නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෙදරට සිරිසැප ගෙන එන්නට කුරුස දෝෂ මගහරින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෙදරට සිරිසැප ගෙන එන්නට කුරුස දෝෂ මගහරින්න

Published December 25, 2023

නිවසක් සෑදීමේදී සෑමදෙනාම බලාපොරොත්තු වන්නේ ඉක්මණින්ම තම නිවස සාදා එහි සුවසේ ජීවත්වීමයි. මෙහිදී තම නිවසට වාස්තු ශාස්ත්‍රය යොදාගනු ලබන්නේ එම නිවසේ වාසනාව හා සෞභාග්‍ය තව තවත් වර්ධනය කරගැනීම සඳහාය. නමුත් නිවසක් සෑදීමේදී බලපානු ලබන වාස්තු දෝෂයන් සහ ඉන්පසුව ද බලපාන වාස්තු දෝෂයන් ඇත. මේවා ආරම්භක දෝෂ, නිර්මාණ දෝෂ, පරිසර දෝෂ, හැසිරීම් දෝෂ, අනියම් දෝෂ වශයෙන් වර්ග 05 කට බෙදා දැක්විය හැකිය.

මෙහිදී නිර්මාණ දෝෂ වශයෙන් හඳුන්වනු ලබන්නේ නිවසක් සෑදීමේදී එම නිවසට ඇති වන අහිතකර සහ නොගැළපෙන ඉදිකිරීම්ය. උදාහරණ ලෙස නිවසකට නොගැළපෙන දිග සහ පළල, නිවසක හැඩය, දිශාවන් ඌණ වීම, වේධ දෝෂ, මර්මස්ථාන ආදිය හැඳින්විය හැකිය. මීට අමතරව නිවසක අත්තිවාරම සමග බැඳුණු ප්‍රධානම දෝෂයක් වශයෙන් කුරුස ආකාරයට බැඳුණු කුරුස අත්තිවාරම හැඳින්විය හැකිය. එනම් නිවසක කිසියම් ස්ථානයක අත්තිවාරම් 04 එකිනෙකට හමු වන ස්ථානයක් මගින් මෙම කුරුස අත්තිවාරම් දෝෂය නිර්මාණය වේ.

මෙම කුරුස අත්තිවාරම නිවසකට ඉතාම අශුභ ප්‍රතිඵල ගෙන දෙන්නකි. එමෙන්ම තවත් නිර්මාණ දෝෂයක් ලෙස කුරුස බිත්තිය ද හඳුන්වා දිය හැකිය. මෙයද පෙර සඳහන් කළ ආකාරයට නිවසක බිත්ති හතරක් එකිනෙකට හමුවන ස්ථානයක් මගින් මෙම කුරුස බිත්තිය නිර්මාණය වේ. නමුත් මෙම කුරුස බිත්තිය, කුරුස අත්තිවාරම මෙන් නිවසකට වාස්තුමය දෝෂ ගෙන නොදෙන නමුත් මෙවැනි ස්ථානද මඟහරවා ගැනීම නිවසකට වඩාත් සුදුසුය.

එමෙන්ම තවත් නිර්මාණ දෝෂයක් ලෙස දොර සහ ජනෙල් භාවිත කිරීමේදීද ආලෝක කුරුස ලෙස නොපිහිටන ලෙස නිවසක් සැලසුම් කර ගතයුතුය. පෙර පරිදිම හතර දිශාවකින් එකිනෙකට සමාන්තර ලෙස ජනෙල් හෝ දොරවල් පිහිටීම ආලෝක කුරුස දෝෂය ලෙස හඳුන්වයි.

කුරුස අත්තිවාරම

පෙර සඳහන් කළ පරිදි අත්තිවාරම් පාද 04 ක් එකිනෙකට හමුවන ස්ථානයකි. මෙය නිවසක අත්තිවාරමක් දැමීමේදී ඇතිවන ප්‍රධාන දෝෂයක් වශයෙන් පෙන්වා දිය හැකි අතර නිවසක් ඉදිකිරීමට ආරම්භයේදීම එනම් නිවසේ අත්තිවාරම යෙදූ අවස්ථාවෙන් පසු එම නිවසේ වැඩ අතරමඟ නැවතීමට සිදුවන දෝෂයකි. මීට අමතරව නිවසක් තරමක් දුරට ගල් බැඳ අවසන් වූවද ඉන්පසුව නිවසේ වැඩ අතරමඟ නවතින අවස්ථාවන්ද ඇත.

මීට අමතරව ඉතාම මන්දගාමීව නිවසක් විවිධ ගැටලු මත ඉදිවූවද එම නිවසේ ජීවත්වන අයට කිසිදු දියුණුවක් ඇතිනොවන අතරම මානසික ආතතිය වැඩිවීම මෙම නිවාසවල ජීවත්වන අයට සිදුවේ. මෙම කුරුස අත්තිවාරම් පාද යෙදීඇති කොටස් 04 තුළ වැඩි වශයෙන් ජීවත් වන පුද්ගලයන්ට මෙම තත්ත්වය බහුලව ඇතිවීම සිදුවේ.

තවද කුරුස අත්තිවාරම් ව්‍යාපාරික ගොඩනැගිල්ලකට යෙදීමේදීද මෙම දෝෂ සහගත තත්ත්වයන්ම ඇතිවේ. එම ව්‍යාපාරවල දියුණුව අඩාල වීම සහ එම ස්ථානයන්වල පාරිභෝගිකයන් අඩුවීමද ව්‍යාපාරවල අසාර්ථකත්වයද ඇති වේ. මෙම දෝෂය නව නිවසක් සැලසුම් කිරීමේදී ඇතිනොවන ලෙස සැලසුම් කරගත යුතුය. නමුත් දැනට නිවසක් මෙලෙස ඉදිකර අතරමඟ නැවතී ඇති නම් නිවැරදි ආකාරයට මෙම අහිතකර කුරුස බැඳීම ඉවත් කළ යුතුය. නමුත් ඉවත් කිරීමට අපහසු අවස්ථාවක නම් නූතන පිරමීඩ වාස්තු ශිල්පය මගින් මෙයට සාර්ථක ප්‍රතිකර්ම යෙදිය හැකිය.

