නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලාටු බෙලි කන්න අකමැති අයට බෙලි යෝගට්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලාටු බෙලි කන්න අකමැති අයට බෙලි යෝගට්

Published December 18, 2023

බෙලි මල්, බෙලි ගැට තම්බාගත් වතුර පානය කිරීම වගේම මළබද්ධයට සහ මළ බුරුල් වීමේදී බෙලි ආහාරයට ගැනීම අපේ ජන සමාජයේ අතීතයේ පටන්ම සිදුවුණා. ඒ වුණත් බෙලි ආශ්‍රයෙන් යෝගට්, චොක්ලට් වගේ රසවත් ගුණවත් නිෂ්පාදනයක් ගැන ඇහුවොත් ඒක ටිකක් ඔබට නුහුරු වේවි. එවැනි අපූරු නිෂ්පාදනයක උරුමක්කාරිය වන ඉන්දි උත්පලා නවලිය පුවත්පත සමග ඇගේ කතාව ඉදිරිපත් කළ අයුරුයි මේ…

මුලින්ම ඔබේ තොරතුරු

මගේ නම ඉන්දි උත්පලා. මම මුලින්ම බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළා. පසුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. එතැනින් පසුව පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ජීවවිද්‍යා අංශයෙන් සමත් වෙලා උසස් අධ්‍යාපනය වෙත යොමුවුණා. මුලින්ම වාරියපොල කෘෂි විද්‍යාලයේ NVQ පාඨමාලාවට සම්බන්ධ වුණ මම ඒ පාඨමාලාව අවසානයේදී රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධි පාඨමාලාවට ඇතුළත් වුණා. මේ වනවිට මම එහි තෙවැනි වසර ශිෂ්‍යාවක්.

බෙලි ආශ්‍රිත නිෂ්පාදනයක් ගැන ඔබේ හිත යොමුවුණේ?

අපේ පාඨමාලාවේ කොටසක් විදියට නව නිෂ්පාදන ගැන පර්යේෂණයක් ඉදිරිපත් කිරීමට මටත් අවස්ථාව ලැබුණා. බෙලි යොදාගෙන නව නිෂ්පාදනයක් කරන අදහස මට ලැබුණේ අපේ අම්මගෙන්. “Food Ex” නමින් විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ සංගමය මගින් වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මම බෙලි වෙනුවෙන් අගය එකතු කළ නිෂ්පාදන කීපයක්ම ඉදිරිපත් කළා.

ඒ අදහස සාර්ථකයි

ඔව්. අපේ රටේ හැම දෙනාම බෙලි ගැන හොඳින් දන්නවා. ඒ වුණාට බොහෝ දෙනෙක් බෙලි ප්‍රිය කරන්නේ නැහැ. ඒ සුවඳට බොහෝ දෙනෙක් කැමති නැහැ. බෙලි කාලීන පළතුරක් නිසා සමහර කාලවල නාගරික ප්‍රදේශවල බෙලි මිළ අධිකයි. ඒ නිසා බෙලිවලට අගය එකතු කළොත් වැඩි වටිනාකමක් ලබාදෙන්න හැකියාවක් තිබෙන බව මට තේරුම් ගියා. මේ හේතු නිසා මගේ නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට බෙලි තෝරගත්තා. මෙය තන්තු බහුල පළතුරක් නිසා බොහොම ගුණදායකයි. ඒ නිසා මගේ පර්යේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට බෙලි තෝරගත්තා.

මෙයට මුලින්ම යොමු වුණේ

2022 වසරේ මේ ප්‍රදර්ශනය වෙනුවෙන් ඕනෑම කෙනෙකුට අරුචියක් නොමැතිවත් කන්න පුළුවන් චොක්ලට් එකක් නිෂ්පාදනය කළා. ඊට අමතරව එතනදි මම බෙලි ජෑම් එකක් සහ බෙලි යොදාගත් ජෙලි එකක් ඉදිරිපත් කළා. ඒ පසුගිය වසරේ. චොක්ලට්, ජෑම් සහ ජෙලි නිෂ්පාදනයේදී බෙලි ඇට සහ තන්තු කොටස් ඉවත් කළා. නමුත් මට අවශ්‍ය වුණේ සම්පූර්ණ බෙලි ගෙඩියම භාවිතා කරගෙන නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න. ඒ නිසාම වැඩිදියුණු කරන ලද බෙලි යෝගට් වෙනුවෙන් මගේ අවධානය යොමු වුණා. 2023 වසරේ මගේ අලුත්ම නිෂ්පාදනය Food EX ප්‍රදර්ශනයට එකතු කළා.

මේ වෙනුවෙන් ඔබ හා එකතු වුණේ කවුද?

