නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලෝකයේ අරුම පුදුම නත්තල් සිරිත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලෝකයේ අරුම පුදුම නත්තල් සිරිත්

Published December 18, 2023

ලෝකයෙ ඉන්න කතෝලික ජනතාව විතරක් නෙමෙයි අනෙක් ආගම් අදහන ජනතාවද දෙසැම්බර් මාසය පැමිණෙන තෙක් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. ඊට හේතුව දෙසැම්බර් 25 වැනිදාට යෙදෙන නත්තල් උත්සවයයි. නත්තල කියූ සැණින් අපට අපට සිහිවන්නේ නත්තල් සීයා, නත්තල් ගස වගේ දේවල්. මේ වගේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර නත්තල වෙනුවෙන් සෑම රටකම සිදුකරනවා. මේ චාරිත්‍ර වාරිත්‍ර රටින් රටටද වෙනස් වෙනවා.

ඉතාලියේ නත්තල් මායාකාරිය

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දන්න කරුණක් තමයි ‘ සැන්ටා ක්ලෝස් ’ එහෙම නැත්නම් නත්තල් සීයා නමින් හඳුන්වන කෙනෙක් නත්තල් කාලයේ ගෙයින් ගෙට ගොස් කුඩා දරුන්වන්ට තෑගිබෝග බෙදා දෙන බව. නත්තල් සීයා හොඳ ළමයින් සහ නරක ළමයින් කවුද යන්න සොයා බලා හොඳ ළමයින්ට පමණක් තෑගි බෝග ලබාදෙන බව සාමාන්‍ය විශ්වාසයයි.

කෙසේ නමුත් ඉතාලියේ විශ්වාසය අනුව කුඩා දරුවන්ට නත්තල වෙනුවෙන් තෑගි බෙදා දෙන්නේ නත්තල් සීයා වෙනුවට වෙනත් අයෙකි. බෙෆානා නම් වන ඇය මායාකාරියක බවත් ළමයින්ට තෑගි බෙදා දීම සඳහා ඇය ජනවාරි 5 දින රාත්‍රියෙ ඉතාලිය පුරා සැරිසරන බවත් ඉතාලි ජාතිකයන්ගේ විශ්වාසයයි. ඉතාලි ජනතාව විශ්වාස කරන්නේ මෙම මායාකාකාරිය හොඳ ළමයින්ට රසකැවිලි බෙදා දී නරක ළමයින්ට ගල් අඟුරු පමණක් තෑගි කරන බවයි.

නෝර්වේ වැසියන්ගේ කොසු සැඟවීමේ චාරිත්‍රය

ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි ආකාරයේ නත්තල් චාරිත්‍රයක් නෝර්වේ රාජ්‍යයේ දැකගන්න පුළුවන්. එහිදී සිදු වන්නෙ මායාකරුවන් හෝ මායාකාරියන් පැමිණ ඔවුන්ට ගමන් බිමන් යාම සඳහා නිවෙස්වල ඇති කොසු රැගෙන යැයි යන බියෙන් නිවසේ තිබෙන වඩාත් ආරක්ෂිත ස්ථානයේ නිවැසියන් තම කොසු සඟවා තැබීමයි.මායාකරුවන් පැමිණ නත්තල් දිනයේ දී කොසු සොරා ගෙන යන බවට ශත වර්ෂ ගණනාවක් තිස්සේ ජනතාව විශ්වාස කළ අතර එම විශ්වාසය වර්තමානයේ දී පවා විශාල පිරිසක් අතර පවතී.

ඕස්ට්‍රේලියාවේ බිහිසුණු නත්තල් සීයා

නත්තල හා බැඳුණු සුවිශේෂී පුද්ගලයකු වන නත්තල් සීයා ආදරණීය පුද්ගලයකු බවත් ඔහු පැමිණ කුඩා දරුවන්ට තෑගි බෙදා දෙන බව බොහෝ අයගේ විශ්වාසයයි. නත්තල් සීයා තෑගි බෙදා දීම සඳහා ළමයින් සොයා ගෙන එන අතරතුර විස්කෝතු සහ කිරි ආහාරයට ගන්නා බව තවත් එක් මතයකි. මේ සියලු දේ මඟින් නිරූපණය කරන්නේ නත්තල් සීයා ආදරණීය සහ සාමකාමී අයකු බවයි.

කෙසේ වුණත් ඕස්ට්‍රේලියාවේ සහ තවත් නැගෙනහිර යුරෝපා රටවල් කිහිපයක නත්තල හා බැඳුණු නත්තල් සීයා සාමාන්‍ය නත්තල් සීයාට වඩා හාත්පසින් ම වෙනස් අයෙකි. ඔහුගේ නම ක්‍රම්පස්. ඔහු නරක ළමයින් රැගෙන යන බව එම රටවල ජනතාවගේ විශ්වාසයයි. ඔහුගේ ශරීරයේ අඩක් මිනිස් ස්වරුපයකුත්, අඩක් එළුවකුගේ ස්වරුපයකුත් ගන්නා බව කියවේ. කළු පැහැති ලොම් සහිත, බියජනක පෙනුමක් ඇති ඔහු දඟකාර ළමයින්ට දඬුවම් කිරීම සඳහා වේවැලක්ද අතැතිව පැමිණෙන බව කියවේ.

