නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුදු සරණ යන අයට දෙව් පිහිටත් ලැබෙනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුදු සරණ යන අයට දෙව් පිහිටත් ලැබෙනවා

Published January 22, 2024

“සත්ථා දේව මනුස්සානං” භාග්‍යවතුන්වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙව්ලොව දෙවියන්ටත් එකම ශාස්තෘන් වහන්සේය. ඒ බැව් බුදුගුණවල දැක්වෙනවා. මනුලොව මිනිසුන් වගේම දෙවියන් පවා අදටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩමින් නිවන් පුරුදු කරනවා. බඔලොව අදටත් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වැඩ සිටිනවා.

දෙවියන් කියන්නේ කවුද?

දෙවියන් ගැන වූ විවිධ සංකල්පයන් තිබෙනවා. ඇතැමුන් ලෝකය මැවූ එකම දෙවියෙක් ගැන විශ්වාස කරනවා. බුද්ධාගම, හින්දු, කතෝලික සහ ඉස්ලාම් යන ලෝකයේ ප්‍රධාන ආගම් විසින් දේව සංකල්පය ඉතා තදින් විශ්වාස කරනවා. අපේ බුදුරජාණන්වහන්සේ ආටානාටිය, මහා සමය යන සුත්‍ර වලින් දෙවි දේවතාවුන් ඔවුන්ගේ නම්වලින් පවා අමතා තිබෙනවා. ඔවුන්ට පිං පෙත් දීමත් අනුමත කර තිබෙනවා. නමුත් බුදුදහම තුළ කතෝලික හා ඉස්ලාම් ආගම්වල මෙන් එක් මහා දෙවියෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

පටිච්චසමුප්පාදයට අනුව බුදුදහම තුළ ඇත්තේ ප්‍රායෝගික සත්‍යයක්. දෙවිවරු යනු සූක්ෂ්ම ශරීරවලින් යුක්ත, රුවින් ගත තැන් සිතූ පැතූ සම්පත් ලබා ගත හැකි ඉතා බලවත් ශක්තියක් ඇති කොටසක්. දෙවිවරු ලෝකයේ නොයෙක් තලවල ඇති සදෙව් දිව්‍ය ලෝකවල වෙසෙති. දෙවියන් අතර සම්‍ය දෘෂ්ටික සහ මිථ්‍යා දෘෂ්ටික ලෙසින් කොටස් දෙකකි. දෙවියන්ද පෘථග්ජනය. සෑම ආගමකට අනුවම දිව්‍යමයභාවය ලබා ගත හැක්කේ බොහෝ දානාදි දන් පින්කම් කොට පුණ්‍ය ශක්තිය වඩවා ගත් අයට පමණි.

බෞද්ධ සංකල්පයට අනුව දිව්‍යලෝක

බෞද්ධ සංකල්පයන්ට අනුව දිව්‍යලෝක සයකි.

චතුර්මහාරාජික

තව්තිසා

යාමය

නිම්මානරති

 තුසිතය

පරනිමිත්ත වසවත්ති


මෙම දෙව්ලොවවල ආයු කාලය අපට වඩා බෙහෙවින් වැඩිය. චතුර්මහරාජික දිව්‍යලෝකයේ ආයු කාලය අපේ වර්ෂ මිලියන 9 කි. බොහෝ ආයු කාලයන් ඇති බ්‍රහ්ම ලෝක 20 කි. බ්‍රහ්ම ලෝකවල සිටින බොහෝ දෙවිවරු චුත නොවී මෙම දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙති. බ්‍රහ්ම ලෝකවල සිටින බොහෝ දෙවිවරු බුදුරජාණන්වහන්සේ ඇසුරු කළ දෙවිවරු බැවින් බණ භාවනා ආදියෙහිදී මිනිසුන්ට සහය දක්වති.