චතුරානි වීරසිංහ, ඇය රඹුක්කන පදිංචියි. හෙට්ටිපොල පදිංචි බී. එම්. නිත්‍යා ක්‍රිෂාන්ජලී බාලසූරිය, වත්සලා කුමාරසිංහ සහ මොනරාගල අචිනි ලසන්තිකා මගේ කණ්ඩායමට ඇතුළත් වුණා.

මේ සියලු දෙනාගේම සහයෝගය මගේ බෙලි යෝගට් නිෂ්පාදනයේ සාර්ථකත්වයට හේතු වුණා. බෙලි යෝගට් එකට යොදාගන්නේ බෙලි පල්ප් සහ සීනි විතරයි. පල්පයේදී තන්තු සහිතවම ඒවා ලබාගන්නවා. ඇට එකතු වුණාම තිත්ත ගතියක් එන නිසා ඒවා ඉවත් කරනවා. යෝගට් එක සෙට් වෙන්න මුහුන් විදිහට වෙනත් යෝගට් එකක් යොදා ගන්නවා.

ඔබේ පර්යේෂණයේදී වැරදුණු තැන් නැතිද?

නැත්තේම නැහැ. මුලින් මේ යෝගට් එක හොඳින් සෙට් වුණේ නැහැ. ඒ වගේම කහට ගතියක් තිබුණා.

ඔබ අතහැරියේ නැහැ

නැහැ. වරදින හැම තැනකින්ම ඒවා නිවරැදි කරන ක්‍රමවේදයක් අපි සොයාගත්තා. අවසානයේදී ඉතාම ආකර්ශණීය යෝගට් එකක් නිෂ්පාදනය කරගැනීමේ හැකියාව අපට ලැබුණා. අසාර්ථකයි කියලා නැවතුනා නම් අද මේ බෙලි යෝගට් එකක් ගැන කතා කරන්න අවස්ථාවක් නැති වෙනවා. මේ යෝගට් එක ආකර්ශණීය කහ පැහැති වර්ණයකින් යුක්තයි. අපි වෙළෙඳපොළ දකින සාමාන්‍ය යෝගට් එකක් වගේම ප්ලාස්ටික් ඇසුරුමකින් ලබා ගන්න පුළුවන්. මේ යෝගට් එක Beliva යෝගට් යනුවෙන් නම් කළා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “Pro food pro pack” ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ අවසාන වටයේ තෝරාගත් නිෂ්පාදන අතරට Beliva යෝගට් එකත් ඇතුළත් වුණා.

මේ විදිහට බෙලිවලින් යෝගට් එකක් හඳුනාගත්තාම කාටත් පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන්. පොඩි දරුවන්ට වගේම ගර්භණී මව්වරුන්ට ඉතාම ගුණයි. ඊට අමතරව බෙලි කටු වියළා කුඩු කළ බෙලි තේ බෑගයක් හඳුන්වා දුන්නා. එය Bello herbal Tea යනුවෙන් නම් කළා. එයට අමතරව බෙලිකටු තම්බාගත් ජලය පානය කිරීම අපේ ජන සමාජයට හුරුවුණත් බොහෝ දෙනක් බෙලිකටු ඉවත දමනවා මිසක් එයින් පානයක් සකස් කර ගන්නේ නැහැ. එවැනි කටයුතු වෙනුවෙන් කාලයක් නැති සහ යොමුවීමක් නැති අයට මේ Bello herbal Tea ලොකු පහසුවක්.

ඔබේ අනාගත බලාපොරොත්තුව

මම මේ යෝගට් එක ආහාරයට ගැනීමේදී දැනට පවතින ප්ලාස්ටික් සහ කඩදාසි හැන්ද වෙනුවට බෙලිකටු යොදාගෙන නිර්මාණය කරන ලද හැන්දක් එකතු කිරීමට අදහස් කරනවා. එය ඉවත දමන බෙලි කටුවෙන් ප්‍රයෝජනයක් ලබාගැනීමට අවස්ථාවක් වගේම පරිසර හිතකාමී කාර්යක් විදිහටත් මම දකිනවා. ඒ විතරක් නෙවෙයි මගේ අධ්‍යයන කටයුතු සමග මේ නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීම ප්‍රමාද වුණා. නමුත් නුදුරු අනාගතයේදී බෙලි යෝගට් දේශීය වෙළෙඳපොළට නිකුත් කරන්න අදහස් කරනවා. එතැනින් නොනැවතී අපනයන වෙනුවෙනුත් අවශ්‍ය සැලසුම් ගැන දැනටමත් ගවේශනය කිරීමත් සිදුවනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: Food Ex, NVQ, Wariyapola College of Agriculture, බෙලි, යෝගට්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?