සෑම පුද්ගලයකුගේම ජීවිතයට කුමන හෝ විනෝදාංශයක් අවශ්‍යයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒත් සමහර විනෝදාංශ අපිට ඔරොත්තු නොදෙන අන්දමින් වැය පාර්ශ්වයට නැඹුරු විය හැකියි. ධනවතුන්ගේ ආර්ථික හැකියාව අනුව ඔවුන් විසින් අනුගමනය කරනු ලබන විනෝදාංශ බොහෝ දෙනා දකින්නේ මුදල් නාස්තියක් විදිහටයි. එහි වගකීම ඔවුන්ට පවරා තබා මතභේදයට තුඩුදුන් විනෝදාංශ මොනවාදැයි සලකා බැලුවොත්…
මයික් ටයිසන්ගේ විනෝදාංශ
1966 වසරේ උපත ලද මයික් ටයිසන් ඇමරිකානු ජාතික බොක්සිං ක්‍රිඩකයෙක්. හෙවිවේට් බොක්සිං තරග 58කට පෙනී සිටි ඔහු එයින් තරග වාර 50කින් ම ජයග්‍රහනට ලබාඇත. බොක්සිං ක්‍රිඩාවේදී ‘මයික් ටයිසන්’ පිළිබඳව නොදන්නා අයෙක් නැත. එවැන්ඩර් හෝලීෆීල්ඩ්ගේ කනක කොටසක් කඩා ගැනීම නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත් චරිතයකි.
මයික් ටයිසන් විනෝදංශයක් ලෙසින් බෙංගාලි කොටියන් ඇතිදැඩි කරන අතර ඒ වෙනුවෙන් ඔහු වැයකරන ලද මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ හතරක් වේ. එපමණක් නොව බෙංගාලි කොටියන් නඩත්තුව වෙනුවෙන් මයික් ටයිසන් ඇමරිකානු ඩොලර් හාරදහසක මුදලක් වෙන්කරනු ලබයි.
බාළ කාලයේ පටන්ම පිහාටු සහිත සතුන්ට ඇලුම් කළ ඔහු සතුව දැන් පරෙවියන් එකතුවක්ද වේ. ඔහුගේ නිව්ජර්සි නුවර පිහිටා ඇති නිවසේ ඇතිදැඩි කරන පරෙවියන් සංඛ්‍යාව මේ වෙන විට 400 ඉක්මවා ඇත.තමාගේ ආර්ථික ශක්තියෙන් උපරිම ශරීර සැප විඳින මයික් ටයිසන්ගේ නාන බේසම තනි රත්තරනින් නිමවා ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් පමණ වේ.
නිකොලොස් කේජ්ගේ විනෝදාංශ
1964 වසරේ ජනවාරි 7 වැනි දින උපත ලද නිකොලොස්ගේ සැබෑ නාමය Nicolas Kim Coppola යි. ඇමරාකානු ජාතික ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ Nicolas Cage යන නමින්ය. ඇමරිකානු ජාතික නිකොලස්ගේ පියා මහාචාර්යවයකු වූ අතර මව රංගන ශිල්පිණියකි. මේ නිසාම ඔහුගේ ප්‍රතිභා පූර්ණ රංගන කෞශල්‍ය වෙනුවෙන් අවශ්‍ය හැකියාවත් වාසනා ගුණයත් උරුමයෙන්ම පැවැති හෙයින් වෙනත් සාධක අවශ්‍ය නොවීය.
නිකොලොස්ගේ විනෝදංශයන් ඉතාම අසාමාන්‍ය විය. විෂඝෝර සර්පයා දැක නෑරු මෝඩයා කිව්වත් හොලිවුඩ් තිරයේ සුප්‍රකට නළුවෙක් වන නිකොලොස් කේජ් විනෝදාංශ ලෙසින් සර්පයන් ඇතිදැඩි කරන්නෙකි. මේ වෙනුවෙන් ඔහු ඇමරිකානු ඩොලර් 2,75 000ක් වැයකොට නාගයින් දෙදෙනෙක් මිලට ගත් අතර ඔවුන් වෙනුවෙන් ‘මෝබි’ සහ ‘ෂිබා’ යැයි නම් තබා ඇත.
කිරි පොවා ඇතිදැඩි කළත් සර්පයාගේ කෘතගුණ දැක්මක් නොමැත්තා සේම මෙම සර්පයින් විසින් නිකොලොස්ට දෂ්ට කරන අවස්ථාවන්ද ඇත. එවිට ක්ෂණිකව ලබාගැනීමට ප්‍රතිවිෂද ඔහු සූදානමින් තබාගෙන සිටී. එහෙත් මේ නාගයින් නඩත්තුව අපහසු නිසාම නිකාලොස් විසින් ඔවුන් සතේවෝද්‍යානයකට පරිත්‍යාග කර ඇත.
