නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වෙළඳපොළේ තිබෙන කෘත්‍රිම පලතුරු හඳුනාගන්න ටිප්ස්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වෙළඳපොළේ තිබෙන කෘත්‍රිම පලතුරු හඳුනාගන්න ටිප්ස්

Published February 26, 2024

පලතුරු කොතරම් ගුණ බැව් කිව්වත් අනිවාර්යෙන් පලතුරු පංගු කීපයක් හෝ දවසකට ආහාරයට ගත යුතු බව කිව්වත් අපි ඒ ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට අනුව පුද්ගලයෙකු විසින් දිනකට අවම වශයෙන් පලතුරු ග්‍රෑම් 450 ක් වත් ආහාරයට ගත යුතුයි.

පලතුරු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි මොනවාද?

පලතුරු ආහාරයට ගැනීම නිසා අපේ සිරුරට අවශ්‍ය විටමින, මැග්නීසියම්, ෆෝලික් අම්ල වැනි පෝෂණයන් උපයා ගැනීමට පුළුවන්. පිළිකා, අධිරුධිර පීඩනය, කොලස්ටරෝල් සහ ආඝාතය වැනි රෝගාබාධයන්ගෙන් ආරක්ෂා වීමට වගේම ශරීර බර නිසි පරිදි පවත්වා ගැනීමටත් පලතුරු ආහාරයට ගැනීම ඉතා වැදගත්. නමුත් පලතුරු ඉදවීමට භාවිත කරන විවිධ කෘත්‍රිම සංයෝග නිසා බොහෝ දෙනෙක් පලතුරු මිළදී ගැනීමට බියක් දක්වනවා. පලතුරෙන් ලැබෙන ගුණයට වඩා කෘත්‍රිම ඉදවුම්කාරක නිසා ඇති වන අනතුරට බියක් දක්වනවා.

වෙළඳපොළේ තිබෙන පලතුරු කෘත්‍රිම ඉදවුම්කාරක යොදාගෙන තිබෙන බැව් හඳුනා ගැනීමට ටිප්ස්

අපේ ගෙවත්තෙන් ලබා ගත් පැපොල් ගෙඩියක් ඉදෙන ආකාරය ගැන ඔබ දන්නවා. එය යට සිට උඩට ඉදෙන ආකාරයක් තිබෙනවා. අඹ වුණත් එහෙමයි. කෙසෙල් කැනක වුණත් යට ඇවරියේ සිට ඉහළට ඉදෙන බැව් අපි අත්දැකීමෙන් දන්නවා. නමුත් කෘත්‍රිම ඉදවුම්කාරක යොදාගත් පලතුරු තැනින් තැන කහ පැහැයක් ගන්නවා.

එහෙම නැත්නම් හැම තැනම කහ පාටයි. කෘත්‍රිම රසායනික ආලේප කිරීම නිසා ඒ අන්දමේ තැනින් තැන කහ පැහැයක් ගැනීම සිදු වෙනවා. ස්වභාවික විදිහට ඉඳුනාම කෙසෙල් කැනක නටුව සාමාන්‍යයෙන් කොළ පාටයි. කෘත්‍රිම විදිහට ඉදවා ගත් කෙසෙල් කැනක නටුව කහ පාටයි.

අන්නාසි ගෙඩියක් මිලට ගන්නා විට නටුව ගැන විමසිලිමත් වෙන්න. අන්නාසි ගෙඩියේ නටුව නරක් වී ඇත්නම් එහි මැද නාරටියත් නරක් වී තිබෙන්න පුළුවන්. ඒ නිසා අන්නාසි මිලට ගන්නා විට කොළ සහිත නටුව කොටස පරීක්ෂා කරන්න. අන්නාසි විතරක් නොවෙයි කොමඩු ගෙඩියක නටුව කොටස වියලිලා නම් එය අලුත් ගෙඩියක් නොවෙයි.

පලතුරු ආහාරයට ගැනීමට පෙරාතුව ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න. පලතුරු නොසෝදා කපන්න එපා යන අවවාදය වෛද්‍යවරුන් විසින් නිතරම සඳහන් කරනවා. ඔබ නොසෝදා පලතුරක් කැපුවොත් එහි පිටත තිබෙන විෂ ද්‍රව්‍ය එහෙම නැත්නම් කෘමි නාශක වගේ සංයෝග ගෙඩිය ඇතුළට යන නිසා ආහාරයට ගැනීමට පෙරාතුව ගෙඩිය හොඳින් සෝදා ගැනීම ඉතාම වැදගත්.

මාදං, හිඹුටු වැනි වාරයට එන පලතුරු කෘත්‍රිම ඉදවීමක් සිදු වෙන්නේ නැහැ. තැලුන පලතුරු මිලට ගැනීම නිසා ඒවා ඉක්මනින් නරක් වීමට පුළුවන්. මේවා ගබඩා කිරීමේදී තද උණුසුමට නිරාවරණය වන නිසා ඒවායේ පෝෂණ සංයෝග විනාශ වීමටත් ඉඩ තිබෙනවා.

(Qura ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

TAGGED: fruits, කෘත්‍රිම පලතුරු, කොලස්ටරෝල්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?