නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවෝ නැති අම්මලා දරු සුරතල් දැන් දැකලා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවෝ නැති අම්මලා දරු සුරතල් දැන් දැකලා

Published June 9, 2025

“මම විවාහ වෙලා අවුරුදු අටක්. ඒ මුළු කාලෙම අපි කොච්චර උත්සාහ කළත් අපිට දරුවෙක් ලැබුණෙ නෑ. ගොඩක් ප්‍රතිකාර කළා. හොඳයි කියන හැම ඩොක්ටර් කෙනෙක් ගාවටම ගියා. මගෙයි මහත්තයගෙන් අන්තිම විසඳුම වුණේ IVF හරහා දරුවෙක් ලබාගන්න එක. නමුත් අපි දෙන්නම කරන්නෙ සාමාන්‍ය රැකියා. IVF වෙනුවෙන් වියදම් කරන්න ලක්ෂ දහයක් වගේ ලොකු මුදලක් අපිට හොයාගන්න අපහසුයි. ඔය අතරේ තමයි මට රාගම රෝහලේ සුරංග හෙට්ටිපතිරණ ඩොක්ටර්ව මුණගැහුණේ. ඩොක්ටර් මටයි සැමියටයි කිව්වා රාගම හොස්පිට්ල් එකෙ පර්යේෂණ මට්ටමින් IVF  තාක්ෂණය කරගෙන යනවා, කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.අපිට වෙන විකල්පයකුත් නැති නිසා අපි ඒකට කැමති වුණා. බලාපොරොත්තු අත්හැරලා හිටපු අපි දෙන්නට දැන් බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. මම දැන් සති 28ක ගැබිණි මවක්. ඩොක්ටර් ටිරාන් ඩයස් ස්කෑන් එකේදි කිව්වා දරුවා නිරෝගීව ඉන්නවා කියලා. මේක රජයේ රෝහලකින් සැපයෙන එක වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවාවක්.”

මේ කතාව කියන්නේ නළ දරු තාක්ෂණය භාවිතයෙන් සිදුකළ රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමට මුහුණ දුන් 31 හැවිරිදි සඳලි කෝපිවත්ත්.ඇය මේ වනවිට සත් මස් ගැබිණියක්.

මෙච්චර කාලයක් අපේ රටේ IVF තාක්ෂණයෙන් දරුවන් ලබාගන්නට පුළුවන් වුණේ පෞද්ගලික රෝහල්වලින් පමණයි. දරුවන් නොමැති සාමාන්‍ය පවුල්වල කාන්තාවන්ට IVF තාක්ෂණය සිහිනයක්ම පමණක් වුණා. මොකද IVF කියන්නේ ඉහළම මුදලක් වැයවන ප්‍රතිකාර ක්‍රමයක් නිසා. නමුත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යනාංශයේ මූලිකත්වයෙන් නළ දරු තාක්ෂණය භාවිත කරමින් සිදුකරන ලද පළමු සාර්ථක ගැබ්ගැනීම පිළබඳව අද අලුත්ම කථිකාවක් ඇතිවෙලා.

මෙරටට නළදරු තාක්ෂණය හඳුන්වා දුන් අවධියේ පටන්, එනම් වසර විස්සක පමණ කාලයක් මදසරුභාවය පිළිබඳ පර්යේෂණ කරමින් දරුවන් නොමැති ගැටලුවට මුහුණ දෙන ප්‍රජාවට මෙලෙස විසඳුමක් ලබාදුන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද, සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි. මෙම වටිනා කර්තව්‍යය පිළිබඳව එම වෛද්‍යවරයා පැවසුවේ මෙවැන්නක්.

“ලෝකෙට IVF තාක්ෂණය හඳුන්වා දුන්නෙ 1978 වසරෙදි. ලුවිස් බ්‍රවුන් කියන දරුවා තමයි ලෝකෙ පළවෙනි නළ දරුවා වෙන්නේ. එදා සිට අද දක්වා මිලියනයකට වඩා බිළිඳුන් ලොව පුරා මේ තාක්ෂණය ඔස්සෙ බිහිවෙලා තියෙනවා. ලංකාවට IVF තාක්ෂණය හඳුන්වලා දුන්නෙ 2002දි. එදා සිට පහුගිය අවුරුදු 23ට IVF  ප්‍රතිකර්ම සලසන ලංකාවේ රෝහල් 10ක් පමණ තියෙනවා.

නමුත් ඒ සියලු රෝහල් පෞද්ගලික අංශයේ රෝහල්. රාජ්‍ය අංශය තුළ මේ දක්වා මේක පිහිටුවලා තිබුණෙ නෑ. යම් යම් කාලවලදී ඔවුන් උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නෑ. මේ සේවාව රාජ්‍ය අංශයෙන් ලබාදීමේ වැදගත්කම තමයි IVF  කියන්නෙ යුවලකට දරුවෙක් ලබාගන්න පුළුවන් අවසන් අවස්ථාව.කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අංශය මදසරුභාවය පිළිබඳ පර්යේෂණ කරන්න පටන්ගත්තෙ 2002 අවුරුද්දේ.

අපිට අපේ යුනිට් එකේ මදසරුභාවයට සම්බන්ධ ලේ පරීක්ෂණ, ධාතු පරීක්ෂණ කළා. කාලයක් යද්දි අපිට තේරුණා IVF තාක්ෂණය රජයේ රෝහල්වලත් වෙන්න ඕන කියලා. එයට අනුබලය සහ පහසුකම් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සැපයුවා. එහි එක් පියවරක් විදිහට 2021දි ප්‍රජනක වෛද්‍ය ඒකකය අපි පිහිටෙව්වා.

