ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ වරදට අප සියලු දෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව වගකිවයත්තෝ වෙමු. එහි ප්‍රතිවිපාක දැන් සිදුවෙමින් පවති. මිනිසුන් විසින් හරිතාගාර වායු වා තලයට මුදාහරින තාක් තත්ත්වය තවත් නරක අතට හැරෙනු මිස වළකනු නොහැකිය. පොසිල ඉන්ධන දහනය කිරීම, වනාන්තර කැපීම, සතුන් බෝවීම අධික වීම, මානව ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායු නිෂ්පාදනය අධික වෙයි.
අන්තර් රාජ්‍ය මණ්ඩලය බලාපොරොත්තු නොවූ තත්ත්වයක්
අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) යනු දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුතු විද්‍යාත්මකව තක්සේරු කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයයි. 2021 තක්සේරු වාර්තාවෙන් ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ නියඟ, ලැව්ගිනි, සහ අධික වර්ෂාපතනය වැනි සංසිද්ධීන් කළින් තක්සේරු කළ ප්‍රමාණය අභිබවමින් වේගයෙන් ඉදිරියට යන බවකි.
කණගාටුදායක පුවත නම් සිදුවී ඇති දේශගුණික වෙනස්කම් මතු එළඹෙන වසර සිය දහස් ගණනකටවත් ආපසු හැරවිය නොහැකි වීමයි. මානව ක්‍රියාකාරකම් මගින් නිපදවෙනසන හරිතාගාර වායු හේතුකොටගෙන දශක ගණනාවක් තිස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම මීට හේතුවයි. විසිවන සියවස තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇත. ඉදිරි දශකය තුළ මෙම වෙනස්කම් පෘථිවියේ සියලුම කලාපවලට බලපානු ඇත යනු ඔවුන්ගේ අනතුරු හැඟවීමයි.
දේශගුණික විපාර්යාස වලට ගෝලීය උණුසුම සම්බන්ධයි
අනාගත මානව ක්‍රියාකාරකම් මත දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලවල භයානක බව රඳා පවති. වැඩි හරිතාගාර වායු විමෝචනය වැඩි දේශගුණික විපර්යාසවලට හේතු වේ. මෙම අනාගත බලපෑම රඳා පවතින්නේ අප විමෝචනය කරන මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මත බව සිහිතබාගැනීම වැදගත්ය. නරක බලපෑම අඩුකර ගැනීමට නම් එය පාලනය කිරීමට මානව ප්‍රජාව උත්සුක විය යුතුමය.
https://climate.nasa.gov/ ඇසුරින්
සුනිල් අල්ගම