නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිරෝගී වෙන්න බයිසිකල් පදින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිරෝගී වෙන්න බයිසිකල් පදින්න

Published August 28, 2023

නිරෝගී සිරුරක් වගේම මානසික සහනයක් ලබාදෙන්නත් ව්‍යායාමවලට පුළුවන්. ව්‍යායාම කිරීමේදී අපේ තෝරාගැනීම් විවිධයි. තමන්ගෙ නිවසේ හෝ කායවර්ධන මධ්‍යස්ථ ස්ථානයක වගේම බාහිර පරිසරයේ නිස්කලංක සුන්දර ස්ථානයක ව්‍යායාම කරන්නත් අපි තෝරගන්නෙ ඒ නිසයි. අවට පරිසරයේ සුන්දරත්වය විඳිමින් ව්‍යායාම කරන්න කැමති ඔබ අතර බොහොම ජනප්‍රිය ව්‍යායාමක් විදිහට බයිසිකල් පැදිම හඳුන්වා දෙන්න පුළුවන්.

ඔබේ හදවත නිරෝගී කරයි…

ව්‍යායාම කිරීමේදී හොඳින් හුස්ම ගැනීම හා පිට කිරීම සිදුවන නිසා ඒ මඟින් පෙනහළු වල ධාරිතාවය වැඩි කරනවා.බයිසිකල් පැදිම ඔබේ හදවතට හොඳ රුධිර සැපයුමක් ලබා දෙන්න උපකාරී වෙන නිසා හදවත් රෝග ඇතිවීමේ අවදානමද අඩු කරනවා.හුස්ම ගැනීමේ රටාව හොඳින් පාලනය කරමින් මුළු සිරුරටම බලපාන ව්‍යායාමයක් නිසා රුධිර පීඩනය අඩු කිරීමට වගේම කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමටත් උපකාරී වෙනවා.

සිරුරට අවශ්‍ය විටමින් D ලබා ගැනීමට උපකාරී වේ…

හිරු එළිය ස්වභාවික විටමින් D වලින් පොහොසත් බව ඔබ දන්නවා.උදේ කාලයේ බයිසිකල් පැදිම සිදුකරන විට හිරු එළියට නිරාවරණය වීම නිසා ඔබේ සමට හොඳින් විටමින් D උරාගැනීම සිදුවෙනවා.විටමින් D වෛරස්වලට එරෙහිව ආරක්ෂාවක් සපයන අතරම ඔබට මානසික සුවය ලබා දීමටත් උපකාරී වෙනව.

ප්‍රතිශක්තීකරණය ඉහළ නංවයි…

ව්‍යායාම කිරීම ඔබේ සිරුරේ සුදු රුධිරාණු මට්ටම හා ප්‍රතිදේහ මට්ටම වෙනස් කිරීමට සෘජුවම බලපෑමක් ඇති කරනවා.ව්‍යායාම කිරීමෙන් පසු ශරීර උෂ්ණත්වය වැඩිවෙන නිසා සිරුරට අනවශ්‍ය බැක්ටීරීයා වල ක්‍රියාකාරීත්වය වළක්වනවා.

බයිසිකල් පැදිමේදී මුළු සිරුරටම එක ලෙස ව්‍යායාම ලැබෙන නිසා ඉතා පහසුවෙන් ඔබේ සිරුරට ඇතුළුවන ලෙඩ රෝග සමග සටන් කිරීමේ හැකියාව වගේම ප්‍රතිශක්තියත් ලබාදෙනව.

සිරුරේ හැඩය ඔප් නංවයි…

බයිසිකල් පැදිමේදී ඔබේ අත්පා, ඉණ දෙපස, කලවා, උරහිස්, බෙල්ල හා කොන්ද ඇතුළු මුළු සිරුරම එක ලෙස ක්‍රියාත්මක වෙනව.ඒ නිසා බයිසිකල් පැදිමෙන් පමණක් වුණත් ඔබේ සිරුරේ හැඩය වැඩි කරගන්න ඔබට පුළුවන්.

උදරය ආශ්‍රිත රෝග වලට සහනය…

ව්‍යායාමවල නිරත වීම මඟින් මාසික ඔසප් වේදනාව අඩු කරගන්න ඔබට පුළුවන්.බයිසිකල් පැදිම කියන්නෙ ඔසප් කාලය තුළ පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාමක්.ඒ වගේම බයිසිකල් පැදිමේදී වේගයෙන් හුස්ම ගැනීම නිසා හෘද ස්පන්දන වේගය වැඩිවී බඩවැල් ආශ්‍රිත මාංශපේෂි හැකිලීමකට ලක්වෙනවා.ඒ නිසා බඩ පිපීම, කොර වීම වැනි තත්ත්වයන්ගෙන් සහනය ලැබෙනවා.

මානසික සුවයක් ගෙනදීම…

බයිසිකල් පැදීම කියන්නෙ ඔබේ පුරුදු ඒකාකාරී පරිසරයෙන් බැහැර වී කරන ව්‍යායාමයක්. ඔබේ එදිනෙදා ජීවිතයට වෙනසක් එක් කරන්න වගේම කාර්යබහුල ජීවන රටාවෙන් ඇතිවන මානසික පීඩනය අඩු කරන්නත් කෙටි බයිසිකල් පැදිමකට පුළුවන් වෙන්නෙ ඒ නිසයි.

(smartlady.lk ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: cycling exercise, health, නිරෝගී වෙන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?