දී තිබෙනවා.

උට්ඨාන සම්පදා

කුඩා දරුවෙකුගේ පටන් අපි හැම දෙනෙකුටම උට්ඨාන සම්පත්තිය අවශ්‍යයි. පාසල් දරුවෙක් වුණත් අධ්‍යාපන කටයුතුවලදී උත්සාහයක් නොමැති වුණොත් විභාග අසමත් වෙලා මෙලොව වශයෙන්ද ඔවුන්ගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. වෘත්තියක, ව්‍යාපාරයක නිරත වන පුද්ගලයෙකුට වුණත් මෙය සාධාරණයි.

ආරක්ඛ සම්පදා

උට්ඨාන සම්පත්තියෙන් උපයන දෙය ආරක්ෂා කර ගැනීමත් වැදගත්. බුදු රජාණන්වහන්සේ උපයන ධනය ආරක්ෂා කරන අන්දම ගැනත් අපට දේශනා කර තිබෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයට අනුව උපයන ධනය කොටස් හතරකට බෙදාගෙන එක් කොටසක් පරිභෝජනයටත් දෙකොටසක් තමන්ගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙනුත් ඉතිරි කොටස අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමටද උපදෙස් ලබා දී තිබෙනවා.

ඒකෙන භෝගේ භුඤ්ජෙය්‍ය-ද්විහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධාපෙයිය-ආපදාසු භවිස්සති

මේ සරල සුමට ආර්ථික සමබරතාව අද අපි ආර්ථික විද්‍යාව නමින් හඳුන්වන විද්‍යාව බිහිවීමටත් පෙරාතුව දේශනා කරන ලද්දක්. අතීතයේ වෘත්තීන් ලෙස සැලකුන රාජ්‍ය සේවය පදනම් කරගෙන මෙම කරුණු දේශනා කරනු ලැබුවා. මෙම කරුණු අද අපේ පවුලටත් ආදේශ කරගන්න පුළුවන්. ඔබ සැමියා, බිරිඳ, දරුවන් සමග පවුල් ජීවිතයක් ගොඩ නගාගන්නවා.

එහිදී ආර්ථිකය සමබරව පවත්වා නොගතහොත් එතැන අර්බූද ගොඩ නැගෙනවා. ආර්ථිකය පිරිහුණවිට පෝෂණය පිළිබඳ ගැටලු, පෝෂණය නොමැති විට සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වනවා. එතැනින් පසුව පරිභෝජනය, සමාජ තත්ත්වය මුල් කරගෙන ගැටෙනවා. අඹු සැමියන් අතර විශ්වාසය නැතිවී නිතර ඇතිවන අඬදබර දරුවන්ටත් බලපානවා. ඔවුන්ගේ අධ්‍යාපනය පවා බිඳ වැටෙනවා. මානසික රෝගීන් බවට පත්වනවා. කරණීය මෙත්ත සුත්‍රයේ සඳහන් වෙන අන්දමට “සන්තුස්සකෝච සුභරෝච “සුභර” යනු තමාට තමාව පහසුවෙන් නඩත්තු කරගත හැකිවීමයි.

ආයෝජනයට ඉතිරි කිරීමට උනන්දු නැහැ

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අය අනුව වැය කරන්න. ඒත් අපිට අයට වඩා වැය බරයි. ඊට පස්සේ ණය වෙනවා. ණය නිසා මුදලත් මිතුරත් නැතිවන බව ඔබ දන්නවා. බුදුරජාණන්වහන්සේ අපට “අනන සුඛය” එහෙම නැත්නම් ණය නොවී ජීවත්වීමේ අගය කියා දුන්නා. රටක් වුණත් ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙන්නේ ණය නිසා. අනාගත පරම්පරාවන් තුන හතරක් ණය කරලා කියලා අපි පාලකයන්ට දොස් නගනවා. නමුත් අපේ පවුල තුළ අනවශ්‍ය විදිහට කොතරම් ණය බරක් තියෙනවාද?

අපි ක්‍රෙඩ්ට් කාඩ්, ඩෙබිට් කාඩ් විතරක් නොවෙයි ණය වෙලා ගෙදරට අනවශ්‍ය විදිහට ගෘහභාණ්ඩ ගන්නවා. ගන්න පුළුවන් හැම තැනකින්ම ණය ගන්නවා. ණය ගන්න ඉස්සරින් එය ගෙවන්න පුළුවන්ද හිතන්න ඕන. ආදායම තුළින් ණය පොලී ගවන්න විදිහක් නැහැ. ඉතින් ණය කාරයෝ එන විට හැංගෙනවා. මානසිකවත් තමන්ගේ හිතට කොයිතරම් බරක්ද?

එහෙමනම් දැන් අපි මුහුණ පා සිටින අසීරු යුගය රටේ වරදක් විදිහටම චෝදනා කිරීම සුදුසු නැහැ. අපි හැම දෙනාගේම පෞද්ගලික ජීවන රටාවේ තිබෙන වැරදි ගැනත් සිතන්න දැන් කාලය ඇවිත්. බුදුදහමට අනුව ජීවිතය හැඩ ගසා ගත්තොත් අපේ ජීවිතයේ කළමනාකරණය ගොඩනගා ගැනීම අපහසු කාර්යක් නොවේ.

පූජ්‍ය කහගල සේනානන්ද හිමි
තිස්සාරාම මහා විහාරය, අම්පාර

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: buddhism, Buddhist, loard buddha, temple
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?