නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාගෙ බඩෙත් හිගන්නෙක්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයාගෙ බඩෙත් හිගන්නෙක්ද

Published December 11, 2023

පොඩි බඩගිනිකාරයන්ට විශේෂ‍යි

නිතර නිතර කෑමට දෙයක් වුවමනා වීම එසේත් නොමැති නම් නිතර නිතර කුසගිනි දැනීම ගොඩක් අයට තියෙන ගැටළුවක්. විශේෂයෙන් කොවිඩ් 19 වසංගතයත් සමග නිවසට කොටුවී සිටීමත් නිවසේ සිට අධ්‍යාපන සහ රාජකාරිවල යෙදීමත් සමග පෙර හුරුව තිබූ කාලවේලා සියල්ල වෙනස් වි තිබෙනවා. එක්සත් රාජධානියේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයෙන් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇති ආකාරයට ආහාර සම්බන්ධයෙන් පෙළඹවීම වැඩිවීමත් සහ ආහාර සඳහා පාලනයක් නොමැතිවීමත් වර්ධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කුසගිනි වැඩිවීමට බලපාන හේතු…

විවිධ ඖෂධ වර්ග ගැනීම සහ රෝග තත්ත්වයන් කුසගිනි වැඩිවීමට හේතුවී තිබෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් හෝ සාමාන්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම වැනි පෝෂණ සාධකද කුසගිනි වැඩිවීමට හේතුවිය හැකියි.

සමබර ආහාර වේලක් නොගැනීම නිතර කුසගිනි ඇතිවීමට හේතුවනවා…

විශේෂයෙන් ඔබගේ ආහාරවේලේ පාන්, සහල්, රසකැවිලි ආදිය අඩංගු සරල කාබෝහයිඩ්‍රේට් අඩංගු නම් ඒවා ඉක්මනින් ජීර්ණය වන බැවින් ඔබට ඉක්මනින් කුසගිනි දැනීමට ඉඩ තිබෙනවා. බඩ පිරුණු බවක් දැනීමට ඔබට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන්, තන්තු සහ මේදය අඩංගු සමබර ආහාර වේලක් ගැනීම අවශ්‍ය වනව.

ආහාර වේල් මගහැරීම නිසාද නිතර කුසගිනි දැනීම සිදුවනවා. උදාහරණ ලෙස ඔබ දිවා ආහාරය මගහරිනවා නම් ඔබට රාත්‍රී ආහාර වේල ලංවන විට දැඩි කුසගිනි ස්වභාවයක් දැනෙන අතර එය ආහාර විශාල ප්‍රමාණයක් ගැනීමට පෙළඹීමටද හේතු වනවා.ඊට අමතරව ඇතැම් පාරිසරික වෙනස්කම්ල ඔබගේ දෛනික ක්‍රියාකාරකම් මට්ටම්වල වෙනස්වීම්, ආතතිය හෝ නින්ද නොමැතිකමද අධික කුසගිනි ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.

නිතර කුසගිනි දැනීම කලබල විය යුතු තත්ත්වයක්ද?

වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොවේ නම් නිතර කුසගිනි දැනීම එතරම සැලකිය යුතු තත්ත්වයක් නොවේ. නමුත් ඔබට එසේ වීමට බලපා ඇති හේතු පිළිබඳ සැලකිලිමත් වීමත් ඔබගේ ජීවන රටාවේ යම් කිසි වෙනස් වීම් ඒ සඳහා බලපා ඇත්දැයි යන්න ඔබ සිතා බැලිය යුතුයි. විශේෂයෙන් පෝෂණවේදියෙකුගෙන් ඔබගේ වර්තමාන ආහාර රටාව සහ ආහාර වේල් පිළිබඳව ඇගයීමක් කිරීම මගින් තෘප්තිමත් ආහාර වේලක් ලබාගන්නෙ කෙසේදැයි දැනගැනීමට හැකියි.

නිතර ඇතිවන කුසගින්න සමග කටයුතු කරන්නේ කෙසේද?

කුසගින්න සමග ගනුදෙනු කළ හැකි හොඳම ආකාරය වන්නේ ප්‍රධාන ආහාරවේල් සඳහා සමබර ආහාර වේලක් ලබා ගැනීමයි. විශේෂයෙන් ප්‍රෝටීන්, හිතකර මේදය, තන්තු ආදිය අඩංගු පූර්ණ ආහාර වේලක් මගින් නිතර නිතර කුසගිනි ඇතිවීම පාලනයටද උපකාරි වන අතර ඔබට අවශ්‍ය පූර්ණ පෝශණයද ලබාදෙනවා. විශේෂයෙන් ඔබගේ කුසයෙන් කුසගිනි සංඥා ලබාදෙනවා නම් ඒවා ගණන් නොගෙන සිටීම නුසුදුසු අතර ඒවා ඔබගේ සිරුරට යම් යම් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය බවට පළකරනු ලබන සංඥා වියහැකියි. නමුත් අධික ලෙස ආහාර ගැනීම තරබාරුව වැනි රෝග ඇතිවීම සඳහා හේතුවිය හැකිය.

(අන්තර්ජාලය ඇසුරෙන්)

අර්චිත ඉඳුවර ✍️
 

TAGGED: Carbohydrates, Full meal, hunger, hungry
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?