නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දස දිසා පිරිතෙන් නව වසර පටන් ගමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දස දිසා පිරිතෙන් නව වසර පටන් ගමු

Published January 1, 2024

චූල ජිනපංජරය හෙවත් දස දිසා පිරිත යනු බුදුරජාණන්වහන්සේ රෝගී වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන්වහන්සේගේ නිරෝගී බව උදෙසා දේශනා කරන ලද්දකි. “ධම්මෝෂධ සමන්නත්ථ” හෙවත් ධර්මය ඖෂධයක් කර ගන්න යන බුදුවදන පාදක කර ගනිමින් බුදුවරු දසනමක් දිශාගත කොට ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු ශෝක, රෝග, භය දුරු වී සහනයෙන් ජීවත්වන්නට ලැබේවායි යන සිතුවිල්ලෙන් උදේ හවස තම නිවසේ දී මෙම පිරිත භාවිතයෙන් බලාපොරොත්තු වන්නා වූ සහනය තමන් වෙත ළගා වන බව අත්දැකීමෙන් පැවසිය හැකි සත්‍යයකි.

මෙම පිරිතෙන් තැඹිලි ගෙඩියක් පිරිත් කර ගැබිනි මවකට පානය කිරීමට සැලැස්වීමෙන් සැත්කම් මගින් සිදුවීමට නියමිතව තිබූ දරු උපත් ස්වභාවික ආකාරයෙන් සිදුවීමේ හැකියාව පවතින අතර මළ දරුවකු වූවත් ප්‍රසූතවීම සිදු වෙනවා. ශරීරයේ හට ගන්නා ඕනෑම රෝගා බාධයකට මෙයින් සහනය සලසා ගත හැකි අතර ඉනා බෙහෙත් කැවුණු අයගේ ශරීරයෙන් ඒවා ඉවත් කිරීමට හැකියාව පවතිනවා.

නඩු හබවලින් අවාසි සහගත තීන්දු ලැබීමට යන අවස්ථාවල මෙම පිරිතෙන් ජය අත්කර ගත හැකි අතර නඩු නිමිත්ත සාධාරණ එකක් විය යුතුය. කුඩා දරුවන්ගේ  බාලගිරි දෝෂයට මෙයින් පිරිත් කර ගන්නා ලද තැඹිලි තෙල් වලින් ගුණ ලැබිය හැකි අතර සර්පයන්ගෙන් වන හානි මෙම පිරිත භාවිතයෙන් මග හැරේ.දසදිසා පිරිතෙන් පිරිත් කරන ලද තෙල් නිවසේ අට කොන එල්ලීමෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් වී නිවැසියන්ගේ දියුණුව උදාවන්නේය.

මෙම බල සම්පන්න පිරිතේ අනිශංස බලාපොරොත්තු වන ජන්මීන් මූලික වශයෙන් උදේ සවස මල් පහන් පූජා කර බුදුන් වැද ආගමානුකූලව ජීවත් විය යුතු අතර පිරිත පිළිබඳ සිත තුළ විශ්වාසයක් ගොඩනගා ගත යුතුය. එසේ ගොඩනගා ගන්නා ලද විශ්වාසය ඔබගේ සියලු උපද්‍රව නසන ශක්තියක් බවට පත්වීමෙන් ඔබේ සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වන්නේය.

දසදිසා පිරිත සහ තේරුම

දීසාසු දසභාගේසු
ඨිතාබුද්ධානුභාවතෝ
වේරාදි අන්තරායාපි
විනස්සන්තු අසේසතො

දස දිසාවන්හි සිටියා වූ බුදුවරුන්ගේ ආනුභාවයෙන් වෛරයෝ ද අනතුරු ද ඉතිරි නැතිව විනාශවෙත්වා.

ඒව මාදිගුණෝපේතං
පරිත්තං තං භණාමහේ

මේ ආදී ගුණවලින් යුතු පිරිතක් කියනු ලැබේ.

