නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සතර වරිගය නිවන් දැකීමට දරුවන් මහණ කරනවද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සතර වරිගය නිවන් දැකීමට දරුවන් මහණ කරනවද

Published September 25, 2023

සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ
සචීචි සරණනත්ථය
ඉමං කසාවං ගහෙත්වා
සබ්බාපේථ මං භන්තේ අනුකම්පං උපාදාය

ස්වාමීනී, සසර දුක් දුරු කොට නිවන් ලබා ගැනීම පිණිස අනුකම්පා කොට පැවිද්ද ලබා දෙනු මැනවි. බුදුරජාණන්වහන්සේගෙන් දායාද ඉල්ලා ගෙන ගිය සත් හැවිරිදි රාහුල කුමරු සසුන්ගත කිරීමත් සමග සුද්දෝධන රජතුමා මහත් සේ කනස්සල්ලට පත් වුණා. එකම පුතු මෙන්ම පුංචි මුනුපුරාද සසුන්ගත වීම නිසා අනාගත රාජ්‍යත්වයේ හිමිකරුවන් අහිමි වීමේ අවදානම නිසා රජතුමා බුදුරජාණන්වහන්සේගෙන් දෙමව්පියන් අනුදැනුම නොමැතිව දරුවන් මහණ නොකරන ලෙසට ඉල්ලීමක් කළ අතර බුදුරජාණන්වහන්සේ එය පිළිගත්තා.

කුඩා කිරි දරුවන්ට පැවිද්ද අනුමත නැත

සම්බුද්ධ ශාසනයේ විනය අනුව ශබ්ද නගා කපුටෙක් එළවීමේ හැකියාව ඇති දරුවා පැවිදි භුමියට සුදුසුයි. පන්සලේ වතාවත් පුහුණු විය යුතුය. අතීතයේ පවුලක පිරිමි දරුවන් තුන් හතර දෙනෙක් සිටි නිසා පින්වත් මව්පියන් විසින් ඔහු සසුනට පූජා කළා. අද පවුලක දරුවන් සිටින්නේද දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනකේ පමණි. මේ තත්ත්වය ශාසනයටත් ගැටලුවක් වී තිබෙනවා. බොහෝ පන්සල් වැසී යන්නේ පැවිද්දට සූදානම් කුලදරුවන් අඩු වීම නිසාය.

මව්පියන්ගේ අනුදැනුම ඇතුව දරුවන් සසුන්ගත කිරීම වරදක්ද?

චීවරයක් දැරීම මහත් වූ කුසලයක්. ඒ වෙනුවෙන් පෙර පින් තිබීමත් හේතු වෙනවා. සමහර පුද්ගලයන් කොතරම් දාන, ශීල, භාවනා පිංකම් කළත් සසුන්ගත වීමේ කැමැත්තක් සිතේ ඇති වන්නෙ නැහැ. එයින්ම අපට පෙනී යන්නේ මහණ දම් පිරීම වෙනුවෙන් හිතේ කැමැත්තක් හැම දෙනාටම නොමැති බවයි.

දෙමව්පියන්ටත් දරු සෙනෙහසෙන් දුරස් වීම අපහසුයි

දරුවන් කොතරම් උස් මහත් වුණත් මව්පියන්ට ඔවුන් සමග වූ බැඳීම් දුරස් කිරීම අපහසුයි. යම් පුද්ගලයෙකුට දරුවන්ගෙන් දුරස් වී සසුන්ගත වීමට හිතේ පෙළඹවීමක් ඇති වීමත් එක්තරා ආකාරයකට ප්‍රාතිහාර්යක්. එය එසේ මෙසේ හැකියාවක් නොවෙයි. දරුවෙකුට මව්පියන්ගෙන් දුරස් වීමට වඩා මව්පියන්ට දරුවන්ගෙන් දුරස් වීම දරා ගැනීම වඩාත් අපහසුයි.

සතර වරිගයම නිවන් දකින්නට සිතා දරුවන් පැවිදි බිමට ඇතුළත් කරනවා නම්

දරුවෙක් ශාසනයට පූජා කිරීම සතර වරිගයම නිවන් දකින පිං කමක් නිසාම දරුවෙක් පැවිදි කිරීම ගැන විවිධ මතවාද ඇති වෙනවා. දරුවෙක් සසුන්ගත වීම සමග ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන් සහ ඥාතී හිත මිත්‍රාදීන්ද ශාසනික බවට පත් වෙනවා. ඔවුන්ද පන්සල ඇසුරු කරනවා. දාන පිංකම් කරනවා. ශීලාදි ගුණ දම් පුරනවා. භාවනානුයෝගීව සිටිනවා.

එලෙස ගුණධර්මවලට යොමු වී ඔවුන්ද ධර්ම මාර්ගයට යොමු වෙනවා. සතර වරිගයම නිවන් දකිනන්ට අවශ්‍ය වාතාවරණය දරුවෙක් සසුන්ගත වීම සමග සිදුවන ක්‍රියාවලියක්. එසේ නොමැතිව දරුවා සසුනට පූජා කළ පමණින් සතර වරිගයටම නිවන් දකින්නට හේතු වාසනා ලැබෙන්නේ නැහැ.

