නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දත් නැති කට ඩිමෙන්ෂියාවලට අත වැනීමක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දත් නැති කට ඩිමෙන්ෂියාවලට අත වැනීමක්

Published October 16, 2023

ඩිමෙන්ෂියා කී සැණින් අපේ සිහියට නැගෙන්නේ වියපත්වීම සමග ඇති වන මතකය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක්. නමුත් සමහර අවස්ථාවලදී යම් පුද්ගලයෙක් ඩිමෙන්ෂියා රෝග තත්ත්වයට පත් වෙන සංඥාවන් අපට පැහැදිලිව හඳුනා ගැනීමට පවා අපහසුයි. බොහෝ විට මෙය බාහිර පුද්ගලයන්ට නොපෙනෙන්න පුළුවන්. ඒ වුණත් සමීපව ඇසුරු කරන පුද්ගලයන්ට තමාගේ පවුලේ වියපත් සාමාජිකයෙක් ඩිමෙන්ෂියා රෝග තත්ත්වයට පත් වෙන බැව් හඳුනා ගැනීමට පුළුවන්

දත් අහිමිවීම ඩිමෙන්ෂියා රෝගීන්ට බලපානවාද?

මේයර්ස් විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය බී. යුන් සඳහන් කරන්නේ පුද්ගලයන්ගේ මුඛ සෞඛ්‍ය සහ ඩිමෙන්ෂියා අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බවයි. ඒ අනුව නීරෝගී මුඛ සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකුට වඩා දුර්වල මුඛ සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකුට ඩිමෙන්ෂියා වගේම ඇල්සයිමර් රෝග තත්ත්වය ඇති වීමේ සම්භාවිතා 1.28 % ක් වන බවයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ රෝග සහ රෝග නිවාරණය පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන අන්දමට එරට වයස අවුරුදු 65 ඉක්මවන ලද පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුගේ මුඛයේ සියලුම දත් අහිමි වන තත්ත්වයට පත්ව සිටිනවා.

පුද්ගලයෙකුට අකාලයේ දත් අහිමි වෙන්නේ ඇයි?

වැඩිහිටි අවදියේදී බොහෝ දෙනෙක් තමන්ගේ දත් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ නිසා විදුරුමස් රෝගවල මුල් තත්ත්වය හෙවත් ජින්ජිවයිටස් තත්ත්වයේදී ඇතිවන විදුරුමසෙන් ලේ ගැලීම නොසලකා සිටියොත් ඇතිවන පරිදන්ත රෝග (Periodontitis) අවට තිබෙන විදුරුමසේ පේශි හා අස්ථිවලට හානි සිද්ධ වෙනවා. මේ නිසා දත හා විදුරුමස අතර හිඩැසක් ඇති වී දත් බුරුල් වීම නිසා තමන්ගේ ස්වභාවික දත් නොදැනීම ගැලවෙන තත්ත්වයක් ඇති විය හැකියි.

ඒ වගේම දිගුකාලයක් මද්‍යසාර සහ දුම්පානයට යොමු වුණ අයගෙත් දත් මුල් දියවීම නිසා දත් හැලීමට තිබෙන අවදානම වැඩියි. මුඛ රෝග කාලයක් පුරා වර්ධනය වීමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ස්වභාවිකව පිහිටි දත් තමන්ට අහිමි වීමයි. ඇතැම් ශාරීරික රෝගාබාධ උදාහරණ විදිහට අධි රුධිර පීඩනය, අක්මා රෝග, මානසික ආබාධ සහ දියවැඩියාව වැනි රෝග වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ලබද්දී එහි අතුරු ප්‍රතිඵලයක් විදිහටත් මුඛ රෝග ඇති වෙනවා. මුඛයේ කෙළ උත්තේජනය අඩුවීම, රසය හා දැනීම අඩුවීම, ගිලීමේ අපහසුතාවය වැනි රෝග තත්ත්වයන් මුඛයේ කෙළ වියැළීමේ අතුරු ප්‍රතිඵල විදිහට සැලකෙනවා.

මේ නිසා බෝ නොවන රෝගාබාධ වෙනුවෙන් දිගුකාලීනව ඖෂධ පාවිච්චි කරන උදවිය තමන්ගේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටත් උපදෙස් ලබා ගැනීම වැදගත්. මුඛ රෝග කාලයක් තුළ හෙමින් වර්ධනය වන තත්ත්වයක්. වියපත් වීමත් සෘජු විදිහට හෝ වෙනත් ආකාරයකින් මේ රෝග තත්ත්වයට බලපානවා. මුඛ සෞඛ්‍ය පිළිවෙත් ගැන නොසලකා හැරීම නිදන්ගත මුඛ රෝගවලට බලපාන ප්‍රධානම කරුණක්. අද වියපත් ජනගහනය මේ තත්ත්වයේ ගොදුරක් බවට පත්ව සිටින්නේ ඔවුන්ගේම නොසැලකිල්ලෙන්.

දත් අහිමි වුණාම ඇති වන සෞඛ්‍ය ගැටලු මොනවාද?

දත් අහිමි වීම නිසා ඇතිවන බරපතල ගැටලුවක් වන්නේ ආහාර විකීමට තිබෙන අපහසුතාවයයි. ආහාර නිසි විදිහට හැපීමක් නැති වුණොත් ජීරණ ගැටලු ඇති වීමේ අවදානම ඇති වෙනවා.ඒ වගේම දත් අහිමි වීම නිසා ඇතිවන ආහාර විකීමේ අපහසුව නිසා ආහාර පරිභෝජන රටාව වෙනස් වන අතර එය පෝෂණය ලබා ගැනීමේදී විශාල ගැටලුවක් බවට පත් වෙන්නේ අපට අවශ්‍ය විදිහට ආහාර අනුභවයට තිබෙන අවස්ථාව මේ නිසා අහිමි වෙන නිසයි. දත් නැතිවීම නිසාත් ඇති වන මුඛයේ ආසාදිත බවත් ආහාර හොඳින් විකා ගැනීමේ අපහසුතාවයට හේතුවක්.

දියවැඩියාව රෝග තත්ත්වය මුඛයේ ආසාදනයන්ට හේතු වෙනවා. මේ ආසාදනයන්ගෙන් ඇතිවන රෝග ඉතාම දරුණු විදිහට බලපානවා. දියවැඩියා රෝගින්ගේ ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය පරිදන්ත රෝග තත්ත්වයට බලපාන අතර නිදන්ගත පරිදන්ත රෝග පාලනය නොකළොත් දියවැඩියා රෝගයේ අතුරු සංකුලතාවයන් තවත් නරක අතට හැරෙනවා.පර්යේෂණ මගින් දැන් හඳුනාගෙන තිබෙන විදිහට නිදන්ගත පරිදන්ත රෝග තත්ත්වය නිසා බොහෝ වැඩිහිටියන් CBDV (Cerebro Vascular Disease),රුමැටොයිඩ් ආත්රයිටිස්, ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන්ට පත්වීමට වැඩි අවදානමක් ඇත. වැඩිහිටි ජනගහනයෙන් 30% කට පමණ දත් අහිමි වීම නිසා ආහාර අනුභව කිරීමේ ඇති වන ගැටලු පෝෂණ ඌණතාවයන්ට බලපාන අතරම එයින් ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වීමේ හැකියාව තව දුරටත් වර්ධනය කරනවා.

( National Institute on Aging ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා







 

TAGGED: dementia, health, tooth loss
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?