නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ටොයිලට් එකට වඩා විෂබීජ තියෙන මොබයිල් එක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ටොයිලට් එකට වඩා විෂබීජ තියෙන මොබයිල් එක

Published September 4, 2023

අද වනවිට ඔබේ හොඳම මිත්‍රයා බවට ජංගම දුරකථනය පත්ව සිටින බැව් රහසක් නොවේ. උදේ අවදි වුණ මොහොතේ පටන් රාත්‍රි නින්දට යන තෙක් ජංගම දුරකථනය සමග ඔබ පවත්වන සම්බන්ධතාවය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසාම ජංගම දුරකථනය පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. ජංගම දුරකථන පිළිබඳ විශේෂඥයින් සඳහන් කරන අන්දමට ඔබේ අත තිබෙන දුරකථනයේ වැසිකිළියකටත් වඩා විෂබිජ තිබෙන්න පුළුවන්. ඒ නිසා ජංගම දුරකථනය පිරිසිදු කිරීමට විනාඩි කීපයක් වැය කිරීමටත් ඔබ උනන්දු වීම වැදගත්.

ජංගම දුරකථනයක් පිරිසිදු කරන පිළිවෙල

  • මෘදු Microfiber Cloth රෙදි කැබැල්ලකින් මතු පිට සීරෙන්නේ නැති අන්දමින් පිසදාන්න.
  • මද උණුසුම් සබන් වතුර බිංදු කීපයක් යොදා ගන්න. ඔබේ ජංගම දුරකනථනය ඇපල් වර්ගයේ නම් 70% ක ප්‍රතිශතයකින් Isopropyl Alcohol හෝ Clorox Disinfecting සහිත කඩදාසි වලින් පිසින්න.
  • එසේ නොමැති නම් අවම වශයෙන් 70% ක් පමණ මද්‍යසාර රහිත පිසදැමීමේ ද්‍රව්‍ය යොදා ගන්න.
  • ජංගම දුරකථනයේ Ports කොටස පිරිසිදු කර ගැනීමට Toothpick යොදා ගන්න. ලෝහ කොටස් යොදා ගත් විට දුරකථනය අභ්‍යන්තරයේ කොටස්වලට හානි සිදු වීමට පුළුවන්. ඒ වගේම කපු cotton swabs වැනි දේ යොදා ගත් විට කෙඳි වැනි කොටස් ඉතිරි වීමට පුළුවන්.
  • දුරකථනය පිරිසිදු කිරීමට විෂබීජ රහිත පරිසරයක් තෝරා ගන්න. බොහෝ දෙනෙක් වැසිකිළියේදී ජංගම දුරකථනය සමග කටයුතු කළත් එය කොහොත්ම සුදුසු නැහැ. වැසිකිලියේ තිබෙන විෂබීජ ඔබේ ජංගම දුරකථනයේ රැදෙන්නට වැඩි අවස්ථාවක් තිබෙනවා.
  • ජංගම දුරකථනය පිරිසිදු කිරීමේදී සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න ඒ වගේම දුරකථනය චාර්ජ් කරමින් පිරිසිදු කිරීමත් නොකළ යුතුයි.
  • බොහෝ දෙනෙක් තමන් ඇඳ සිටින ඇඳුමෙන් දුරකථනය මතු පිට පිස දැමීම සිදු කරනවා. එය කිසි දිනක නොකළ යුතුයි. ඒ මන්ද ඔබේ ඇඳි වස්ත්‍රයේ තිබෙන දූවිලි අංශු දුරකථනයේ මතු පිට තැවරීමට ඉඩ තිබෙනවා.

(www.nytimes.com/ ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

TAGGED: mobile phone is clean, phone care
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?