නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කිරි සිනහා නොදැකීම කර්මයට බාරදිය යුතුද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කිරි සිනහා නොදැකීම කර්මයට බාරදිය යුතුද

Published April 29, 2024

විවාහයකින් පසුව දරුවකු ලැබීම ජීව විද්‍යාත්මක සංසිද්ධියක් වුණත් අදාල විද්‍යාත්මක නියමයන්ට අනුව එය හැම විටකදීම සිදු වන්නේ නැහැ. එවැනි අවස්ථාවන්හිදී අපේ ජාතක කතා සාහිත්‍යයෙන්ම ආයුධ අරගෙන පහර දෙන උදවිය අපේ සමාජයේ ඕනෑ තරම් සිටිනවා.දූපතක අතරමං වී කුරුලු බිජු ආහාරයට ගත් ප්‍රාණඝාත අකුසලය නිසා බෝධිරාජ කුමාරයාට දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි වුණා. ඒ වගේම තමන්ට දරුවන් නැති නිසා සැමියා විසින් විවාහ කරගත් කාන්තාවගේ දරුවන් මරා දැමීමේ විපාකය නිසාත් උපත ලබන ආත්මයන්හි ඒ අකුසලය විපාක දුන් බව කියැවෙන ජාතක කතා තිබෙනවා.මේ ජාතක කතාවලින් අප ආදර්ශයට ගත යුත්තේ එහි වස්තු බීජයයි. එය අපේ ජීවිතයේ යහ පැවැත්මට ආදේශ කර ගැනීම මිසක තවත් අයෙකුට පහර දීමට එය භාවිත කළ යුතු නැහැ. නමුත් අද දරුඵල නැති කාන්තාවන් දෙස බලා බොහෝ දෙනා අකම්පහල වෙන්නේ අනේ ඉතින් පූරුවේ කළ පව් තමා… පල දෙන්නේ… කියලයි.

දරුඵල වෙනුවෙන් කර්මය බලපානවාද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට අපේ ජීවිතයේ පැවැත්මට නියාම ධර්ම පහක් බලපානවා. එනම්, උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යන නියාමයි. දරුවන් ලැබීම ගැන සඳහන් කරනවා නම් කර්මයට වඩා වෙනත් හේතු ඒ අතරට ඇතුළත්.

ඒ නිසා අද දරුවන් ලැබීම වෙනුවෙන් හැකියාවක් නොමැති වුණත් වෛද්‍ය විද්‍යාත්මකව ඒ වැරදි හදා ගන්න පුළුවන්. උදාහරණ විදිහට අද කෘත්‍රිම විදිහට ගැබ් ගැන්වීම, නළ දරු ක්‍රම වගේම ගර්භාශ කුලියට ගැනීමේ වැනි ඉතා දියුණු ක්‍රම තිබෙනවා.

නමුත් අනේ අපේ පෙර පව් නිසා දරුවන් නැහැ. කියමින් සිටියොත් ඇත්තටම අඹුසැමියන්ට දරුවන් ලැබීමේ වාසනාව නැති වෙන්න පුළුවන්. ඒ හින්දා කර්මයටම ඉඩ දීලා නිශ්ශබ්ද විය යුතු නැහැ. තමන්ගේ වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගෙන දරුවන් ලැබීමට සුදුසු පරිසර සාධක සකස් කර ගැනීමේ වගකීම ඔවුනොවුන්ට තිබෙනවා.

දූපත් මානසිකත්වයක්

දරුවන් නැති තමන්ගේ ලේලියට අපහාස කිරීමත් සාම්ප්‍රදායික නැන්දා ලේලි ගැටුමේ තවත් එක් අවස්ථාවක්. ඔවුන් කිසිම දිනක පුතාගේ පැත්තට ඇගිල්ල දිගු කරන්නේ නැහැ. වඳ ගැහැනිය. ගෙදරටත් මූසලයි යනුවෙන් ඇයට චෝදනා කරනවා.

මේ විදිහට කාන්තාවකට චෝදනා කරන නැන්දම්මාත් කාන්තාවක් බව ඇයට අමතකයි. ඒ අතරට තවත් අතුරු කතන්දර එකතු කරන නෑනාවරු ඉන්නවා.ගමේ කාන්තවන්ටත් මෙය ප්‍රශ්නයක් වෙනවා. මේ හැම දෙනාම කාන්තාවන්. කාන්තාවක් විසින් තවත් කාන්තාවකට මේ විදිහට චෝදනා කරමින් ඇය මානසිකව සම්පූර්ණයෙන්ම බිඳ දැමීම අපේ ධර්ම ද්වීපයේ ලක්ෂණයක් බවට පත්වෙලා.

බටහිර මීට වෙනස්

දරුවකු ලබන්න කිසිසේත්ම හැකියාවක් නැති කාන්තාවක් සිටිනවා නම් ඇයට දරුකමට දරුවකු හදා ගන්න පුළුවන්. ඇමරිකාවේ එක් කාන්තාවක් සිටිනවා. ඇය දරුවන් හතර දෙනෙක් හදා වඩා ගන්නවා. මේ දරුවන් හතර දෙනාම ආබාධිතයි. අපේ රටේ නම් දරුවෙක් හදා ගන්නේ තමන්ගේ අනාගතයට උදවු උපකාර ගැනීමට වුණත් මේ කාන්තාව කියන්නේ කාගේ කවුරු වුණත් දරුවෙක්. ඒ නිසා ආබාධිත වුණත් මේ දරුවන් හතර දෙනාම දරුවන්.

