නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: 2023 නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ නාර්ගෙස් ට
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරානයේ නාර්ගෙස් ට

Published October 23, 2023

2023 වසර වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය මෙවර මානව හිමිකම් ක්‍රියාකාරිණියක වූ “නාර්ගෙස් මොහමදී ” වෙත ප්‍රදානය කර තිබෙනවා. 51 හැවිරිදි ඇය ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව සිදුකරන ලද අරගලයේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. BBC පුවත් සේවය මගින් ප්‍රකාශිත 2022 වසරේ ලොව පුරා සිටින බලපෑමක් ඇති කළ හැකි කාන්තාවන් 100 (BBC’S 100 Women)දෙනාගේ ලැයිස්තුවටත් ඇගේ නම ඇතුළත් විය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නාර්ගෙස්ගේ තෝරාගැනීමට හේතු පාඨ සපයන නෝර්විජියානු නොබෙල් කමිටු සභාපතිනි බෙරිට් රීස් ඇන්ඩර්ස් සඳහන් කරන්නේ ඇය තම අරගලය වෙනුවෙන් පෞද්ගලික කැපකිරීම් රාශියක් සිදුකළ කාන්තාවක් බවය.

වසර 31 ක සිර දඬුවම් ලද ඇය කස පහර 154 කට ලක් විය. 13 වතාවක් අත් අඩංගුවට පත් වුවාය. වසරකට වැඩි කාලයක් ඉරානයේ විරෝධතා ව්‍යාපාර දියත් කළ නාර්ගෙස් ඉරාන කාන්තාවන් ලිංගිකව හා ශාරීරිකව අපයෝජනයට පත් වන ආකාරය ගැන තොරතුරු මාධ්‍ය වෙත හෙළි කළාය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය මහ්සා අමිනිගේ මරණයෙන් පසුව මහජන විරෝධතා පැතිරී ගිය අතර කාන්තාවන් වෙනුවෙන් වූ අඩන්තේට්ටම් තව තවත් සුලබ විය. මේ නොසන්සුන්තා සමග 2022 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් රජය පෙරළා දැමීමේ ඉල්ලීම් සමග විරෝධතා තව තවත් ප්‍රබල ලෙසින් රට පුරා පැතිරී යන ප්‍රවනතාවය වර්ධනය විය.

ඉරාන කාන්තාවන් විරෝධය පළකිරීම සඳහා තම හිස් ආවරණ ගලවා ගිනි තැබූහ. නිදහස ඉල්ලා කාන්තාවන් නගන හඬ මුල් කරගත් ඡායාරූප ලොව පුරා මුදාහරින ලදී. බලධාරීන් මෙම විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්ධනය කළත් කාන්තා ක්‍රියාකාරිනියක ලෙසින් ඇය තමන්ගේ න්‍යාය පත්‍රය ආපස්සට හකුළුවා ගත්තේ නැත ඇගේ මෙම දායකත්වය නිසාම 2023 වසර වෙනුවෙන් වූ සාම ත්‍යාගය ලබා ගැනීමට හිමිකම් පෑ ඇය මානව හිමිකම් ආරක්ෂක මධ්‍යස්ථානයේ (Defenders of Human Rights Center ) නියෝජ්‍ය ප්‍රධානී ලෙසින්ද කටයුතු කරනු ලබන්නීය.

බීබීසී පුවත් ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: BBC, Defenders of Human Rights Center, iran, narges
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?