කුරුස බිත්තිය

මෙම කුරුස බිත්ති යෙදෙන අවස්ථාවන් කිහිපයක් ඇත. නිවසක අත්තිවාරම සිට ඉහළට නැගෙන එක් අවස්ථාවකි. තවද ආරුක්කුවල ශක්තිය ලබාගැනීම සඳහා මෙම ආරුක්කුවලට ඉහළතින් තවත් විටෙක නිර්මාණය වේ. මෙහිදී ඉහළින් යෙදෙන මෙවැනි බිත්ති නිවසකට එතරම් ගැටලු ඇති නොකරයි. නමුත් පොළොවේ ඇති අත්තිවාරම සමඟ ඉහළට නැගුණු මෙම කුරුස බිත්තිය නිවැසියන්ට මානසික වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇතිකරවයි.

නිවැසියන්ට යම් යම් කරදර බාධා ඇතිවන විට මෙම දෝෂය හඳුනාගෙන එම බිත්ති ඉවත් කළද එහි සාර්ථකත්වයක් ඇති නොවේ. ඒ නිවසේ පොළොවට යටින් ඇති මූලය එනම් අත්තිවාරමේ මෙම දෝෂය පවතින බැවිනි. එම නිසා මෙම දෝෂය මූලයෙන්ම ඉවත් කළ යුතුය.

තවද ඉංජිනේරු තාක්ෂණය තුළද මෙම කුරුස බිත්තිය ශක්තිමත් භාවය අඬු ඉදිකිරීම් ගැටලු සහගත තත්ත්වයන් වශයෙන් ද හඳුන්වනු ලැබේ.මෙහිදීද නව නිවසක් ඉදිකිරීමේදී මෙවැනි නිර්මාණ දෝෂ ඇතිනොවන ආකාරයට නිර්මාණය කරගත යුතුය.

ආලෝක කුරුසය

නිවසක ජනෙල් සහ දොරවල් එකිනෙකට සමාන්තරව එක කෙලින් පිහිටීම මෙම ආලෝක කුරුස දෝෂය ලෙස හඳුන්වයි. තවද කුරුස හැඩයක් නොගත්තත් ආලෝක රේඛාවක් ලෙස නිවස එහා මෙහා පෙනෙන ලෙස එක් රේඛාවක් ලෙසද ජනෙල් දොරවල් තිබීම නුසුදුසුය. මෙහිදී නිවසට ලැබෙන ශුභ ශක්තීන් නිවසින් පිටතට ගමන් කරයි. මෙමඟින් නිවස තුළ ශක්තීන් හීනවීමක්ද සිදුවේ. දියුණුවද අඩාල වන අතර නිවැසියන් යම් යම් රෝග තත්ත්වයන්ටද ලක්වේ.

මීට අමරව නිවසට ලැබෙන ශක්තීන් නිවස තුළ ගබඩා වීම නොවී නිවසින් පිටවන බවද කිව යුතුය. මෙවැනි ආලෝක කුරුස නිවසේ යෙදී ඇත්නම් එයට ප්‍රතිකර්මයක් වශයෙන් එතන තිර රෙදි යොදා උළුවස්සක් සුදුසු ආකාරයට ආවරණය කිරීම කළ හැකිය.

මීට අමතරව යම් දොරක් වෙනත් ස්ථානයකට ගෙනයාම ද සිදු කළ හැකි අතර එය ඉතාම කල්පනාකාරීව වෙනත් වාස්තු දෝෂ ඇති නොවන ලෙස කළ යුතුය. තවද නිවසක වහලයක ද බාල්ක කුරුපා ආදියට කුරුස ආකාරයට ලී නොයෙදෙන ලෙස සැදිය යුතුය.

මෙම කුරුස දෝෂය ලෙස සරලව සිතා බැලීමේදී අප මහා මාර්ගයක ගමන් කරන අවස්ථාවක සතර දිශාවකින් පැමිණෙන වාහන මඟින් ඉතාම තදබදයක් මාර්ගය තුළ ඇතිවේ. මෙවැනි ස්ථානවල නිතරම මාර්ග අනතුරුද ඇති වේ. මේ ආකාරයට නිවසක මෙම කුරුස හැඩය විවිධ ස්ථානවල යෙදීම මඟින් ශක්ති තුළින් 04 ක් නිවස තුළ නිර්මාණය වේ. මෙම හේතුව මත නිවස අසමතුලිත වීම මඟින් පෙර සඳහන් කරන ලද කරදර බාධාවන්වලට එම නිවැසියන්ට පත් වීමට සිදු වේ.

එම නිසා මෙම නිර්මාණ දෝෂයන් මඟහරිමින් නිවසක් සැලසුම් කිරීමත් නිවසකට කොටස් නොගැළපෙන ලෙස එකතු කිරීමත් නොකළ යුතු අතර මෙම දෝෂයන් මඟහරිමින් නිවසක් ඉදිකිරීම මඟින් වාසනාව සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් ජීවිතයක් ලබාගත හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම් ✍️

TAGGED: cross, foundation, Inconsistent construction, Making a house, කුරුස දෝෂ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?