පදුමුත්තරො පුරස්ථි මායං
අග්ගිමහිචේච සෝභිතෝ
දක්ඛිණෝ කස්සපෝ බුද්ධෝ
නිරිතේච සුමංගලෝ

උතුම් වූ පදුම බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිශාවෙන්ද ගිණිකොණ දිශාවෙන්ද රේවත බුදුරජාණන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ දකුණු දිශාවෙන්ද මංගල බුදුරජාණන් වහන්සේ නිරිත දිශාවෙන්ද වැඩ සිටිත්.

පච්චිමේව සිඛී බුද්ධෝ
වායඛයා මේධංකරෝ
උත්තර පියදස්සීච
ඊසානේ දීපංකරෝ

බටහිර දිශාවෙහි සිබී බුදුරජාණන්වහන්සේ ද වයඹ දිශාවෙන් මේධංකර බුදුරජාණන්වහන්සේද උතුරු දිශාවෙහි පියදස්සී බුදුරජාණන්වහන්සේද ඊසාන දිශාවෙහි දීපංකර බුදුරජාණන්වහන්සේද වැඩ සිටිත්.

පඨවියං කකුසන්ධොව
ආකාසේ සරණංකරො
ඒවං දස දිසාචේච
සබ්බේ බුද්ධා පතිට්ඨිතා

පොළොවෙහි කකුසඳ බුදුරජාණන් වහන්සේ ද අහසෙහි සරණංකර බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටිත්.

අච්චන්තරායා සබ්බේ මේ සෝක රෝග භයාපිච
විනස්සන්තු සාදා මයිහං සබ්බිරියාපf:සුව
යක්ඛාදිදේවතා භීච
රාජ චොරාරි අග්ගිහි
අමනුස්සෙහි සබ්බේහි
තිරච්ඡානගතෙපිච
ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතො

ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු අනතරු, රෝග, භය ආදියද විනාශ වේවා. සියලු ඉරියව් පැවැත්මෙන් ඇතිවන උවදුරු ද යක්ෂ, දේව, රජ, සොර, සතුරු, ගිනි ආදියෙන් ඇතිවන උවදුරුද විනාශ වේවා. හැමදාම ඔබට ඒ උවදුරුවලින් තොරව ජීවත් වන්නට වාසනාව ලැබේවා.සියලු අමනුෂ්‍යයන්ගෙන් හා තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවුණා වූ සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා

සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨො
සාරිපුත්තෝච දක්ඛිණො
චාමංසෙ මොග්ගල්ලානෝ
පුරතොපිටකත්තයං
පච්ජිමෙ මම ආනන්දෝ
චතුද්දිසා බීණාසවා
සමන්තා ලෝක පාලාව
ඉන්දු දේචෝච බ්‍රහ්මච

සිරිසෙහි (හිසෙහි) ඒ උතුම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන්වහන්සේගේ දකුණත සැරියුත් මහ රහතන්වහන්සේය. වමතෙහි මුගලන් මහ රහතන්වහන්සේය. ඉදිරියෙහි ත්‍රිපිටකය . පිටුපස ආනන්ද තෙරුවන් වහන්සේය. සතර දිශාවෙහිම රහතන් වහන්සේලාය. හැම අතින්ම ලෝක පාලක ඉන්ද්‍ර දෙවියා හා බ්‍රහ්මයාය.

ඒතේසං අනුභාවෙන
සම්බුපද්දචුපද්දවා
අනේකා අන්තරායාපි
චිනස්සන්තු අසේසතො

මේ සියලන්ගේම ආනුභාවයෙන් සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා.

ප්‍රවීන ජ්‍යොතිෂවේදී
රංජන් සිසිර කුමාර


ධම්මික හේවාවසම් ✍️









 

TAGGED: childbirth, අමනුෂ්‍ය දෝෂ, දස දිසා පිරිත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?