නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නත්තල් කෑම මේසය Theme එකකට කරමු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නත්තල් කෑම මේසය Theme එකකට කරමු

Published December 18, 2023

නත්තලට ඔබේ ගෙදර පැමිණෙන අමුත්තන්ට සංග්‍රහකරන විට නිවසේ කෑම මේසය කොහොමද සකසගන්නෙ කියන ගැටලුව අනිවාර්යයෙන්ම පැන නඟිනවා. නත්තල් කෑම මේසය ආවාට ගියාට පිළියෙල කිරිම නිවැරදි වෙන්නෙ නැහැ. පිළිගන්වන කෑම වගේම එම කෑම පිළිගන්වන ආකරයත් ඉතාම වැදගත්. ඒ නිසා මේ උත්සව සමයේ ගෙදරට එන අමුත්තන්ට කෑම මේසය පිළියෙල කරන්න කලින් මේ දේවල් ගැන හිතල බලන්න.

මුලින්ම Theme එකක් තෝරාගන්න..

නත්තල් කෑම මේසයක් සැකසීමේ පළමු පියවර වන්නෙ මෙයයි. බොහෝ විට නත්තලට ගැළපෙන වර්ණයක් මේ සඳහා තෝරාගැනීම වඩාත් සුදුසු වෙනවා. ඔබ නවීන මෝස්තරයේ Theme එකකට කැමති කෙනෙක් නම් තනි වර්ණ මෝස්තර, ගැඹුරු රතු, ලා කොළ සහ සුදු වර්ණයන් වඩාත් උචිත වෙනවා.

මේසයේ ප්‍රමාණය…

පැමිණෙන අමුත්තන්ට පහසුවන ආකාරයට අමුත්තන් සියල්ලන්ටම එකට සිටිය හැකි සේ තනි මේසයක්ද මේස කිහිපයක් පනවනවාද යන්න තීරණය කරන්න. අනවශ්‍ය ලෙස ඉඩ වැඩියෙන් තැබුවොත් අමුත්තන්ට කතාකරීමට සහ කෑම පිළිගන්වන්නට අසීරු වන බව මතක තබාගන්න.

මේස රෙදි…

ඔබ භාවිත කරන්නේ ප්‍රධාන කෑම මේසය නම් ලිනන්, ලේස් ආදී වැඩි පෙනුමැති මේස රෙදි එකතු කරගන්න පුළුවන්. සුදු වර්ණයේ මේස රෙද්දක් මේ සදහා වඩාත් ගැළපෙනවා. එයින් මේසයට පිරිසිදු හා පිළිවෙළ බවක් එක් කරනවා. ඒ වගේම ඔබ මහන්සියෙන් සෑදූ ආහර හොඳින් කැපී පෙනීමටද මෙය උපකාරී වනවා.

ඒ වගේම රතු හෝ කළු වැනි තද වර්ණද ඔබේ නත්තල් කෑම මේසයට ගැළපෙනවා. ඔබ වර්ණවත් මේස රෙද්දක් භාවිත කරනවා නම් එයට ගැළපෙන ආකාරයට පිඟන්, හැඳි හා ගෑරුප්පු යොදා ගැනීමද වැදගත් වෙනවා.ඔබ මේස රෙද්දකට අකමැතිනම් අලංකාර Table Runner එකක් ඒ වෙනුවට භාවිත කරන්න පුළුවන්. විවිධ හැඩැති Table mats මගින්ද ඔබේ කෑම මේසයට වෙනමම ලස්සනක් එකතුකරාවී.

මේස අලංකරණය…

නත්තල් කැම මේසය ලස්සන කරගන්නත් අමතක කරන්න එපා. ලස්සන සහ පිරිසිදු පිඟන් කෝප්ප, හැඳි ආදිය එකතුකරගන්න. මල්, එළවළු හෝ පලතුරු එකතු කරගත් සරළ සැරසිල්ලක් වැඩි අලංකාරයක් ගෙනදේවි ඔබේ නත්තල් කෑම මේසයට.

ඔබ කැමති නම් මේසයට අලංකාර ඉටිපන්දම් වුණත් එකතුකරගන්න පුළුවන්. ඔබ මුලින් තෝරාගත් තීම් එකට ගැළපෙන අයුරින් ඔබටම පුළුවන් අලංකාර ඉටිපන්දම් රඳවනයක් සාදාගන්න. එවිට එහි වටිනාකම තවත් වැඩි වේවී.අලංකාරය සඳහා මල් බඳුනක් ඔබ තෝරා ගන්නවා නම් මල්වල වර්ණය මේස රෙද්දේ වර්ණයට සහ පිඟන්වල වර්ණයට ගැළපෙන සේ තෝරා ගන්න.

මල් බඳුන් මේසය මත ස්ථානගත කිරීමේදී කෑම දමා ඇති භාජන වැසෙන ලෙස ඒවා තැබීමෙන් වළකින්න.නමුත් වඩා විශාල සැරසිලි කැම මේසයට එකතුකරගන්න එපා. එයින් සිදුවන්නෙ වාඩිවන අමුත්තන්ට අපහසුවක් ඇතිවීමයි.

අත්පිස්නා තෝරාගනිද්දී…

අත්පිස්නා තෝරාගැනීමේදී දවසේ වෙලාව ගැන ඔබ මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනෙ. ඔබ අමුත්තන්ට ආරාධනා කළේ උදෑසනක නම් කෑම මේසයට වර්ණවත් අත්පිස්නා තබන්න. දිවා හෝ රාත්‍රී මොහොතක් සඳහා අත් පිස්නා තෝරා ගැනීමේදී සුදු හෝ වෙනත් ලා වර්ණයකින් අත්පිස්නා තෝරාගන්න. ඒවා අලංකාරවත් ලෙස මේසය මත හෝ පීරිසියක් මත තබන්න.

කෑම මේසය විතරක් නෙමෙයි…

කෑම කාමරයත් ඔබ අලංකාර කරගන්න. එයින් තමයි නත්තල් කෑම මේසය සම්පූර්ණ වන්නෙ. ඔබේ කෑම කාමරයේ ඉඩ තිබේ නම් නත්තල් ගසක් එකතු කරගන්න. තෝරාගත් Theme එකට ගැළපෙන විදිහට කෑම කාමරයත් ලස්සන කරගන්න උත්සහ කරන්න.

ඔබටම ආවේණික කෑම මේසයක්…

ඔබේ අමුත්තන්ට නැවතවතා වතාවක් එන්න හිතෙන ආකාරයේ ලස්සන ඔබටම ආවේණික කෑම මේසයක් සකසන්න. ඔබ පිලිගන්වන ආහාර ප්‍රභේද අනුව කැම මේසය සකස්කරගෙන අමුත්තන්ව පුදුම කරවන්න පුළුවන්. නිදසුනක් ලෙස ඔබ ඉන්දියානු ආහාර පිළිගන්වනවා නම් ඉන්දියානු සැරසිල්ලක් එකතුකරගත හැකියි.ඔබට කරන්න ඇත්තේ සුළු වෙනස්කම් කිහිපයක් පමණයි. මෙවර නත්තලට ඔබේ නිවසට පැමිණෙන අමුත්තන්ව තරු පන්තියේ හෝටලයක වගේ ලස්සන කෑම මේසයකින් පුදුම කරවන්නට අනිවාර්යයෙන්ම ඔබට හැකිවේවි.

අර්චිත ඉඳුවර ✍️

















 

TAGGED: decoration, dining table, Entertaining guests, Table decoration, Table mats, නත්තල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?