හදාගන්නා දරුවන්

අපේ රටේ දරුවකු හදාගන්න ගියත් එතැන ප්‍රශ්නයක්. එක පැත්තකින් රහසක් විදිහට තබා ගන්නවා. තවත් පැත්තකින් පහර පිට පහර දෙනවා. ඔය දරුවාගේ අම්ම තාත්තා කවුද දන්නේ නැහැ. ඔයා පවුලේ දරුවෙක් නොවෙයි. ඒ විතරක් නෙවෙයි හදාගන්නා දරුවා තැනකට ගියත් අනේ කාගේ කවුද කියලා දන්නවායැ. ඒ මිනිස්සු පරණ ණයක් ගෙවනවා.

ඔය වගේ අවලාද නගනවා. විවාහ යෝජනාවක් ආවත් දරුවාගේ කුලයේ අපිරිසිදු බව ඉදිරියට ගන්නවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ දරුකමට දරුවෙකු හදාගන්නවා නම් එය ප්‍රසිද්ධ රහසක්. දරුවාටත් ඔහුගේ සැබෑ මව්පියන් කවුද කියා කියනවා. ඒ අය සමගත් සම්බන්ධතාවයන් පවත්වන්න පුළුවන්.

මානසික ශක්තිය වැදගත්

දරුවකු ලැබීමට සිටින විට අපේ බෞද්ධ සම්ප්‍රදායන් අනුව හත් මාසයෙන් පිරිත් දේශනා කරනවා. දරුවන් ලැබීම සහ පිරිත් අතර විශාල ශාන්තියක් තිබෙනවා. අංගුලිමාල පිරිත් දේශනාව ගැබ්බර නිදහස් කරන අම්මලාට විශාල ශාන්තියක්.

ඇමරිකා එක්සත් ජනපදයේ පවුල් උපදේශනයේ යෙදෙන කාන්තාවක් සිටිනවා. දිනක් මම ඇය හමුවෙන්න ගියා. එදා දරුවන් නැති කාන්තාවක් ඇය මුණ ගැහෙන්න ඇවිත් සිටියා. උපදේශන නිලධාරිනිය මට මේ කාන්තාවට ආශීර්වාද පිරිත් දේශනා කරන්න ආරාධනා කළා.

මම ආරාධනාව පිළිගත්තා. පිරිතෙන් විශාල ශාන්තියක් ලැබෙන බැව් ඇමරිකානුවන් දැන් තදින්ම විශ්වාස කරනවා. මේ කාන්තාව වෙනුවෙන් මම පිරිත් දේශනා කළා. ඇය සිව් නිවුන් දරු උපතක් සිදු කළ බැව් මට පසුව දැනගන්න ලැබුණා.

ඒ නිසා දරුවන් නැති කාන්තාවක් මානසිකව ධනවාදීව සිතන්න ඕන. එහෙම නැතුව පරාජිත මානසිකත්වයකින් පසුවීම සුදුසු නැහැ. අපි අතීතයේදී පිංපොතක් ලිව්වා. එහි ජීවිතයේ අපි කරන හොඳ කටයුතු ලියනවා. එය කියවන වාරයක් පාසා අපි සිතින් සතුටු වෙනවා. මම “Record Joy” කියලා සංකල්පයක් මෙහි ආරම්භ කළා.

එය පිංපොතට සමානයි. අපි කරන හොඳදේ එහි සටහන් කරනවා. එය කියවීමෙන් මානසිකව සතුටක් ලබනවා.අපේ සංස්කෘතියේ පවතින හොඳ සාරධර්මත් අමතක කළ යුතු නැහැ. ගැබ්බර කාන්තාවන්ට උදවු කිරීම, ඔවුන් කැමැති ආහාර පාන සපයාදීම,

දරු ප්‍රසුතියට අවශ්‍ය කළමනා පරිත්‍යාග කිරීම මේ වගේ යහපත් කටයුතු අපේ රටේ සිදු වෙනවා. දරුවන් ලැබීමට අපේක්ෂිත කාන්තාවන් මේ වගේ සත් ක්‍රියාවන්ට යොමු වීම නිසා මානසිකව ඔවුන් තුළ ධනාත්මක සිතුවිලි ඇති වෙනවා. සමහර අවස්ථාවල විවාහයෙන් වසර දහයක් දොළහක් ගෙවී ගියත් දරුවන් ලබන කාන්තාවන් සිටිනවා. අද නම් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තිබෙනවා.

නමුත් අදින් දශක කීපයකට පෙර අද මෙන් සාඵල්‍යතාවයන් වෙනුවෙන් ප්‍රතිකාර නොලැබුණ යුගවලදී පවා ප්‍රමාද වී දරුවන් ලද කාන්තාවන් සිටියා.දරුවන් ඇති අම්මලා දරු සුරතල් පෙන්වන බව ඇත්ත. දරුවන් නැතැත් ඇය ප්‍රතික්ෂේපිත චරිතයක් නොවන බව තරයේම සිතන්න. දරුවන් නොලැබීම සංසාරගත පවක් යැයි සෘණාත්මකව සිතන්න අවශ්‍ය නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ
“බ්ලු ලෝටස්” බෞද්ධ විහාරාධිපති
පූජ්‍ය පේරාදෙණියේ
සුජාත ස්වාමින් වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️





 

TAGGED: buddhism, Buddhist, කර්ම, දරුඵල, විපාක
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?