දරුවෙක් සසුන්ගත කිරීම ළමා අයිතියක් උදුරා ගැනීමක්ද?

මව්පියන්ගේ අනුදැනුම ඇතුව දරුවෙක් සසුන්ගත කිරීමේදී දරුවාගේ කැමැත්ත අවශ්‍යයි. මේ කැමැත්ත විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. සිඟාලෝවාද සුත්‍රයේ මව්පියන් විසින් දරුවන්ට ඉටු කළ යුතු යුතුකම් ගැන දක්වා තිබෙනවා. බොහෝ අය තර්ක කරන්නේ දරුවෙක් සසුන්ගත කිරීමෙන් මව්පියන් තමන්ගේ යුතුකම් පැහැර හැරීමක් සිදු කරන බව වුණත් ඒ අදහස වැරදියි.

දරුවෙක් සසුන්ගත කිරීමත් සමග ඔහුට හෝ ඇයට ශාසනය තුළ විශාල ආරක්ෂාවක් ලැබෙනවා. උපාධ්‍යායන් වහන්සේ නමක් යටතේ ගුණදම් පුරනවා. ඒ බැඳීම පියෙකුට සමානයි. එතැන් පටන් ගිහි මව්පියන් සමග සම්බන්ධතාවය ගිලිහී ගියත් පියෙකු සේ පුංචි හාමුදුරුවන්ගේ ආරක්ෂාව සැලසෙනවා.

ඒ වගේම ගිහි පිංවතුන්ද කුඩා ස්වාමින්වහන්සේලාට දරුවන්ට සේ ලෙන්ගතුව හා වරදක් දුටු තැන ආදරයෙන් කියා දීම වැදගත්. වැඩිහිටි ස්වාමින්වහන්සේලාටත් ගිහි පින්වතුන්ගේ මව්පියන් සේ සලකා උපස්ථාන කිරීම විය යුතුයි. සිඟාලෝවාද සුත්‍රයේ ගිහි පැවිදි සම්බන්ධතාවය ගැන පෙන්වා දී තිබෙනවා.

වැඩිහිටි වයසේදී සසුන්ගත වීම

සිවුරක් තිබූ පමණින් මහණ විය නොහැක. ගුරුවරයෙකු යටතේ ශික්ෂණය ලබා සුදුසුකම් සපුරා ගත යුතුය. එසේ නොවී වෙනත් අරමුණු මත චීවරධාරී වුණ වැඩිහිටි පැවිද්දෝ අදටත් දක්නට ලැබේ. ඔවුන් වැඩිහිට ජ්‍යෙෂ්ඨයන්ට ගරු නොකරන සංවරශීලී නොවුණ ත්‍රිපිටක දැනුම වනපොත් කළ සසුනට හානිකර පිරිසකි. ඔවුන් අනුන්ගේ ගවයන් රකින ගොපල්ලන් මෙනි. නිර්වානගාමී පිළිවෙත් අමතක කළ පිරිසකි.

බුද්ධ කාලයේ වැඩිපුර පැවිදි වූයේ ළමුන් හා තරුණයන් මිස වැඩිහිටියන් නොවේ. එයට හේතුව වඩාත් නීරෝගී ප්‍රබුද්ධ පුද්ගලයෙකුට ශාසනික වත්පිළිවෙත් පිරීමේ ශක්‍යතාවය වැඩි බැවිනි. මහණ වීමට පෙර වසරක් පමණ අවාසයේ පරිවාස කාලයකි. ඒ සීමාවේදී අරුණට පෙර අවදි වීම, බෝමලුව ඇමදීම, ගාථා කටපාඩම් කිරීම, උණුපැන් තැබීම, බුද්ධ වන්දනාව, පිරිත් සජ්ජායනාව ආදී බොහෝ දේ දින චර්යාවට ඇතුළත්. මේ විනය තුළ භික්ෂු සංස්ථාව ගොඩ නැගෙනවා.වර්තමානයේ දකින බොහෝ හිමිවරු උගත් භික්ෂුන්වහන්සේලා කුඩා කල පැවිදිව මේ ප්‍රතිපදාවෙන් පරිණත ශික්සාකාමී තෙරුන්වහන්සේලාය.

වැඩිහිටියෙක් මහණ වන්නේ ජිවිතයේ නිස්සාර බව ගැන යම් අවබෝධයක් ඇතුවයි. නමුත් ලාබාල දරුවෙකුට ජීවිතයේ යථාර්ථය ගැන දැනුමක් නැහැ. බුද්ධ ශාසනයේ කිසිම බන්ධනයක් නැහැ. කැමැති වේලාවක සසුන්ගත වීමට වගේම කැමැති වේලාවක උපැවිදි වීමට අවසර තිබෙනවා. එපමණක් නොව චීවරයට මුවා වෙලා පස් පව් කරනවාට වඩා වීවරයයෙන් මිදී නැවත ගිහි ජීවිතයට යෑමට බාධාවක් නැහැ. පුද්ගලයෙකුට ඒ වෙනුවෙන් ස්වාධීන අයිතියක් තිබෙනවා

කිවියර, ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද
ස්වාමින්වහන්සේ
ශ්‍රී අරියනන්දනාරාමය
වේයන්ගොඩ, කටුවස්ගොඩ


පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: Arosha Jayawardena, buddhism
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?