දෙවියන් ශක්තිය ලබා දෙන්නේ යහපතට පමණි

අද අපේ රටේ ජනතාව වැඩි වශයෙන් අදහන්නේ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, පත්තිනි, සූනියම් සහ කාලි මෑණියන්ය. ඔවුන් වෙනුවෙන් විශේෂ දේවාලයන්ද තනා ඇත. දිගු කාලයක් දෙවියන් කෙරෙහි අචල භක්තියෙන් විශ්වාසයෙන් පුද පූජා දෙමින් සලකන අයට දෙවියන්ගේ ආශිර්වාදය හිමි වේ. නමුත් බොහෝ දෙවියන් ශක්තිය ලබා දෙන්නේ යහපතක් කිරීමට පමණි. එක් කාලයකට දේවත්වයද, අනෙක් කාලයට යක්ෂ වේශයන්ද ගන්නා දෙවිවරු භයානක ක්‍රියාවලට දායකත්වය දක්වති.නමුත් කිසිම විටක දෙවියන් මිනිසුන්ගේ ශරීර තුළට ඇතුළු නොවේ.

එබැවින් දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන බවට වූ දැන්වීම් පළ කරන්නේ ප්‍රේත, භුත වැනි අමනුෂ්‍ය බලවේගයන් ආධාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ය. බොහෝ විට දෙවියන් පණිවිඩ ලබා දෙන්නේ මනසටයි. සමහර විට ස්වප්න මගින්ද ඒවා ලබා දෙති. දෙවියන් සුගන්ධයන් ආඝ්‍රාණය කරන බැවින් දේව පූජා පැවැත්වීමේදී සුගන්ධයට මුල් තැන ලබා දිය යුතුය. දේව පූජා පැවැත්වීමේදි ඔබ නිර්මාංශ විය යුතුය.

දෙවියන් පින් ලබා ගැනීමට ප්‍රියයි

දෙවියන් පින් ලබා ගැනීමට ඉතා ප්‍රියය. කරණීය මෙත්ත සුත්‍රය, මහා මංගල සුත්‍රය සජ්ජායනාවට දෙවියන් ඉතා ප්‍රිය බැව් සැලවේ. මනස දියුණු කළ පුද්ගලයන්ට එනම් අධිමානසික තත්ත්වයක් ඇති සහ ධ්‍යාන වඩන ලද පුද්ගලයන්ට දෙවියන් දැකීමට සහ ඔවුන් සමග සංවාද පැවැත්වීමට හැකියාව තිබේ.

සතර වරම් දෙවිවරු කවුද?

සතර වරම් දෙවිවරු කවුද යන්න ගැන අප අතර ප්‍රශ්නයක් තිබේ. බොහෝ දෙනෙක් සතර වරම් දෙවිවරු ලෙස සලකන්නේ විෂ්ණු, කතරගම, සමන් සහ විභීෂණ යන දෙවිවරුන්ය. නමුත් නියම සතරවරම් දෙවිවරු ලෙස සැලකෙන්නේ සතර දිශාවන්ට අධිපතිකම දරණ චතුර්මහාරාජික දෙව්ලොව වැඩ වසන දෙවියන්ය. එනම් නැගෙනහිර මෙන්ම ගාන්ධර්වයන්ට අධිපති දෘතරාෂ්ට, දකුණු දිසාවන්ට මෙන්ම භුතයන්ට අධිපති විරූඩ, බටහිර දිශාවන්ට සහ නාගයන්ට අධිපති විරූපාක්ෂ සහ උතුරු දිශාවට සහ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ නොහොත් කුවේර යන දෙවිවරුන්ය. මේ දෙවිවරුන් පිළිබඳව ආටානාටිය සුත්‍රයේ මෙසේ දක්වා ඇත.

දෙවිවරු යහපත් මිනිසුන් දෙස අනුකම්පාවෙන් බලති. පිහිට වෙති. මිනිසුන් දෙන පින් අනුමෝදන් වෙති. දෙවියන්ට ග්‍රහ අපල, අමනුශ්‍ය දෝෂ වැනි දෝෂවලින් වන පීඩා දුරු කිරීමට හැකියාවක් ඇතැත් ඔවුන්ට කෙනෙකුගේ කර්ම ශක්තිය වෙනස් කිරීමේ බලයක් නැත. අසුරයන්ද දෙවියන් හා සමාන බලයක් ඇති ශක්ති කොට්ඨාශයකි.

ඔවුන් මිථයාදෘෂ්ටික වන අතර දෙවියන්ට විරුද්ධය. කෙනෙකුගේ යහපත නොසලකති. දේව කතාවල සුර අසුර යුද්ධයන් ගැන සඳහන් වේ. මොවුන් මුහුදු වෙරළ ආසන්නයේ විමානවල ස්ථානගතව ඇතැයි පවසති. තවද ගස්, ගල් සහ පර්වතයන්හි ජීවත්වන බුම්මාටු දෙවියන් ලෙස හැඳින්වෙන දේවතාවන්ද ඇත.

