නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පෘථිවිය තව තවත් උණුසුම් වෙයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පෘථිවිය තව තවත් උණුසුම් වෙයි

Published September 4, 2023

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ වරදට අප සියලු දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව වගකිවයත්තෝ වෙමු. එහි ප්‍රතිවිපාක දැන් සිදුවෙමින් පවති. මිනිසුන් විසින් හරිතාගාර වායු වා තලයට මුදාහරින තාක් තත්ත්වය තවත් නරක අතට හැරෙනු මිස වළකනු නොහැකිය. පොසිල ඉන්ධන දහනය කිරීම, වනාන්තර කැපීම, සතුන් බෝවීම අධික වීම, මානව ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායු නිෂ්පාදනය අධික වෙයි.

අන්තර් රාජ්‍ය මණ්ඩලය බලාපොරොත්තු නොවූ තත්ත්වයක්

අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) යනු දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතු විද්‍යාත්මකව තක්සේරු කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයයි. 2021 තක්සේරු වාර්තාවෙන් ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ නියඟ, ලැව්ගිනි, සහ අධික වර්ෂාපතනය වැනි සංසිද්ධීන් කළින් තක්සේරු කළ ප්‍රමාණය අභිබවමින් වේගයෙන් ඉදිරියට යන බවකි.

කණගාටුදායක පුවත නම් සිදුවී ඇති දේශගුණික වෙනස්කම් මතු එළඹෙන වසර සිය දහස් ගණනකටවත් ආපසු හැරවිය නොහැකි වීමයි. මානව ක්‍රියාකාරකම් මගින් නිපදවෙනසන හරිතාගාර වායු හේතුකොටගෙන දශක ගණනාවක් තිස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම මීට හේතුවයි. විසිවන සියවස තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇත. ඉදිරි දශකය තුළ මෙම වෙනස්කම් පෘථිවියේ සියලුම කලාපවලට බලපානු ඇත යනු ඔවුන්ගේ අනතුරු හැඟවීමයි.

දේශගුණික විපාර්යාස වලට ගෝලීය උණුසුම සම්බන්ධයි

අනාගත මානව ක්‍රියාකාරකම් මත දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලවල භයානක බව රඳා පවති. වැඩි හරිතාගාර වායු විමෝචනය වැඩි දේශගුණික විපර්යාසවලට හේතු වේ. මෙම අනාගත බලපෑම රඳා පවතින්නේ අප විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මත බව සිහිතබාගැනීම වැදගත්ය. නරක බලපෑම අඩුකර ගැනීමට නම් එය පාලනය කිරීමට මානව ප්‍රජාව උත්සුක විය යුතුමය.

https://climate.nasa.gov/ ඇසුරින්

සුනිල් අල්ගම

 

TAGGED: ගෝලීය උණුසුම, පෘථිවිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?