නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නහින දෙහින කාලේ මාස් ශුද්ධිය නතර වුණු අපේ උන්දැලා ඇටකටු ටික පරිස්සම් කරගත්තොත් හොදයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නහින දෙහින කාලේ මාස් ශුද්ධිය නතර වුණු අපේ උන්දැලා ඇටකටු ටික පරිස්සම් කරගත්තොත් හොදයි

Published August 21, 2023

මැදි වයස ඉක්මවමින් සිටින කාන්තාවන් කලබලේට පරිස්සමක් නැතිව දඩි බිඩියේ ඇවිදින ඒවයින් වැළකිලා ඉන්න තරමට ඇඟට ගුණයි. කොන්දෙ අමාරුව ගැන කතා බහ තවදුරටත් දීර්ඝ කරමින් වෙද මහත්තයා පැවසුවා. බෙහෙත් ගන්න ආපු වයස අවුරුදු පනහක විතර කාන්තාවක් අත එක්ස් කිරණ වාර්තා ගොඩක් තිබුණා. වෙද මහත්තයා ඒ ගැන සැලකීමක් නොකර ඇයගේ කොඳු ඇට පෙළේ කොටසක් පරීක්‍ෂා කළා.

‘මෙන්න මෙතන කොඳු ඇට තුනක ඩිස්ක් ස්ලිප් වෙලා’ වෙද මහත්තයා කිව්වා. ලෙඩා එක්ක ආව මහත්තයගෙ ඇස් උඩ ගියා. එක්ස්රේ එක බලපු දොස්තර මහත්තයා කිව්වෙත් ඕකමයි. ඕව කියන්න අපිට එක්ස්රේ ඕනෙ නැහැ මහත්තයෝ. කොහෙද ඉතින් සමහරුන්ට අපේ රටේ දේ වටින්නෙ නැහැනේ. බටහිර වෙදකමේ වගේ මේ ආබාධ සනීප කරන්න ඔපරේෂන් කරන්නෙත් නැහැනේ.

හෙළ වෙදකමේ අරුමය සොයා යන චාරිකාවකට ආයෙමත් සම්බන්ධ වෙන්න ලැබීමත් වාසනාවක්. අපේ නෝන මහත්තයා දැන් පනහට කිට්ටුයි නේ. හිතේ හයිය තිබුණට ඇටකටු හයිය නැති වෙන්න යන කාලෙ උදා වෙලයි තියෙන්නෙ. මහත්තයත් ඉතින් මේ වෙනස්කම් හඳුනාගෙන ඉවසීමෙන් වැඩ කරන්න හිතට ගත්තොත් හොඳයි. ඒ කතාවෙන්ම ආරම්භයක් ගන්න හිතුවා.

වෙද මහත්තයා, මොකක්ද මේ වෙනස්කම් හඳුනාගෙන කටයුතු කරන්න කියලා දීපු උපදේශය?

මේ කාලෙදි තමයි කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නතර වෙන්නෙ. ආර්ථවහරණය තමයි කාන්තාවක් තමන්ගෙ ජීවිත කාලෙදි මුහුණ දෙන අවාසනාවන්තම සිද්ධිය. මෙතැනදී කායික මානසික විපර්යාස ගණනාවක්ම සිද්ධ වෙනවා. ආර්ථවහරණය වෙන්න මාස කීපයකට පෙර ඉඳලම පූර්ව ක්‍රියාවලිය ඇරඹෙනවා. එතෙක් දින විසි අටකට වරක් සිදුවුණු මාස් ශුද්ධිය දින 30-35 අතර කාලයකට කල් යනවා. සමහර මාසවල සිදුවෙන්නෙම නැහැ. සමහරුන්ට සරු කාලයේ දී දින 3-4 අතර සිදු වූ රුධිර වහනය දින 5-10 අතර දීර්ඝ විය හැකියි. ඒ වගේම රුධිර වහනය අධික විය හැකියි. ඒක රක්ත ප්‍රදර තත්ත්වයක්. එයින් නිරක්තිය ඇතිවීමේ අවදානම එනවා.

ශාරිරීක දුබලතාවය නිසා පොඩි වැඩක් කළත් දැනෙන අධික තෙහෙට්ටුව, නිදිමත ගතිය, අලස බව, ක්‍රියාශීලී බව හීනවීම, මාංශ පේශී සහ සන්ධිවල කැක්කුම වැනි බොහෝ පීඩා ඇතිවෙනවා. වඩාත්ම හානිකර තත්ත්වයක් තමයි විවාහක කාන්තාවන්ට ඇතිවන අඹු සැමි සබඳතාවලට ඇති ආශාව නැතිවීම වගේම එකතු වීමේදී ඇතිවෙන වේදනාව. ඔය කියපු වේදනාව ඇති වෙන්නේ එකතුවීම පහසු කරවන ලිහිසි තරලය ශ්‍රාවය නොවීම නිසයි.

ඒ නිසාද මහත්තයා අර විදිහේ උපදේශයක් දුන්නේ?

අන්න හරි අපේ මහත්තයා හරි අවබෝධයක් නැතුව කටයුතු කළොත් ඔය කාරණාව පවුල් අවුල් වෙන්න පවා බලපානවා.

ඒ කිව්වෙ වෙද මහත්තයා?