ඉන්දීය සම්භවයන් ඇති දෙවියන්

අපේ රටේ ජනතාව අදහන බොහෝ දෙවිවරු ඉන්දීය සම්භවයකින් යුක්ත වෙති. ඉන්දියාවේ හින්දු, බ්‍රහ්ම, විෂ්ණු , ශිව යන ත්‍රිමුර්තිය මූලිකව අදහති. බ්‍රහ්මයන් ලොව මැවූ බවද, විෂ්ණු දෙවියන් ලොව වර්ධනය කරන බවද, ශිව දෙවියන් අධර්මය විනාශ කොට ධර්මය ස්ථාපිත කරන බවද කියැවේ. මේ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ලක්ෂ්මී, ගණ දෙවියන්, සරස්වතී, දුර්ගා, ගංගා මාතාක, භද්‍රකාල, සුබ්‍රමනියම් සහ නාග දෙවියන් යනාදි වශයෙන් නොයෙක් දෙවි දේවතාවුන් අදහති. ලෝකයේ දෙවියන් වෙනුවෙන් වැඩියෙන්ම පූජා පවත්වන වන රට ඉන්දියාව යැයි කිවහොත් එය අසත්‍ය නොවේ.

දෙවියන් සහ ජ්‍යොතිෂ්‍ය අතර සම්බන්ධතාවය

දෙවියන් සහ ජ්‍යොතිෂ්‍ය අතර පවතින සම්බන්ධතාවය අනාදිමත් කාලයක පටන් පැවැතේ. නව ග්‍රහයන්ට අධිපති දෙවියන්ට අපල වෙනුවෙන් පුද පූජා පවත්වමින් සෙත් කව් ගායනාව සිදු වේ. අප හැම දෙනෙක්ම විශ්වාස කරන ඉෂ්ට දේවතාවෙක් ඇත. ඇය හෝ ඔහු අපගේ මියගිය මිතුරෙක් ඥාතියෙක් හෝ ඉහත ආත්මයක අපට සම්බන්ධ කෙනෙකු ලෙස සැලකේ. අපේ ඉෂ්ට දේවතාවන් හරහා අනිකුත් දෙවිවරු සම්බන්ධ කර ගත හැක.

මේ සෑම දෙයකටම මුල් වන්නේ විශ්වාසයයි. මෙම විශ්වාසය නිසා දේව ආකර්ෂණය ලබා ගැනීමට කටු ගසා ගැනීම, කටුවල එල්ලීම, ගිනි පෑගීම වැනි විවිධ වෘතවල යෙදෙති. නමුත් ඔබ පන්සිල් නොරැක දේවාල ලක්ෂයකට ගියත් දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ නැත. පන්සිල් නොරකින පුද්ගලයාට පලතුරු වට්ටි දහස් ගණනින් පූජා කළත් විශේෂ පිහිටක් ලැබෙන්නේද නැත. ඔබ ධර්මය තුළ ජීවත්වනවා නම් දෙවියන් ඔබ ආරක්ෂා කරනු ඇත.

ඔබ දාන, සීල භාවනාවන්හි නිරත වී අනුමෝදන් කරන පින දෙවියන්ට අතිශයින් වටී. ඒ තුළින් ඔබට දෙවියන්ගේ පිහිට නිරායාසයෙන් ලබා ගත හැකි වේ. දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ බුදුරජාණන්වහන්සේ ගැන අචල විශ්වාසයකින් සරණ යන තැනැත්තාට පමණි. දෙවියන්ගේ පිහිට ලබා ගැනීමට නම් බුදුන් සරණ යන්න.

ලෝකවිදූ බෞද්ධ මාධ්‍ය ජාලයේ
අධ්‍යක්ෂ හා ලෝකවිදු බෞද්ධ ආරක්ෂක පදනමේ අනුශාසක අභිධර්ම විශාරද
පූජ්‍ය කොට්ටාවේ විදුසීහ ස්වාමින්වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: buddhism, බුදු සරණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?