ඒ විදිහටයි IVF  ධ්‍යස්ථානය වැඩිදියුණු කරන්න අපි මූලික අඩිතාලම දැම්මෙ. අපි විවිධ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කරලා කරලා තමයි අපිට අවසානයේ සාර්ථක දරු පිළිසිඳ ගැනීමක් සිදුකර ගන්න පුළුවන් වුණේ. මේ මවට කලින් අපි තව මව්වරුන් දෙදෙනෙකුට IVF තාක්ෂණය උපයෝගී කරගත්තා. නමුත් ඒ දෙකම කෙළවර වුණේ ගබ්සාවලින්. නමුත් මේ වතාවේ එය සාර්ථකයි.

සේවාව ලබාගන්නේ කෙසේද?

මේ සේවාව අපි ස්ථාන දෙකක සිදු කෙරෙනවා. එකක් උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) ඊට අමතරව රාගම වෛද්‍ය පීඨයේ අපේ විද්‍යාගාරය තුළත් සිදුකෙරෙනවා. අපේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නෙ මේ සේවාව මහජනයාට සපයන එක. රාගම රෝහලේ මදසරුභාවය පිළිබඳ සායනයක් සෑම සිකුරාදා දිනකම සවස් වරුවෙ පවත්වනවා. ඒ සායනය තුළින් තව මාස තුනක් ඇතුළත අපි මේ සේවාව මහජනතාවට සපයන්න බලාපොරොත්තු වෙනවා. මේ සායනයෙදි IVF ප්‍රතිකර්මයට වඩාත් සුදුසු අපි රෙජිස්ටර් කරනවා.

දැනට අපි කරගෙන යන සේවාවන් ගැන කතා කළොත්, ශුක්‍රාණු තරල සාම්පලවලින් කරන පරීක්ෂණ, ශුක්‍රාණු ෆ්‍රීසින් (ශුක්‍රාණු අධි ශීතකරණයක තැන්පත් කළ අවශ්‍ය කාලයකදි භාවිතයට ගැනීම), ෂධෂ තාක්ෂණය, IVF  තාක්ෂණයෙන් දරු ඵල ලබාදීම සිදුකෙරෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිට මේ මහා කර්තව්‍යයෙදි අවශ්‍ය වුණ තාක්ෂණික දැනුම පෞද්ගලික රෝහල් ගණනාවක සහයෝගයෙන් අපට ලබාදුන්නා.

පෞද්ගලික අංශයෙන් කරනවාට වඩා 50%ක් අඩු මුදලකට

මේ සේවාව දැනට සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නට හැකියාවක් නෑ. ඒ තීරණය වෙන්නේ අපට ලැබෙන මුදල අනුව මිලදී ගන්න ඩ්‍රග්ස් ප්‍රමාණය කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන දේ මත. නමුත් අඩුම තරමින් පෞද්ගලික අංශයට වඩා 50%ක් අඩු මුදලිකට අපට අනිවාර්යයෙන්ම මේ සේවාව ජනතාවට ලබාදෙන්න පුළුවන්. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක සාකච්ඡා පවත්වලා මේ සේවාව නොමිලේ ලබාගන්නට අවශ්‍යම යුවළවලට නොමිලේ ලබාදෙන්න වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.

IVF තාක්ෂණයෙන් බිහිවෙන්නේ 100% ක් නිරෝගී දරුවන්

මෙය විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. IVF තාක්ෂණයෙන් බිහිවෙන්නේ කිසිම ගැටලුවක් නොමැති නිරෝගී දරුවන්. නළදරු උපතකට අනිවාර්යයෙන්ම සැමියගෙයි බිරිඳගෙයි දෙන්නගෙම කැමැත්තත් තිබිය යුතුයි.

මේ පිළිබඳව ප්‍රසව හා නාර්වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය,වෛද්‍ය ටිරාන් ඩයස් පැවසුවේ මෙවැන්නකි.

නළදරු තාක්ෂණය භාවිතා කරලා රජයේ රෝහලක සාර්ථකව අත්හදා බලලා අපට හැකි වුණා නිරෝගී දරුවෙකුට උපත දෙන්න. මදසරුභාවය පිළිබඳ කතා කරනකොට රජයේ රෝහල්වල ඒ වෙනුවෙන් ප්‍රතිකාර කරන පියවර කිහිපයක් තියෙනවා. නමුත් ගොඩක් උසස් තාක්ෂණයක් පාවිචචි කරලා කරන ප්‍රතිකාර ක්‍රමයක් තමයි IVF කියන්නේ මේ ක්‍රියාවලියෙදි අපට තියෙන ප්‍රායෝගික දේ තමයි ලෝකෙ ගොඩක් රටවල මේ සේවාව නොමිලේ ලබාදෙන්නෙ නෑ.

මොකද මේක ලොකු වියදමක් යන ක්‍රියාවලියක්. එංගලන්තය වගේ රටක වුණත් මේ අවස්ථාව නොමිලේ සැපයෙන්නේ තෝරාගත් කිහිපදෙනකුට පමණයි. ලංකාවේ තවමත් එහෙම සිස්ටම් එකක් නෑ.විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ කණ්ඩායමේ සුරංග හෙට්ටිපතිරණ වෛද්‍යවරයා මේ වෙනුවෙන්ම එංගලන්තයේ අවුරුද්දක කාලයක් පුහුණුව ලැබුවා. ඔහුගේ මූලිකත්වයෙන් තමයි මේ දේ අපිට ඉදිරියට අරගෙන යන්න පුළුවන් වුණේ.

ඡායාරූප – සන්නිවේදන හා මාධ්‍ය ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය

එරංදි කෞශල්‍යා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?