මෙහෙමනේ, උපමාවට අරන් තියෙන්නෙත් ගැහැනිය. කෙසෙල් ගහටත්, පිරිමියා පොල් ගහටත් නේ. කෙසෙල් ගහ කැනක් වැටුණාම ඉවරයි. ඒ වගේ දරුවො හැදුවට පස්සෙ ගැහැනු තැන්පත් වෙනවා. තමන්ගෙ සතුට දෙවැනි තැනට දානවා. පොල්ගහ අවුරුදු අසූවක් ඵලදාව දෙනවා. අවුරුදු හතළිස් පහේදී තමයි උපරිම ඵලදාවක් දෙන්නේ. අවුරුදු අසූවෙදිත් පොල් ගහේ ගෙඩි හැදෙනවා. මේ තත්ත්වය දෙගොල්ලොම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.

කාන්තාවෝ සම්බන්ධයෙන් ලොකු අසාධාරණයකුත් කරලා තියෙනවා. සොබාදහම එයාලට ආහාරයේ තියෙන කැල්සියම් උරා ගන්න, අවශෝෂණය කර ගන්න, ඊස්ට්‍රජන් හෝමෝනය තිබිය යුතුමයි. ආර්ථවහරණයෙන් පස්සෙ මේ හෝමෝන නිෂ්පාදනයක් නතර වෙනවා. අන්න එතැනදී කාන්තා අස්ථි පද්ධතියට බරපතලම හානිය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ශරීරයේ කැල්සියම් අවශ්‍යතාව පිරිමහන්න, අස්ථිවල කැල්සියම් තැන්පතුවෙන් මුදා හරිනවා. එතකොට අස්ථි තුළ විශාල වශයෙන් සිදුරු ඇති වෙනවා. මේ තත්ත්වය හොඳින් බලා ගන්න පුළුවන්. තරුණ සහ වියපත් කාන්තාවන් දෙන්නෙකුගේ අස්ථියක හරස් කඩක් බැලුවහම. අස්ථි දුර්වලයි. අන්න ඒ නිසයි මාස් ශුද්ධිය නතර වුණු කාන්තාවො ඇද වැටීම්වලින් පරිස්සම් වෙන්න ඕනෙ. ආයෙ ඉතින් වැටුණොත් අස්ථි බිඳීමක් සිද්ධ වෙනවම තමයි. මෙතනදී භයානකම තත්ත්වය තමයි උකුළු ඇටය බිඳී යෑම.

කොඳු ඇට පෙළේ දුර්වලවීම තුළ කොන්දේ අමාරුව ශරීරයේ කුදු බව ඇතිවීම ඔස්ටියෝ ආතරයිටිස් නිසා අස්ථිවල විකෘතිතා ඇති වෙලා ඇඟිලි ඇදවීම් දෙපා අස්ථි පිටතට නෙරලා දුනු ස්වභාවය ඇති වීම ඇතුළට නෙරළා දණ හිස්වලින් පූට්ටු වීම් සිද්ධ වෙනවා.

කොන්දෙ අමාරුව කිව්වාම සම්පූර්ණ කොඳු ඇට පෙළම අයිති වෙනවද?

පොදු අර්ථයෙන් ගත්තාම උරපතු ප්‍රදේශයේ සිට උකුල දක්වා කොටස. නමුත් වැඩිම රෝගීන් පිරිසක් එන්නෙ කොඳු ඇට පෙළේ පහළ කොටසේ ආබාධවලට ප්‍රතිකාර ගන්න.

මොන වගේ වේදනාවක්ද ඇති වෙන්නෙ?

පාදවල ඇඟිලි ආශ්‍රිතව හිරියක් එනවා. යමකින් අනින ස්වභාවයේ වේදනාවක් එක්ක ඇදුම් කන ගතියත් ඇවිදින කොට පාදවල පේශී තදවීමත් එන්න පුළුවන්. ඒක නම් ටිකක් විවේක ගත්තාම නැතිවෙලා යනවා. ඔය හිරි ගතිය එක්ක එන වේදනාව දියවැඩියා රෝගීන්ටත් තියෙනවා. නමුත් ඉතින් ලෙඩ හඳුනන වෙද මහත්තයා දන්නවා දෙකෙන් කෝකද කියලා.

වියපත් අයට මෙම තත්ත්වය ඇතිවෙන්නෙ කොහොමද?

වයසට යද්දී සුසුම්නාවේ විෂ්කම්භය අඩුවෙන්න බලනවා. එතකොට කොඳු ඇට අතරේ තියෙන මෘදු කොට්ටා (අන්තර් කශේරුකා මණ්ඩල ඩිස්ක්) තැන් තුන හතරකින් විස්තාරණය වීම, ඒවායේ මෘදු බව නැතිවෙලා දැඩි වීමෙන් ස්නායුවලට පීඩාවක් ඇතිවීම වගේ කාරණා නිසා ආබාධිත පුද්ගලයාට දැඩි වේදනාවක් ඇති වෙනවා. වියපත් නිසා දරාගෙන ඉන්න අවශ්‍ය මානසික ශක්තිය අඩුවීමත් බලපානවා.

කොන්දෙ අමාරුව ගැන කතා කරන්නට බොහෝ දේ තියෙනවා. ලබන සතියේ ඒ ගැන කතා කරමු.

ආචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර

අජන්ත ජයසේකර

 

TAGGED: back pain, health, womans, මාස් ශුද්ධිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?