දියවැඩියා ස්නායු රෝගය ( Diabetic Neuropathy ) යනු දියවැඩිියාව නිසාම කාලයත් සමග රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා ඇතිවන ස්නායු හානියකි. මෙම තත්ත්වය දියවැඩියාවේ වඩාත් සුලබ රෝග සංකුලතාවක් වන අතර ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගී වැඩිහිටියන්ගෙන් 50% කට ආසන්න සංඛ්‍යාවකට බලපාන තත්ත්වයකි.ස්නායු මගින් මොළය සහ ශරීරයේ අනෙකුත් කොටස් අතර පණිවිඩ ඉදිරියට සහ පසුපසට ගෙන යනු ලැබේ. එබැවින් ස්නායු රෝග (මෙම ස්නායුවලට හානිවීම) මෙම පද්ධතියට බාධා ඇතිකරන අතර මාංශ පේශි, සම සහ රුධිර නාළවලින් මොළයට නැවත ගමන් කරන තොරතුරු නතර කරනු ලබයි. මෙය දියවැඩියා රෝගය ඇති අයට බරපතළ සංකුලතා ඇතිකළ හැකි තත්ත්වයකි. දියවැඩියාව පර්යන්ත ස්නායු රෝග ශරීරයේ අන්තයේ එනම් (දුරින් ඇති) පාද වැනි ප්‍රදේශවලට බලපාන අතර එමගින් හිරිවැටීම, වේදනාව හෝ සංවේදීතාව නැතිවීම පවා සිදු වේ.
දියවැඩියා ස්නායු රෝග වර්ග 3ක් ඇත
■ පර්යන්ත ස්නායු රෝග (Peripheral sensory neuropathy)
පාද සහ අත්වලට බලපාන අතර එමගින් අත් පා වල හිරිවැටීීම, දැවෙන වේදනාව, ස්පර්ශයට සංවේදීවීම වැඩිවීම හෝ නොදැනීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක.
■ මාංශපේශිවල දුර්වලතාව ඇතිකරවන ස්නායු රෝග (Motor neuropathy)
මෙමගින් මාංශ පේශි ශක්තිය නැති වී පාදවල හැඩයේ විකෘතිතා ඇතිවිය හැක.
■ ස්වයංක්‍රිය ස්නායු පද්ධතියේ රෝග ( autonomic neuropathy )
අභ්‍යන්තර අවයව ස්නායුවලට බලපාන අතර එමගින් ආහාර ජීරණ ගැටලු, රුධිර පීඩනය පහත වැටීම නිසා ඇතිවන කැරකැවිල්ල හා මුත්‍රා පාලනයේ ගැටලු ඇතිවිය හැක.
දියවැඩියා ස්නායු රෝගය ඇතිවීමට හේතු මොනවාද?
අධික රුධිර ග්ලූකෝස් මට්ටම ස්නායුවල රසායනික වෙනස්කම් ඇතිකරන අතර එමගින් සංඥා සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව දුර්වල වේ. අධික රුධිර ග්ලූකෝස් ස්නායුවලට ඔක්සිජන් සහ පෝෂණ රැගෙන යන අතර රුධිරනාළවලට ද හානි කෙරේ.
දියවැඩියා ස්නායු රෝග සඳහා අවදානම් සාධක මොනවාද?
- දිගුකාලීන දියවැඩියාව.(අවුරුදු 10කට වඩා වැඩි)
- රුධිරයේ සීනි පාලනය දුර්වල වීම.
- අධික කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය.
- දියවැඩියාව සම්බන්ධ වකුගඩු රෝගය.
දියවැඩියා ස්නායු රෝගය හඳුනාගන්නේ කෙසේද?
දියවැඩියා ස්නායු රෝගයක් පෙන්නුම් කරන රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයා ඔබේ දියවැඩියාව පාලනය පිළිබඳ ඇගයීමක් කරනු ඇත. ඔබේ දියවැඩියා පාලනය පරීක්ෂා කිරීමට ඔබේ රෝග ලක්ෂණ සඳහා වෙනත් හේතුවක් තිබේද? යන්න පරීක්ෂා කිරීමට ඔබට රුධිර පරීක්ෂණ කීපයක් ලබාගැනීමට උපදෙස් ලබාදෙනු ඇත. පාදවල ස්නායු රෝග හඳුනාගැනීමට දියවැඩියා පාද පරීක්ෂාවක් සිදුකළ යුතුය. ඇතැම් අවස්ථාවලදී ස්නායු සහ මාංශ පේශි පරීක්ෂා කිරීමේ විශේෂිත පරීක්ෂා සිදුකළ යුතුය.
දියවැඩියා ස්නායු රෝග වළක්වා ගන්නේ කෙසේද?
- රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කරගන්න. HbA1c අගය 7%ට වඩා අඩුවෙන් තබාගැනීමෙන් ස්නායු හානි අවදානම අඩු වේ.
- දිනපතා පාද පරීක්ෂා කරගන්න- කැපුම්, බිබිල, ආසාදන තිබෙනවාදැයි පරීක්ෂා කර බලන්න.
- දුම්පානය සහ මත්පැන් පානය කිරීමෙන් වළකින්න -මෙම පුරුදු නිසා ස්නායු රෝග උග්‍ර විය හැක.
- නිතිපතා ව්‍යායාම කරන්න -ව්‍යායාම ස්නායුවලට රුධිර ප්‍රවාහය වැඩි කරනු ලැබේ.
- සමබල ආහාර වේලක් අනුභව කරන්න -කොළ පැහැති එළවළු, සම්පූර්ණ ධාන්‍ය වර්ග සහ ප්‍රෝටීන් ආහාරයයට ඇතුළත් කරන්න.
ඔබට පහත දැක්වෙන අපහසුතාවන් ඇත්නම් වෛද්‍යවරයකු හමුවෙන්න
- නොකඩවා පවතින පාද වේදනාව, හිරිවැටීම.
- සුව නොවන තුවාල.
- හදිසි කැරකැවිල්ල හෝ ආහාර ජීරණ ගැටලු.
දියවැඩියාවේ ස්නායු සංකුලතා සඳහා කලින් ප්‍රතිකාර කිරීමෙන් පාදවල තුවාල සහ පාද කපා ඉවත්කිරීම වළක්වා ගත හැක. එමෙන්ම ඖෂධ භාවිතය තුළින් ස්නායු රෝගවල වේදනාව සමනය කරගත හැක.
දියවැඩියා ස්නායු රෝග සඳහා නිතිපතා පාද පරීක්ෂා කිරීමෙන්, නිසි පරිදි දියවැඩියා රෝගය කළමනාකරණය කිරීමෙන් හා සෞඛ්‍ය සම්පන්න පුරුදු තුළින් ඔබේ ස්නායු ආරක්ෂා කරගත හැක. ඔබට දියවැඩියාව තිබේ නම් අවම වශයෙන් වර්ෂයකට වරක්වත් පාද පරීක්ෂාවට යොමුවන්න. දැනුවත්ව සිටින්න. නීරෝගීව ජීවත් වන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️