අයිස්ලන්තයේ තෑගි දෙන යූල් ලාඩ්ස් සොර කල්ලිය

අයිස්ලන්තයේ නත්තල සමඟ බැඳුණු විශ්වාසයක් ලෙස ‘යූල් ලාඩ්ස්’ නම් සොර කල්ලියක් පිළිබඳව වන මතය හැඳින්විය හැකිය. යූල් ලාඩ්ස් විවිධ ස්ථානවල සොරකම් කරමින් කාලය ගත කරන දහතුන් දෙනකුගෙන් යුතු කණ්ඩායමක්. මෙම කණ්ඩායමේ ඒ ඒ සාමාජිකයාට තමන්ටම ආවේණික වූ සොරකම් කිරීමේ ක්‍රමයක් තිබෙන බව කියවේ.

නත්තල් දිනය දක්වා දින දහතුනක් තිස්සේ ඔවුන් රාත්‍රී කාලයේ පැමිණ ජනෙල් කවුළු මත තබා ඇති කුඩා ළමයින්ගේ සපත්තු තුළට තෑගි දමා යන බව අයිස්ලන්තයේ කුඩා දරුවෝ විශ්වාස කරනවා. අකීකරු ළමයින්ගේ සපත්තු තුළට ඔවුන් නරක් වූ අර්තාපල් දමා යන බවත් ඒ අතර කියවෙනවා.

පිලිපීනයේ දැවැන්ත නත්තල් කූඩු සැණකෙළිය

නත්තල වෙනුවෙන් සංවිධානය කරන දැවැන්ත නත්තල් කූඩු සැණකෙළියක් සෑම වසරකම දෙසැම්බර් මස මැද භාගයේ දී පිලිපීනයේ ‘ San Fernando’ නගරයේ දී පැවැත්වේ. ජපානයේ ප්‍රසිද්ධ ඔරිගමී කලාව හා බෙහෙවින්ම සමානකම් ඇති ක්‍රමයක් භාවිත කර සකස් කරන නත්තල් කූඩු තරගාවලියක් එහිදී පැවැත්වේ.

එම උත්සවය පිලිපීන ජනතාව අතර කොතරම් ජනප්‍රියද කියතොත් මේ වනවිට එය පැවැත්වෙන නගරය හැඳින්වෙන්නේ පිලිපීනයේ නත්තලේ අගනුවර යනුවෙන්. අතීතයේ දී මෙම සැණකෙළියට ඉදිරිපත් වන නත්තල් කූඩු ආලෝකවත් කළේ ඉටිපන්දම් භාවිතයෙන් වුවත් මේ වනවිට ඒ සඳහා විදුලි බල්බ යොදා ගැනේ.

නවසීලන්තයේ වෙනස්ම නත්තල් ගස

ලෝකයේ බොහෝ රටවල නත්තල් ගස ලෙස යොදා ගන්නේ පයින් වර්ගයට අයත් ගසක්. එහිදී පයින් ගසක අත්තක් හෝ කෘත්‍රිමව සකස් කර ඇති ගසක් නත්තල් ගස ලෙස සරසයි. කෙසේ නමුත් නවසීලන්තයේ ඇතැම් ප්‍රදේශවල නත්තල් ගස ලෙස යොදාගන්නේ තරමක වෙනස් ගසක්.

නවසීලන්තයේ බහුලව දැකිය හැකි එය දෙසැම්බර් සහ ජනවාරි මාසවල දී රතු පැහැති මලින් පිරී තිබේ.පොහුටුකාවා ලෙස හැඳින්වෙන එම ගසේ පත්‍ර සහ රතු පැහැති මල් නත්තල් උත්සවයේ සංකේතයන් ලෙස සැලකේ.

දකුණු අප්‍රිකාවේ බඳින ලද දළඹුවන්

නත්තල වෙනුවෙන් දකුණු අප්‍රිකානු රටවල සකස් කරන වෙනස්ම ආකාරයේ ආහාරයක් ලෙස ගැඹුරු තෙලේ බදින ලද දළඹුවන් හැඳින්විය හැකිය. එය නත්තල් දිනයේ දකුණු අප්‍රිකාවේ සෑම නිවසකම පාහේ පිළියෙළ කරන ආහාරයක් බව කියවේ.දකුණු අප්‍රිකානු ජනතාව නත්තලට දින කිහිපයකට පෙර පටන් කැලෑබද ප්‍රදේශවලින් දළඹුවන් එකතු කරගෙන ඇවිත් ඒවා බැද ආහාරයට ගැනීම සියවස් ගණනාවකට පෙර සිට පැවතෙන තරමක වෙනස් චාරිත්‍රයකි.

අර්චිත ඉඳුවර ✍️

 

TAGGED: Christmas nests, Christmas witch, Rituals, Santa Claus
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?