නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩි කැසිල්ල භයානකයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැඩි කැසිල්ල භයානකයි

Published February 12, 2024

කැසීමට විවිධ හේතු ඇත. මදුරුවන් දෂ්ඨ කිරීම, පැපොල රෝගය හෝ නිදන්ගත රෝග තත්ත්වයක් යන ඕනෑම දෙයක් නිසා සහනයක් ලැබීම සඳහා කැසීමට සිත්වන අතර බොහෝ විට එම කැසීමේ කෙළවර සම තුවාල වීමයි. අප බොහෝ වැරදි වැඩ සිදුකරන්නේ ඒවා සාධාරණීයකරණය කරමිනි. කොතැනක හෝ සම කැසීමට සිත් වීම ස්වභාවිකය. සමහරවිට අප නොදැනුවත්වම දෑත් ඒ සඳහා යොමුවේ. එසේ සිදුකිරීමට ලැබෙන උපදෙස් පවා සමහරුන් බැහැර කරන්නේ “මං මොනවා කරන්නද කහන් නැතිව ඉන්න බැරි කොට“ යනුවෙන් පවසමිනි. එහෙත් තමාවම රවටා ගැනීමේ ආදීනව මතු කාලයේදී අත්විඳීමට සිදුවේ. අප යමක් නොකර සිටීමට උත්සාහ කිරීමට පළමු එසේ සිදුකිරීමේ විපාක මොනවාදැයි උගත යුතුය.

කැසීමේ විද්‍යාත්මක පැතිකඩ

සිරුරේ මාංශපේෂි, සන්ධි ආදී කුමන කොටසකට හෝ හානි සිදුවිය හැකිය. එහෙත් වේදනාව සහ කැසීම යන දෙකම එකවර දැනෙන්නේ ඔබේ සමට පමණයි. කැසිම ඇතිවීමට සමෙන් පිටත සිදුවන දෙයක් හෝ විසක් හෝ සිරුර තුළ ඇතිවන ආසාත්මික තත්ත්වයක් හෝ සමේ රෝගයක් මුල්විය හැකියි.

සහනයක් දැනෙන්නේ ඇයි?

ස්නායු සෛල කිසියම් රිදීමක් ගැන පවසන අතර එතැන කැසීමෙන් සිදුවන්නේ අවධානය වෙනතකට යොමුකිරීම පමණි. එමගින් එම මොහොතේ හොඳ හැඟීමක් දැනේ. එහෙත් සෑම 5 දෙනෙකුගෙන් 1 අයෙකු පවසන්නේ කැසීමේදී ඇතිවන සීරීම් මගින් සිරුරේ වෙනත් ස්ථානයක කැසීමක් ඇතිවන බවය.

කැසූ පමණින් වඩ වඩා කැසීමට හිත යන්නේ ඇයි?

කසා සම සීරීමේදී සිරුරේ වේදනාවට එරෙහිව සටන් කරන සෙරොටොනින් රසායනිකය මුදාහැරේ. එයින් කැසීම වැඩිකරයි. මේ චක්‍රය දිගටම සිදුවීමේදී ඔබ සමට සිදුවන්නේ හානියකි.

කැසීමේ ප්‍රභේද

සියලුම කැසීම් සමාන නොවේ. සමේ පරාග, ඇට වර්ග වැනි දේවලට ආසාත්මිකතා දක්වන විට කැසීම ඇතිවේ. එහිදී අප සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් Histamine නම් රසායනිකය මුදාහැරේ. අනෙක් වර්ගවල කැසීම ස්නායු පද්ධතියේ ආබාධයක් නිසා ඇතිවන කුෂ්ඨ හෝ ආඝාතවලදී ඇතිවේ. එහිදී කැසීම සමගම හිරිවැටීම් තත්ත්වයක්ද ඇතිවිය හැකිය. ඔබට සොරයිසිස් නම් චර්මරෝගය ඇතිවිට සම පිළිස්සෙන ගතියක් දැනෙනු ඇත. එය ගිණි කුහුඹුවකු දෂ්ඨ කළා හා සමානය. මැලේරියාවට ගන්නා ඖෂධ වලට සමාන ඒවා මගින්ද දැඩි කැසීමේ පෙළඹවීම් ඇතිවේ.

හේතුව කුමක් වුවත් වැඩියෙන් කසන්න එපා

හේතුව කුමක් වුවත්, එකදිගට කැසීමෙන් සමේ තුවාල, ආසාදන සහ කැළැල් ඇති වී ඔබට ඉතිරිවන්නේ ආතතිය සහ කනස්සල්ල පමණකි.

කැසීමෙන් ඇතිවන හානි වළක්වාගැනීමට උපදෙස්

කැසීම වෙනුවට එම ස්ථානය අතුල්ලන්න. එතැනට තට්ටු කරන්න. තදින් අල්ලාගන්න. නියපොතු කිසිවිටෙක භාවිත නොකරන්න. නැත්නම් සම මෘදු ලෙස කොනිත්තන්න. නියපොතු කොට කිරීම සහ රාත්‍රී නින්දට යෑමට පෙර අත් වැසුම් පැළඳගැනීමෙන් නින්දේදී ඇතිවන කැසීම් වලින් වැළකිය හැකිය. කැසීමේ ආශාව අඩුකර ගැනීම සඳහා එම ස්ථානය සිසිල් කරන්න. සීතල ස්නානය මෙන්ම සිසිල් ජලයෙන් සම්භාහනයද වැදගත්ය.

වූල් ඇඳුම්, උණුසුම් කාමර හෝ පිරිසිදු කිරීමේ නිෂ්පාදන ඔබේ සමේ කැසිල්ල ඇතිකිරීමට හේතු විය හැකිය. උණුසුම් ජලයෙන් සේදීම හෝ ස්නානය බොහෝ වෙලාවක් සිදුනොකළ යුතුය. සම පිරිසිදු කිරීම සඳහා මෘදු හා සුවඳින් තොර නිෂ්පාදන භාවිත කරන්න. සුවඳ විලවුන් වලින් ඈත් වෙන්න. සමෙහි ලෝෂන් ආලේප කරන්න. සමෙහි කැසීම සමනය කරගැනීම සඳහා මොයිස්චරයිසින් ක්‍රීම් භාවිත කරන්න. සම සිසිල් කිරීමට මෙන්තෝල් හෝ කැලමයින් අඩංගු ආලේපයක් වෛද්‍යවරයා වෙතින් නිර්දේශ කරගත හැකිය.

( https://www.webmd.com/ ඇසුරෙන් )

සුනිල් අල්ගම ✍️

 

TAGGED: health, Histamine, කැසිල්ල, සෙරොටොනින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love3
Sad1
Happy1
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?