තවත් අවස්ථාවක නිකොලොස් විසින් වෙන්දේසියකදී ඩයිනෝසර් ඔළුවක් මිලට ගත්තේය. ඇමරිකානු ඩොලර් 276,000ක ලංසුවක් දක්වා මෙම ඩයිනෝසර් හිසට ලංසු තැබීමට ඔහු උත්සුක වූයේ ඔහුගේ මිත්‍රයකු මෙන්ම චිත්‍රපට නළුවෙක් වූ ‘ලියනාඩෝ ඩිකැප්‍රියෝ’ විසින් මේ ඩයිනෝසර් ඔළුවට තරගකාරී ලෙසින් ලංසු තබන්නනට වූ නිසාය. කෙසේ වුණත් වසර මිලියන 67 ක් පැරණි මෙම හිස්කබල නිකොලස් විසින් මිලට ගන්නා ලදී. ඊට අතිරේකව මැමත් ඇත් දළයෙන් හැඩගන්වන ලද මිටක් ඇති පිහිතලයක් මිලට ගැනීමට ඔහු ඩොලර් දෙදහසක මුදලක් වැය කර ඇත.
කියවීම වෙනුවෙන් කැමැත්තක් දැක්වූ නිකොලස් ලෝකයේ ප්‍රකට චිත්‍රකතා එකතුවක් ගොඩනඟන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් වූ මෙම පොත් එකතුව, ඔහු ආර්ථික ලෙසින් බංකොලොත් බවට පත්වීම නිසා වෙන්දේසි කරන ලදී. එයින් ඔහු උපයන ලද ආදායම ඩොලර් මිලියන 1.68 ක් විය.
පැරිස් විට්නි හිල්ටන්ගේ විනෝදාංශ
1981 වසරේ පෙබරවාරි 17 වැනි දින උපත ලද පැරිස් විට්නි (Paris Whitney Hilton) හිල්ටන් මෝස්තර නිරූපිකාවක ලෙසින් සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගා ගත තරුණියකි. ඇමරිකානු ජාතික කාන්තාවක් වූ ‘පැරිස් හිල්ටන්’ ගැන ඔබ නොදැන සිටියත් ඇය ගැන මෙසේ කිව්වොත් ඔබ පැරිස් ඉතා හොඳින් හඳුනනු ඇත. ලෝකයේ හිල්ටන් හෝටල් ජාලයේ නිර්මාතෘ ‘කොනාර්ඩ් හිල්ටන්’ගේ මිණිබිරිය ඇයයි.
පැරිස් සතුන්ට ඉතා ආදරය කරන ලද කාන්තාවකි. ඇගේ පසුම්බියේ නිතරම බල්ලෙකුගේ අනුරුවක් ඇත. එපමණක් නොව තමාගේ සැපපහසු නිවසේ කොටසක මෙම බලු අනුරූ වෙනුවෙන් ඉඩකඩ වෙන්කරන ලද අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 3,25,000 ක් පමණ වැයකර ඇත.
සෙලින් ඩියොන්ගේ විනෝදාංශ
1968 වසරේ මාර්තු 30 වැනි දින උපත ලද (Céline Marie Claudette Dion) සෙලින් ඩියොන් ගායිකාවක මෙන්ම ධනවත් ව්‍යවසායකත්වයක හිමිකාරිනියද වේ. ටයිටැනික් චිත්‍රපටයේ ‘මයි හාර්ට් විල් ගෝ ඔන්’ ගීතය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් “සෙලින් ඩියොන්’ගේ විනෝදාංශය වූයේ ඇගේ මිහිරි කටහඬ ආරක්ෂා කරගැනීමයි. කටහf`ඩ් පැවැත්මට වාතයේ තෙතමනය වඩාත් අවශ්‍ය බැව් විශ්වාස කළ සෙලීන් ඒ වෙනුවෙන් මිල අධික ‘හියුමිඩිෆයර්’ උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණ වැය කර ඇත.
බෙලාල් කාලිඩ්ගේ විනෝදංශය
පලස්තීන ජාතික කලාකරුවෙක් වූ බෙලාල් කාලිඩ් (Belal Khaled) ගේ අපූරු විනෝදංශය වී ඇත්තේ මෝටර් රථ වෙනුවෙන් ටැටූ සිතුවම් කිරීමයි. මෙම විනෝදංශය දැකි ඔහුගේ කුඩා මුණුපුරා කියා ඇත්තේ අනාගතයේ විනෝදාංශය ලෙසින් තම සීයා විසින් සිතුවම් කරන ලද මෝටර් රථ මිලට ගැනීමට තමා තීරණය කළ බවයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️